settings icon
share icon
ප්‍රශ්නය

ඔබගේ භාරයන් / දිවුරුම පිළිපැඳීම පිළිබඳව බයිබලයකුමක් පවසයිද?

පිළිතුර


ඔබගේ භාරයන් / දිවුරුම පිළිපැඳීම පිළිබඳව බයිබලයකුමක් පවසයිද? භාරයන් පිළිබඳව බයිබලය තුළ යොමු 30 ක් පමණ ඇති අතර ඒවායින් බොහොමයක් පැරණි ගිවිසුමේ සඳහන් වේ. ලෙවී කථාව සහ ගණන් පොත්වල පූජා සහ පූජා සම්බන්ධයෙන් භාරයන් ගැන සඳහන් කර ඇත. භාරයන් කඩකළ ඉශ්රායෙල් වරුන්ට, විශේෂයෙන්ම දෙවිට දුන් භාරයන් නිසා දරුණු ප්‍රතිවිපාක ඇති විය. ජෙප්තාහි කථාව විදහා දක්වන්නේ ප්‍රතිවිපාක තේරුම් නොගෙභාරයන් කිරීමේ මෝඩකමයි. ඉශ්රායෙල්වරුන් අම්මොන්වරුන්ට විරුද්ධව සටනට ගෙනයාමට පෙර, එඩිතර බලවත් මිනිසෙකු ලෙස විස්තර කරන ලද ජෙප්තා ජයග්‍රහකයා ලෙසආපසු ගෙදර ආවොත්, තමා හමුවීමට එන දොරෙන් එළියට එන ඕනෑම කෙනෙකුව සමිදාණන් වහන්සේට දෙන බවට පොරොන්දුවක් දුන්නේය. සමිදාණන් වහන්සේ ඔහුට ජයග්‍රහනය දුන් විට ඔහු හමුවීමට පැමිණි තැනැත්තා ඔහුගේ දියණියය. ජෙප්තාතම භාරය සිහිපත්කර ඇය සමිදාණන් වහන්සේට පූජා කළේය. (විනිශ්චයකාරයා 11:29-40 ) ජෙප්තා මෙම භාරය පිළිපැදිය යුතුද නැද්ද යන්න වෙනත් ලිපියකින් සළකා බලයි. මෙම වාර්තාවෙන් පෙනී යන්නේ රළු භාරයේ මෝඩකමයි.

යේසුස් දිවුරුම ගැන ඉගැන්වූයේ "ඔබේ දිවුරුම කඩ නොකරන්න. නමුත් ඔබ සමිදාණන් වහන්සේට කළ දිවුරුම පිළිපදින්න. නමුත් මම ඔබට කියමි. කිසිසේත් නොදිවුරන්න. ස්වර්ගය නමින්වත් නොදිවුරන්න, මන්ද එය දෙවියන් වහන්සේගේ සිංහාසනයය, පොළොව නමින්වත් නොදිවුරන්න, මන්ද එය ඔහුගේ පා පුටුවය, ජෙරුසලම නමින්වත් නොදිවුරන්න, මන්ද එය රජුගේ නගරයය. ඔබේ හිසෙන්වත් නොදිවුරන්න, මන්ද ඔබට එක කොණ්ඩයක්වත් සුදු හෝ කළු කළ නොහැක. එසේ නම් එසේ කියාද, නැති නම් නැත කියාද වේවා. මෙයින් ඔබ්බට ඕනෑම දෙයක් පැමිණෙන්නේ නපුරු තැනැත්තාගෙන්ය. (මතෙව් 5:33-37 මෙසේ සඳහන් වේ. දිවුරුම කඩ නොකරන්න, සමිදාණන් වහන්සේට නුඹ දුන් දිවුරුම ඉටු කරන්නැයි පැරුන්නන්ට කී බව ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි, කොහෙත්ම නොදිවුරන්න, ස්වර්ගය දෙවියන් වහන්සේගේ සිංහාසනය බැවින් ඒ නමින් වත්, පොළොව දෙවියන් වහන්සේගේ පා පූටූව බැවින් ඒ නමින්වත් , ජෙරුසලම මහ රජූගේ රාජධානිය බැවින් ඒ නමින්වත් නොදිවුරන්න. එක හිස කෙසක් සුදු කරගන්න හෝ කළු කරගන්න ඔබට නුපුළුවන් බැවින් හිස නමින්වත් නොදිවුරන්න, ඔබේ අදහස එසේය කීම නම් එසේය කියාද, නැත කීම නම්, නැත කියාද වේවා. ඊට වැඩිමනත් යමක් ඇද්ද එය එන්නේ නපුරා ගෙන්ය).

මෙහි පසුබිම් තොරතුරු ජේසුස් වහන්සේගේ වචන තේරුම් ගැනීමට උපකාරී වේ. දෙවියන් වහන්සේගේ නාමය භාවිතා කරමින් ප්‍රසිද්ධ භාරයක් නම් භාරය පැවැත්වීම එවකට සිටි ආගමික නායකයන් විසින් යෝජනා කරන ලදි. කෙසේ වෙතත්, එදිනෙදා සංවාදයේදී "ස්වර්ගය" හෝ "පොළොව" හෝ "ජෙරුසලම" පමණක් සඳහන් කරමින් භාර දෙනු ලැබුවේ නම්, එය සැබවින් ම එයට බැඳී නැත. මිනිසුන්ට අඩු පාඩුවක් තිබුණා. ඔවුන්ගේ සංවාදවලදී බොරු කීමට හෝ අතිශයෝක්තියට නැංවීමට සහ පැවසීමෙන් විශ්වාසනීයත්වයේ වාතාවරණයක් ලබාදීමට ඔවුන්ට හැකිය. "මෙය සත්‍යයක් යැයි මම ස්වර්ගයෙන් දිවුරමි". ඔවුන් දෙවියන් වහන්සේගේ නාමයෙන් දිවුරුම් නොදුන් නිසාත්, භාරය පෞද්ගලික එකක් නිසාත් ඔවුන්ට ගණන් ගත නොහැකි විය. යේසුස් ඒ අදහසට විරුද්ධ වුණා. ඔබ යමක් දිවුරනවා නම්, එය සත්‍යයක් නම් හොඳයි කියා ඔහු පවසයි. ඇත්ත වශයෙන්ම ඔබට පැවසිය යුත්තේ "ඔව්" හෝ "නැත" යන්නයි. ඔබේ වචන හොඳ විය යුතුයි. ඔබේ තත්වය ශක්තිමත් කිරීම සඳහා අධික ප්‍රකාශන අවශ්‍යය නොවේ.

ගීතාවලිය 5:4 (ඔබ දුෂ්ඨකමට ප්‍රිය නොකරන දෙවි කෙනෙක් නොවන සේක. ඔබ අබිමුව නපුරට ඉඩ නොතබන සේක.) විස්තර කරන්නේ ධර්මිෂ්ඨ පුද්ගලයෙක් රිදවන විට පවා දිවුරුම් දෙන, ඔවුන්ගේ මනස වෙනස් නොකරන කෙනෙක් ලෙසයි. මතෙව් 5 හි යේසුස්ගේ ඉගැන්වීම මෙම බයිබලානූකුල මූලධර්මයට සහය දක්වයි. එදිනෙදා සංවාදයේ කොටසක් ලෙස හෝ අශෝභන ලෙස හෝ පෞද්ගලිකව කථා කළද දිවුරුම් ප්‍රකාශ වේ. පොරොන්දුවක් යනූ පොරොන්දුවක් වන අතර, පූද්ගලයෙකුට දිවුරුම් දීම ප්‍රතික්ෂේප කිරීමට දෙවියන්ගේ ඇස් හමුවේ කිසිදු අඩුපාඩුවක් නොමැත.

එබැවින් යේසුස් සියළු ආකාරයේ පොරොන්දු, ගිවිසුම් හෝ ප්‍රතිඥා හෙළා දුටුවේ නැත. යේසුස් වහන්සේ කථා කරමින් සිටියේ "මම මගේ හදවත බිඳගෙන මිය යෑමට බලාපොරොත්තුවෙන් සිටිමි", හෝ "මම දේවවචනය මත දිවුරමි " හෝ "මම මගේ මවගේ ජීවිතය මත දිවුරමි" යනුවෙන් පුද්ගලයෙකු පැවසූ විට කරන ලද ස්වයං සිද්ධි භාරයන් ගැනය. ඒ ආකාරයේ දිවුරුම් ගැන යේසුස් අනතුරු අඟවයි. ඒ ආකාරයේ දිවුරුම් ගැන යේසුස් අනතුරු අඟවයි. මතෙව් 5 හි ඔහුගේ ඉගැන්වීම විවාහ පොරොන්දු හෝ නෛතික කොන්ත්‍රාත්තුවක් වැනි පොරොන්දු අධෛර්යමත් කිරීම අදහස් නොවේ, පරිස්සමින්, කල්පනාකාරීත්වය පිළිබඳවයි.

මෙම මූලධර්මය කිතුනුවන්ට පැහැදිලිය. ස්වාමියාට හෝ එකිනෙකාට භාරයන් කිරීම පිළිබඳ සැළකිළිමත් වන්න. අප වැරදි විනිශ්චයකට ගොදුරු වන නිසා, අපි මෝඩ ලෙස හෝ පරිණතභාවයෙන් තොරව භාරයන් කළ හැකිය. තවද, අප කරන අවිධිමත් භාරයන් (ස්වර්ගයේ සිටින සියළුම දේවදූතයන් වෙනුවෙන් මම දිවුරනවා) සම්පූර්ණයෙන් අනවශ්‍යය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඔබගේ භාරයන් / දිවුරුම පිළිපැඳීම පිළිබඳව බයිබලයකුමක් පවසයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries