settings icon
share icon
ප්‍රශ්නය

සත්‍යය යනු කුමක්ද?

පිළිතුර


මීට වසර දෙදහසකට පමණ පෙර සත්‍යය නඩු විභායකට ලක් වූ අතර මුසාවන්ට කැපවූ මිනිසුන් විසින් විනිශචය කරනු ලැබීය. සැබවින්ම සත්‍යය එක දවසකට අඩු කාලයක් තිස්සේ පරික්ෂාවන් හයකට මුහුණ දෙනු ලැබීය. ඉන් තුනක් ආගමික වූ අතර අනෙක් තුන නීතියට අනුව විය. අවසානයේදී මෙම සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනෙකු "සත්‍යය යනු කුමක්ද" යන පැණයට පිළිතුරු දිය හැකි වූවන් වූහ.

අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව මූලිකවම සත්‍යය මෙහෙය වනු ලැබුවේ යුදෙව්වන්ගේ දූෂිත වූත් හිටපු උත්තම පූජකයෙකු වූ අන්නස් නැමැත්තෙකුටය. අන්නස් නඩු විභාගයේදී යුදෙව් නීති බොහොමයක් බිද දමනු ලැබුවේ ඔහුගේ නිවසේ නඩු විභාග පැවැත්වීම, විත්තිකරුට එරෙහිව ස්වයං චෝදනා එල්ල කිරීමට උත්සාහ දැරීම, කිසිවක් පිළිබදව වරදකරුවකු නොවූ විත්තිකරුට පහර දීම ආදිය හේතුකොටගෙනය. අන්නස්ගෙන් අනතුරුව සත්‍යය මෙහෙය වනු ලැබුවේ අන්නස්ගේ බෑනා වූ එවකට බලයේ සිටි උත්තම පූජක කායාඵස්ය. කායාඵස්ට සහ යුදෙව් සැනෙඩ්‍රින් සභාවට ප්‍රථමයෙන් ව්‍යාජ සාක්ෂිකරුවන් ඉදිරියට පැමිණ සත්‍යයට විරුද්ධව කථා කළ නමුත්, කිසිවක් තහවුරු කර ගත නොහැකි මෙන්ම වැරදි පිළිබද කිසිඳු සාක්ෂියක් සොයා ගත නොහැකි විය. කායාඵස් විසින් සත්‍යය වරදට පත් කිරීමට දැරූ උත්සාහයේදී නීති නොඅඩු ප්‍රමාණයක් කඩ කරන ලදීථ (1) නඩු විභාගය රහසිගතව පවත්වන ලදී; (2) එය පවත්වන ලද්දේ රාත්‍රි කාලයෙහිදීය; (3) එය තුළ අල්ලස අන්තර්ගත විය; (4) උන්වහන්සේට විත්තිය වෙනුවෙන් පෙනී සිටීමට කිසිවකු ඉදිරිපත් නොවීය; (5) සාක්ෂිකරුවන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු පිළිබදව ඇති අවශ්‍යයතාවය සපුරාලීමට නොහැකි විය; (6) විත්තිකරුට එරෙහිව ස්වයං විවේචනාත්මක සාක්ෂියක් ඔවුහු භාවිතා කළහ; (7) විත්තිකරුට එදිනම මරණ දඩුවම ක්‍රියාත්මක කළහ. මේ සියලූ ක්‍රියා යුදෙව් නීතිය මගින් තහනම් කරනු ලබා තිබිනි. ඒ පිළිබදව නොසලකා කායාඵස් එම සත්‍යය වරදකරුවකු බවට පත් කරනු ලැබුවේ එම සත්‍යය තුළින් පිළිබ්ඹු කරනු ලැබවේ මාංශවත් වූ දෙවියන්වහන්සේ පිළිබදව එනම් කායාඵස් විසින් දේවාපහසය ලෙස සලකනු ලැබූවක් හෙයිනි.

උදෑසන පැමිණි විට සත්‍යය පිළිබද තෙවන පරීක්ෂණය සිදු වූයේ සත්‍ය්‍ය මිය යා යුතුය බවට සැනෙඩ්‍රින් සභාව මගින් කරනු ලැබූ ප්‍රකාශයේ ප්‍රතිඵලයක් ලෙසය. කෙසේ නමුදු මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට යුදෙව් මන්ත්‍රණ සභාවට නීතිමය අයිතියක් නොතිබූ හෙයින් එවකට සිටි රෝම ආණ්ඩුකාරයා වූ පොන්තියුස් පිලාත් නම් වූ පුද්ගලයෙකු වෙතට සත්‍යය ගෙන යාමට බල කෙරුනි. යුදයේ පස් වන නායකයා ලෙස තිබේරියස් විසින් පිලාත්ව පත් කරනු ලැබුනු අතර එම තනතුරේ ක්‍රි. ව. 26 සිට 36 දක්වා සේවය කරන ලදී. නඩු පවරන්නාට ජීවිතය සහ මරණය පිළිබදව බලය තිබුණු අතර සැනෙඩ්‍රින් සභාව මගින් පැනවූ මරණ දණ්ඩනය නැවත ආපසු හරවා ගැනීමට බලය තිබිණි. සත්‍යය පිලාත් ඉදිරියෙහි තිබූ නමුත් උන්වහන්සේට විරුද්ධව බොහෝ අසත්‍යයන් ගෙන එනු ලැබීය. උන්වහන්සේගේ සතුරන් විසින් ප්‍රකාශ කරනු ලැබුවේ "මොහු අපගේ ජාතිය මුළා කරන බවද සීසර්ට ආදායම් දීම තහනම් කරන බවද තමාම ක්‍රිස්තුස් රජ යයි කියන බවද අපි දැනගතිමුයයි කීවෝය" (ලුක් 23:2) මෙය අසත්‍යයක් වූයේ සත්‍යය විසින් පවසනු ලැබුවේ සියල්ලන්ම බදු ගෙවිය යුතු බවත් (මතෙව් 22:21) කිසිවිටෙකත් සීසර්ට විරුද්ධ වෙමින් උන්වහන්සේ කථා නොකල සේක.

මින් අනතුරුව පිලාත් සහ සත්‍යය අතර ඉතාමත් සිත් ගන්නා සුලූ සංවාදයක් හට ගැනුනි. "එබැවින් පිලාත් නැවත ප්‍රේතෝරියම් ශාලාවට ඇතුල්ව යේසුස්වහන්සේ කැදවා: නුඹ යුදෙව්වන්ගේ රජදැයි උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස්වහන්සේ උත්තර දෙමින්: නුඹම මේක කියනවාද? නොහොත් වෙන අය මා ගැන නුඹට මේක කියනවාදැයි ඇසුසේක. පිලාත් උත්තර දෙමින්: මම යුදෙව්වෙක්ද? නු‍ඹේම ජාතියද නායක පූජකයෝද නුඹ මට භාරදුන්නෝය. නුඹ කලේ මොකදැයි ඇසුවේය. යේසුස්වහන්සේ උත්තර දෙමින් මාගේ රාජ්‍යය මේ ලෝකය සම්බන්ධව නොවේ. මාගේ රාජ්‍යය මේ ලෝකය සම්බන්ධ වී නම් යුදෙව්වරුන්ට මා භාරදෙනු නොලබන පිණිස මාගේ සේවකයන් සටන් කරනවා ඇත. නමුත් දැන් මාගේ රාජ්‍යය මෙලොවින් නොවේයයි කීසේක. එබැවින් පිලාත්: එසේවී නම්, නුඹ රජෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස්වහන්සේ උත්තර දෙමින්: මම රජෙක්යයි නුඹ කියනවා හරිය. ඒ පිණිස මම ඉපිද සිටිමි, මා ලෝකයට ඇවිත් සිටින්නේ සත්‍යයට සාක්ෂි දෙන පිණිසය. සත්‍යයෙන්වූ සියල්ලෝ මාගේ හඩ අසතියි කීසේක. පිලාත් තෙමේ: සත්‍යය නම් කිමෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය" (යොහාන් 18:33-38).

සත්‍යය යනු කුමක්ද යන පිලාත්ගේ ප්‍රශ්නය ඉතිහාසය පුරාම ප්‍රතිරාවයක් ඇති කර තිබේ. අන් කිසිවකු ඔහුට පැවසීමට නුසුදුසු දේ, නින්දාශීලි අපහාසයක් හෝ ඇතැම් විට යේසුස්වහන්සේගේ වදන් වලට අසතුටුදායක ප්‍රතිචාරයක් වී හැකි දැයි දැන ගැනීමට නලංගුවූ ආශාවක් විය හැකිද?

සත්‍යය දැන ගත හැකි බව ප්‍රතික්ෂේප කරන පශ්චාත් නූතන ලෝකයක ප්‍රශ්නය පිලිතුරට වඩා වැදගත්වේ. සත්‍යය යනු කුමක්ද?

සත්‍යය පිළිබදව යෝජනා කරනු ලැබූ නිර්වචනයක්

සත්‍යය නිර්වචනය කිරීමේදී සත්‍යය නොවන දේ සැලකිල්ලට ගැනීම මූලිකවම ප්‍රයෝජනවත් වේ:

• සත්‍යය වූ කලී හුදෙක් ඕනෑම ක්‍රියාවක් නොවේ. එය වනාහී උපයෝගිතාවාදයේ දර්ශනයයි — අවසානයට එදිරිව ඇති විධික්‍රමයක ආකාරයේ ප්‍රවේශයකි. යථාර්ථය අනුව බලන කළ අසත්‍යය ක්‍රියාත්මක වන ආකාරයක් දක්නට ලැබේ.

• සත්‍යය වනාහී හුදෙක් සම්බන්ධකම් පවත්වනු ලබන්නාවූ හෝ අවබෝධ කර ගත හැක්කක් නොවේ. යම්කිසි කණ්ඩායමක් එකට එකතු වී අසත්‍යතා කාණ්ඩයක් මත පදනම් වී යම්කිසි කුමන්ත්‍රණයක යෙදී සිට සියල්ලන්ම එකමුතු වී එකම බොරුව ප්‍රකාශ කිරීමට එකග විය හැකි නමුදු ඔවුන්ගේ ඉදිරිපත් කිරීම සත්‍යයක් නොවේ.

• සත්‍යය යනු මනුෂ්‍යයන්ට යහපත් හැගීමක් ලබා දෙන්නක් නොවේ. අවාසානවකට මෙන් අයහපත් පුවත්ද සත්‍යය විය හැක.

• සත්‍යය වූ කලී බහුතරයක් ප්‍රකාශ කරනු ලබන දේ සත්‍යය ලෙස භාර ගත නොහැක්කි. කණ්ඩායමක සියයට පනස් එකකටත් වැඩි ප්‍රමාණයකට සාවද්‍යය නිගමනයකට එළඹිය හැක.

• සත්‍යය පරිපූර්ණ වූවක්ද නොවේ. එය දීර්ඝවූත් සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් වුවද අසත්‍යය නිගමනයක ප්‍රතිඵල ලෙස ලැබිය හැක්කක් වේ.

• සත්‍යය වනාහී බලාපොරොත්තු වන දේ පිළිබද නිර්වචනයක් නොවේ. යහපත් චේතනාවන් වුවද සාවද්‍යය විය හැක.

• සත්‍යය වූ කලී අප දන්නේ කෙසේද යන්න නොව සත්‍යය අප දන්නාවූ දෙයකි.

• සත්‍යය හුදෙක් විශ්වාස කරනු ලබන්නක් නොවේ. විශ්වාස කරනු ලැබූ අසත්‍යයක් තවමත් අසත්‍යයක්ම වේ.

• සත්‍යය ප්‍රසිද්ධියේ සනාථ කරනු ලබන්නක් නොවේ. සත්‍යය වනාහී පෞද්ගලිකවද දැන ගත හැක (නිදසුනක් ලෙස නිධානය තැන්පත් කළ ස්ථානය).

සත්‍යය සදහා ඇති ග්‍රීක වචනය නම් "ඇලීතියා" යන්නය, වචනානුසාරයෙන්ම ගතහොත් එහි අදහස වන්නේ "නොසැගවන්න" නොහොත් "සැගවීමට කිසිවත් නොමැති" යන්නය. එතුළින් අගවන්නේ සත්‍යය සෑම විටම පවතියි, සෑම විටම විවෘතව පවතින අතර සියලූ දෙනාට දැක ගත හැකි අයුරින් කිසිවත් සැගවී හෝ වළක්වා ගෙන නොමැත. සත්‍යය යන පදය සදහා වන හෙබ්‍රව් වචනය වන්නේ "ඉමෙත්" යන්නය. එහි අර්ථය වනුයේ "ස්ථිරතාවය", "නිරවද්‍යතාවය" සහ "කාල සීමාව" ආදියවේ. එවන් නිර්වචනයක් මගින් සදාකාලික සාරයක් සහ පදනමක් මත විශ්වාසය තැබිය හැකිවේ.

දාර්ශනික දෘෂ්ඨිකෝණයකින් සත්‍යය අර්ථ දැක්වීමට සරල ක්‍රම 3ක් ඇත:

1. සත්‍යය යථාර්ථයට අනුරූප වේ.

‍ 2. සත්‍යය යනු එහි අරමුණට ගැළපෙන්නෙකි.

3. සත්‍යය වූ කලී නිවැරදිවම පවසනු ලබන්නකිග.

මූලිකවම, සත්‍යය යථාර්ථයට හෝ "කුමක්ද" යන්නට අනුරූප වේ. එය සැබෑය. සත්‍යය ස්වභාවයෙන්ම වාර්තා කරනු ලබන ස්වරූපයක් ගනියි. වෙනත් වචන වලින් කිවහොත් එය අරමුණ හා සමග ගැළපෙන අතර එහි ප්‍රඥප්තිය කරණකොටගෙන හඳුන්වනු ලබයි. උදාහරණක් ලෙස පන්තියකට මුහුණ දෙනු ලබන ගුරුවරයෙකු මෙසේ පැවසිය හැක. "මෙම කාමරයේ ඇති එකම පිටවීමේ මාර්ගය දකුණු පස තිබේ." පන්තියේ සිසුන්ට එසේ වන්නේ ගුරුවරයාට මුහුණ දෙන දිශාව විය හැකි නමුත් පිටවීමේ ප්‍රවේශය තිබෙන්නේ ඔවුන්ගේ වම් පසින්ය, නමුත් දොර සැබවින්ම එසේ පිහිටා තිබිය හැකි වන්නේ ආචාර්‍යවරයාට එය දකුණු පසින් පිහිටා තිබෙන නිසාවෙනි.

සත්‍යය යනු එහි අරමුණට ගැළපෙන්නෙකි. යම් කෙනෙකුට යම්ඖෂධයක විශාල ප්‍රමාණයක් අවශ්‍යය බව නිශ්චිත සත්‍යයක් විය හැක නමුදු වෙනත් පුද්ගලයෙකුට අපේක්ෂිත ප්‍රතිඵලට ලබා ගනු සදහා එම ඹෟෂධයෙන්ම වැඩි හෝ අඩු ප්‍රමාණයක් අවශ්‍යය විය හැක. මෙය සාපේක්ෂ සත්‍යයාවයක් නොවන නමුත් සත්‍යය එහි අරමුණ හා සමග ගැලපිය යුතු ආකාරය පිළිබද නිදසුනකි. රෝගියෙකුට යම් ඖෂධයකින් නුසුදුසු ප්‍රමාණයක් වෛද්‍යවරයෙකුගෙන් ආයාචනා කිරීම හෝ ඔවුන්ගේ විශේෂ රෝගාබාධයට ඕනෑම ඖෂධයක් ලබා ගැනීම වැරදි සහගත මෙන්ම සහ ඉතාමත් අනතුරුදායකය.

කෙටියෙන්ම පැවසුවහොත් සත්‍යය යනු හුදෙක්ම එය ඒ ආකාරයෙන්ම පැවසීමය; ඕනෑම දෙයක සැබෑ තත්වය නම් එය වන අතර වෙනත් කිසිඳු මතයක් සාවද්‍යය වේ. දර්ශනයේ මූලික සංකල්පය සත්‍යය සහ දෝෂ අතර වෙනස හඳුනාගැනීමක් හෝ තෝමස් ඇක්වයිනාස් නිරීක්ෂණය කළ පරිදි දාර්ශනිකයන්ගේ කාර්‍යය භාරය වෙනස්කම් ඇති කිරීමය.

සත්‍යයට ඇති අභියෝගය

වර්තමාන කාලයේ ඇන්වයිනාස්ගේ වචන එතරම් ජනප්‍රිය නොවේ. සාපේක්ෂතාවාදයේ පශ්චාත් නූතන යුගයක වෙනස්කම් ඇති කිරීම විලාසිතාවක් නොවේ. "මෙය සත්‍යයකි" යන්න වර්තමාන කාලයේ පිළිගත හැක්කක් වන්නේ එම ප්‍රකාශයෙන් අනතුරුව "එය එසේ නොවේ" යන ප්‍රකාශය අනුගමනය නොකරන තාක් කල්ය. මෙය විශේෂයෙන්ම නිරීක්ෂණය කල හැක්කේ සත්‍යය පිළිබදව සලකා බලන කළ ඇදහිල්ල සහ ආගම සම්බන්ධයෙන් ඇති කාරණාවන් හී සෑම විශ්වාස ක්‍රමයක්ම එකම පදනමක් මත විය හැකි බවය.

සත්‍යය පිළිබද සංකල්පයට අභියෝග කරන චින්තනයන් සහ විශ්ව දර්ශන බොහෝමයක් ඇතල එනමුත් එකිනෙක විචේනාත්මකව පරීක්ෂා කළ විට ස්වභාවයෙන්ම එය ස්වයං පරාජිතවේ.

සාපේක්ෂතාවාදයේ දර්ශනය පවසන ලබන්නේ සියලූ සත්‍යය සාපේක්ෂ බවත් නිරපේක්ෂ සත්‍යය නමැති කිසිවක් නොමැත බවත්ය. එනමුදු යමෙකු විසින් ඇසිය යුත්තේ "සියලූ සත්‍යයන් සාපේක්ෂය" යන ප්‍රකාශය සාපේක්ෂ සත්‍යයක්ද නැතහොත් නිරපේක්ෂ සත්‍යයක්ද? යනුය. එය සාපේක්ෂ සත්‍යයක් නම් එය සැබවින්ම අර්ථාන්විත නොවේ; එය කෙදිනක කොතැනකට අදාල වනවාද යන්න අප දන්නේ කෙසේද? මෙය නිරපේක්ෂ සත්‍යයක් නම් එවිට නිරපේක්ෂ සත්‍යය පවතියි. තවද සාපේක්ෂතාවාදියා තමන්ගේම තත්වය පාවාදෙනු ලබන්නේ නියතවාදීන්ගේ තත්වය සාවද්‍යය බව පැවසීම කරණකොටගෙනය. නිරපේක්ෂ සත්‍යය පවතිනු ලබන බව ප්‍රකාශ කරන්නන්ටද නිවරුදි විය නොහැක්කේ මන්ද? සැබවින්ම සාපේක්ෂතාවාදීන් සත්‍යයක් නැතැයි ප්‍රකාශ කළ විට ඔහු ඔබගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ ඔහුව විශ්වාස නොකරන ලෙස බැවින් යහපත්ම දේ ඔහුගේ උපදෙස් පිළිපැදීමයි.

සංශයවාදයේ දර්ශනය අනුගමනය කරන්නන් හුදෙක්ම සියලූ සත්‍යය සැක කරනු ලබයි. නමුත් සංශයවාදී වීම සංශයවාදයේ සැක සහිත වීමක්ද? ඔහු තමාගේම සත්‍යය සැක කරනු ලබයිද? එසේ නම් සංශයවාදය පිළබදව අවධානයක් යොමු කරන්නේ මන්ද? එසේ නම් අපට අවම වශයෙන් එක් දෙයක් පිළිබදව සහතික විය හැක – වෙනත් වචන වලින් කිවහොත් නිරපේක්ෂ සත්‍යය පවතියි – මේ අවස්ථාවේදී සංශයවාදය උපහාසාත්මකව නිරපේක්ෂ සත්‍යය බවට පත්වේ. අඥේයවාදීයා පවසන්නේ සත්‍යය ඔබට දැන ගත නොහැකි බවය. එසේ වූවත් අවම වශයෙන් එක සත්‍යයක් හෝ දැන ගැනීම සදහා මානසිකත්වය ස්වයං පරාජිතවේ.

නූතනවාදයේ ගෝලයන් හුදෙක්ම විශේෂ සත්‍යයක් තහවුරු කරනු නොලබයි. පශ්චාත් නූතනවාදයේ අනුගාමිකයා වන ෆෙඩිරික් නිටිසෙච් සත්‍යය විස්තර කරනු ලැබුවේ මෙසේය: "එසේ නම් සත්‍යය යනු කුමක්ද? ජංගම හමුදාවක් වන රූපකල උපන්‍යාසයන් සහ මනුෂයත්වාරෝපයන්– සත්‍යයන් වූ කලී මිථ්‍යාවන්ය. පින්තූර අහිමි වූ කාසි තවදුරටත් කාසි වශයෙන් නොව ලෝහයක් බවට පමණක් පත්වේ."උපහාසාත්මකව, නූතනවාදීන් තමාගේ අතෙහි ඇති "හුදෙක් ලෝහ" පමණක් වන කාසි තබාගෙන සිටින නමුත් ඔහු අවම වශයෙන් එක් නිරපේක්ෂ සත්‍යයක් හෝ තහවුරු කරනු ලබයි: එනම් කිසිඳු සත්‍යයක් තහවුරු නොකළ යුතුය යන සත්‍යයයි. අනෙකුත් ලෝක දර්ශන මෙන් පශ්චාත් නූනතවාදය ස්වයං පරාජිත වන අතර එහි හිමිකම් යටතේ නැගී සිටීමට නොහැකිය.

ජනප්‍රිය ලෝක දර්ශනයක් නම් බහුත්වවාදය වන අතර ඉන් ප්‍රකාශ කරනු ලබන්නේ සෑම සත්‍යයක්ම සමව වලංගු වන බවයග සැබවින්ම මෙය කළ නොහැක්කකි. හිමිකම් දෙකක් – එක් අයකු පවසන්නේ කාන්තාවක් මේ අවස්ථවේදී ගර්භනී බවත් තව කෙනෙකු පවසන්නේ ඇය මේ අවස්ථාවේදී ගර්භනී නොවන බවත්ය – දෙදෙනාම පැවසූ දේ එකම අවස්ථාවේදී සත්‍යය විය හැකිද? බහුත්වවාදය පරස්පර නොවන නීතියේ පාද හමුවේ බේරුම් කරනු ලබන්නේ යම්‍ දෙයක් එකම අවස්ථාවේදී සහ එකම අර්ථයෙන් "ලෙස පෙනී සිටීමටත්" නොවන ලෙස පෙනී සිටීමටත් නොසිටිය හැකි බව ප්‍රකාශ කරනු ලබයි. එක් දර්ශනවාදියෙකු උපහාසාත්මකව ප්‍රකාශ කළ පරිදි පරස්පර නොවන නීතිය සත්‍යය නොවන බව විශ්වාස කරනු ලබන යමෙකු සිටිද (පෙර නිමියෙන්ම බහුත්වවාදය සත්‍යය‍වේ) ඔහුට පහර දී පුලූස්සා දැමිය යුත්තේ පහර දී පුලූස්සා දැමිම වනාහී පහර නොදී පුලූස්සා නොදැමිම හා සමාන නොවන බව ඔවුන් විසින් පිළිගනු ලබන තෙක්ය. තවද එය සත්‍යය බව සහ එයට විරුද්ධ වන යමක් ඇත්ද එය අසත්‍යය බව බහුත්වවාදය ප්‍රකාශ කරනු ලබන දේ සලකා බලන්නල එය වූ කලී තමන්ගේම පදනම් මූලධර්ම ප්‍රතික්ෂේප කරන ප්‍රකාශයකි.

බහුත්වවාදය පිටුපස ඇති ආත්මය වනාහී විවෘත සන්නද්ධ ඉවසිල්ල පිළිබද ආකල්පයකි. කෙසේ නමුත් බහුත්වවාදය සෑම සත්‍යයතාවයක්ම එකසේ වලංගු වන අතර සෑම කෙනෙකුටම සමාන වටිනාකමක් ගෙන දේය යන අදහස ව්‍යාකූල කරයි. ඉතා සරලව ගත් කළ සෑම මනුෂ්‍යයෙකුම සමාන නමුත් සෑම සත්‍යය හිමිකමක්ම එසේ නොවේ. මතය සහ සත්‍යය අතර වෙනස අවබෝධ කර ගැනීමට බහුත්වවාදය අසමත් වන අතර මෝටිමර් ඇඩිලර් හඳුනාගෙන ඇති වෙනසක් නම්: "සාරධර්ම කාරණා වලට වඩා රසය පිළිබද කාරණා වල පරාසයන් තුළ පමණක් බහුත්වවාදය හිතකර සහ ඉවසිලිවන්ත විය හැක."

සත්‍යයේ අප්‍රසන්න ස්වභාවය

සත්‍යය නමැති සංකල්පය අපකීර්තියට පත් වන විට එය සාමාන්‍යයෙන් පහත සදහන් හේතුන් එක්ක හෝ කිහිපයක් නිසා විය හැක:

ඇදහිල්ල සහ ආගම පිළිබද කටයුතු වලදී නිරපේක්ෂ සත්‍යයට හිමිකම් කියන්නෙකුට විරුද්ධව ඇති පොදු පැමිණිල්ලක් නම් එවන් ස්ථාවරයක් "පටු ආකල්පයක්" සහිත බවය. කෙසේ නමුත් විචාරකයන් වටහා ගැනීමට අපොහොසත් වන්නේ ස්වභාවයෙන්ම මෙම සත්‍යය පටු බවය. 2 + 2 සමාන වන්නේ 4 ට පමණක්ය යන විශ්වාසය තබා ගැනීම ගණිත ගුරුවරයෙකුට පටු අදහසක්ද?

සත්‍යයට ඇති තවත් විරුද්ධත්වයක් නම් යම් කෙනෙකු නිවැරදි බවත් තවත් කෙනෙකු වැරදි බවත් ප්‍රකාශ කරන හිමිකම අහංකාරකමක් බවය. කෙසේ නමුත් ගණිතය පිළිබද නිදසුනට නැවත පැමිණුනහොත් ගණිත ගුරුවරයෙකුට ගණිත ගැටළුවකට නිවැරදි පිලිතුරක් පමණක් අවධාරණය කිරීම අහංකාරකමක් වේද? යතුරු හදන්නෙකුට අගුළු දමා ඇති දොරක් විවෘත කිරීමට හැකි වන්නේ එක් යතුරක් පමණක් වීමත් අහංකාරකමක්ද?

ඇදහිල්ල සහ ආගම පිළිබද කටයුතු වලදී නිරපේක්ෂ සත්‍යයට හිමිකම් කියන්නෙකුට විරුද්ධව ඇති තුන්වන චෝදනාව නම් එවන් තත්වයක මනුෂ්‍යයන් ඇතුලත් කරනු වෙනුවට ඔවුන් බැහැර කළ යුතුය. එහෙත් එවන් පැමිණිල්ලක් ස්වභාවයෙන්ම සත්‍යය අවබෝධ කර ගැනීමට අපොහොසත් වන අතර ඊට විරුද්ධ දේම බැහැර කරනු ලබයිග 2 + 2 සැබවින්ම සමාන වන්නේ 4 වන බව හැරෙන්නට අනෙකුත් සියලූම පිළිතුරු යථාර්ථයෙන් බැහැර කරනු ලබයි.

සත්‍යයට විරුද්ධව ඇති තවත් උද්ඝෝෂණයක් නම් යමෙකු සතුව සත්‍යය තිබෙන බව හිමිකම් පෑම අප්‍රසන්න මෙන්ම භේදකාරි වන බවය. ඒ වෙනුවට විචාරකයන් තර්ක කරනු ලබන්නේ වඩාත් වැදගත් වන කාරණාව නම් අවංකභාවය ලෙසය. මෙම තත්වයෙහි ඇති ගැටළුව නම් සත්‍යය අවංකභාවය, විශ්වාසය සහ ආශාව ආදියෙන් ආවරණය වී ඇති බවය. වැරදි යතුරක් දොරකට ගැලපෙන බවට යමෙකු අවංකවම විශ්වාස කරනු ලැබුවත් එය වැදගත් නොවේ; යතුර තවමත් ඇතුලට නොයනු ලබන අතර අගුලද ඇරෙනු නොලබයි. සත්‍යය අවංකභාවයෙන් නිරුපද්‍රුත නොවේ. වස බෝතලයක් දෑතට ගනු ලබන්නෙක් එය ලෙමනේඩ් බව අවංකවම විශ්වාස කරනු ලැබුවත් වස තුළ ඇති අවාසනාවන්ත බලපෑම් කරණකොටගෙන පීඩා විදිනු ලබයි. අවසානයේදී සත්‍යය ආශාවට අපාරගම්‍යය නොවේ. තම වාහනයේ ගෑස් හිස් වී තිබීම පිළිබදව යම් පුද්ගලයෙකු ඉතාමත් දැඩි කැමැත්තක් දක්වන නමුත් මාපන යන්ත්‍රය මගින් ටැංකිය හිස්වී ඇති බව ප්‍රකාශ කරයි නම් වාහනය ඉන් ඉදිරියට ගමන් නොගන්නා අතර එවිට ලෝකයේ කිසිඳු ආශාවක් ආශ්චර්යජනක ලෙස වාහනය ඉදිරියට ගමන් කිරීමට නොසැලැස්වේ.

නිරපේක්ෂ සත්‍යය පවතින බව සමහරුන් පිළිගනිති නමුත් එවන් තත්වයක හිමිකම් වලංගු වන්නේ විද්‍යා ක්ෂේත්‍රයේ පමණක් මිස ඇදහිල්ල සහ ආගම හා සම්බන්ධ කරුණු වල නොවේ. ඞේවිඩ් හියුම් සහ ඒග ඡේග එයර් වැනි දාර්ශනිකයන් විසින් ප්‍රචලිත කරනු ලැබූ මෙම දර්ශනය හඳුන්වනු ලබන්නේ තර්කානුකූල ප්‍රත්‍යක්ෂවාදය ලෙසය. සාරංශයක් ලෙස ගත් කළ එවන් අය පවසනු ලබන්නේ සත්‍යය හිමිකම් (1) පුනර්වාචනයන් :උදාහරණ ලෙස සියලූ අවිවාහකයන් අවිවාහක පුරුෂයන්ය– නැතහොත් ආනුභවික සත්යේක්ෂ්‍ය (එනමි විද්‍යාව හරහා පරීක්ෂා කළ හැකි– තර්තානුකූල ප්‍රත්‍යක්ෂවාදියාට දෙවියන්වහන්සේ පිළිබදව කථා නිරර්ථකය).

සත්‍යය හිමිකම් ලබා ගත හැක්කේ විද්‍යාවට පමණක් බව සංකල්පනය දරන්නන් අවබෝධ කර ගැනීමට අපොහොසත් වන්නේ විද්‍යාව බෙලහීන් කරනු ලබන සත්‍යය ක්ෂේත්‍රයන් බොහෝමයක් ඇති බවය. උදාහරණ ලෙස:

• ගණිතයේ සහ තර්කනයේ විෂයන් අනුමාන කිරීම විද්‍යාවට කළ නොහැක්කේ එය පූර්ව අනුගමනය කරන හෙයිනි.

• විද්‍යාවට පාරභෞතික සත්‍යයන් එනම් මාගේ මනස හැරුනුකොට වෙනත් ඒවා පවතින බවට සනාථ කිරීමට නොහැකිය.

• විද්‍යාවට ආචාරධර්ම සහ සදාචාරය යන ක්ෂේත්‍රවල සත්‍යයතාවයන් සපයා දීමට නොහැකිවේ. උදාහරණ ලෙස නාසීන් දුෂ්ට බව සනාථ කිරීමට විද්‍යාව භාවිත කළ නොහැක.

• හිරු උදාවේ සුන්දරත්වය වැනි සෞන්දර්‍යය පිළිබද සත්‍යයන් ප්‍රකාශ කිරීමට විද්‍යාව අසමත් වේ.

• අවසාන වශයෙන් යමෙකු විසින් කරනු ලබන ප්‍රකාශය "විෂයමූලක සත්‍යයේ එකම ප්‍රභවය විද්‍යාව වේ" යන්න මගින් ඔවුන් දර්ශනය පිළිබදව ප්‍රකාශයක් කර ඇත – මෙය විද්‍යාව මගින් පරීක්ෂා කළ නොහැක.

නිරපේක්ෂ සත්‍යය සදාචාරය ආදී ක්ෂේත්‍ර වලට අදාල නොවන බව ප්‍රකාශ කරන අයවලූන් කොටසක්ද ඇත. එනමුත් එම පැණයට පිළිතුර "අහිංසක දරුවකුට වධහිංසා පමුණුවා ඝාතනය කිරීම සදාචාරාත්මකද?" යන්න නිරපේක්ෂ සහ පොදු කරුණක්ය: නැත. නොඑසේත් නම් එය වඩාත් පෞද්ගලික කිරීමට නම් සදාචාරය සම්බන්ධයෙන් සාපේක්ෂ සත්‍යයට අනුබල දෙන අයට තම ස්වාමිපුරුෂයා ඔහුගේ භාර්‍යයාවට පූර්ණ විශ්වාසවන්තව සිටිය යුතු බව පෙනේ.

සත්‍යය වැදගත් වන්නේ මන්ද

ජීවිතයේ සෑම අංශයකම (ඇදහිල්ල සහ ආගම ඇතුළුව) නිරපේක්ෂ සත්‍යය යන සංකල්පය වැළද ගැනීමට සහ අවබෝධ කර ගැනීම වැදගත් වන්නෙ මන්ද? හුදෙක්ම සාවද්‍යය වීමේ ප්‍රතිවිපාක කරණකොටගෙනි. යමෙකුට ඖෂධයකින් වැරදි ප්‍රමාණයක් දිම තුළින් ඔහුට මරණයට පත් කල හැකත වැරදී මූල්‍යමය තීරණ ගනු ලබන ආයෝජන කළමණාකරුවකු හේතුකොටගෙන පවුලක් දුගී භාවයට පත් කළ හැකත වැරදි අහස්යානයට ගොඩ වීම තුළින් ඔබ ගමන් කිරීමට අපේක්ෂා නොකරන ස්ථානයකට ඔබව ගෙන යා හැක; අවිශ්වාසවන්න විවාහ සහකරුවකු හා කටයුතු කිරීමේදී පවුලක විනාශයට හා විභවිය විෂ බීජයක් බවය එය පත්විය හැක.

කිතුණු ක්ෂමාලාපකයකු වන රවි සැකරියස් සදහන් කරන ආකාරයට "කාරණාව නම්, සත්‍යය හේතුකාරකයවේ – විශේෂයෙන්ම ඔබ යම් අසත්‍යයක් අසන කෙළවරෙහි සිටින අවස්ථාවේදීග" ඇදහිල්ල සහ ආගම යන ක්ෂේත්‍රයන්හී තරම් වෙන කිසිවක මෙය වැදගත් නොවේ. සදාකාලිත්වය නම් සාවද්‍යය වීමට භිය උපදවන තරම්‍ දිගු කාලයකි.

දෙවියන්වහන්සේ සහ සත්‍යය

යේසුස්වහන්සේගේ නඩු විභාග සය තුළ සත්‍යය (ධර්මිෂ්ඨකම) සහ අසත්‍යය (අධර්මිෂ්ඨකම) අතර ඇති වෙනස වැරදිය නොහැක. තමන්ගේ සෑම ක්‍රියාවක්ම අසත්‍යයෙන් නැහැවුන අයවලූන් කරණකොටගෙන විනිශ්චය කරනු ලැබූ යේසුස්වහන්සේ නමැති සත්‍යය ස්ථිරව සිටගත් සේක. විත්තිකරුවකු අයුතු දණ්ඩනයකින් ආරක්ෂා කරනු වස් නිර්මාණය වී තිබූ සෑම නීතියක්ම යුදෙව් නායකයන් විසින් බිද දමනු ලැබූහ. යේසුස්වහන්සේ දෝෂාරෝපණය කළ හැකි සෑම සාක්ෂියක්ම සොයා ගැනීමට ඔවුන් විසින් දැඩි ලෙස වෙහෙස මහන්සී වූහ. ඔවුන්ගේ ව්‍යර්ථකරණය කරණකොටගෙන සාවද්‍යයන් විසින් ගෙන එනු ලැබූ ව්‍යාජ සාක්ෂි වෙතට ඔවුහු යොමු වූහ. එහෙත් ඔවුන්ට තමන්ගේ ඉලක්කය කරා ළගා වීමට නොහැකි වූහ. එබැවින් ඔවුන් තවත් නීතියක් කඩා දමා යේසුස්වහන්සේට දෝෂාරෝපණය ලබා ගැනීමට බල කළහ.

එක් අවස්ථාවක පිලාත් ඉදිරිපිට යුදෙව් නායකයන් අසත්‍යය පැවසූහ. ඔවුන් යේසුස්වහන්සේව දේවාපාහසය වෙනුවෙන් දෝෂාරෝපණය කරනු ලැබූ නමුත් උන්වහන්සේම මරණයට පත් කිරීමට පිලාත්ව ඒ තුළින් උපායෙන් පෙළඹීමට නොහැකි බව ඔවුන් දැන සිටි හෙයින්, යේසුස්වහන්සේ සීසර්ට අභියෝග කරමින් සෙනග බදු නොගෙවා සිටීමට අනුබල දෙමින් රෝම නීතිය උල්ලංඝනය කළ බව ඔවුන් ප්‍රකාශ කර සිටියහ. පිලාත් විසින් ඉතා ඉක්මනින් ඔවුන්ගේ අවිචක්ෂණ මවාපෑම් අනාවරණය කර ගනු ලැබූ හෙයින් කිසිවිටෙකත් එම චෝදනාව ආමන්ත්‍රණය නොකළේය.

ධර්මිෂ්ඨවූ යේසුස්වහන්සේව අධර්මිෂ්ඨයන් විසින් විනිශ්චය කරනු ලැබූහ. කණගාටුවට කාරණාව නම් අපර පුද්ගලයා පූර්ව පුද්ගලයාට හිංසා පීඩා කරනු ලබයිග කායින් අබෙල්ව මැරුවේ ඒ නිසාය. සත්‍යය සහ ධර්මිෂ්ඨකමත්, අසත්‍යය සහ අධර්මිෂ්ඨකමත් අතර ඇති සම්බන්ධය ආදර්ශනය කරනු ලබන උදාහරණ ගණනාවක් නව ගිවිසුමෙහි පෙන්නුම් කර ඇත:

• මේ හේතුව කරණකොටගෙන දෙවියන්වහන්සේ විසින් ඔවුන් වෙතට මුළා කරනු ලබන බලපෑමක් එවනු ලබන්නේ අසත්‍යය දේ ඔවුන් විසින් විශ්වාස කරනු ලැබ සත්‍යය විශ්වාස නොකරනු ලබා දුෂ්ටකම තුළින් සතුටක් ලබන කව්රු නමුත් විනිශ්චය කරනු ලබන බවයග (2 තෙසලෝනික 2:9-12, අවධාරණය කර ඇත).

• "මක්නිසාද සත්‍යය අධර්මිෂ්ඨකමින් වළක්වන්නාවූ මනුෂ්‍යයන්ගේ සියලූ අභක්තියටද අධර්මිෂ්ඨකමටද විරුද්ධව දෙවියන්වහන්සේගේ උදහස ස්වර්ගයෙන් එළිදරව් වී තිබේ" (රෝම 1:18, අවධාරණය කර ඇත).

• "උන්වහන්සේ සියලූ මනුෂ්‍යයන්ට තම තමුන්ගේ ක්‍රියා ලෙස විපාකදීල ඉවසීම ඇතුව යහපත්කම් කිරීමෙන් මහිමයද ගෞරවයද අමරණභාවයද සොයන්නන්ට සදාකාල ජීවනය දෙන සේක. නමුත් සැබෑ කමට අකීකරුවූ අධර්මිෂ්ඨකමට කීකරුවූ විරුද්ධවාදීන්ට උදහස හා තද කෝපයත්" (රෝම 2:6ජ-8, අවධාරණය කර ඇත).

• "(ප්‍රේමය) උඩගු වන්නේ නැත, අශෝභන ලෙස හැසිරෙන්නේ නැත, තමාගේම කාරණා සොයන්නේ නැත, කෝප වන්නේ නැත, නපුර ගණන් ගන්නේ නැත. අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමග ප්‍රීති වන්නේය" (1 කොරින්ති 13:5-6, අවධාරණය කර ඇත).

අවසාන නිගමනය

සියවස් ගණනාවකට ප්‍රථමයෙන් පිලාත් විසින් ඇසූ ප්‍රශ්නය මුළුමනින්ම නිරවද්‍ය වීම සදහා නැවත සකස් කල යුතුවේ. රෝම ආණ්ඩුකාරයාගේ ප්‍රකාශය වූ "සත්‍යය යනු කුමක්ද?" යන්න බොහෝ දේට සත්‍යයක් තිබිය හැකිය යන්න නොදැක සිටින කරුණක් වන අතර ඒකාන්තයෙන්ම සත්‍යය විය හැක්කේ එක් දෙයක් පමණි. සත්‍යය කොතනකින් හෝ හටගැනිය යුතුය.

අමිහිරි සත්‍යය නම් වසර දෙදහසකට ප්‍රථමයෙන් ඒ උදෑසන පිලාත් සත්‍යයේ මූලය දෙස සෘජුවම බලා සිටීමය. අත් අඩංගුවට ගැනීමට නොබෝ වේලාවකට පෙර ආණ්ඩුකාරයා ඉදිරිපිටට ගෙන ආ විට යේසුස්වහන්සේ විසින් "සත්‍යය මම වෙමි" (යොහාන් 14:6) යන සරල නමුත් විශ්මජනක ප්‍රකාශය කරන ලැබූ සේක. හුදෙක් මනුෂ්‍යයකු සත්‍යය විය හැක්කේ කෙසේද? උන්වහන්සේ සාමාන්‍ය මිනිසකුට වඩා වැඩි කෙනෙකු නොවූයේ නම් එතුමන්ට එසේ විය නොහැකිය. මෙය සැබවින්ම උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබූවක්ය. කාරණාව නම් යේසුස්වහන්සේගේ ප්‍රකාශ තහවුරු වූයේ උන්වහන්සේ මළවුන්ගෙන් නැගුටුණු ලැබූ පසුය (රෝම 1:4).

පැරිස් නගරයේ ජීවත් වූ එක්තරා මනුෂ්‍යයෙක්ව බැහැ දැකීම පිණිස වෙනත් රටකින් අමුත්තකු පැමිණයේය. පැරිස් නගරයේ උත්කෘෂ්ටාලංකාරය පෙන්වීමට කැමති වූ ඔහු මහා චිත්‍ර කලාව දැක ගැනීම පිණිස එම පුද්ගලයාව ලුවිර නගරයට ගෙන යනු ලැබ තේජවන්ත තූර්‍ය සංවාද ශාලාවකට ඔහුව රැගෙන යනු ලැබුවේ මහා තූර්‍ය සංවාද වාද්‍ය වෘන්දයක් නැරඹීමටය. දිනය අවසානයේදී වෙනත් රටකින් පැමිණි අමුත්තා විසින් අදහස් දක්වනු ලැබුවේ ඔහු කලාව පිළිබදව හෝ සංගීතය පිළිබදව විශේෂ සැලකිල්ලක් දැක්වූයේ නැති බවය. එයට ධාරකයාගේ පිළිතුර වූයේ "පරික්ෂාවට ලක්ව ඇත්තේ ඔවුන් නොව ඔබය" යන්නය. පිලාත් සහ යුදෙව් නායකයින් විසින් සිතනු ලැබුවේ ඔවුන් ක්‍රිස්තුස්වහන්සේව විනිශ්චය කරන බව නමුත් යථාර්ථය නම් විනිශ්චය කරනු ලැබූවන් වූයේ ඔවුන්මය. තවදුරටත් ඔවුන් විසින් දෝෂාරෝපණයට ලක් කළ තැණන්වහන්සේ යම් දිනක ඔවුන්ගේ විනිශ්චයකරුවාණන් ලෙස ක්‍රියා කරනු ලබන්නේ අධර්මිෂ්ඨකමින් සත්‍ය්‍ය යටපත් කරනු ලබන්නන් හේතුකොටගෙනය.

පිලාත්ට ප්‍රත්‍යක්ෂ ලෙසම කිසිවටෙකත් සත්‍යය දැන ගැනීමට ලැබුනේ නැත. ඉතිහාසඥයකු සහ කායිසාරියේ බිෂොප්වරයෙකු වූ යුසීබියස් විසින් වාර්තා කරනු ලබන කාරණයක් වන්නේ, කලිගුලා නම් අධිරාජ්‍යවාදීයාගේ පාලන සමයේදී පිලාත් සිය දිවි නසා ගත් බවය – මෙය දුක්ඛිත අවසානයක් මෙන්ම සෑම කෙනෙකුටම සිහිකිරීමක් බවට පත් වන්නේ සත්‍යය නොතකා සිටීමේ කරණකොටගෙන අප්‍රසන්න ප්‍රතිවිපාක වලට මග පෑදෙන බවය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සත්‍යය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries