settings icon
share icon
ප්‍රශ්නය

යේසුස්වහන්සේ පව් රහිත කෙනෙක්ද?

පිළිතුර


ඔව්, යේසුස් පව් රහිත කෙනෙක්. යේසුස්වහන්සේ පව් රහිත නිසා ස්වර්ගයේ සදාකාලයටම බලාපොරොත්තුවක් අපට තිබෙනවා. යේසුස් වහන්සේ පව් රහිත නම්, පාපය වෙනුවෙන් පූජාවක් නැත. ආදම් සහ ඒව දෙවියන්වහන්සේට අකීකරුවීම නිසා ඒදන් උයනේදී පාපය මෙලොවට පැමිණියේය (උත්පත්ති 3:6). දෙවියන්වහන්සේ අනතුරු ඇඟවූ ලෙසම ඔවුන්ගේ පාපයත් සමඟ මරණය පැමිණියේය (උත්පත්ති 2:17). එහි ප්‍රතිපලයක් වශයෙන්, මනුෂ්‍ය වර්ගයා දැන් උපත ලැබුවේ පාප ස්වභාවයකින් (රෝම 5: 12–19), අප පිළිසිඳ ගත් කාලයේ සිටම එය අප සමඟ ඇත (ගීතාවලිය 51:5). කෙසේ වෙතත්, යේසුස්ක්‍රිස්තුස්වහන්සේ අප මෙන් සෑම ආකාරයකින්ම පරීක්ෂාවට ලක්වුවද (හෙබ්‍රෙව් 4:15), කිසිවිටෙකත් පාපයක් නොකළ බව බයිබලය පැහැදිලි කරයි (2 කොරින්ති 5:21; 1 යොහන් 3:5). ප්‍රේරිත පේතෘස් එය පැහැදිලිවම කියා සිටියේ "උන් වහන්සේ කිසිම පාපයක් නොකළ අතර උන්වහන්සේගේ මුඛය තුළ වංචාවක් දක්නට නොලැබුණි" (1 පේත්‍රැස් 2:22). ඇත්ත වශයෙන්ම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේ බැවින් උන්වහන්සේට පව් කිරීමට හැකියාවක් නැත.

අප හා අපගේ මැවුම්කරුවා අතර බාධකයක් තැබීමට අමතරව, අපගේ උරුමවූ පව්කාරස් වභාවය අප සියල්ලන්ම ශාරීරික හා සදාකාලික මරණයට යටත් කරනු ලැබුවේ "පාපයේ කුලිය මරණයයි" (රෝම 6:23). දැන්, දෙවියන්වහන්සේ සමග සමාදාන වීමට සමාව අවශ්‍ය විය. "ලේ වැගිරවීමකින් තොරව සමාව නොලැබේ" (හෙබ්‍රෙව් 9:22). ආදම් සහ ඒව පව් කළ පසු දෙවියන්වහන්සේ ඔවුන්ව සතෙකුගේ ලේ වැගිරවීමෙන් යුතුව "සම් වස්ත්‍ර වලින්" සැරසුවේය (උත්පත්ති 3:21). කෙසේ වෙතත්, පසුකාලීන සත්ව පූජා බොහෝමයක් පාපයට මරණය අවශ්‍ය බව මනාව විදහා දැක්වුවද, එම සත්වයන්ගේ රුධිරයට කිසිවිටෙකත් පාපය සම්පූර්ණයෙන් ඉවත් කළ නොහැකි බැවින් තාවකාලිකව පව් ආවරණය කිරීමක් පමණක් සපයයි (හෙබ්‍රෙව් 10:4, 11).

පරණ ගිවිසුමේ පූජා යනුයේ සුස්ක්‍රිස්තුස්වහන්සේගේ "සියල්ලන්ටම ඒක් වරක්" පූජාව පිළිබඳ පූර්ව නිගමනයකි (හෙබ්‍රෙව් 7:27; 10:10). ශුද්ධවූ හා පරිපූර්ණ දෙවිකෙනෙකු සමඟ අපට සමාදාන වීමට ඇති එකම මාර්ගය ශුද්ධවූ පරිපූර්ණ පූජාවකි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පාපයක් නොමැතිව සිටියේ නම් අපට එය නොලැබෙනු ඇත. පේතෘස්ප්‍රකාශ කළ පරිදි, "මක්නිසාද ඔබව මුදවා ගනු ලැබුවේ රිදී හෝ රත්තරන් වැනි නැති වන සුළුදේවලින් නොවන බව ඔබ දන්නහුය. නමුත් යේසුස්ක්‍රිස්තුස්වහන්සේගේ වටිනා රුධිරයෙන්, කැළලක් හෝ පලුද්දක් නැති බැටළු පැටවෙක්" (1 පේත්‍රැස් 1:18–19). දෙවියන්වහන්සේ හා මනුෂ්‍යයන් අතර සාමය ඇති කිරීමට හැකිවූයේ ක්‍රිස්තුස්වහන්සේගේ පව් රහිත රුධිරයට පමණි (කොලොස්සි 1:20). මෙම ප්‍රතිසන්ධානයත් සමඟ අපට "කැළැල් නොමැතිව හා චෝදනා වලින් තොර දෙවියන්වහන්සේ ඉදිරියෙහි ශුද්ධ සිටිය හැකිය" (කොලොස්සි 1:22).

පව් රහිත ක්‍රිස්තුස්වහන්සේ කල්වාරියේදී කුරුසියේ ඇණ ගැසීම උන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ගේ පාපයට සම්පූර්ණ දඬුවම ගෙවීය. මේ අනුව, පාපය නිසා වැටීමෙන් අහිමිවූ දේ නැවත කුරුසියේදී ලබා දෙන ලදී. එක් මිනිසෙකු (ආදම්) තුළින් පාපය ලෝකයට ඇතුළුවූවා සේම, දෙවියන්වහන්සේට ලෝකය මුදවා ගැනීමට හැකිවූයේ එක් මිනිසෙකු හරහාය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස්වහන්සේ පව් රහිත කෙනෙක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries