settings icon
share icon
ප්‍රශ්නය

නිරයට යන්නේ කවුද?

පිළිතුර


මෑත වසරවලදී කිතුනුවන් අතර පවා නිරය විවාදාත්මක මාතෘකාවක්වී තිබේ. කෙසේ වෙතත්, මතභේදය මුළුමනින්ම මිනිසා විසින් සාදන ලද්දකි. නිරයේ යථාර්ථය ප්‍රතික්ෂේප කිරීම සිදුවන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය සදාකාලික දඬුවමක් සමග සමගි කිරීමට මිනිසාට ඇති නොහැකියාවෙන් හෝ දෙවියන්වහන්සේගේ වචනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමෙනි. සමහර කිතුනුවන් යැයි කියාගන්නා අය පවා බයිබලානුකුල නොවන නිගමනවලට එළඹ තිබේ. සමහරු නිරය නැවත අර්ථ දැක්වීමට, ශුද්ධ ලියවිල්ලෙහි නොමැති අතරමැදි රාජ්‍යයක් නිර්මාණය කිරීමට හෝ නිරය මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කර ඇත. එසේ කිරීමෙන් ඔවුන් එළිදරව් 22:19 හී යේසුස් වහන්සේගේ අනතුරු ඇඟවීම නොසලකා හරිනවා, "යමෙක් මේ අනාගතවාක්‍ය පොතේ වචනවලින් යමක් අහක්කරන්නේ නම්, මේ පොතෙහි ලියා තිබෙන ජිවන -වෘක්ෂයෙන්ද ශුද්ධ නුවරින්ද දෙවියන් වහන්සේ ඔහුගේ කොටස අහක්කරන බව මෙම ලියවිල්ලේ විස්තර කර ඇත."

නිරය ගැන බයිබලයේ 167 වතාවක් සඳහන් කර ඇති අතර සමහර විට එය නරකාදිය, හේදිසිය, වළ, අගාධය හෝ සදාකාල දඩුවම ලෙස හැඳින්වේ (හිතෝපදේශ 7:27; ලූක් 8:31; 10:15; 2 තෙසලෝනික 1:9). යේසුස් වහන්සේ ස්වර්ගය හා නිරය සැබෑ ස්ථාන ලෙස කථා කළේය ( මතෙව් 13: 41-42; 23:33; මාක් 9:43-47; ලූක් 12:5). යේසුස්වහන්සේ ධනවතා සහ ලාසරුස් ගැන පැවසූ කතාව සදාකාලික ගමනාන්ත දෙකේ යථාර්ථය නිරූපණය කළ සත්‍ය සිදුවීමකි (ලූක් 16:19-31). ස්වර්ගය යනු දෙවියන් වහන්සේගේ වාසස්ථානයයි (2 ලේකම් 30:27) යේසුස්වහන්සේ තමන්ට ප්‍රේම කරන අයට "ස්ථානයක් පිළියෙළ කිරීමට ගොස් ඇත (යොහන් 14: 2). නිරය මැව්වේ "යක්ෂයා සහ ඔහුගේ දූතයන්"සඳහායි (මතෙව් 25:41). නමුත් සෑම මනුෂ්‍යයෙක්ම පව්කාරයෙකු වන නිසා, සෑම පුද්ගලයෙකුම දැනටමත් නිරයට නියමව ඇත (රෝම 3:10; 5:12; යොහන් 3:18). දෙවියන් වහන්සේට එරෙහි අපගේ අකිකරුකමට සාධාරණ දඩුවමක් ලෙස අප සියල්ලන්ම නිරයට සුදුසුයි (රෝම 6:23).

"නැවත ඉපදෙන්නේ නැත්නම් කිසිවෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යය දැකිය නොහැකි බව" (යොහන් 3: 3). නිරය යනු උන්වහන්සේට කීකරු නොවන අයට සදාකාලික දඩුවමක් බව උන්වහන්සේ පැහැදිලි කළේය (මතෙව් 25:46). 2 තෙසලෝනික 1:8-9 පවසනවා, අවසානයේදී දෙවියන් වහන්සේ "දෙවියන් වහන්සේ නොදන්නා අයට හා අපගේ ස්වාමීන් වන යේසුස්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන අයට දඩුවම් කරනු ඇත. ඔවුන්ට සදාකාලික විනාශයෙන් දඩුවම් කරනු ලැබේ." යොහන් බව්තීස්ත යේසුස්වහන්සේ ගැන පැවසුවේ, "උන්වහන්සේගේ කුල්ල තමන් වහන්සේගේ අතේය, උන්වහන්සේ තමන් කමත හොඳ හැටි පවිත්‍ර කරන සේක; තමන් ධාන්‍ය අටුවට රැස්කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවන සේකැයි කිවේය." (මතෙව් 3:12).

ස්වර්ගයට යන්නේ කවුද සහ නිරයට යන්නේ කවුද යන්න යොහන් 3:18 සරලම වචන වලින් පැහැදිලි කරයි. "උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා විනිශ්චය කරනු නොලැබේ. අදහා නොගන්නා දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහා නොගෙන සිටින බැවින් දැනටම විනිශ්චය කරනු ලැබේ." ඉතින්, නිරයට යන අය විශේෂයෙන් යේසුස් වහන්සෙගේ නාමය විශ්වාස නොකරන අයයි. "විශ්වාස කිරීම" සත්‍යය පිළිබඳ මානසික පිළිගැනීම ඉක්මවා යයි. ගැලවීම සඳහා ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කිරීමට පක්ෂපාතීත්වය මාරු කිරීම අවශ්‍ය වේ. අපි අපට නමස්කාර කිරීම නවත්වන්නෙමු, අපගේ පාපය අත්හරින්නෙමු, අපගේ හදවත, ආත්මය, මනස හා ශක්තියෙන් දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට පටන් ගනිමු (මතෙව් 22:36-37; මාක් 12:30).

දෙවියන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නේ සෑම පුද්ගලයෙකුම උන්වහන්සේ සමඟ සදාකාලිකත්වය ගත කිරීමයි (මතෙව් 18:14; 2 පේත්‍රැස් 3:9), නමුත් උන්වහන්සේ අපගේ නිදහස් කැමැත්තට ගරු කරයි (යොහන් 4:14). එසේ කැමති ඕනෑම කෙනෙකුට ස්වර්ගයට යා හැකිය (යොහන් 1:12). අපගේ ගැලවීම සඳහා යේසුස්වහන්සේ දැනටමත් වන්දියක් ගෙවා ඇත, නමුත් අප එම ත්‍යාගය පිළිගෙන අපගේ ජීවිතයේ අයිතිය උන්වහන්සේට පැවරිය යුතුය (ලූක් 9:23). ස්වර්ගය පරිපූර්ණ වන අතර, ඔහුගේ හෝ ඇයගේ පාපය තදින් අල්ලා ගැනීමට බල කරන කිසිවෙකු එහි ගෙන යාමට දෙවියන්වහන්සේට නොහැකිය. අපගේ පාපයෙන් අපව පවිත්‍ර කර උන්වහන්සේ ඉදිරියෙහි අපව ධර්මිෂ්ධ කිරීමට උන් වහන්සේට ඉඩ දිය යුතුය (2 කොරින්ති 5:21). යොහන් 1:10-12 අපට ගැටලුව සහ විසඳුම පෙන්වයි: "උන්වහන්සේ ලෝකයෙහි සිටිසේක, ලෝකයද උන්වහන්සේ කරණකොටගෙන සාදන ලද්දේය, නුමුත් ලෝකයා උන්වහන්සේ ඇදින ගත්තේ නැත. උන්වහන්සේ ස්ව්කිය ස්ථානවලට ආසේක, ස්ව්කීයයෝ උන්වහන්සේ පිළි නොගත්තෝය. නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිලිගත්තෝද, එනම් උන් වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන් සේක. "

අප උදෙසා යේසුස්වහන්සේ පාපවලට කලාවු ගෙවීම කෙරෙහි විශ්වාසය තැබීමට අපට තෝරා ගත හැකිය, නැතහොත් අපගේ පාප සඳහාම ගෙවීමට අපට තෝරා ගත හැකිය — නමුත් අපගේ පාපය සඳහා ගෙවීම සදාකාලික නිරයේ බව අප මතක තබා ගත යුතුය. සී. එස්. ලුවිස් එය මෙසේ කීවේය: "අවසානයේ ඇත්තේ වර්ග දෙකක් පමණි: දෙවියන් වහන්සේට,'ඔබගේ කැමැත්ත ඉෂ්ට වේ'යැයි පවසන අය සහ අවසානයේදී දෙවියන් වහන්සේ පවසන අය,'ඔබගේ කැමැත්ත ඉෂ්ට වේ'.

English



නැවතත් සිංහල මුල් පිටුවට

නිරයට යන්නේ කවුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries