settings icon
share icon
ප්‍රශ්නය

මම ක්‍රිස්තුස් වහන්සේ තුළ කවුද?

පිළිතුර


2 කොරින්ති 5:17 ට අනුව “එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටී නම්, එතැන ඇත්තේ නව මැවිල්ලකි. පරණ දේ පහව ගොස් ඇත. දැන් සියල්ලම අලුත් වී තිබේ.” බයිබලයේ “නව” යන අර්ථය ඇති ග්‍රීක වචන දෙකක් පරිවර්ථනය කර ඇත. පළමුව “නිඕස්” යන්නේ සඳහන් වන්නේ මේ මොහොතේ සෑදූ යම් කිසි දෙයක් පිළිබඳවය. එහෙත් ඒවන විටත් ඒ හා සමාන කමින් යුක්ත පැවත සිටින්නන් බොහෝ දෙනෙක් විය. මෙම පදයේ “නව” යන්න පරිවර්ථනය කර ඇත්තේ “කෙනොස්” යන වචනයෙන්ය. එහි අර්ථය නම් පැවතෙන කිසිම දෙයකට සමාන නොවන යම් දෙයක් සෑදීම සම්බන්ධවය. ක්‍රිස්තුස් වහන්සේ තුළ අප මුලුමනින්ම අලුත් නිර්මාණයක් ය. පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ ස්වර්ගයත්, පොළොවත් නිර්මාණය කළා සේ උන් වහන්සේ කිසිම මූල්‍ය ද්‍රව්‍යයක් නොමැතිව ඒවා සෑදූහ, උන් වහන්සේ අප සමග කරන්නේද ඒ දේමය. උන් වහන්සේ අප‍ෙග් පරණ ස්වභාවය හුදෙක් පවිත්‍ර කරනවා පමණක් නොව උන් වහන්සේ සම්පූර්ණයෙන්ම නව කෙනෙක් නිර්මාණය කරයි. අප ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටිද්දී අපි “දේව ස්වභාවයට පංගු කාරයන්ය” (2 පේත්‍රැස් 1:4). දෙවියන් වහන්සේම උන් වහන්සේගේ ශුද්ධාත්මය කරණකොටගෙන අප හදවත් තුළ වාසය කරයි. අපි ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින අතර උන් වහන්සේ අප තුළ සිටියි.

ක්‍රිස්තුස් වහන්සේ තුළ අප නැවත ප්‍රකෘතිමත්ය, ප්‍රාණවත්ය, නැවත උත්පාදනය ලබන්නෙහිය. එම අලුත් නිර්මාණය අධ්‍යාත්මිකත්වයට කැමතිව සිටින අතර පරණ ස්වභාවය ලෞකික දෙයට ඇලුම් කරයි. අලුත් නිර්මාණය දෙවියන් වහන්සේ සමග සහභාගිකම දරයි, උන් වහන්සේගේ කැමැත්තට අවනත වෙයි, උන් වහන්සේගේ සේවයට අතීශයින්ම ලැදි වේ. මේවා පරණ ස්වභාවයට කරන්නට හෝ ආශා කරන්නටවත් නොපුලුවන් දේවල්ය. පරණ ස්වභාවය ආත්මය තුලින් නික්මෙන දේවල් කරණකොටගෙන මැරී ඇත, එයටම පිබිදීමක් ඇති කර ගන්නට නොහැකිය. එනම්, “වැරදි ක්‍රියා හා පාප හේතුකොටගෙන ඔබ මැරී සිටි කාලයක් විය” (එපීස 2:1). එවිට ප්‍රාණවත් කිරීමට හැකිවන්නේ උත්ස්වාභාවික පිබිදීමක්ය, අප ක්‍රිස්තුස් වහන්සේ වෙතට පැමිණ උන් වහන්සේ තුළ සිටින කළ සිදුවන්නාක්මෙන්ය. ක්‍රිස්තුස් වහන්සේ අපට සම්පූර්ණවූත්, ශුද්ධවූත් ස්වභාවයක් හා අද්‍රෂ්‍යවූ ජීවිතයක් දුනි. පාපය හේතු කොටගෙන කලින් දෙවියන් වහන්සේට මැරුණු අපගේ පරණ ජීවිතය වළදමා උන් වහන්සේ සමග “නව ජීවන මගක ගමන් කරනු සඳහා අපව නැගිට්ටුවේය” (රෝම 6:4).

අපි දෙවියන් වහන්සේට අයිති නම්, අපි උන් වහන්සේ සමග ඒකාබද්ධවී තවත් පාපයේ වහලුන් නොවෙමු (රෝම 6:5-6), අපි උන් වහන්සේ හා ජීවත් කරනු ලැබුවෙමු (එපීස 2:5), අපි උන් වහන්සේගේ ස්වරූපයට අනුකුලය (රෝම 8:29), අප නඩු තීන්දු වලින් නිදහස්වී මාංශය අනුව නොව ආත්මයාණන් අනුව හැසිරෙන්නෙමු (රෝම 8:1), එසේම අප අන් ඇදහිලිවන්තයෝ සමග ක්‍රිස්තුස් වහන්සේ තුළ පංගුකාරයන් වන්නෙමු (රෝම 12:5). ඳැන් ඇදහිලිවන්තයා අලුත් හදවතකින් සමන්විත වන අතර (එසකියෙල් 1119) ක්‍රිස්තුස් වහන්සේ තුලින් ස්වර්ගීය ස්ථානවල සියලු අධ්‍යාත්මික ආශීර්වාද අපට දෙවා ආශීර්වාද කර ඇත (එපීස 1:3).

අපගේ ජීවිත ක්‍රිස්තුස් වහන්සේට භාර දී අපගේ ගැලවීම සම්බන්ධයෙන් ස්ථීර වූවත, විස්තර කර ඇති ආකාරයට අප නිතර ජීවත් නොවන්නේ මන්ද කියා අප විමර්ශන කරමුව. මෙයට හේතුව නම්, පරණ මාංශික ශරීරය, අපගේ අලුත් ස්වභාවය තුළ වාසය කරන අතර මොවුන් එකිනෙකා අතර සටනක නිරත වේ. පරණ ස්වභාවය මැරී ඇත, එහෙත් අලුත් ස්වභාවය වාසය කරන පරණ “කුඩාරම” සමග තවමත් පොර බදින්නට සිදුවී ඇත. දුෂ්ටකම හා පාපය තවමත් පවතී. එහෙත් ඇදහිලිවන්තයා දැන් නව දෘෂ්ටිකෝණයකින් ඒ දෙස දකින කළ වරක් කලාක් මෙන් එය තව දුරටත් ඔවුන්ව පාපලනය නොකරයි. පරණ ස්වභාවයට නොපුලුවන්වූ නමුත්, ක්‍රිස්තුස් වහන්සේ තුළ අපට පාපයට විරුද්ධවීමට තීරණයක් ගත හැක. අලුත් ස්වභාවය දේව වචනයෙන්, යාච්ඤාවෙන් හා කීකරුකමෙන් පෝෂණය කරනවාද නැතහොත් මේවා නොසලකා හැර මාංශය පෝෂණය කරනවාද කියා දැන් අපට තෝරා ගැනීමක් ඇත.

අප ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින කළ අපට ප්‍රේම කළ තැනැන් වහන්සේ නිස අපි මේ සියල්ලේදීම විජයග්‍රහී වෙමු (රෝම 8:37) එවිට සියලුදේ කළ හැකි අපගේ ගැලවුම්කරු තුළ ප්‍රීතිමත් විය හැක (පිලිප්පි 4:13). ක්‍රිස්තුස් වහන්සේ තුළ අපට ප්‍රේමයත්, කමාවත් සහ ආරක්‍ෂාවත් ලැබී ඇත. ක්‍රිස්තුස් වහන්සේ තුළ දරුකමත් යුක්තිමත්කමත්, ගැලවීමත්, සමගිකමත් හා තෝරාගනු ලැබූ අය වන්නෙමු. ක්‍රිස්තුස් වහන්සේ තුළ අප ජයග්‍රහිකයෝය, ප්‍රීතියෙන් හා සාමයෙන් පූර්ණවන අතර ජීවිතයට සත්‍ය අර්ථය ප්‍රදානය කර ඇත. ක්‍රිස්තුස් වහන්සේ කෙතරම් ආශ්චර්යමත් ගැලවුම්කරුවෙක්ද!

English



නැවතත් සිංහල මුල් පිටුවට

මම ක්‍රිස්තුස් වහන්සේ තුළ කවුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries