settings icon
share icon
ප්‍රශ්නය

වතුර බව්තීස්මය සංකේතවත් කරන්නේ කුමක්ද?

පිළිතුර


වතුර බව්තීස්මය සංකේතවත් කරන්නේ ඇදහිලිවන්තයා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීම මෙන්ම උන්වහන්සේට කීකරු ලෙස ජීවත් වීමට ඇති කැපවීමයි. එහි සියළු සාන්තුවරයන් සමඟ එකමුතුකම ප්‍රකාශ කරයි. (එපීස 2:19 ට අනුව ඒ නිසා නුඹලා තවත් විදේශියෝවත් ආන්තුකයෝවත් නොව, ශුද්ධවන්තයන් සමඟ එක නුවර වැසියෝව දෙවියන් වහන්සේගේ පවුලේ අයවල්ව සිටින්නහුය). එනම් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ සාමාජිකයෙකු වන පොළොවේ සැමජාතියකම සිටින සෑම පුද්ලයෙකු සමඟම (ගලාති 3:27-28 ට අනුව මක්නිසාද නුඹලාගෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළට බව්තීස්ම කරනු ලැබූ සියල්ලෝ ක්‍රිස්තුස්වහන්සේ පැළඳ ගත්තෝය.) ජල බව්තීස්මය මඟින් මෙය සහ තවත් බොහෝදේ ගෙන එයි, නමුත් එය අපව ගළවා ගන්නේ නැත. ඒ වෙනුවට අපට ගැළවීම ලැබෙන්නේ ක්‍රියාවන්ට අමතරව ඇදහිල්ල කරණකොටගෙනය. (එපීස 2:8-9 ට අනුව මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය). බව්තීස්මය වන්නේ අපගේ ස්වාමින් වහන්සේ අණ කළ නිසාය. එබැවින් ගොස් පියාණන් වහන්සේගේත් පුත්‍රයාණන් වහන්සේගේ හා ශුද්ධාත්මයාණන්ගේ නාමයෙන් සකළ ජාතීන් ගෝලයන් කරන්න. (මතෙව් 28:19 ට අනුව එබැවින් නුඹලා ගොස්, සියළු ජාතීන් ගෝලයන් කරන්න, පියාණන්ගේත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බව්තීස්ම කරන්න).

වතුර බව්තීස්මය ඇදහිලිවන්තයන් සඳහා වේ. අප බව්තීස්ම වීමට පෙර, ගැළවීම අවශ්‍යය වන පව්කාරයන් බව අප විශ්වාස කළ යුතුය. (රෝම3:23 එනම් මක්නිසාද සියල්ලෝම පව් කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනවී සිටිති). අපගේ පාපවලටවන්දි ගෙවීම සඳහා ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ මියගිය බවත්, උන්වහන්සේව භුමිදාන කළ බවත්, ස්වර්ගයේ අපගේ ස්ථානය සහතික කිරීම සඳහා උන්වහන්සේ නැවත නැඟිටුවනු ලැබූ බවත් අප විශ්වාස කළ යුතුය. (1කොරින්ති15:1-4). අප යේසුස්වහන්සේ වෙතට හැරී, අපගේ පාපවලට සමාවදී අපගේ ස්වාමින් හා ගැළවුම්කරුවා ලෙස ඉල්ලා සිටින විට, අප නැවත ඉපදෙන්නේ ශුද්ධාත්මයාණන්ගේ බලයෙනි. අපගේ සදාකාලික ගැළවීම සහතික කර ඇති අතර, අපි අපටම මැරී, ක්‍රිස්තුස්වහන්සේ උදෙසා ජීවත් වීමට පටන් ගනිමු. (1 පේත්‍රස් 1:3-5 ට අනුව අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා. මක්නිසාද අන්තිම කාලයෙහි එළිදරව්වෙන්ට සූදානමීව තිබෙන ගැළවීමට දෙවියන්වහන්සේගේ බලයෙන් ඇදහිල්ලකරණකොටගෙන ආරක්ෂා කරනු ලබන්නාවූ, නුඹලා උදෙසා ස්වර්ගයෙහි තබා තිබෙන්නාවූ, ජරාවට නොපැමිණෙන්නාවූ, නොකිලිටුවූ, පහ නොවන්නාවූ උරුමයක් ගැන). ඒ කාළයේදී බව්තීස්ම වීමට අප ශුද්ධ ලියවිල්ලෙන් සුදුසුකම් ලබන්නෙමු.

වතුර බව්තීස්මය යනු අපගේ ස්වාමින්වහන්සේ අප වෙනුවෙන් කර ඇතිදේ පිළිබඳ සුන්දර චිත්‍රයකි. අප සම්පූර්ණයෙන්ම ජලයේ ගිලී ඇති බැවින්, අපගේ ස්වාමින් සමඟ භුමදානය කිරීම සංකේතවත් කරමු. අපි කුරුසියේ උන් වහන්සේගේ මරණයට බවීතීස්ම වන අතර තවදුරටත් ආත්මයට හෝ පාපයට වහලුන් නොවෙමු. (රෝම 6:3-7) අප ජලයෙන් නැගිටින විට අප සංකේතාත්මකව නැවත නැඟිටුවනු ලැබේ. ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාළයටම ජීවත් වීමට අපගේ ප්‍රේමණීය දෙවියන්ගේ පවුල තුළ උපත ලබන්නෙමු. (රෝම 8:16 — එනම් අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි ආතමයාණන් වහන්සේම අපේ ආත්මය හා එක්ව සාක්ෂි දෙන සේක). වතුර බව්තීස්මය මඟින් අප ගැළවීම ලැබූ විට අප අත්විඳින අධ්‍යාත්මික පවිත්‍රතාවයද විදහා දක්වයි. ජලය මාංසය පවිත්‍ර කරනවා සේම, අප ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරනවිට ශුද්ධාත්මයාණන් වහන්සේ අපගේ හදවත් පවිත්‍ර කරයි.

වතුර බව්තීස්මය ගැළවීම සඳහා පූර්වාවශ්‍යතාවක් නොවන බව වඩාත් හොඳින් දැක ගත හැක්කේ වතුර බව්තීස්මය නොවූ ගැළවුම්කරුවකුගේ උදාහරණයෙනි. කුරුසියේ අපරාධකරු (ලූක් 23:39-43). මෙම පාපොච්චාරණය කළ පව්කාරයන් යේසුස් වහන්සේ තම ස්වාමියා ලෙස පිළිගන්නේ උන්වහන්සේ අසල කුරුසියක මිය යන අතරතුරය. සොරා ගැළවීම ඉල්ලා සිටි අතර ඔහුගේ පව්වලට සමාව ලැබුණි. ඔහු කිසි විටෙකත් වතුර බව්තීස්මය අත්විඳ නොතිබුණද, ඒ මොහොතේදී ඔහු ක්‍රිස්තුස් වහන්සේගේ මරණයට ආත්මිකව බව්තීස්මයවූ අතර ක්‍රිස්තුස්වහන්සේගේ වචනයේ බලයෙන් ඔහු සදාකාළ ජීවනයට ඔසවා තබන ලදි.

(හෙබ්‍රෙව් 1:3 ට අනුව උන්වහන්සේ දෙවියන්වහන්සේගේ මහන්තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වන සේක්, තමන්ගේ බලපරාක්‍රමයේ වචනයෙන් සියල්ල දරමින්, පව් ගැන පවිත්‍ර වීමක් කළ පසු, උසස්ථානවල මහෝත්තමයාණන් වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත් සේක).

කිතුනුවන් බව්තීස්ම විය යුත්තේ අපගේ ස්වාමින් වන යේසුස්ට කීකරු වීමෙන් හා ප්‍රේමයෙන්. (යොහාන් 14:15 ට අනුව නුඹලා මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා රක්ෂාකරන්නහුය). බව්තීස්මය සඳහා වතුර බව්තීස්මය වන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ මරණය, භුමිදානය සහ නැවත නැඟිටීම සංකේතාත්මකව නිරුපනය කිරීම නිසාය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

වතුර බව්තීස්මය සංකේතවත් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries