මරණින් උත්ථානය වන්නේ කවර කලකදීද?


ප්‍රශ්නය: මරණින් උත්ථානය වන්නේ කවර කලකදීද?

පිළිතුර:
උත්ථානය සැබෑවක් බවත්, මෙම ජීවිතය එය පෙනෙන ආකාරයේම දෙයක් නොවන බවත්, බයිබලයේ පැහැදිළි වේ. මරණය යනු කායික ජීවිතයේ අවසානය වන නමුත්, එය මනුෂ්‍යය වර්ගයාගේ පැවැත්මේ අවසානය නොවේ. යුගාන්තයේදී එක් සාමාන්‍යය උත්ථානයක් සිදුවන බවට සමහර අය තුළ මිථ්‍යා විශ්වාසයක් ඇතත්, බයිබලය අපට උගන්වන්නේ, සමහර අය ස්වර්ගයේ සදාතන ජීවනයට උත්ථානය වන බවත්, තවත් සමහරු සදාකාල නිරයට උත්ථානය වන පරිදි, උත්ථානයන් කීපයක් ඇති බවය (දානියෙල් 12:2 , යොහාන් 5:28–29)

ප්‍රථම ශ්‍රේෂ්ඨ උත්ථානය වනුයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය වේ. ඒ බව සෑම ශූභාරංචි පොතකමද (මතෙව් 28, මාර්ක් 16, ලුක් 24, යොහාන් 20), කීප වතාවක්ම ක්‍රියා පොතේද, (ක්‍රියා 1:22, 2:31, 4:2, 33, 26:23) හිද, එමෙන්ම සභාවන් වෙතට යවන ලද හසුන් වල වරින් වර සඳහන් වී ඇත. (රෝම 1:4, පිලිප්පි 3:10, 1 පේතෘස් 1:3) යේසුස්වහන්සේගේ උත්ථානයේ වැදගත් භාවය 1 කොරින්ති 15:12–34 පද වල සඳහන්ව ඇති අතර, එහි සඳහන් තවත් කරුණක් නම්, යේසුස්වහන්සේ තමන්වහන්සේගේ උත්ථානයෙන් පසුව දර්ශනය වු අවස්ථා වලින් එකකදි පන්සියක් පමණ ජනතාව ඒ බව දුටු බවය. ක්‍රිස්තුස්වහන්සේගේ උත්ථානය විස්තර කර ඇත්තේ "උත්ථානයේ ප්‍රථම ඵලය" ලෙසය, එනම් කිතුනුවකටම තමන් යම් දිනක උත්ථානය කරනු ලබන බවට සහතිකයකි. ක්‍රිස්තුස්වහන්සේගේ උත්ථානය වනාහි, සෑම මියගිය කෙනෙකුම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාධාරණ විනිශ්චයට මුහුණ දීම සඳහා නැවත නැගිටුවන බවට සැබෑ පදනමක් වේ. (ක්‍රියා 17:30–31) සදාතන ජීවනය සඳහා උත්ථාන වීම හඳුන්වා දී ඇත්තේ, "පළමු උත්ථානය" ලෙසටය. (එළිදරව් 20:5–6). විනිශ්චයට සහ දඩුවම සඳහා උත්ථාන වීම හඳුන්වන්නේ "දෙවන මරණය" ලෙසය (එළිදරව් 20:6, 13–15).

සභාවේ පළමු මහත් උත්ථානය සිදුවන්නේ ප්‍රීති ප්‍රමෝද දිනයේදීය. සභා වකවානුව තුළ යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා, උන්වහන්සේගේ නැවත පැමිණීමට පෙර මිය ගියාවු සියල්ලෝම ප්‍රීති ප්‍රමෝද දිනයේදී උත්ථානය කරනු ලබති. සභා වකවානුව ආරම්භ වූයේ පෙන්තකොස්ත දිනයේදි වන අතර, එය අවසන් වනුයේ ඇදිහිලිවතුන් ස්වර්ගය වෙතට කැඳවාගෙන යාමට ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණි විටදීය. (යොහාන් 14:1–3, 1 තෙසලෝනික 4:16–17) අපෝස්තුඵ පාවුල් තුමා පැහැදිළි කර දෙන්නේ සියඵම කිතුනුවන් මරණයට පත් නොවන බවත්, නමුත් ඔවුන්ගේ ශරීර වෙනස් වන බවත්, එනම් උත්ථානයට සුදුසු ශරීර ඔවුන්ට ලැබෙන බවත් (1 කොරින්ති 15:50–58) ඔවුන් මරණයට පත් නොවී එවැනි ශරීර ලබා ගන්නා බවත්ය. ජීවතුන් අතර සිටින අය මෙන්ම, මියගොස් ඇති අයද, උඩුගුවනේදී යේසුස්වහන්සේ මුණගැසීමට සහ උන්වහන්සේ සමඟ සදාකල්ම ජීවත්වීමට ඔසවා ගනු ලබනු ඇත.

පීඩා කාලය අවසානයේදී, යේසුස්වහන්සේ මෙලොව නැවත පැමිණිමේදී (දෙවන ඊම) තවත් මහත් උත්ථානයක් සිදුවේ. ප්‍රීති ප්‍රමෝද දිනට පසුව සභා වකවානුව අවසානයේදී පීඩා පැමිණිම මීළඟ පියවර වේ. මෙය මෙලොව මත සිදුවන අති භයංකාර විනිශ්චයක් බව එළිදරව් 6:18 පරිච්ඡේද මගින් හොඳින් විස්තර කර ඇත. සභා වකවානුව තුළ සිටි සියඵම ඇදහිලිවන්තයින් නික්ම ගොස් ඇතත්, මෙලොව ඉතිරි වන දස දහස් ගණන් ජනතාව එවිට මෙම කාලයේදී තමන්ගේ ප්‍රකෘති සිහිය ලබා, යේසුස්වහන්සේ ගැලවුම්කරු ලෙස විශ්වාස කරති. අභාග්‍යකට මෙන් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම නිසා ජීවිත පවා අහිමි වනු ඇත. (එළිදරව් 6:9–11, 7:9–17, 13:7, 15–17, 17:6, 19:1–2) මෙම පීඩා කාලය තුළ මිය යන, යේසුස් වහන්සේ තුළ ඇදිහිලිවතුන්, උන්වහන්සේ නැවත පැමිණිමේදී උත්ථානය කරනු ලැබ, දහසක් වසරක් උන්වහන්සේ සමග වාසය කරනු ඇත. (එළිදරව් 20:4,6) පැරණි ගිවිසුමේ සඳහන් ඇදිහිලිවන්තයන් වන යෝබ්, නෝවා, ආබ්‍රහම්, දාවිත් සහ (සභාව පිහිටුවීමට පෙර ජිවිතක්‍ෂයට පත් කරනු ලැබු ) යොහාන් බව්තිස්ත වැනි අයද, මේ අවස්ථාවේදී උත්ථානය කරනු ලබති. පැරණි ගිවිසුමේ බොහෝ පිටුවල මෙම අවස්ථාව ගැන සඳහන් වී ඇත. (යෝබ් 19:25–27, යෙසායා 26:19, දානියෙල් 12:1–2, හොසියා 13:14) එසකියෙල් 37:1–14 දක්වා විස්තර කර ඇත්තේ මිය ගිය අයගේ මළසිරුරු සංකේතවත් කර ඊශ්‍රායෙල් වංශය නැවත එකරාශී කිරීම ගැනය. මෙහි සඳහන් භාෂා විලාශය අනුව මියගිය ඊශ්‍රායෙල් වරුන්ගේ කායික නැවත නැඟිටීම ගැන මෙම පරිච්ඡේද වලින් බැහැර කළ නොහැක. එසේම පැරණි ගිවිසුම් කාලයේදී දෙවියන්වහන්සේව විශ්වාස කල ඇදිහිලිවතුන් සියල්ලෝම සහ යේසුස්වහන්සේ තුල විශ්වාස කරන අය (අඵත් ගිවිසුම් වකවානුවේදී), පලමුවන උත්ථානය එනම් ජීවනය සඳහා උත්ථානයට භාජනය වනු ඇත (එළිදරව් 20:4,6).

දහස් වසර අවසානයේදී තවත් උත්ථානයක් සිදුවිය හැක. මෙය කිසිවිටකදි ශුද්ධ ලියවිල්ලේ සඳහන් වී නැත. සමහර ඇදිහිලිවන්තයන් දහස් වසර කාලයේදී කායික මරණයට ගොදුරු විය හැක. දෙවියන්වහන්සේ දිවැසිවර යෙසායා මගින් මෙසේ වදාරා ඇත. ස්වල්ප දවසකින් මැරෙන බිළින්දෝ තවත් එහි නොවෙති. පූර්ණ ආයූ නොවළදා මැරෙන මහල්ලෝ නොසිටිති. සියවසක් ජීවත් වන්නා "තරුණයෙකු යැයි ගණන් ගනු ලැබේ. ඒ වයසට පෙර නැසි යන්නා ශාප ලද්දෙකුයි ගණන් ගනු ලැබේ." අනෙක් අතින් බලන කල දහස් වසර තුළදි මරණයට පත් වනුයේ අකීකරු අය බව විය හැක. මෙම කුමන තත්වයේ වුවද, ඇදහිලිවතුන් හට තමන්ගේ ස්වාභාවික ශරීර සදාතන ජීවිතයට ගැළපෙන ලෙස යම් ප්‍රතිව්‍යුහයක් ලැබිය යුතු වේ. සෑම ඇදහිලිවතෙකුටම උත්ථානයට සුදුසු ශරීරයක් තිබිය යුතු වේ.

දෙවියන්වහන්සේ පොළොව ඇතුඵව මුඵ විශ්වයම ගින්නෙන් විනාශ කරන බව ශුද්ධවු ලියවිල්ල අනුව පැහැදිළි වේ. ( 2 පේතෘස් 3:7–12) මනුෂ්‍යය වර්ගයාගේ පාපය නිසා සිදුවු සතුරු බලවේග සහ විනාශය මගහැරීමට මෙම ක්‍රියාව අවශ්‍ය වේ. එවිට දෙවියන්වහන්සේ දුෂිත ලෝකය සහ විශ්වය විනාශ කොට ඒ වෙනුවට අඵත් අහසක් සහ පොළොවක් මවන සේක. (2 පේතෘස් 3:13, එළිදරව් 21:1–4) නමුත් එවිට පීඩාකාලය ජය ගෙන තමන්ගේ ස්වාභාවයෙන්ම දහස් වසරක කාලයට පිවිසි ඇදහිලිවතුන් හට කුමක් වේද? එසේම දහස් වසරක කාලය තුල ඉපදි යේසුස්වහන්සේ තුල විශ්වාස කොට තමන්ගේ ස්වාභාවික ශරීර සහිතව ජීවත්වන අයට කුමක් වේද? පාවුල් තුමා පැහැදිළි කර දෙනුයේ සදා නොපවතින සහ දිරාපත්වන මාංශයට සහ රුධිරයට දේව රාජ්‍යය උරුම කර ගත නොහැකි බවය. සදාතන ජීවනය උරුම කර ගත හැක්කේ, උත්ථානවු, මහිමයට පත්වු, තරදුරටත් දිරාපත් නොවන ශරීරයන්ට පමණක් බවය. (1 කොරින්ති 15:32–49) සැබවින්ම මෙම ඇදහිලිවතුන්ට මරණයට පත් නොවීම, උත්ථානවු ශරීර ලබා දෙනු ඇත. මෙම සිද්ධිය කෙදිනකදී සිදුවේ දැයි නිසැකවම පැහැදිළි කර නැතත්, දේව ධර්මය අනුව මෙය සිදුවිය යුත්තේ පැරණි අහසත් පොළොවත් පහව ගොස් අඵත් අහසක් පොළොවට එය පරිවර්තනය වන කාලය තුළදීය (2 පේතෘස් 3:13, එළිදරව් 21:1–4).

අවසාන උත්ථානයක්ද ඇත, එනම් සෑම වකවානුවකදීම මියගිය නොඇදහිලිවන්තයන්ගේ උත්ථානයයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔවුන් සියල්ලන්ම මරණින් නැගිටුවන අතර, (යොහාන් 5:25–29) එය සිදුවන්නේ ක්‍රිස්තුස්වහන්සේ රජකම් කරන දහස් වසර අවසානයේදී (එළිදරව් 20:5) සහ දැනට පවතින පොළොව සහ විශ්වය විනාශ වු පසුවය. (පේතෘස් 3:7–12, එළිදරව් 20:11). මෙම උත්ථානය දානියෙල් විස්තර කර අන්දමට "පොළොව දූවිල්ලෙන් පිබිදි" සදාතනික අපහාසයට සහ දඩුවමට ලක්වීම වේ. (දානියෙල් 12:2) යේසුස්වහන්සේ මෙය විස්තර කර ඇත්තේ "ර්‍විනිශ්චයේ උත්ථානය" යනුවෙනි. (යොහාන් 5:28–29).

අපොස්තුඵ යොහාන්, ඉදිරියේදී ඇතිවන යම් සිද්ධියක් ගැන දුටුවේය. ඔහු මහත් ධවල සිංහාසනයක් දුටුවේය (එළිදරව් 20:11). එහි වැඩසිටි තැනැන්වහන්සේ කෙරෙන් අහසත් පොළොවත් පලා ගියේය. මෙයින් සනාථ වන්නේ මුඵ විශ්වයම සහ පොළොව සහ එහි ඇති සියඵම දේ ගිනි මගින් දවා යෑමය. (2 පේතෘස් 3:7–12), දෙවියන්වහන්සේව ප්‍රතික්‍ෂේප කල සියලූ දෙනා මෙම සිංහාසනය ඉදිරිපිට සිටිති. මෙයින් තේරුම් වන්නේ ඔවුන් දහස් වසර කාල සීමාවට පසුව උත්ථානය වී ඇති බවය. (එළිදරව් 20:5) ඔවුන්ගේ ශරීර වලට වේදනාව දැනුනත්, එම ශරීර වල පැවැත්ම නැති නොවේ (මාර්ක් 9:43–48). ඔවුන් විනිශ්චය කරනු ලබන අතර ඔවුන්ගේ ක්‍රියාවන් අනුව දඩුවම් ලබති. නමුත්, තමන් එක් ලේඛනයක්, එනම් බැටඵ පැටවාගේ ජීවන දායක ලේඛනය විවෘත වනු ඇත. (එළිදරව් 21:27) ජීවනදායක ලේඛනයේ නම සඳහන් සියඵ දෙනා "දෙවන මරණය" වන "ගිනි වලට" හෙලනු ලබනු ඇත. (එළිදරව් 20:11–15). එම ජීවන දායක ලේඛනයේ නම සඳහන් අය මෙම විනිශ්චයට මුහුණ දෙන බවත් සඳහන්ව නැත, එසේම මෙම ජීවන දායක ලේඛනයේ නම සඳහන් අයත් වන්නේ, පළමු උත්ථානයට එනම් ජීවනයේ උත්ථානයට මුහුණ දී පව්කමාව ලබා ගත් අය අතරටය. (එළිදරව් 20:6).

English


නැවතත් සිංහල මුල් පිටුවට
මරණින් උත්ථානය වන්නේ කවර කලකදීද?