settings icon
share icon
ප්‍රශ්නය

ඇපොක්‍රිපා, කුරාන් හෝ මෝමන් ගේ පොත නොව බයිබලය දෙවියන් වහන්සේගේ වචනය බව දැන ගන්නේ කෙසේද?

පිළිතුර


සැබෑවූ දෙවියන් වහන්සේගේ වචනය යුත් ආගමික ලියවිල්ල කුමක්දැයි දැන ගැනීම ඉතාම වැදගත් වේ. වක්‍රාකාර ප්‍රශ්ණ කිරීම් මඟ හැරීමට අප ඇසිය යුතු පළවෙනි ප්‍රශ්ණය වන්නේ දෙවියන් වහන්සේ සන්නිවේදනය කරන බව ප්‍රථමයෙන් අප දැන ගන්නේ කෙසේද? යන්නයි. දෙවියන් වහන්සේ සන්නිවේදනය කළ යුත්තේ මනුෂ්‍යයාට වටහා ගත හැකි ආකාරයෙන්ය, නමුත් මේ නිසා මනුෂ්‍යයන් තමාගේ පණිවිඩ සාදාගෙන ඒවා දෙවියන් වහන්සේගෙන් වූ බව පැවසිය හැකිය. එබැවින් දෙවියන් වහන්සේට පණිවිඩය තමන් වහන්සේගේම බවට සහතික කිරීමට අවශ්‍යවීනම්, තවත් ආකාරයකින් පවසනවා නම් කිසිම මනුෂ්‍යයෙකුට හාස්කමකින් හෝ අනු පිටපතක් සෑදිය නොහැකි අයුරකින්, එය සත්‍යාපනය කළ යුතුව තිබිණි යන්න සිතීම සාධාරණ සිතිවිල්ලකි. එසේවී නම් මෙම ක්‍ෂෙත්‍රය ප්‍රමාණවත් ලෙස පටු කරගන්නට තිබිණි.

බයිබලයේ නිවැරදි භාවයට බයිබලය හරහා ලැබෙන සාක්‍ෂි (අත් පිටපත් සාක්‍ෂි) සහ එහි ඓතිහාසික (පුරාවිද්‍යාත්මක සාක්‍ෂි) වැනි සියල්ලට වඩා ඉතාමත් වැදගත්ම සාක්‍ෂිය වන්නේ දේවානුභාවයයි. අනාගතවාක්‍ය ඇතුළු අධිස්වභාව සාක්‍ෂි බයිබලය, සැබෑ දේවානුභාවයෙන් යුත් බවට ස්ථීර අධිෂ්ඨානයකට පැමිණිමට සෑහේ. එතුමාගේ වචනය කතා කරන්ට සහ රචනය කරන්ට දෙවියන් වහන්සේ අනාගතවකතෘවරුන් පරිශීලනය කළ අතර සම්පූර්ණවූ අනාගතවාක්‍ය වැනි හාස්කම් තමන්වහන්සේගේ පණිවිඩකරුවන් සත්‍ය බව තහවුරු කිරීමට පරිහරණය කළ සේක. උදාහරණයක් ලෙස උත්පත්ති 12:7, ඊශ්‍රායෙල් දේශය ආබ්‍රහම්ට සහ ඔහුගෙන් පැවතෙන්නන්ට දෙන බවට දෙවියන් වහන්සේ දිවුරුවුම් දුන් සේක. ඉතිහාසයේ දෙවෙනි වතාවට 1948දී ඊශ්‍රායෙල් දේශය යුදෙව් ප්‍රජාවට නැවත වතාවක් ආපසු දෙනු ලැබීය. ලෝක ඉතිහාසයේ කිසිම රටක වැසි සෙනඟට කිසිම දිනක තම මව්බිමෙන් විසුරුවා හරිනු ලැබ ප්‍රත්‍යාගමනය වූයේ නැත. නමුත් ඊශ්‍රායෙල් එය දෙවතාවක් සිදු කරන ලදී. දානියෙල් පොතෙහි මහත් රාජ්‍යයන් හතරක් බබිලෝනියාවෙන්, පර්සියාවෙන්, ග්‍රීසියෙන් හා රෝමයෙන් පැමිණෙන බවත් ඔවුන්ගේ පාලන කාලයන් පිළිබඳවත් ඒවායේ බිඳවැටීම් පිළිබඳවත් සිදුවීමට ශතවර්ෂ ගණනකට පෙරාතුව ඉතා පැහැදිලිව පෙන්වා දෙන ලදී. මෙයට ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයා සහ ඇන්ටියෝකස් එපිෆනීස් ගේ රාජ්‍යය කාලයන්ද ඇතුලත් විය.

එසේකියෙල් 26 තීර් නගරය විනාශ වූ අන්දම පිළිබඳ පුදුමය දනවන විස්තරාත්මක ලිපියක් දැකිය හැකිය. එහිදී එම නගරය ඉරී යන යන අන්දමත්, එහි සුන්බුන් මුහුදට දමන අන්දමත් කියවේ. ඇලෙක්සැන්ඩර් මහා අධිරාජ්‍යයා එම පලාතට පැමිණි කල්හි වෙරළ බඩ සීමාවෙන් ඔබ්බෙන් වූ දූපතක, කුළුණක සිරවී සිටින ජන සමූහයක් නෙත ගැටුණි. ඔහුට මුහුද හරහා යන්නට නොහැකිවූ බැවින් කුළුණෙහි සිටි සෙනඟ හා සටන් කරන්ට නොහැකිවූ නමුත් උඬඟු ජයග්‍රාහකයා කුළුණ දක්වා පාලමක් සාදන පිණිස ඔහුගේ යුදභටයන්ට ගල් මුහුදට විසි කරන්ට අණ කරන ලදී. එය ක්‍රියාත්මක විය. ඔහුගේ යුදභටයන් මුහුද හරහා ගොස් එහි රැඳී සිටි කුළුණ පෙරලා හරින ලදී. නමුත් මෙපමණ ගල් ප්‍රමාණයක් ඔහුට ලැබුණේ කොහින්ද? පාලම සාදන පිණිස පාවිච්චි කළාවූ ගල්වල කුඩා ගල් කැබලි තීර් නගරයෙහි ඉතුරු වූ දේවල් විය. එම ගල් මුහුදට දමන ලදී. ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ බොහෝ අනාගතවාක්‍ය ඇත (270 ට වඩා). ඒවා ලයිස්තු ගත කිරිමට තවත් පිටු කිහිපයක ඉඩ ප්‍රමාණයක් වැය වෙනවා ඇත. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත ලත් ස්ථානය සහ උපත ලත් කාලය පිළිබඳ පැවසීමට ගියහොත් පාලනයකින් තොර වෙනවා ඇත. දෙවනුව එක මනුෂ්‍යයකුගේ හව්මාන බලාපොරොත්තු නොවූ ලෙස අහම්බෙන් පිරවූවත් 16 කදී 1 තුළ 10^45. එය කොපමණක්ද? සංසන්දනයක් සඳහා මුළු විශ්වය තුළ පරමාණු 10^82 ක් වේ. බයිබලය දෙවියන් වහන්සේගේ වචනය බවට සහතික කළ යේසුස් වහන්සේ විශ්වාසනීයත්වය සහ දේවත්වය මළවුන් ගෙන් නැගිටීම තුළින් ඔප්පු කරන ලදී. (එමෙන්ම ඓතිහාසික කරුණු නොසළකා හැරිය නොහැක).

දැන් කුරානය පිළිබඳ සළකා බලන්න. එහි කතෘවරයා තමන්ගේ පණිවිඩයට උපස්ථයක් වන පිණිස කිසිම හාස්කමක් සිදු කළේ නැත (ඔහුගෙන් අනුගාමිකයන් ඇසූ විටදී පවා සූරා 17:91-95, 29:47-51). පසුකාලීනව සම්ප්‍රදායන්ට (හඩිත්) සිදු කළායයි කියන මනහ්කල්පිත හාස්කම් (මොහමඩ්තුමා හඳෙන් භාගයකට කැපීම) වැනිදෑ වටිනාකමක් නැති සාක්‍ෂි තුලින් එහි විශ්වාසනීයභාවය අනුබල දෙන්නට නොහැකිවිය. තවදුරටත් කුරානය පැහැදිලි ලෙස ඓතිහාසික දෝෂ පෙන්නුම් කරයි. මුස්ලිම්වරු බයිබලය දේවානුභාවයෙන් යුත් බවත් නමුත් (සුරා 2:36, සමඟ සූරාස් 13,16,17,20,21,23,25) සමහර සංස්කරණයන් යටතේ දෝෂ සහිත වූ බවත් විශ්වාස කරයි. ඔවුන්ට ප්‍රමාණවත් ලෙස පිළිතුරු සපයන්නට නොහැකි ප්‍රශ්ණය නම් "බයිබලය දූෂනයට ලක් වූයේ කවදාද" යන්නටය. ඔවුන් ක්‍රි. ව. 600 ට පෙර යයි පවසන්නේ නම් කුරානය කියවීමට දැනමුතු කම් දෙන්නේ කෙසේද? ඔවුන් ක්‍රි.ව.600 පසු යයි පවසන්නේ නම් ඔවුන් කබලෙන් ලිපට වැටී ඇති අතර 3 වන ශත වර්ෂයේ පටන් බයිබලීය අත් පිටපත් වල නිවරද්‍යතාවය ඔප්පු කිරීමට කිසිවක් නැති බවට කිසිදු සැකයක් නැත. කිතු දහම සාවද්‍ය නම්, කුරානයට ඉක්මවාලිය නොහැකි ප්‍රශ්ණ වේ. මන්ද යත් එහි ඔවුන් විශ්වාස නොකරන දේ (හෝ ඔවුන් කිසි දවසක විශ්වාස නොකළ) කිතුණුවන් විශ්වාස කරන බව පවසා ඔවුන් කිතුණුවන් විනිශ්වයට පත් කර ඇත. උදාහරණයක් ලෙස කිතුණුවන් ත්‍රිත්වය යයි විශ්වාස කරනු ලබන්නේ පියා, මව (මේරි) සහ පුත්‍රයා බව කුරානය උගන්වයි (සූරා 5:73-75, 116), සහ දෙවියන් වහන්සේ පුත්‍රයකු ලබන පිණිස මේරි සමඟ ලිංගික සබඳතාවයක් පැවති බව කුරානය උගන්වයි (සූරාස් 2:116, 6:100-101,10:68,16:57,19:35, 23:91, 37:149-151, 43:16-19). කුරානය සැබවින්ම දෙවියන් වහන්සේගෙන් නම් අඩුම වශයෙන් කිතුණුවන් විශ්වාස කරන්නේ කුමක්දැයි හරියාකාර පැවසීමට හැකියාවක් තිබිය යුතුය.

ජෝශප් ස්මිත් මෝමන්වරුන්ගේ පොතෙහි කතෘවරයා, අනාගතවාක්‍ය මෙන් යම් හාස්කම් කරන්ට උත්සාහ කළේය (සැබෑ අනාගතවකතෘවරයෙකුගේ පරීක්‍ෂනය ද්වීතීය කථාව 18:21-22) නමුත් කිහිප වරක්ම අසාර්ථක විය. සභා ඉතිහාසයේ ක්‍රිස්තුස් වහන්සේගේ දෙවනි පැමිණීම ගැන ඔහු දිවැස් වාක්‍ය පවසන ලදී (HC) 2:382. ස්වාමීන් වහන්සේගේ දෙවන පැමිණීම අවුරුදු 56 කින් සිදුවන බවට ජෝසෙප් ස්මිත් දේශණා කරන ලදි. (1891 දී පමණ). දෙවන පැමිණීම 1891 සිදු නොවූ අතර මෝමන් සභාවද එය සිදුවූ බවට හෝ එදායින් පසුව හෝ සිදු බවක් ප්‍රකාශ කරන්නේ නැත. එමෙන්ම සමහර නගරවල් ධර්මයන් සහ ගිවිසුම් වශයෙන් විනාශ වන බවද ඔහු අනාවැකි පැවසුවේය (D&C) 84:114-115. ස්මිත්ට අනුව නිව්යෝර්ක්, ඇල්බනි සහ බොස්ටන් ශුභාරංචිය ප්‍රතික්‍ෂේප කරනු ලැබුවහොත් විනාශ වන බව ප්‍රකාශ කළේය. ජෝශප් ස්මිත් තමන්ම නිව්යෝර්ක්, ඇල්බනි සහ බොස්ටන් වලට ගොස් දේශණා කළේය. ඔහු ගෙන ගියාවු සුබසුන එම නුවරවල් පිළිගත්තේ නැතිමුත් ඔවුන් විනාශ වුනේ නැත. තවත් ඉතාමත් ජනප්‍රිය ජෝශප් ස්මිත් ගේ සාවද්‍ය අනාවැකියක් වූයේ "සියලු ජාතීන්ගේ නිමාව / අවසානය" D&C හි 87, ප්‍රාන්ත අතර තිබුණු සටනේදී ඔවුන් තුළ තිබූ කැරළිකාරකම නිසා දකුණු කැරොලිනාව පිලිබඳ මෙසේ ප්‍රකාශ කරන ලදී. දකුණ මහා බ්‍රිතාන්‍යයෙන් ආධාර ලබන්නට බලා සිටි අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් යුද්ධය මුළු ජාතීන් අතරට යනු ඇතැයිද, වහලුන් කැරලි ගසන අතර, පොළොවේ වැසියන් වැලපෙන අතර, සාගත, වසංගත, භුමිකම්පා, ගර්ජනා, විදිලි අකුණු සහ සියලු ජාතීන්ගේ නිමාව එහි ප්‍රතිඵලය වන පවසන ලදී. අවසානයෙදී දකුණ 1861දී කැරලි ගැසූ නමුත් වහලුන් නැඟිට සිටියේ නැත, යුද්ධය සියලු ජාතීන් අතර වැගිරුනේ නැතුවාක් මෙන්ම මුළු ලොව පුරා සාගත, වසංගත, භුමිකම්පා, වැනිදෑ සහ එහි ප්‍රතිඵල ලෙස ප්‍රකාශ කළ ආකාරයට ජාතීන්ගේ නිමාවක් හෝ අවසානයක්ද සිදු නොවීය.

ප්‍රොතෙස්තන්තවරුන් පවසන ඇපොක්‍රිපා නැමති ලියවිලි එකතුව (සැඟවුණු ලියවිලි), රෝමානු කතෝලිකයන් ද්වීතීය සම්මත ග්‍රන්ථ (පසුව හෝ දෙවන වර නීතිය) ලෙස හදුන්වන පොත් වේ. මෙම පොත් ක්‍රි. පූ. 300 සහ ක්‍රි. ව. 100 අතරේදී රචනා වූ අතර අන්තර් ගිවිසුම ප්‍රඥප්ති කාලය වන දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන් අනාගතවකතෘවරුන් විසින් ලියන ලද ලියවිලි වන පරණ ගිවිසුම හා අළුත් ගිවිසුමෙහි අපෝස්තළුවරුන් හා ඔවුන්ගේ සමකාලීනයන් විසින් ලියන ලද අළුත් ගිවිසුම වේ. මේවා "දෝෂ රහිත / නිවැරදි" ඒවා බව රෝමානු කතෝලික සභාව පිළිගෙන බයිබලයටද 1546 දී ට්‍රෙන්ට් කවුන්සලයේදී පිළිගන්නා ලදී. ඇපොක්‍රිපා පොත් බයිබලයේ පොත් බවට සාක්‍ෂි ඉදිරිපත් වන්නේ එම පොත් දේවානුභාවයෙන් ලියවී ඇත්නම් පමණි, නමුත් සාක්‍ෂි පෙන්වා දෙනු ලබන්නේ එසේ නොවන බවය. බයිබලය තුළ දෙවියන් වහන්සේගේ අනාගතවකතෘවරුන් ගේ පණිවිඩ හාස්කම් වලින් හෝ සැබෑවූ අනාගත වාක්‍ය කරණකොට ගෙන ස්ථීර කරන ලද අතර මනුෂ්‍යයන් විසින්ද ක්‍ෂණයකින් පිළිගන්නා ලදී (ද්වීතීය කථාව 31:26, යොෂුවා 24:26, 1 සාමුවෙල් 10:25, දානියෙල් 9:2, කොලොස්සි 4:16, 2 පේත්‍රස් 3:15-16). නමුත් ඇපොක්‍රිපා වලඅප දකින්නේ එහි විරුද්ධ පැත්තය. කිසිදු ඇපොක්‍රිපා පොතක් අනාගතවකතෘවරයෙකු කරණකොටගෙන ලියවුනේ නැත. මෙම කිසිම පොතක් හෙබ්‍රෙව් ලියවිල්ලෙහි ඇතුළත් ව් නොමැත. ඇපොක්‍රිපා පොත් වල කතෘවරයන් පිළිබඳ ස්ථීර කිරීමක් නැත. කිසිම ඇපොක්‍රිපා පොතක් පසු කාළින බයිබල් රචකයන් විසින් අධිකාරිත්වයෙන් යුත් පොතක් ලෙස උපුටා දක්වා නැත. සම්පූර්ණත්වයට / ඉෂ්ට වූ කිසිදු අනාවැකියක් ඇපොක්‍රිපා පොත්වල නැත. අවසාන වශයෙන් පරණ ගිවිසුමෙහි සෑම කොටසකින්ම උපුටා ගත් යේසුස් වහන්සේ එකදු වතාවක් හෝ ඇපොක්‍රිපා පොතකින් උපුටා නොගත් අතර එතුමාගේ ගෝලයන්ද එසේම විය.

බයිබලය තවමත් දෙවියන් වහන්සේගේ එළිදරව්ව ලෙස ගෙනෙන අතර දෙවියන් වහන්සේගේ වචනය නොවන ඕනැම මූලාශ්‍රයක් සමඟ තරඟ වදින්නට වඩා දීප්තිමත්ව බැබළේ. මන්දයත් ඉතුරු කොටස් අතර එය අමාරු කාර්යයක් සේ දිස්වේ. බයිබලය දෙවියන් වහන්සේගේ වචනය නොවේනම්, කුමක් සිදුවේද යන්න පිළිබඳව දැනගැන්මට පැහැදිලි නිර්ණායකයක් අපට නොමැත.



English



නැවතත් සිංහල මුල් පිටුවට

ඇපොක්‍රිපා, කුරාන් හෝ මෝමන් ගේ පොත නොව බයිබලය දෙවියන් වහන්සේගේ වචනය බව දැන ගන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries