settings icon
share icon
ප්‍රශ්නය

එළිදරව් 12 හී ස්වර්ගයෙහි යුද්ධය විස්තර කරනු ලබන්නේ සාතන්ගේ මුල් වැටීම හෝ අවසාන කාලයේ දේවදූත සටනවේද?

පිළිතුර


අන්තිම මහා දේවදූත සටන සහ සාතන් ස්වර්ගයෙන් නෙරපා හැරීම පිළිබදව එලිදරව් 12-7-12 හී විස්තර කොට ඇතග මෙම පාඨයෙහි යොහාන් විසින් දර්ශනය කරනු ලබන්නේ මිඛායෙල් සහ දෙවියන්වහන්සේගේ දූතයන්ට එදිරිව මකරා (සාතන්) සහ ඔහුගේ ඇද වැටුණු දූතයන් හෝ යක්ෂයන් හා සමග වන්නාවූ විශාල යුද්ධයකි. මෙය සිදු වන්නේ අවසාන කාලයෙහ් පීඩා කාලය තුළය. තමාට දෙවියන්වහන්සේ හා සමාන විය හැකි බවට මහත් ආඩම්බරයෙන් සහ මායාවෙන් සාතන් දෙවියන්වහන්සේට විරුද්ධව අවසාන කැරැල්ලක් මෙහෙයවනු ඇත. මෙය වනාහී ලෝක විෂය පිළිබදවූ අයෝග්‍යය ගැළපීමකි. මකරා සහ ඔහුගේ යක්ෂයන් සටනෙන් පැරදී සදාකාලයටම ස්වර්ගයෙන් පහතට හෙළනු ලබති.

එළිදරව් 12 හී පෙළ යෙදුම කරණකොටගෙන මෙම සටන තවමත් අනාගතයේදී සිදුවන්නට යන බව අප දන්නෙමු. 6 වන පදයෙහි ප්‍රකාශ කරනු ලබන්නේ ස්ත්‍රිය (ඊශ්‍රායෙල්) මකරාගෙන් (සාතන්) "කාන්තාරයට පලා ගියාය. එක් දහස් දෙසිය සැට දවසක් ඈ පෝෂණය කරන පිණිස දෙවියන්වහන්සේ විසින් පිළියෙළ කරන ලද ස්ථානයක් ඈට එහි තිබුණේය." 7 වන පදය ආරම්භ වනුයේ තවද යන වචනයෙනි. ඊශ්‍රායෙල් පලා යන කල ස්වර්ගයෙහි යුද්ධයක් ආරම්භ වනු ඇත. එළිදරව් 12:6 හී සදහන් වන ස්ත්‍රියගේ පලා යාම අනුරූප වන්නේ වියෝගයේ මහත් ද්වේෂය දකින කළ යුදයේ ජීවත් වන යුදෙව්වන්ට "කඳුකරයට පලා යන ලෙස" යේසුස්වහන්සේ විසින් ඔවුන්ට ආමන්ත්‍රණය කොට කීමවේ (මතෙව් 24:16). පීඩා කාලය මධ්‍යයේදී අන්ත ක්‍රිස්තුස් විසින් තමන්ගේ සැබෑ හැකියාවන් පෙන්වන කල සාතන් මේ පොළොවට සීමා වනු ලබන අතර ඊශ්‍රායෙල් දින එක් දහස් දෙසිය සැටක් (වසර තුනහ මාරක් හෝ පීඩා කාලයේ දෙවන භාගයේදී) දිව්‍යමය වශයෙන් ආරක්ෂා කරනු ලබනු ඇත. පොදු දුර්මතයක් නම් සාතන්ගේ වැටීමෙන් අනතුරුව සාතන් සහ ඔහුගේ යක්ෂයන් නිරයෙහි සිර කරනු ලබන බවය. බොහෝ බයිබල් පාඨයන්ගෙන් පැහැදිලි වනුයේ තමාගේ පළමු කැරැල්ලෙන් අනතුරුව සාතන්ව ස්වර්ගයෙන් තහනම් නොකරනු ලැබූ බවය. යෝබ් 1:1-2:8 හී ඔහු දෙවියන්වහන්සේ ඉදිරියෙහි පෙනී සිටිනු ලබන්නේ යෝබ් දෙවියන්වහන්සේට නමස්කාර කරන කළ සැගවුණු චේතනා හා සමග බවට ඔහුට චෝදනා කරනු සදහාය. සෙකරියා 3 හී උත්තම පූජකයා වන යොෂුවාට චෝදනා කරනු සදහා සාතන් දෙවියන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිටිනු ලබයි. එසේම 1 රාජාවලිය 22:19-22 හී ප්‍රෝපේතවර මීකා කථා කරනු ලබන්නේ දෙවියන්වහන්සේගේ අබිමුඛත්වයෙහි සිටින දුෂ්ට ආත්මයක් පිළිබදවය. එසේ නම් තමාගේ වැටීමෙන් අනතුරුවද සාතන්ට ස්වර්ගයට යම් ප්‍රවේශයක් තිබිණි.

මෙම යුගයේදි සාතන්ට සහ ඔහුගේ දූතයන්ට ස්වර්ගයට සීමීත ප්‍රවේශයක් ඇති අතර ඔවුන් දෙවියන්වහන්සේගේ දූතයන්ට විරුද්ධව කටයුතු කරති. (දානියෙල් 10:10-14). එහෙත් එළිදරව් 12 හී වාර්තා කොට ඇති සටනේදී සාතන්ට සහ ඔහුගේ ඉච්චාකාරයන්ට ස්වර්ගයට ඇති ප්‍රවේශය මුළුමනින්ම නැතිවී යන අතර (8 වන පදය) ඔවුන් මෙම ග්‍රහයාට පමණක් සීමා වෙති (9 වන පදය) ඔහුගේ නිදහස ලූහුඩු වන අතර සාතන් "තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්නා බැවින් මහත් උදහසින් යුක්ත" වේ. (12 වන පදය) වයස්ගත වූ චූදිතයාට තේරී පත් වූවන්ට අපහාස කීරීම සදාකාලයටම තහනම් වන හෙයින් ස්වර්ගයෙහි මහත් ප්‍රීතියක් ඇති වනු ඇත. කෙසේ නමුත් සාතන්ගේ කෝපය සහ මේ පොළොවෙහි ඉතිරිව සිටින්නන් කෙරෙහි දෙවියන්වහන්සේගෙන් වන විනිශ්චය කරණාකොටගෙන මෙම සිදුවිමෙන් අනතුරුව පොළොවේ වැසියන් දරුණු ලෙස පීඩා විදිනු ලබනු ඇත.

මිඛායෙල් සහ සාතන් අතර වන යුද්ධය ඉතාමත්ම උග්‍ර තත්වයක් ගනියි. දෙවියන්වහන්සේගේ ශුද්ධ දූතයන් යක්ෂයින් රැළ පරාජය කළ විට ස්වර්ගයෙහි මහත් ශබිදයකින් "අපගේ දෙවියන්වහන්සේගේ ගැළවීමද බලයද රාජ්‍යයද තමන් ක්‍රිස්තුස්වහන්සේගේ ආණ්ඩු බලයද දැන් පැමුණුනේය" (එළිදරව් 12:10) ලෙස ප්‍රකාශ කරනු ලබයි. දෙවියන්වහන්සේගේ සාන්තුවරයන්ද මෙම ජයග්‍රහණය සදහා හවුල් වනු ඇත: "ඔවුහු බැටළු පැටවාණන්ගේ ලෙය නිසාද තමුන්ගේ සාක්ෂියේ වචනය නිසාද ඔහුගෙන් ජයගත්තෝය" (11 වන පදය).

English



නැවතත් සිංහල මුල් පිටුවට

එළිදරව් 12 හී ස්වර්ගයෙහි යුද්ධය විස්තර කරනු ලබන්නේ සාතන්ගේ මුල් වැටීම හෝ අවසාන කාලයේ දේවදූත සටනවේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries