settings icon
share icon
ප්‍රශ්නය

පාපයේ කුලිය මරණය යැයි අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර


රෝම 6:23හි, "මක්නිසාද පාපයේ කුලිය නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය" යැයි පවසයි. එහි හරය, පාපය යනු දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගැසීමයි. අපගේ පාපය ජීවිතයේ නිර්මාතෘ සහ උසුලන්නා වන දෙවියන්වහන්සේගෙන් අපව වෙන් කරයි. යේසුස්වහන්සේ, "මාර්ගයද සැබෑවද ජීවනයද මමය" යැයි පැවසු සේක (යොහාන් 14:6). දෙවියන්වහන්සේ තමන් උතුම් යැයි දනී. ජීවිතය දෙවියන්වහන්සේ තුළය. ඉතින්, අපි පව් කර දෙවියන්වහන්සේගෙන් වෙන් වූ විට, අපි සැබෑ ජීවිතයෙන් වෙන් වන්නෙමු. එමනිසා, අපි අනිවාර්යයෙන්ම මරණය අත් විඳින්නෙමු. මෙය කරුණු තුනක් ඔස්සේ පැහැදිලි කරගත යුතුය.

පළමුව, පාපය අනිවාර්යයෙන්ම ශාරීරික මරණයට හේතු නොවේ. රෝම 6 හී අපට අප පව් කළ විට අප ශාරීරිකව මිය යන බව නොපවසයි. එහි සඳහන් වන්නේ ආත්මීක මරණයකි.

දෙවනුව, අප ක්‍රිස්තුස් වහන්සේ තුළ ගැලවීම ලැබු විට, අප ආත්මික මරණයෙන් ආරක්ෂාව ලබු අතර අවසානයේ ආත්මික ජීවිතයකට පමුණුවන ලදි. පාවුල්තුමා රෝම පොතෙහි, "දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය" යැයි පැවසුවේය (රෝම 6:23).

තෙවනුව, ඇදහිලිවන්තයන්ගේ පව් පවා යම් ආකාරයක ආත්මික "මරණයක්" ඇති කළ හැක. පාපයේ අවසාන දඬුවමෙන් (දෙවියන්වහන්සේගෙන් සදාකාලික වෙන්වීම) අපව ගලවා ගනු ලැබුවද, පියාණන්වහන්සේ සමඟ බිඳුණු සම්බන්ධතාවයේ ස්වාභාවික ප්‍රතිවිපාක වලින් අප නිදහස් නොවේ. අප පව් කරන විට, ආත්මික මරණයේ ලක්ෂණ අපට අත්විඳිය හැකිය. අපට වරදකාරී හැඟීමක්, හිස් බවක්, ව්‍යාකුලත්වයක් හෝ දෙවියන්වහන්සේගෙන් ඈත් වූ හැඟීමක් දැනෙන්නට පුළුවන. අපි ක්‍රියා කරන්නේ ධර්මිෂ්ඨයන් ලෙස නොව අධර්මිෂ්ඨයන් ලෙසය. ඇදහිලිවන්තයෙක් වූවත් අපගේ පාපය දෙවියන් වහන්සේගේ හදවතට රිදවන අතර උන්වහන්සේගේ ආත්මයටද දුකක් ඇති කරයි (එපීස 4:30). එය උන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය බිඳ නොදමුවත්, අපගේ පාපය දෙවියන්වහන්සේ හා අප අතර බාධකයක් ඇති කරයි.

දරුවෙකු සහ දෙමාපියෙකු ගැන සිතන්න. දරුවෙකු අකීකරු වූ විට, ඔහුගේ දෙමව්පියන් සමඟ ඇති සම්බන්ධතාවය පලුදු වේ. දෙමව්පියන් තවදුරටත් දරුවාට ආදරය කරන අතර දරුවා පිළිබඳව හදවතින්ම උනන්දුවක් දක්වයි. දරුවා කිසිදාක දෙමව්පියන්ගේ හිමිකාරිත්වයෙන් ඈත් නොවේ. කෙසේ වෙතත්, දරුවාට අවිශ්වාසය, හික්මවීම, වරදකාරි හැඟීම සහ ඒ හා සමාන යම් ප්‍රතිවිපාක අත්විඳිමට සිදුවේ.ඔවුන් අතර සම්බන්ධතාවය අවසානයේ යථා තත්වයට පත් වේ, නමුත් සාමාන්‍යයෙන් වේදනාව පළමුව පැමිණේ.

එබැවින් එය අප හා දෙවියන් වහන්සේ සමඟවේ. අප අපගේ ජීවිත තුළ දෙවියන්වහන්සේගේ පාලනයට විරුද්ධව කැරලි ගසන විට, අපි ජීවිතයට විරුද්ධව කැරලි ගසන හෙයින් "මරණය" අත්විඳින්නෙමු. (වේදනාවක් ඇතිවීමේ බිඳීමක්). අප දෙවියන්වහන්සේ වෙතට නැවත පැමිණෙන විට, දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධව, අරමුණ පිළිබඳ හැඟීමක් ඇතිව, ධර්මිෂ්ඨකම, නිදහස යනාදි සමඟ අප ආත්මික ජීවිතයටද නැවත පැමිණේ. අකීකරු පුත්‍රයාගේ උපමාවෙන් ප්‍රීති වූ පියා එය වඩාත් විශිෂ්ට ලෙස පැවසුවේ "මේ මාගේ පුත්‍රයා නැසී, නැවත ජීවත්ව සිටියි" යනුවෙනි (ලුක් 15:24).

English



නැවතත් සිංහල මුල් පිටුවට

පාපයේ කුලිය මරණය යැයි අදහස් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries