settings icon
share icon
ප්‍රශ්නය

නිරය කොතැන්හිද? නිරයෙහි පිහිටීම කොතැන්හීද?

පිළිතුර


නිරයෙහි පිහිටීම පිළිබදව විවිධ වූ න්‍යායන් ඉදිරිපත් කොට තිබේ. සාම්ප්‍රදායික මතයක් නම් නිරය තිබෙන්නේ පොළොවෙහි මධ්‍යයෙහි බවය. අනෙකුත් අය යෝජනා කරනු ලබන්නේ නිරය පිහිටා තිබෙන්නේ අභ්‍යවකාශයේ කළු කුහරයක් තුළ බවය. පැරණි ගිවිසුමේ පරිවර්තනය කරනු ලැබූ "නිරය" යන වචනය නම් ශෙයෝලය වේ; නව ගිවිසුමෙහි එය පාතාලය (අදෘෂ්‍යමාන යන අර්ථය) සහ නරකාදිය ("හිනොමි මිටියාවත") වේ. ශෙයෝලය පරිවර්තනය කරනු ලබන්නේ "වල" සහ "මිනීවල" ලෙසය. ශෙයෝලය සහ පාතාලය යන දෙකම සදහන් වන්නේ විනිශ්චයට ප්‍රථමයෙන් මරණයට පත් වූවන්ගේ තාවකාලික වාසස්ථානයක් ලෙසය (ගීතාවලිය 9:17; එළිදරව් 1:18). නරකාදිය ඇගවෙන්නේ මරණයට පත්වූ දුෂ්ටයන්ට අත් වන සදාකාලික දඩුවම් තත්වයක් ලෙසය (මාර්ක් 9:43).

පාතාලය අපට වඩා පහලින් තිබෙන බව එනම් ඇතැම් විට පොළොව මධ්‍යයෙහි ඇත යන්න මූලාශ්‍ර වන්නේ ලුක් 10:15 වැනි පාඨයන්ගෙනි. "එම්බා කපර්ණවුවම ඔබ ස්වර්ගය දක්වා උසස් කරනු ලබන්නීද? පාතාලය දක්වා පහතට හෙළනු ලබන්නේය." එසේම 1 සාමුවෙල් 28:13–15 හී එන්දෝර්හී සිටි ආත්ම බන්ධනකාර ස්ත්‍රිය සාමුවෙල්ගේ ආත්මය "පොළොවෙන් නැගී එනවා" දුටුවාය. අප විසින් සැලකිල්ලට ගත යුත්ත නම් කෙසේ නමුත් මෙම පාඨයන්ගෙන් කිසිවක් නිරයේ භූගෝලීය පිහිටීම හා සමග සම්බන්ධ නොවේ. කපර්ණවුම වැරෙන් "පහලට" තල්ලූ කර දැමීම භෞතික නිර්දේශයක් වීමට වඩා ඇතැම් විට ඔවුන්ව හෙළා දැකීමේ සැදහුමක් විය හැක. එසේම ආත්ම බන්ධනකාර ස්ත්‍රියගේ සාමුවෙල් පිළිබද දර්ශනය එය පමණක් විය: එනම් දර්ශනයක්ය.

ජේම්ස් රජ අනුවාදයට අනුව එපීස 4:9 හී ප්‍රකාශ කරනු ලබන්නේ යේසුස් වහන්සේ ස්වර්ගයට නැගී යන්නට ප්‍රථමයෙන් "උන්වහන්සේ පොළොවේ පහත් තැන් වලට බැස්ස බවක්"ය. සමහර කිතුණුවන් "පොළොවේ පහත් තැන්" නිරය යන්නට සැදහුමකක් ලෙස ගනු ලබන්නේ යේසුස්වහන්සේ උන්වහන්සේගේ මරණය සහ උත්ථානය අතරතුර කාලය ගත ස්ථානය මෙහි යයි ප්‍රකාශ කරමිනි. කෙසේ නමුත් නව ජාත්‍යන්තර අනුවාදය මීට වඩා යහපත් පරිවර්තනයක් ලබා දේ: උන්වහන්සේ පහළ භූමි ප්‍රදේශ වලටද බැස්ස බවය. මෙම පදයෙන් සරලවම ප්‍රකාශ කරනු ලබන්නේ යේසුස්වහන්සේ පොළොවට පැමිණි සේක් බවය. මෙය වූ කලී උන්වහන්සේ ශාරිරිකව පොළොවට පැමිණීම පිළිබද ඇති සැදහුමක් විනා මරණින් පසුව උන්වහන්සේගේ පිහිටීම් ස්ථානය නොවේ.

නිරය අභ්‍යවකාශයේ කොකැනක හෝ තිබේය, බොහෝවිට කළු කුහරයක යන සංකල්පනය, පදනම් වන්නේ කළු කුහරයන් අධික උෂ්ණත්ව සහ පීඩන සහිත ස්ථාන එනම් කිසිවක් අලෝකය පමණවත් හෝ ඉන් පිටතට ගමන් නොකරයි යන අවබෝධය කරණකොටගෙනි. තවත් සමපේක්ෂණයක් නම් එළිදරව් 20:10–15 හී කථා කරනු ලබන "ගිනි විල" වනාහී පෘථිවිය බවය. මෙම පොළොව ගින්නෙන් විනාශ වීමෙන් අනතුරුව (2 පේත්‍රස් 3:10; එළිදරව් 21:1), න්‍යායට අනුව දෙවියන්වහන්සේ එම දැවෙන ක්ෂේත්‍රය අභක්තිකයන්ට සදාකාලික වධහිංසා ලබන ස්ථානයක් ලෙස භාවිතා කරනු ලබයි. යළිත් මෙයද හුදෙක් සමපේක්ෂණයක් පමණි.

සාරංශගත කරහොත්, ශුද්ධ ලියවිල්ලෙහි නිරයෙහි භූගෝලීය (විශ්වේදීය) පිහිටීම පිළිබදව සදහන් නොකරයි. නිරය වනාහී සැබෑ වධහිංසාමය පදගතාර්ථ ස්ථානයක් වන නමුත් එය කොතැන්හීදැයි අප නොදන්නෙමු. නිරයට විශ්වයේ භෞතික පිහිටීමක් තිබිය හැකි හෝ එය මුළුමනින්ම වෙනස් වූ "පරිමාණයක්" තුළ විය හැක. කුමණ කරුණක් වුවද නිරයේ පිහිටීම එයට ගමන් කිරීම වලක්වා ලීමට වඩා බෙහෙවින්ම වැදගත් නොවන්නකි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

නිරය කොතැන්හිද? නිරයෙහි පිහිටීම කොතැන්හීද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries