settings icon
share icon
ප්‍රශ්නය

අෂෙරා කවුද?

පිළිතුර


අෂෙරා නොහොත් අෂ්ටොරෙත් යනු පුරාණ සිරියාව, ෆීනීසියාව සහ කානාන් යන රටවල වන්දනා මාන කරන ලද ප්‍රධාන දේව තාවියගේ නමයි. ෆිනීෂියානුවන් ඇයව ඇස්ටාර්ට් ලෙසත්, ඇසිරියානුවන්ඇයට ඉෂ්තාර් ලෙසත්, පිලිස්තිවරුන්ට අෂෙරා දේව මාලිගාවකුත් තිබේ ඇත(1 සාමුවෙල් 31:10). ඊශ්‍රායෙලය කානාන් දේශය අසම්පූර්ණ ලෙස යටත් කරගැනීම නිසා, යෝෂුවා මිය ගිය විගසම අෂෙරා නමස්කාරයට හැරිම තුල ඊශ්‍රායෙලය පිඩා ලැබුයේය(විනිශ්චයකාරයා2:13).

අෂෙරා නියෝජනය කළේ භූමියේ රෝපණය කරන ලද අසරණ ගස් කඳකි. කඳ සාමාන්‍යයෙන් දේවතාවියගේ සංකේතාත්මක නිරූපණයකට කැටයම් කර ඇත. කැටයම් කරන ලද ගස් සමඟ ඇති සම්බන්ධය නිසා, අෂෙරා වන්දනාමාන කරන ස්ථාන සාමාන්‍යයෙන් "වතු" ලෙස හැඳින්වූ අතර හෙබ්‍රෙව් වචනය වන "අෂෙරා" (බහු, "අෂෙරිම්") දේවතාවියට හෝ ගස් වත්තකට යොමුවිය හැකිය. මනස්සේ රජුගේ එක් නපුරු ක්‍රියාවක් නම්, "ඔහු විසින් සාදන ලද කැටයම් කළ අෂෙරා ලෝහ කණුව ගෙන දේව මාළිගාවේ තැබීමයි" (2 රාජාවලිය 21:7). "කැටයම් කළ අෂෙරා ලෝහ කණුවේ" තවත් පරිවර්තනයක් වන්නේ "අත්තෙහි කැටයම් රූපය" (කේ. ජේ. වි) ය.

සඳ දේව තාවිය ලෙස සැලකෙන අෂෙරා බොහෝවිට සූර්ය දෙවියාවූ බාල්ගේ භාර්යාව ලෙස ඉදිරිපත් කරන ලදි (විනිශ්චයකාරයා3:7, 6:28,10: 6; 1 සාමුවෙල් 7:4, 12:10). අෂේරා ප්‍රේමයේ හා යුද්ධයේ දේව තාවිය ලෙස වන්දනාමාන කරන ලද අතර සමහරවිට තවත් කානානීය දේව තාවියක් වන ආනාත් සමඟ සම්බන්ධ විය. අෂෙරාගේ නමස්කාරය එහි කාමුක හැඟීම් නිසා කැපී පෙනෙන අතර චාරිත්‍රානුකූලව ගණිකා වෘත්තියට සම්බන්ධවිය. අෂෙරා හි පූජකවරු සහ පූජකවරියන්ද පේනකීම හා ශාස්ත්‍රකීම් හි යෙදුණේය.

දෙවිසමිඳාණන්වහන්සේ මෝසෙස් තුළින් අෂෙරාට නමස්කාර කිරීම තහනම් කළා. යෙහෝවා වහන්සේගේ පූජාසනය අසල ගස් අත්තක් නොතිබිය යුතු බව ව්‍යවස්ථාවේ සඳහන්විය (ද්විතීයකථාව 16:21). දෙවියන් වහන්සේගේ පැහැදිලි උපදෙස් තිබියදීත්, අෂෙරා නමස්කාරය ඊශ්‍රායෙලයේ සැහෙන්න කාල පරාසයක් පැවතිණී. සලමොන් රූප වන්දනාවට ලිස්සා යද්දී, ඔහු රාජ්‍යයට ගෙනා මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්ගෙන් කෙනෙකුවූ අෂෙරා, "සීදොන්වරුන්ගේ දේවතාවිය" ලෙස හැඳින්වේ (1 රාජාවලිය 11: 5, 33). පසු කලෙක යෙසබෙල් අෂෙරා නමස්කාරය වඩාත් ප්‍රචලිත කළ අතර අෂෙරාගේ අනාගතවක්තෘවරුන් 400 ක් රාජකීය වැටුපෙන් නඩත්තු විය (1 රාජාවලිය 18:19). සමහර අවස්ථාවලදී ඊශ්‍රායෙලය පුනර්ජීවනය අත්විඳින අතර අෂෙරා නමස්කාරයට එරෙහිව කැපී පෙනෙන විරුද්ධවාදිකම මෙහෙයවනු ලැබුවේ ගිඩියොන් (විනිශ්චයකාරයෝ 6:25-30), ආසා රජු (1 රාජාවලිය 15:13) සහ යොෂියා රජ (2 රාජාවලිය 23:1-7).

English



නැවතත් සිංහල මුල් පිටුවට

අෂෙරා කවුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries