settings icon
share icon
ප්‍රශ්නය

සභාව යනු කුමක්ද?

පිළිතුර


බොහෝ මිනිසුන් සභාව ගොඩනැගිල්ලක් ලෙසට තේරුම් ගනී. බයිබලානුකුල අර්ථය එය නොවේ. සභාව යන වචනය පැමිණෙන්නේ “එක්ලීසියා” යන ග්‍රීක් වචනයෙන් එහි අර්ථය “සභාව” හෝ “පිටතට කැඳවනු ලැබූවන් “සභාව” යන වචනයේ මුල් තේරුම ගොඩනැගිල්ල නොවේ. නමුත් මිනිසුන්ට හාස්‍යජනක දෙය නම් ඔබ යම් කෙනෙකුගෙන් ඇසුවොත් ඔබ මොන සභාවටද යන්නේ? කියලා ඔවුන් සාමාන්‍යයෙන් ගොඩනැගිල්ලකට හෝ සංවිධානයකට යොමුවේ. “ඔවුන්ගේ ගෙදර තිබෙන සභාවට ආචාර කරපල්ලා. ක්‍රිස්තුස් වහන්සේට ආසියාවේ ප්‍රථම ඵලවූ මාගේ ප්‍රියවූ එපීනතස්ට ආචාර කරපල්ලා” රෝම 16:5. පාවුල් ඔවුන්ගේ නිවසේ තිබෙන සභාවට ආමන්ත්‍රණය කළා, සභා ගොඩනැගිල්ලකට නොවේ. නමුත් ඇදහිලිවතුන් කන්ඩායමක්.

සභාව නම් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයයි. එපීස 1:22-23 ප්‍රකාශ කරනවා, “සියලු දේවල් උන් වහන්සේගේ පාදවලට යටත් කොට, සභාව උදෙසා සියල්ලට ප්‍රධානියා වෙන්ට උන් වහන්සේ නියම කළසේක. ඒ සභාව නම්, සියල්ලන් තුළ සියල්ල සම්පූර්ණ කරන තැනන් වහන්සේගේ පූර්ණකම වන උන් වහන්සේගේ ශරීරයයි.” දෙවියන් වහන්සේගේ ශරීරය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සියළු ඇදහිලිවන්තයන්ගෙන් පෙන්තකොස්ත දවසේ (ක්‍රියා 2 පරිච්ඡේද) ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණෙන තුරු උන් වහන්සේ සභාව තුළ හිසව සිටියි, පාප් වහන්සේ නොවේ, පූජකවරයාද නොවේ.

සර්වභෞමික සභාව නම් ඒ සභාව තුළ සියළු දෙනාම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග පෞද්ගලික සම්බන්ධතාවයකින් සමන්විත වෙනවා. 1 කොරින්ති 12:13 ප්‍රකාශ කරන පරිදි, “මක්නිසාද යුදෙවිවරු නොහොත් ග්‍රීක්වරු වෙත්වා, දාසයෝ නොහොත් නිර්දාසයෝ වෙත්වා, අපි සියල්ලෝ එකම ආත්මයාණන් වහන්සේ තුළ එකම ශරීරයට බවිතීස්මකරනු ලැබ, සියල්ලෝ එකම ආත්මයාණන්ගෙන් පොවනු ලැබීමුව.” අපි මෙහිදී දකින දෙය නම් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ කොටසක් සැටියට විශ්වාස කරන බව. සැබෑ දෙවියන් වහන්සේගේ සභාව නම් නිකායකක්වත්, සභා ගොඩනැගිල්ලක් නොවේ. දෙවියන් වහන්සේගේ සමස්ත සභාව නම් සියලු දෙනාම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් ඇදහිල්ලෙන් ගැලවීම ලබපු සභාවයි.

ප්‍රාදේශීය සභාව ගැන ගලාති 1:1-2 හී සඳහන් කරයි, “පාවුල් පේරිතයෙක් වන මා විසින්ද මා සමග සිටින සියළු සහෝදරයන් විසින්ද ගලාතියේ සභාවලට ලියා එවන වග නම්” මෙහි අපට දැකිය හැකි දෙය නම් ගලාති ප්‍රදේශයේ බොහෝ සභාවන් තිබුන බවයි. අප ප්‍රාදේශීය සභාව ලෙස හඳුන්වන්නේ බැප්ටිස් සභාව, ලූතරන් සභාව, සංවිධානයක් නැති සභාව තවත් සභාව නොවේ. විශ්වීය සභාවන්, නමුත් වඩා නිවැරදිව කියනවා නම් ප්‍රදේශීය සභාව. විශ්වීය සභාව සෑදී ඇත්තේ ගැලවීම උදෙසා ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කළ අයගෙන්. මේ විශ්වීය සභාවේ සාමාජිකයන් සහභාගිකම හා උපදේශ සෙවිය යුතුය ප්‍රාදේශී සභාවෙන්.

සාරංශයක් වශයෙන් සභාව ගොඩනැගිල්ලක් හෝ සංවිධානයක් නොවේ. බයිබලයට අනුව, සභාව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයයි. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ගැලවීම උදෙසා විශ්වාසය තැබූ සියල්ලන් (යොහන් 3:16; 1 කොරින්ති 12:13). ප්‍රාදේශීය සභාව නම් විශ්වීය සභාවේ සෙනඟ රෑස්වීමයි. ප්‍රාදේශීය සභාව නම් විශ්වීය සභාවවේ සාමාජිකයන් සම්පූර්ණයෙන් යොමු කිරීමයි. “ශරීරය” 1 කොරින්ති 12 හී මූලධර්ම, ධෛරය්‍යකිරීම, ඉගැන්වීම් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව හා දැනගැන්ම තුළ එකිනෙකා ගොඩනැගීම.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සභාව යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries