settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේ කොහි සිටින සේක්ද? රිදුම් දෙන වේලාවල් වලදී එතුමා සිටින්නේ කොහිද?

පිළිතුර


බයිබලය අපට උගන්වන්නේ ජාතීන් කෙරෙහි පලනය කරන එතුමා ස්වර්ගයෙහි ශුද්ධ සිංහාසනයෙහි වැඩ සිටින බවය (ගීතාවලිය 47:8, යෙසායා 6:1, යෙසායා 66:1, හෙබ්‍රෙව් 4:16). දෙවියන් වහන්සේගේ අභිමුඛය අද්විතීය ලෙස ස්වර්ගයෙහි පවතින බව අප දන්නා නමුදු බයිබලය අපට උගන්වන්නේ එතුමා සර්වස්ථාන බවය (එකම වේලාවක සෑමතැන්හිම පෙනී සිටින). ලියවිල්ලේ ආරම්භයේදීම පොළොව හිස්ව පාළුව තිබියදිත් දෙවියන් වහන්සේගේ අභිමුඛය එහි වූ බව පෙන්වා දෙයි (උත්පත්ති 1:2). දෙවියන් වහන්සේ ලෝකය එතුමාගේ මැවිල්ලෙන්, එතුමාගේ අභිමුඛත්වයෙන් සහ මහිමයෙන් පූර්ණ කරමින් සිටන සේක (ගණන් කථාව 14:21). දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය ලොව හරහා ගමන් කරමින් එතුමාගේ මැවිල්ල සමඟ ක්‍රියා කල බවට බොහෝ උදාහරණ ලියවිල්ලේ සඳහන් වේ (උත්පත්ති 3:8, ද්වීතීය කථාව 23:14, නික්ම යාම 3:2, 1 රාජාවලිය 19:11-18, ලූක් 1:35, ක්‍රියා 16:7). හෙබ්‍රෙව් 4:13 මෙසේ පවසයි, "උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රකාශ නොවූ කිසි මැවිල්ලක් නැත. සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ. අපෙන් ගණන් ගන්නේ උන්වන්සේය". යෙරමියා 23:24 කෑගසා මෙසේ පවසයි "මට නොපෙනෙන ලෙස යමෙකුට රහස් තැන්වල සැඟවෙන්න පුළුවන්දැයි ස්වාමීන් වහන්සේ කියන සේක". "ස්වර්ගය සහ පෘතුවිය මාගෙන් පිරී තිබෙනවා නොවේදැයි" ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන සේක. ගීතාවලිය 139 හි දෙවියන් වහන්සේගේ සර්වස්ථාන බවට පුදුමාකාර අධ්‍යනයක් ලබා දෙයි.

දෙවියන් වහන්සේ කොහි වැඩවසන සේක්ද?
ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහන්නෙක් නම් එතුමාණන් වහන්සේ ඔබ සමගය, ඔබ අසලය, ඔබට ඉහළින් සහ ඔබ තුළය. දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය සහ ආරක්‍ෂාකාරී රැකවරණය කිසිදින ඔබගෙන් ඉවත්ව නොයේ. ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව නොඅදහන්නෙක් නම් දෙවියන් වහන්සේ ඔබ ඉදිරියෙහි ඔබට ආරාධනා කරමින් ඔබව ළඟා කර ගනිමින්, ප්‍රේමය, දයාව සහ අනුග්‍රහය කරමින් ඒවා ඔබට දෙන්නට අපේක්‍ෂාවෙන් බලා සිටින සේක. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේ හා ඔබගේ සම්බන්ධතාවය ගැන ඔබට සහතිකයක් නැත්නම් අපගේ ලිපිය "දෙවියන් වහන්සේ සමග නිවැරදි වන්න" කියවන්න. එලෙසම දෙවියන් වහන්සේ කොතැන වැඩ සිටින සේක්ද යන ප්‍රශ්ණයට වඩා යහපත්ම ප්‍රශ්ණය නම් දෙවියන් වහන්සේ සමග සබැඳියාවේ ඔබ සිටින්නේ කොහිද" යන්නයි.

අපට රිදුම් දෙන වේදනා එන කල්හි දෙවියන් වහන්සේ කොහි සිටින සේක්ද?
සැකයේ ප්‍රහාරවලින් හා වේදනාකාරී පරීක්‍ෂා තුලින් අප ගමන් කරන කල්හි මෙම ප්‍රශ්ණයට පිළිතුරු අපි ඉතා ආශාවෙන් බලා සිටින්නෙමුව. යේසුස් වහන්සේ කුරුසිපත් වීමේදී " මාගේ දෙවියනි, මාගේ දෙවියනි මා අත් හැරීයේ මක්නිසාද"එතුමා ඇසූ සේක (මතෙව් 27:46). එදා බලා සිටි සෙනඟටද, පළමු වතාවට කතන්දරය කියවන අයටද දෙවියන් වහන්සේ, යේසුස් වහන්සේ අත් හල ලෙස පෙනෙනු ඇත. එබැවින් පැහැදිලිවම අන්ධකාර නිමේෂයන්හි එතුමා අපව අත් හරිනවා ඇතයි යන මතය මත අවසන් කරමු. නුමුත් කුරුසිපත් වීමෙන් පසු සිදු වූ සිදුවීම් දෙස හොඳාකාරව විමර්ෂණය කළහොත් දෙවියන් වහන්සේ ගෙන් අපව කිසිවෙකුට, මරණයට හෝ වෙන් කළ නොහැකිය යන සත්‍ය එළිදරව් වේ (රෝම 8:37-39). යේසුස් වහන්සේ කුරුසියේ ඇණගසනු ලැබීමෙන් පසු, එතුමාණන් මහිමයට පත් විය (1 පේත්‍රැස් 1:21, මාර්ක් 16:6,19, රෝම 4:24-25). අපගේ වේදනකාරී අවස්ථාවල එතුමාගේ අභිමුඛත්වය අපට නොදැනුනත් මෙම උදාහරණයෙන් දෙවියන් වහන්සේ දුන් පොරොන්දුව වන "මම කිසිසේත් නූඹෙන් අහක්ව නොයමි. කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි" තවදුරටත් සහතික ලෙස විශ්වාස කළහැකි වේ (හෙබ්‍රෙව් 13:5). " තමන් ප්‍රේම කරන දෙය සම්පූර්ණකර ගන්නා පිණිස තමන් අකමැති දෙයට අවසර දේ" ජෝන් එරික්සන් ටාඩා

දෙවියන් වහන්සේ බොරු නොකියන බව, කිසිදිනක වෙනස් නොවන බව සහ එතුමා සදාකල්හිම පවතින බව අපි විශ්වාස කරන්නෙමුව (ගණන් කථාව 23:19, 1 සාමුවෙල් 15-29, ගීතාවලිය 110:4,මලාකි 3:6, හෙබ්‍රෙව් 7:21, 13:8, යාකොබ් 1:17, 1 පේත්‍රුස් 1:25). වේදනාකාරී වතාවරණයන් මැද වුවත් අපි බලාපොරොත්තුරහිත වූවන් නොවන්නේ දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මුණු සෑම වදනක් මත අප ඇදහිල්ලෙන් ජීවත්වන අතර, අපගේ බලාපොරොත්තුව නම් අප දකින දේ හෝ හඹා යන දේ නොවන බැවින් දැන් පවතින ප්‍රශ්ණ අපව සදාකාලික මහිමය සඳහා සූදානම් කරන බවත්, එය අපි පොළොවෙහි දරන සියළුම වේදනාකාරී දුක් විඳීම් වලට වඩා උතුම් බැවින් දෙවියන් වහන්සේ විශ්වාස කරන්නෙමුව. එබැවින් අපගේ දෑස් රඳවා ඇත්තේ දැන් පෙනෙන දෙය දෙස නොව නොපෙනෙන දෙයමතය. මන්ද යත් පෙනෙන දෙයකාලික බවත් නොපෙනෙන දෙයසදාකාලික බවත් අපි විශ්වාස කරන්නෙමුව (රෝම 8:28). සෑම වේලාවකදි දෙවියන් වහන්සේ ගේ ක්‍රියාවන් හිදි යහපත් අවසානයක් නොදුටුවත් සියල්ල පැහැදිලිව තේරුම් ගැනීමට හා දැකීමට හැකිවන දවසක් උදා වන බව සහතිකය.

අපගේ ජීවිතය දෙස බැලූවිට එය පිහාටුවක් ලෙස පෙනේ. එහි යට පැත්ත දෙස හොඳාකාරව බැලුවහොත් දක්නට ඇත්තේ ගැට ගැසුණු පිහාටු අග තැනින් තැන ගැලවුණු හරියා කාර නිමාවක් නැති ආකාරයකි. ආකර්ශණිය බවෙන් තොර කිසිම ක්‍රියාවක් සඳහා සැලසුමක් ඇතිව සකස් කරණ ලද්දක් ලෙස නොපෙනුනත් පිහාටුව උඩ / හරි පැත්තට හැරවුව හොත් මැවුම්කාරයාණන් හැම පිහාටුවක් එකිනෙක පිළිවෙලකට අලංකාර ලෙස තබා ශෝභමාන මැවිල්ලක් සාදා ඇති බව දැකිය හැකිය. ඇදහිලිවන්තයාගේ ජීවිතයද එබදුය (යෙසායා 64:8). අපි දිවි ගෙවන්නේ දෙවියන් වහන්සේ පිළිබඳ සීමාසහිත දැන ගැන්මක් සමඟය. නුමුත් සියල්ල දැන ගැනිමට, තේරුම් ගැන්මට හැකි දවසක් උදා වනවා ඇත (යෝබ් 37:5, යෙසායා 40:28, දේශණාකාරයා 11:5, 1 කොරින්ති 13:12, යොහාන් 3:2). වේදනාකාරී අවස්ථාවල දෙවියන් වහන්සේ කොහි සිටින සේක්ද? දුෂ්කර ඉතා අසීරු අවස්ථාවලදී දෙවියන් වහන්සෙගේ හස්තය ඔබට නොපෙනුනත් , එතුමාගේ හදවත විශ්වාස කර එතුමා ඔබ අත් නොහළ බව සහතික කරගන්න. ඔබගේම ශක්තියෙන් ඔබට කිසිවක් කරගන්නට නොහැකි කල එතුමාගේ අභිමුඛයේ මුළුමනින්ම රැඳී සිට ඔබගේ දුර්වලකමේදී එතුමාගේ ශක්තිය සම්පූර්ණ වන බව දැනගන්න (2 කොරින්ති 12:9-10). English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේ කොහි සිටින සේක්ද? රිදුම් දෙන වේලාවල් වලදී එතුමා සිටින්නේ කොහිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries