settings icon
share icon
ප්‍රශ්නය

ගිවිසුම් පෙට්ටිය යනු කුමක්ද?

පිළිතුර


දෙවියන් වහන්සේ තමා සේවකයා වන මෝසෙස් කරණකොට ගෙන ඊශ්‍රායෙල් දරුවන් සමඟ (කොන්දේසි සහිත) ගිවිසුමක් ඇති කරගත් සේක. තමන් වහන්සේට හා තමන් වහන්සේගේ අණපණත් වලට කීකරු වන්නේ නම් ඔහුටත් ඔහුගේ පරම්පරා ගණනක දරුවන්ටත් යහපත සිද්ධ කරන බවට දිවුළ සේක. එසේ වුවද අකීකරු වුවහොත් බලාපොරොත්තු සුන්වීම, දඬුවම් කිරීම සහ විසුරුවා දැමීම ගැන එතුමන් නිරතුරුවම අනතුරු ඇඟවීය. උන්වහන්සේ ගිවිසුමේ සලකුණක් වශයෙන් ඔවුන්ගේම සැලැස්මකට අනුව පෙට්ටියක් සාදා, එහි දසපනත අඩංගු ගල් පුවරු තැබීමට නියම කළ සේක. මෙම පෙට්ටිය හෝ ගැබ /කෝෂය 'පෙට්ටියක් මෙන් වැසූ නැව' ලෙස හැඳින්වූ අතර එය රන් ආලේපිත ෂිට්ටිම් ලී වලින් සාදා ඇත. ගිවිසුම් පෙට්ටිය කාන්තාරයේ මණ්ඩපයේ ඇතුළත ශුද්ධ ස්ථානයේ සහ අවසානයේ යෙරුසලමේ දේව මාළිගාවේ ඉදි කිරීම් වලින් පසුව එහි තැබීමට නියම විය.

ගිවිසුම් පෙට්ටියේ සැබෑ වැදගත්කම වූයේ, "දයාවන්ත ආසනය" ලෙස හැඳින්වෙන පෙට්ටියේ පියන සම්බන්ධ වීමයි. "දයාව ආසනය" යන වචනය පැමිණියේ හෙබ්‍රෙව් වචනයක් වන ආවරණය කිරීම, සන්සුන් කිරීම,සතුටු කිරිම, පවිත්‍ර කිරීම, අවලංගු කිරීම හෝ සමාව ලබා ගැනීම කරණකොටගෙනය. උත්තම පූජකයා වසරකට එක්වරක් පමණක් (ලෙවී කථාව16) අති ශුද්ධ ස්ථානය වන තමාගේ සහ ඊශ්‍රායෙල් සෙනඟට සමාව ගෙනෙන ගිවිසුම් පෙට්ටිය තබා ඇති ස්ථානයට ඇතුළු විය. පූජකයා පූජා කරන ලද සතෙකුගේ රුධීරය "දයාවන්ත ආසනය" මත ඉසිනු ලැබුවේ අතීතයේ කළ පාපයන් නිසා දෙවියන් වහන්සේගේ උදහස සහ කෝපය සංසිඳවීම සඳහාය. සමගි කිරීමේ ගිවිසුම පැවැත්විය යුතු ලෝකයේ එකම ස්ථානය විය.

ගිවිසුම් පෙට්ටියෙහි වූ දයාවන්ත ආසනය සංකේතවත් කරන්නේ සියළු පාපෙය් සඳහා වූ අවසාන පූජාවයි. ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය පව් කමාව සඳහා කුරුසියේදී වැගුරුනි. රෝම 3:24-25 හි ක්‍රිස්තුස් වහන්සේ අපගේ පාපයට ආවරණයවූ බැව් පැවසූ හිටපු පරිසිවරයෙකු හා පරණ ගිවිසුමට හුරුපුරුදු වූ ප්‍රේරිත පාවුල් මෙම සංකල්පය හොඳින් දැන සිටියේය " එබැවින් ඔවුහු උන්වහන්සේගේ අනුග්‍රහයෙන්, ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ට කරනු ලබන්නෝ වෙති". පරණ ගිවිසුමේ පව් වලට සමාව ලබා ගැනීමට එක් ස්ථානයක් තිබුණා සේම එනම් ගිවිසුම් පෙට්ටියේ දයාවේ ආසනය විය. එලෙසම අළුත් ගිවිසුමේ හා වර්තමාන කාලයේ සමාව ලබා ගැනීම සඳහා ඇත්තේ එක් ස්ථානයක් පමණි එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ කුරුසයයි. කිතුනුවන් වශයෙන් අපි තවදුරටත් ගිවිසුම් පෙට්ටිය දෙස නොබලන්නේ ස්වාමින් වන යේසුස් වහන්සේම අපගේ අනුග්‍රහය ලැබීම සහ අක්‍රාන්තිය වන බැවින්ය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ගිවිසුම් පෙට්ටිය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries