settings icon
share icon
ප්‍රශ්නය

ධවල විජ්ජාව සම්බන්ධව දේවවචනයේ සදහන් වන්නේ කුමක්ද?

පිළිතුර


යක්ෂයාගේ බලය ඇදගන්නා කඵ විජ්ජාවට ප්‍රතිවිරුද්ධ ධවල විජ්ජාව, "යහපත්" විජ්ජාවක් ලෙස විස්තර කර ඇත.මෙම විජ්ජා දෙක අතර ඇති අදහස් විවිධ වන අතර, එකම දෙයක් සදහා ලබා දී ඇති නම් දෙකක් යන්න එක් මතයකි. ඒ සමගම අරමුණ සහ අභිප්‍රායන් ලගා කර ගැනීමේදී මෙම විජ්ජා දෙක එකිනෙකට වෙනස් යන මතය දක්වා විවිධ අදහස් පැන නැගී ඇත. දේවවචනය අනුව "යහපත්" සහ "අයහපත්" විජ්ජාවන් අතර වෙනසක් පෙන්වා දී නැත. විජ්ජාව විජ්ජාවමය යන්න දේවවචනයට අනුකූලය. එසේම විජ්ජාව "යහපතට" හෝ "අයහපතට" භාවිතා කිරීමක් ගැන දෙවවචනයේ පෙන්වා දී නැති අතර, දෙවියන් වහන්සේගේ බලය හැර වෙනත් මාර්ගයන් ගැන විජ්ජාව මගපෙන්වන බැවින් දේවවචනයේ එය තහනම් කර ඇත.

ධවල විජ්ජාව උපයෝගී කරන අය බොහො විට මන්ත්‍ර ශාස්ත්‍රයේ නූතන ස්වරූපය දරන අය (විකාවාදීන්) ලෙස හැදින්වෙන අතර, ඔවුන් නමස්කාර කරනුයේ මැවීමට මිස මැවුම්කාරයාණන්ට නොවේ. ඔවුන් යක්ෂයාට හෝ අශුද්ධාත්මයාණන්ගේ පිහිට නොපතන නමුත්, "පෘතුව් මාතාව", දේවදූතයන් සහ / හෝ වෙනත් මූල ද්‍රව්‍යයන් වෙත කන්නලව් කරති. විකාවාදීන්ගේ මූල ධර්මය වනුයේ "නපුරක් සිදු නොවන්නේ නම් තමාගේ කැමැත්ත ඉටුකරගන්න" යන්නය. ධවල විජ්ජාවේ සුඵ වශයෙන් යෙදී සිටින අය, තමන් විකාවාදීන් ලෙස හදුන්වා ගත්තද, ඔවුන් ඇත්ත වශයෙන් එවැන්නන් විය නොහැකිය. විකාවාදය තුල සීමාවන් නොමැති වුවද, එම විශ්වාසය තුළ නොයෙක් "නිකායන්" සහ දේවධර්මයන් තිබුණද, එහි ඇති යම් යම් විශ්වාසයන්, ව්‍යවහරයෙන් සහ සම්ප්‍රධායන්, ධවල විජ්ජාවේ එල්බගෙන සිටින්නන් විකාවාදයට සම්බන්ධ කරයි.

යමෙකුගේ චේතනාව වනුයේ "පෘතුව් මාතාව", මූල ද්‍රව්‍ය හෝ දේවදූතයන් හට නමස්කාර කිරීම හෝ යහපත් ක්‍රියා පමණක් සිදු කිරීම වුවද, සැබෑ තත්වය නම්, ධවල විජ්ජාව හෝ කඵ විජ්ජාව අතර වෙනසක් නොමැත්තේ, එම ක්‍රම දෙක මගින් නමස්කාර කරනුයේ දෙවියන් වහන්සේට නොව, වෙනත් දේවල් වලට බැවින්ය. ධවල විජ්ජාවේ එල්බගත් අය තමන් නොදැනුවත්වම යාච්ඤා කරමින් පිහිට පතනුයේ කඵ විජ්ජාවේ එල්බගත් අය පිහිට පතන දෙවියන්, එනම් සාතන්ගෙන් බව කල්පනා වන විට එය බියකරුය.

පැරණි සහ නව ගිවිසුම තුල අඩංගු දේවවචනය පුරාවටම සදහන් වනුයේ සියඵම ආකාරයේ මන්ත්‍ර ක්‍රියාවන් මගින් දෙවියන් වහන්සේගේ ආඥාවන් උල්ලංගණය වන බවය. (ද්වීතීය නීති සංග්‍රහය 18:10–16 , ලෙවී ව්‍යවස්ථාව 19:26,31 , 20:27 , ක්‍රියා 13:8–10). මොසෙස් සහ ආරොන් ප්‍රාතිහාර්යයන් සිදු කල විට පාරාවෝගේ මන්ත්‍රකරුවන් ඔවුන්ගේ බලය පෙන්වීම සදහා "රහස් ක්‍රම" ඇස් බැන්දුම්, අවතාර, වශී ක්‍රම, මන්ත්‍ර මැතිරීම, බන්ධන පැළදීම හා වෙනත් බොහෝ උපක්‍රම භාවිතා කළහ. (නික්මයාම 7:11 , 8:7) අපෝසතුඵ පාවුල් තුමා එලියස් නම් විජ්ජාකරුවාව පහත් ලෙස හදුන්වනු ලැබුවේ, වංචාව හා "කෛරාටිකකමින් පිරුණු" යක්ෂයාගේ දරුවෙකු ලෙසද, ඔහු දෙවියන් වහන්සේගේ යහමග නොමගට පෙරලන අයකු ලෙසය (ක්‍රියා 13:10). දේවවචනයේ කිසිම තැනක ඇස්බැන්දුම් හෝ විජ්ජාකරුවන් යහපත් මග පෙන්වන අය ලෙස හදුන්වා දී නැත. ඔවුන් සියල්ලන්ම දෙවියන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කර ඇත.

දේවවචනයේ සදහන් වනුයේ දෙවියන් වහන්සේ සියඵ ආකාර විජ්ජා නිෂ්ප්‍රභා කරන බවය. ඒ මන්දයත්, ඒවා නිකුත් වන්නේ උන්වහන්සේ තුලින් නොවන බැවින්ය. ධවල විජ්ජා මනුෂ්‍යයන් හට හිතකර බව පෙන්වමින් සාතන් මිනිසුන් රවටයි. ඔහුට මෙය කළ හැක්කේ තමා ආලෝකයේ දේවදූතයෙක් ලෙස සාතන් හැසිරෙන බවයි. (2 කොරෙන්ති 11:14) නමුත් ඔහුගේ කැමැත්ත වනුයේ හැකි තරම් ආත්මයන් ඔහුගේ ග්‍රහණයට හසුකර ගැනීමය. සාතන්ට විරුද්ධව සහ ඔහුගේ දුෂ්ඨ ක්‍රියාවන් ගැන දේව වචනය අපට අවවාද කරයි. "සිහිසන් ඇතිව අවදිව ඉන්න. ඔබගේ විරුද්ධකාරයා වන යාක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙක් ගිලගනිම්දෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය" (1 පේදුරු 5:8).

"පසු කාලවලදී සමහරුන්, මුළා කරන භූතයන්ටත්, යක්ෂයන්ගේ ගුරුකම් වලටත් සවන් දී ඇදහිල්ලෙන් වැටී යනු ඇතැයි ආත්මයාණෝ නිසැකව කියති" (1 තිමෝති 4:11). සැබෑ අත්මික බලය ලැබෙනුයේ දෙවියන් වහන්සේ තුළින් හා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇති විශ්වාසය කරණකොටගෙන උන්වහන්සේ සමග නිසි සම්බන්ධතාවයක් පැවැත්වීමෙන්ද, ඇදහිලිවන්තයන් තුළ වැඩ වසන ශුද්ධාත්මයාණන් කරණකොටගෙනද පමණක්ය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ධවල විජ්ජාව සම්බන්ධව දේවවචනයේ සදහන් වන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries