settings icon
share icon
ප්‍රශ්නය

සභාවආරම්භවූයේ / සභාව මුලින්ම ආරම්භවුයේ කවදාද?

පිළිතුර


සභාව ආරම්භවූයේ පෙන්තකොස්ත දවසේදී, පාස්කු උත්සවයෙන් දින පනහකට පසු යේසුස්වහන්සේ මිය ගොස් නැවත නැඟිටිවිටයි. "සභාව" යන වචනය පැමිණ ඇත්තේ ග්‍රීක වචන දෙකකින් වන අතර එහි අර්ථය "දෙවියන්වහන්සේ උදෙසා ලෝකයෙන් කැඳවනු" යන්නයි. මෙම වචනය බයිබලය පුරාම භාවිතා කර ඇත්තේ නැවත ඉපදුණු සියලු දෙනාට (යොහන් 3:3) ඇදහිල්ලෙන්යේ සුස්වහන්සේගේ මරණය හා උත්ථානය (රෝම 10: 9-10). සභාව යන වචනය සෑම ඇදහිලිවන්තයෙකුම සෑම තැනකම සඳහන් කිරීමට භාවිතා කරන විට, එය ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය යන වචනයට සමාන වේ (එපීස 1:22–23; කොලොස්සි 1:18).

සභාව යන වචනය මුලින්ම මතෙව්16 හි සඳහන්වේ. "මේ පර්වතය මත මම මාගේ සභාව ගොඩ නඟන්නෙමි, පතාල දොරටු එය ජය ගන්නේ නැත" (18 පදය). මෙහි ඇති "පර්වතය" නම් පේතෘස් කළ ප්‍රකාශයයි, "ඔබ ක්‍රිස්තුස් වහන්සේ, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාය" (16 පදය). යේසුස් වහන්සේ පිළිබඳ එම සත්‍යය වසර දෙදහසකට වැඩි කාලයක් පුරා සමෘධිමත්වූ සභාවේ අනර්ඝ පර්වතයයි. එම සත්‍යය තම ජීවිතයේ පදනම බවට පත් කරන සෑම කෙනෙක්ම යේසුස්වහන්සේගේ සභාවේ සාමාජිකයෙකු බවට පත්වේ (ක්‍රියා 16:31).

"මම මාගේ සභාව ගොඩ නඟන්නෙමි" යන යේසුස්වහන්සේගේ වචන ඇදහිලිවන්තයන් වාසය කිරීමට ශුද්ධාත්මයාණන්වහන්සේ එවූවිට සිදුවීමට යන දෙය පුරෝකථනය කිරීමක් විය (යොහන් 15:26-27; 16:13). යේසුස් වහන්සේට තවමත් කුරුසියට මුහුණදී නැවත නැඟිටීම අත් විඳීමට සිදුවිය. ගෝලයන් අර්ධ වශයෙන් වටහාගෙන තිබුණත්, යේසුස්වහන්සේ කළ සියලුදේ ඉෂ්ටවී තිබුණේ නැත. උන්වහන්සේගේ උත්ථානයෙන් පසු, ශුද්ධාත්මයාණන්වහන්සේ පැමිණෙනතෙක් සිය අනුගාමිකයන්ට ලබා දුන් වැඩය ආරම්භ කිරීමට, සියලු ජාතීන් ගෝලයන් කිරීමට ශුද්ධාත්මයාණන් පැමිණෙනතෙක් (ක්‍රියා 1:4-5) යේසුස්වහන්සේ ඉඩ දුන්නේ නැත (මතෙව් 28:19-20),

ක්‍රියා පොතෙහි ආරම්භය සහ ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය තුළින් එය ආශ්චර්යමත් ලෙස ව්‍යාප්ත කිරීම විස්තර කරයි. යේසුස්වහන්සේ නැවත ස්වර්ගයට නැඟී දින දහයකට පසු (ක්‍රියා 1:9), බලා සිටිමින් යාච්ඤා කළ යේසුස්වහන්සේගේ අනුගාමිකයන් 120 දෙනෙකුට ශුද්ධාත්මයාණන් වහන්සේව වගුරුවනු ලැබීය (ක්‍රියා 1:15; 2:1-4). යේසුස්වහන්සේව හඳුනාගනු ඇතැයි යන බියෙන් කම්පාවූ එම ගෝලයන්ට (මාර්ක් 14:30, 50) හදිසියේම උත්ථානවූ මෙසියස්වහන්සේගේ ශුභාරංචිය නිර්භීතව ප්‍රකාශ කිරීමට බලය ලැබුණි. 41; 3:6–7; 8:7). පෙන්තකොස්ත මංගල්‍යය සඳහා ලෝකයේ සෑම තැනකින්ම යුදෙව්වන් දහස්ගණනක් යෙරුසලමේ සිටියහ. ඔවුන් තමන්ගේම භාෂාවලින් ශුභාරංචිය අසා ඇත (ක්‍රියා 2:5–8), බොහෝ දෙනෙක් විශ්වාස කළහ (ක්‍රියා 2:41; 4:4). ගැළවුණු අය බව්තීස්මවූ අතර දින පතා සභාවට එකතුවූහ. පීඩා ඇතිවූවිට ඇදහිලිවන්තයන් විසිරී ගොස් ඔවුන් සමඟ ශුභාරංචිය ගෙන ගිය අතර සභාව දන්නා පොළොවේ සෑම ප්‍රදේශයකටම ඉක්මනින් ව්‍යාප්ත විය (ක්‍රියා 8:4; 11:19-21).

සභාවේ ආරම්භයට ජෙරුසලමේ යුදෙව්වන් සම්බන්ධවූ නමුත් සභාව වැඩිකල් නොගොස් වෙනත් ජන කණ්ඩායම්වලටද ව්‍යාප්තවිය. සමරිතානු ජාතිකයන් ක්‍රියා 8 හි පිලිප් විසින් එවැන්ජලිස්ත කරනු ලැබීය. ක්‍රියා 10 හි දෙවියන්වහන්සේ පේතෘස්ට දර්ශනයක් ලබා දුන්නේ ගැලවීමේ පණිවිඩය යුදෙව්වන්ට පමණක් නොව විශ්වාස කරන ඕනෑම කෙනෙකුට විවෘතව ඇති බවය (ක්‍රියා 10:34-35, 45) . ඉතියෝපියානු නපුංසකයාගේ ගැලවීම (ක්‍රියා 8:26-39) සහ ඉතාලි ශතාධිපතීවු කොර්නේලියස් (ක්‍රියා 10) යුදෙව් ඇදහිලිවන්තයන්ට ඒත් තුගැන්වූයේ දෙවියන්වහන්සේගේ සභාව ඔවුන් සිතුවාට වඩා පුළුල් බවය. දමස්කයට යන ගමනේදී සාවුල්ගේ (පාවුල්) ආශ්චර්යමත් කැඳවීම (ක්‍රියා 9:1–19) අන්‍යජාතීන්ට ශුභාරංචිය ඊටත් වඩා පුළුල් ලෙස ව්‍යාප්ත කිරීමට වේදිකාව සකසා ඇත (රෝම 15:16; 1 තිමෝති 2:7).

කුරුසියේ ඇණගැසීමට පෙර යේසුස්වහන්සේ පේතෘස්ට පැවසූ අනාවැකිමය සත්‍ය බව ඔප්පුවී තිබේ. හිංසාපීඩා සහ "පතාල දොරටු" එයට එරෙහිව සටන් කර ඇතත් සභාව ශක්තිමත් වේ. එළිදරව් 7 9 දෙවියන්වහන්සේ විසින් නිර්මාණය කර ඇති පරිදි සභාව පිළිබඳ දර්ශනයක් සපයයි. "මෙයින් පසු මම බැලුවෙමි. සෑම ජාතියකින්ම, ගෝත්‍රයකින්ම, ජනයාගෙන් හාභාෂාවෙන් කිසිවෙකුට ගණන් කළ නොහැකි විශාල සමූහයක් මට ඉදිරියෙන් සිටියහ. සිංහාසනය හා බැටළුපැටවා ඉදිරියෙහි. "යේසුස්වහන්සේ ආරම්භ කළ සභාව උන්වහන්සේ අප උදෙසා පැමිණෙන දවස දක්වාම පවතිනු ඇත (යොහන් 14:3; 1 තෙසලෝනික 4:16–17) තවද අපි උන්වහන්සේගේ මනාලිය ලෙස සදහටම උන්වහන්සේ සමග එක්සත්ව සිටිමු (එපීස 5:27; 2 කොරින්ති 11: 2; එළිදරව් 19:7).

English



නැවතත් සිංහල මුල් පිටුවට

සභාවආරම්භවූයේ / සභාව මුලින්ම ආරම්භවුයේ කවදාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries