settings icon
share icon
ප්‍රශ්නය

රාගය වූ කලී කුමක්ද? දේව වචනයෙහි රාගය පිළිබදව කුමක් ප්‍රකාශ කරනු ලබයිද?

පිළිතුර


ශබ්දකෝෂයට අනුව රාගයෙහි නිර්වචනය වන්නේ, 1) අධිකතර හෝ අසංයත ලිංගික තෘෂ්ණාව නොහොත් 2) ඉතා ප්‍රබල අභිරුචිය හෝ තෘෂ්ණාව. දේව වචනය තුළ රාගය පිළිබදව කිහිප ආකාරයකින් කථා කරනු ලබයි. නික්මයාම 20:14, 17හී "කාමමිථ්‍යාචාරය නොකරවඳා ඔබේ අසල්වැසියාගේ ගෙට ආශා නොවව, ඔබේ අසල්වැසියාගේ භාර්‍යයාවටවත් ඔහුගේ වැඩකරුවාටවත් ඔහුගේ වැඩකාරීටවත් ඔහුගේ ගවයාටවත් ඔහුගේ කොටළුවාටවත් ඔබේ අසල්වැසියාගේ කිසි දෙයකටවත් ආශා නොවව" නැතහොත් මතෙව් 5:28 ට අනුව "නමුත් මම ඔබ සැමට කියමි: ස්ත්‍රියකු දෙස රාගයෙන් බලන කවරෙක් නමුත් එවේලේම ඈ සමග සිතින් කාමමිථ්‍යාචාරය කළේය." එසේම යෝබ් 31:11–12 "මක්නිසාද එය දූෂ්‍ය අපරාධයක්ය; එසේය එය විනිශ්චයකාරයන් විසින් දඩුවම් කළ යුතුවූ අයුතුකමක්ය. එය විනාශය දක්වාම දවන ගින්නක්ය. එයින් මාගේ මුළු සම්පත උදුරා දමනු ලබන්නේය."

රාගයෙහි කේන්ද්‍රය තමන්ම පිනා ගැනීම සහ එතුළින් බොහෝ විට මග පෑදෙන්නේ එහි ප්‍රතිවිපාක පිළිබද කිසිඳු තැකීමක් නොමැතිව තමන්ගේ අභිරුචිය ඉටු කර ගැනීමට සදහා වන අපවිත්‍ර ක්‍රියාවන් කෙරෙහියග රාගය වනාහී වස්තුව සහ කෑදරකම පිළිබදවවේ. කිතුණු ඇදහිල්ල නම් පරාර්ථකාමීත්වය පිළිබදව වන අතර එය සළකුණු කරනු ලබන්නේ ශුද්ධ දිවි පෙවෙතක් තුළිනි (රෝම 6:19, 12:1–2; 1 කොරින්ති 1:2, 30, 6:19–20; එපිස 1:4, 4:24; කොලොස්සි 3:12; 1 තෙසලෝනික 4:3–8,5:23; 2 තිමොති 1:9; හෙබ්‍රව් 12:14; 1 පේත්‍රස් 1:15–16). තමන්ගේ ඇදහිල්ල යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල තබා ඇති සෑම පුද්ගලයෙකුගේම ඉලක්කය නම් දිනපතාම තව තවත් උන්වහන්සේ මෙන් වන්නටයග මෙහි අරුත නම් පාපය විසින් පාලනය කරමින් තිබූ පරණ ජීවිතය ඉවතලමින් ශුද්ධ ලියවිල්ලෙහි ඉදිරිපත් කොට ඇති සම්මතවූ සිතුවිලි සහ ක්‍රියාවන්ට අනුකූල වීමය. රාගය වූ කලී මෙම පරමාදර්ශයට ප්‍රතිවිරුද්ධවේ.

කිසිවකු කිසිවිටෙකත් මෙ ලොවෙහිදී අංගසම්පූර්ණ නොවන මෙන්ම පාපවිරහිතභාවක් මුදුන් පමුණුවා නොගන්න නමුත් අප විසින් මහත් පරිශ්‍රමයක් ගත යුතු ඉලක්කයක් බවට එය තවම පවතියි. දේව වචනයෙහි මේ අරභයා ප්‍රබල ප්‍රකාශනයක් 1 තෙසලෝනික 4:7–8 හී සදහන් කරනු ලබයි. "දෙවියන් වහන්සේ අප කැදෙව්වේ අපවිත්‍රමට නොව ශුද්ධකමටය. එබැවින් එපා කරන්නා මනුෂ්‍යයාව නොව තමන්ගේ ශුද්ධාත්මයාණන් ඔබ සැමට දෙන්නාවූ දෙවියන්වහන්සේව එපා කරන්නේය." රාගය ඔබගේ හදවත සහ මනස තවමත් ග්‍රහණය කොට නොමැති නම් දෝෂ්‍යාරෝපණයට ඉහළින් ගත කළ දිවියක් තුළින් රාගයේ පෙළඹවිම් වලට එරෙහිව සටන් කිරීමට සූදානම් වන්න. ඔබ මේ වන විට රාගය හා සමග අරගල කරන්නේ නම් ඔබගේ පාපයට දෙවියන් වහන්සේ ඉදිරියේ පාපොච්චාරණය කිරීමට සහ උන්වහන්සේගේ මැදිහත්වීම ඉල්ලා සිටිමට කාලය මෙය වන්නේ ශුද්ධකම ඔබගේ ජීවිතයේද සංකේතයක් වනු පිණිසය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

රාගය වූ කලී කුමක්ද? දේව වචනයෙහි රාගය පිළිබදව කුමක් ප්‍රකාශ කරනු ලබයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries