settings icon
share icon
ප්‍රශ්නය

අන්ත ක්‍රිස්තු කව්ද?

පිළිතුර


බොහෝ විචාරාත්මක තත්වයන් ඇත අන්ත ක්‍රිස්තුස් කව්ද? යන්න පිළිබඳව. සමහර ප්‍රසිද්ධ ඉලක්ක නම් වැලැඩිමීර් පූටින්, මොහොම අහමඩින්ජාඩ්, හා XVI බෙනඩික්ට් පාප් වහන්සේ. එක්සත් ජනපදයේ හිටපු ජනපතීන් වන බිල් ක්ලින්ටන් හා ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් හා වර්ථමාන ජනපති බැරැක් ඔබාමා තමයි බහුලව සිටින අපේක්‍ෂකයන්. එමනිසා, කව්ද අන්ත ක්‍රිස්තුස්, එසේම අප ඔහුව හඳුනා ගන්නේ කෙසේද?

අන්ත ක්‍රිස්තුස් කොහේ සිට පැමිණෙනවාද යන්න බයිබලයේ පවසා නැත. බොහෝ බයිබල් විශාරදයින් පවසනවා ඔහු තාවකාලිකව එක්සත් වූ සමූහයකින් යුත් දේශ දහයකින් හෝ නැවත ඉපදුන රෝමයෙන් පැමිණෙන බවට (දානියෙල් 7:24-25; එළිදරව් 17:7). අනෙක් අය පවසනවා මෙසියෙස් වහන්සේ කියා හැඳින්වීමට අවශ්‍යතම හේතුවෙන් යුදෙව් ජාතිකයෙක් විය යුතු බවට. ඒවා සියලුදේ ප්‍රකාශ පමණි මන්ද බයිබලයේ ඔහු කොහෙන්ද පැමිණෙන්නේ කුමන ජාතිකද කියා පවසා නැත. දවසකදී අන්ත ක්‍රිස්තුස් ප්‍රකාශ වේ. 2 තෙසලෝනික 2:3-4 හී පවසනවා අපි කෙසේද අන්ත ක්‍රිස්තුස් හඳුනා ගන්නේ කියා: “කිසිවෙකුට කිසිසේත් නුඹලා රවටන්ට ඉඩ නාරිල්ලා. මක්නිසාද ඇදහිල්ලෙන් වැටීයාමත් විනශයේ පුත්‍රයා වන පාපයේ මනුෂ්‍යයා එළිදරව්වීමත් පළමුවෙන් වුණොත් මිස ඒක නොපැමිණෙන්නේය. ඔහු, දෙවියන් වහන්සේ යයි කියනු ලබන්නාවූ නොහොත් නමස්කාර කරනු ලබන්නාවූ සියල්ලන්ට වඩා තමාම උසස් කරගෙන, දේවමාළිගාවෙහි වාඩිවී හිඳ, තමා දෙවියන් වහන්සේ යයි පෙන්වන්නේය.”

අන්ත ක්‍රිස්තුස්ගේ ස්වභාවය දකින ඒ වනවිට ජීවත්ව සිටින්නන් ඔහුගේ හැඳින්වීම ගැන පුදුම වේවි. අද අන්ත ක්‍රිස්තුස් ජීවත්ව සිටින්ටත් පුළුවන නොසිටින්ටත් පුළුවන. මාටින් ලූතර් පවසනවා ඒ කාලයේ සිටි පාප් වහන්සේ අන්ත ක්‍රිස්තුස් බවට. 1940 කාලයේ බොහෝ දෙනා අඩොල්ෆ් හිටිලර්ව අන්ත ක්‍රිස්තුස් කියා විශ්වාස කළා. අනෙක් අවුරුදු සිය ගණනකට පෙර ජීවත්වූ වන්ටද අන්ත ක්‍රිස්තුස්ගේ හැඳින්වීම හේතුවෙන් සමානව සහතික වෙනවා මේතාක් දුරට ඔවුන් සියලු දෙනා වැරදි වේ. අප අපගේ විචාරයන් පසෙක තබා බයිබලයේ අන්ත ක්‍රිස්තුස් පිළිබඳව පවසන දෙය පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතුය. එළිදරව් 13:5-8 හී පවසනවා “අහංකාර දේවල්ද දේව අපහසද කථා කරන මුඛයක් ඌට දෙන ලද්දේය. මාස සතළිස් දෙකක් පවතින්ට ඌට බලය දෙන ලද්දේය. එකල ඌ දෙවියන් වහන්සේට විරුද්ධව අපහාස කරන පිණිසද උන් වහන්සේගේ නාමයට සහ උන් වහන්සේගේ මණ්ඩපයටත්, එනම් ස්වර්ගයෙහි වාසය කරන්නන්ටත් අපහාස කරන පිණිසද මුඛය ඇරියේය. තවද ශුද්ධ වන්තයන්ට විරුද්ධව යුද්ධ කරන්ටද ඔවුන්ගෙන් ජය ගන්ටද ඌට ඉඩ දෙන ලද්දේය. සියලු ගෝත්‍රන්ද සෙනගද භාෂාවන්ද ජාතීන්ද කෙරෙහි ඌට බලය දෙන ලද්දේය. ලෝකය පටන් ගැන්මේ සිට මරන ලද බැටළු පැටවාණන්ගේ ජීවන-පොතෙහි නම් ලියවී නොතිබුණු පොළොවෙහි වසන සියල්ලෝ ඌට නමස්කාර කරන්නෝය.”

English



නැවතත් සිංහල මුල් පිටුවට

අන්ත ක්‍රිස්තු කව්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries