settings icon
share icon
ප්‍රශ්නය

මාගේ ක්‍රිස්තියනි ජීවිතයේදී මා පාපයෙන් ජය ගන්නේ කෙසේද?

පිළිතුර


පහත සඳහන් සම්පත් තුළින් අපට අපගේ පාපීවූ ස්වභාවයෙන් මිදීමට හැකි බව ශුද්ධ බයිබලය පවසයි.

(1) ශුද්ධාත්මය - දෙවියන් වහන්සේ අපට දී ඇති එක දීමනාවකි (උන් වහන්සේගේ සභාවට). ක්‍රිස්තියානි ජීවිතයේ ජයග්‍රහනය ලැබෙන්නේ ශුද්ධාත්මය තුළිනි. මාංසය ආත්මයාණන් වහන්සේට විරුද්ධවද, ආත්මයාණන් වහන්සේ මාංසයට විරුද්ධවද ආශා කරයි කියා ලියා තිබේ ගලාති 5 : 16-25. මෙම පාඨයේ අපට ශුද්ධාත්මයට අනුකුලව ගමන් කරන ලෙස දක්වා තිබේ. සෑම ඇදහිලිවන්තයෙකුටම ශුද්ධාත්මයාණන්ගේ පංගුකාරත්වය දැනටමත් ලැබී ඇත. එමෙන්ම මේකොටසින් අපට කියනවා ශුද්ධාත්මයට අනුකුලව උන් වහන්සේගේ පාලනයට යටත්ව ගමන් කරන ලෙසට. මින් අදහස් කරනුයේ අපගේම මාංසික ආශාවන් අනුව නොව ශුද්ධාත්මයේ පාවහන් පැළඳ ශුද්ධාත්මය මග පෙන්වන ආකාරයට ගමන් කල යුතු බවයි.

ඇදහිලිවන්තයකුගේ ජීවිතය තුළ ශුද්ධාත්මයාණන් වහන්සේ ඇති කරන වෙනස්වීම අපට පේත්‍රැස්ගේ ජීවිතයෙන් පැහැදිලි කරනවා. ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණ වීමට ප්‍රථම 3 වරක් යේසුස් වහන්සේ නොහඳුනන බව ප්‍රකාශ කළා. මෙලෙස ඔහු ප්‍රකාශකලෙත් යේසුස් වහන්සේ සමඟ මැරෙන්න වූවත් තමන් සූදානම් බව කීමෙන් අනතුරුවය. එහෙත් ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණව පෙන්තකොස්ත දවසේදී ප්‍රසිද්ධියේ බලවත් ලෙස යුදෙවිවරුන්ට ගැළවුම්කාරයාණන් ගැන ප්‍රකාශ කළා.

ආත්මයාණන් වහන්සේ තුළ ගමන් ගන්නා කෙනෙකු ආත්මයාණන්ගේ දිරි ගැන්වීමට අකමැති නොවීමට උත්සාහ කරන අතර (1 තෙසලෝනික 5 : 19) ඒ වෙනුවට ආත්මයෙන් පූර්ණවීමට සොයයි (එපීස 5 : 18-21). කෙනෙකු ආත්මයෙන් පූර්ණ වන්නේ කෙසේද? සියල්ලටම පළමුව එය පරණ ගිවිසුමේ මෙන් දෙවියන් වහන්සේගේ තෝරා ගැනීමයි. තමන්ට අවශ්‍ය වැඩ සම්පූර්ණ කරවා ගැනීම සඳහා එතුමන් විසින් පුද්ගලයින් සහ විශේෂිත සිදුවීම් තෝරා ගනු ලැබුවා (උත්පත්ති 41 : 38; නික්මයාම 31 : 3; ගණන් කථාව 24 : 2; 1 සාමුවෙල් 10 : 10). මම විශ්වාස කරනවා එපීස 5 : 18-21 සහ කොලොස්සි 3 : 16 යන පදවල සාධක තියෙනවා කියා. දෙවියන් වහන්සේගේ වචනයෙන් තමන් පුරවා ගන්නා අය උන් වහන්සේ තෝරා ගන්නවා කියලා ආත්මයෙන් පුරවන්න. මේ පදවල සඳහන් එක එක පිරවීමේ ප්‍රතිඵලයේ සමාන කම් මෙයට සාධක වෙනවා. ඒ නිසා අපගේ ඊළඟ සම්පත වෙත එය අපව ගෙන යනවා.

(2) දෙවියන් වහන්සේගේ වචනය - ශුද්ධ බයිබලය - 2 තිමෝති 3 : 16-17 අනුව දෙවියන් වහන්සේ සෑම යහපත් වැඩක් සඳහාම උන් වහන්සේගේ වචනය තුළින් අපව සන්නද්ධ කර ඇත. එමගින් අපට ඇදහිය යුතුදේ, ජීවත් විය යුතු අන්දම, උගන්වන අතර, අපි වැරදි මාර්ගයේ යන්නේ නම් ඒ බව අපට එළිදරවු කරමින් අපව හරි මාර්ගය කරා යොමු කොට, අපට එහි රුඳීසිටීමට උපකාර කරයි. හෙබ්‍රෙව් 4 : 12 සඳහන් පරිදි, දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය, ඉතා බලවන්තය, එය අපගේ හදවත් තුළ ගැඹුරින් කිඳා බැස මුල් බැසගෙන ඇති ගැටළු උදුරා දමනු ඇත. මාංශිකව පරාජය කළ නොහැකි ගීතාවලිය 119 : 9,11,105 සහ අනෙකුත් පද වලින් ගීතිකා කාරයා ජීවිත පෙරළියක් ඇති කිරීමට වචනයේ ඇති බලය සඳහන් කරයි. යොෂුවාට සතුරන් මැඩ පවත්වා ගෙන සාර්ථකත්වය ලබා ගැනීම පිණිස යතුර වූයේ, වචනය අමතක නොකර එය දිවා රැ මෙනෙහි කරන ලෙස ඔහු ලැබූ අණ පිලිපැදීමය. ඔහු එය ඉටු කළා, දෙවියන් වහන්සේ ඔහුගේ පොරොන්දු දේශය වෙනුවෙන් කළ සටනින් සාර්ථකත්වය ලබා දුන් අතර මේ සඳහා ඔහුට උපකාරීවූ යතුර නම් දේව වචනයයි.

මෙම සම්පත සාමාන්‍යයෙන් අප තුන් ආකාර සැලැස්මක් ලෙස දකිනවා. අපි ශුද්ධ බයිබලය දෛනිකව කියවීමෙන් හෝ දේවස්ථානයට රුගෙන යමින් හෝ එය කියවීමෙන් අපි එය නාමිකව භාවිතා කිරීමට පුරුදු වී සිටිනවා. එහෙත් අපි නිතරම එය මතක තබා ගැනීමට, මෙනෙහි කිරීමට, ජීවිතයට අදාල කරගැනීමට හෝ එයින් එළිදරවු වන පාප ගැන කමාව ලබා ගැනීමට හෝ එයින් දෙවියන් වහන්සේ විසින් අපට එළිදරවු කර දී ඇති දීමනා ගැන ස්තුති කිරීමට අමතක කරනවා. අපි නිතරම ශුද්ධ බයිබලය සම්බන්ධයෙන් අරුචි ස්වභාවයක් දක්වනවා. අපි ඉතා අල්ප වශයෙන් පමණක් එය ලබාගෙන ආත්මය නොමැරී පවත්වාගෙන යාම සඳහා පමණක් එයින් පෝෂණය වන අතර දේවස්ථානයට යනවිට එය මෙනෙහි කිරීමෙන් සහ දීර්ඝ ලෙස පරිහරණය කිරීමෙන් අපට යහපත් ආත්මික පෝෂනයක් ලබා ගැනීමට අප උත්සාහ කරන්නේ නැත.

දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කිරීම දෛනිකව අර්ථවත් ලෙස කිරීමේ පුරුද්දක් ඔබ තුළ නැත්නම් ශුද්ධාත්ම මඟ පෙන්වීම අනුව ඔබට මඟ පෙන්වන ආකාරයට යම් කොටස් කට පාඩම් කර ගත යුතුය. එසේ පුරුද්දක් නැත්නම් එම පුරුද්ද ඔබ විසින් ඇති කර ගැනීම වැදගත්ය. මා යෝජනා කරනවා ඔබට සඟරාවක් පටන් ගන්නා ලෙසට (ඔබේ යතුරු ලියන වේගය ලියන වේගයට වැඩි නම්) පරිගණකය මගින්, නැත්නම් වාර්තා සටහන් පොත් වල වචනය තුළින් ඔබ ලබා ගන්නාවු යම් වැදගත් දෙයක් සටහන් කර ගැනීමට හැකිවන තෙක්, වචනය පසෙකට නොදමන්න. දෙවියන් වහන්සේ මට කථා කර ඇති අංශයන් ගැන, මා තුළ වෙනස්වීමක් ඇති කරන මෙන් දෙවියන් වහන්සේගෙන් ඉල්ලා මම යාච්ඤා පොතක් පචත්වාගෙන යමි. ශුද්ධ බයිබලය අපගේ සහ අන් අයගේ ජීවිත කෙරෙහි බලපෑමට පාවිච්චි කරනු ලබන මෙවලමකි (එපීස 6 : 17), එය අපගේ ආත්මික යුද්ධය උදෙසා සටන් කිරීමට අත්‍යවශ්‍යම, ප්‍රධානම යුද්ධ මෙවලමකි (එපීස 6 : 12-18)!

(3) යාච්ඤාව - මෙය දෙවියන් වහන්සේ විසින් අපට දී ඇති තවත් අත්‍යාවශ්‍ය සම්පතකි. නැවතත් කියනවා නම්, මෙය ක්‍රිස්තියානුවන් විසින් නාමිකව පමණක් භාවිතා කරනු ලබන නමුත්, ඉන් ඉතාමත් අල්ප ප්‍රයෝජනයක් ලබා ගනි. කිතුණුවන් වශයෙන් අප අතර යාච්ඤා රුස්වීම්, යාච්ඤා කාලයක් යනාදිය පැවැත්වේ. එහෙත් මුල් සභාව ලැබූ ප්‍රයෝජන අප ඉන් ලබා නොගනි (ක්‍රියා 3 : 1; 4 : 31; 6 : 4;13 : 1-3). පාවුලු තුමා නැවත නැවත සඳහන් කරනවා ඔහු දේශනා කළ අයවලුන් ගැන නිතරම යාච්ඤා කළ බව. එසේත් නැති නම් අපි හුදකලාව සිටින විට දී වත් අපට දී ඇති මෙම සම්පත නිසියාකාරව පාවිච්චි නොකරති. එහෙත් දෙවියන් වහන්සේ යාච්ඤා වලට අදාලව මහත් පුදුම පොරොන්දු අපට දී තිබේ (මතෙව් 7 : 7-11; ලූක් 18 : 1-8; යොහන් 6 : 23-27; 1 යොහන් 5 : 1;-15 යනාදි වශයෙන්). නැවතත් පාවුල් තුමා මේ බව ආත්මික යුද්ධයට සැරසීමයයි කොටසෙහි ඇතුලත් කර ඇත (එපීස 6 : 18)!

මෙය කෙතරම් වැදහත්ද? ඔබ නැවත වාරයක් පේත්‍රැස් දෙස යොමු වුවහොත්, ඔහු විසින් යේසුස් වහන්සේ පාවාදීමට ප්‍රථම යේසුස් වහන්සේ ඔහුට ගෙත්සෙමනේ උයනේදී ප්‍රකාශ කළ වචන ගැන සලකා බැලුවහොත්, මෙහිදි උන් වහන්සේ යාච්ඤා කරද්දී පේත්‍රැස් නින්දේ පසුවන බව දැක, ඔහු නැගුටුවා “නුඹලා පරීක්‍ෂාවට නොපැමිණෙන පිණිස අවදිව ඉඳ යාච්ඤා කරපන්න. ආත්මය නම් කැමතිය. නමුත් මාංසය බෙලහීනයයි” කීසේක (මතෙව් 26 : 41). ඔබටත් පේත්‍රුස් මෙන් හරිදේ කිරීමට උවමනා නමුත්, ඒ සඳහා ශක්තියක් ඔබ තුළ නැද්ද. මෙහිදි දෙවියන් වහන්සේගේ අවවාද අප පිළිපැදිය යුතු වෙනවා. සොයන්නට, තට්ටුකරන්න, අසන්නට - එවිට උන් වහන්සේ අපට අවශ්‍ය ශක්තිය දෙනු ඇත (මතෙව් 7 : 7). නමුත් මේ සම්පත ලබා ගැනීම සඳහා ඔබගේ සාමාන්‍ය පිළිවෙලට වඩා වෙනසක් ඇති කර ගත යුතුවේ.

මා පවසන්නේ නැහැ යාච්ඤාව විජ්ජාවක්, අද්භුත බලයක් කියා. එය එසේ නොවෙයි. දෙවියන් වහන්සේ තේජස්වන්තයි. යාච්ඤාව යනු ඉතා සරලව අපගේ සීමාවන් දෙවියන් වහන්සේගේ අසීමිත බලය තුළින් උන් වහන්සේ වෙතට යොමුවී උන් වහන්සේ කැමති දේ අප ලවා කිරීමට උන් වහන්සේගේ බලය ලබා ගැනීමය (අපි කැමති දේ කිරීමට නොව) (1 යොහන් 5 : 14-15).

(4) සභාව - අන්තීම සම්පත වන්නේ අපි ඉතා අඩු සැලකිල්ලක් යොමු කරවන දෙයකි. යේසුස් උන් වහන්සේගේ ගෝලයන් සේවය සඳහා පිටත් කර හැරීමේදී උන් වහන්සේ ඔවුන් දෙදෙනා බැගින් පිටත් කර යැව්වා (මතෙව් 10 : 1). අපි ක්‍රියා පොතේ මිෂනාරි ගමන් ගැන කියවන විට, ඔවුන් එකිනෙකා තනිවම ගියේ නෑ. එහෙත් ඔවුන් ගියේ දෙදෙනා හෝ ඊට වැඩි කණ්ඩායම් ලෙසයි. යේසුස් වහන්සේ ප්‍රකාශ කළා යම් තැනක දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් මාගේ නාමයෙන් රැස්වන්නේද, මම ඒ මැද සිටිමියි කියා (මතෙව් 18 : 20). උන් වහන්සේ අපට අණකර තියෙනවා අන්‍යන් මෙන් නිකරුණේ රැස්නොවන ලෙසත්, අපගේ රැස්වීම් කාලය යහපත් වැඩ කිරීම සහ එකිනෙකා ධෛරය්‍යමත් කිරීමේකාලයක් ලෙසට යොදා ගැනීමට (හෙබ්‍රෙව් 10 : 24-25). උන් වහන්සේ අපට ප්‍රකාශ කරනවා අපේ වැරදි එකිනෙකාට කියා දෙන්න කියා (යාකොබි 5 : 16). පරණ ගිවිසුමේ ප්‍රඥාවේ ලියකියවිලි මඟින් දෙවියන් වහන්සේ අපට පෙන්වා දෙනවා, යකඩයකින් යකඩය මුවහත් වෙන්නාක් මෙන් මනුෂ්‍යයකුට තම මිතුරාගේ මුහුණ පැහැපත් කළ හැකිය කියා (හිතෝපදේශ 27 : 17). “තුන්පට ලනුවක් ඉක්මනින් නොකැඩෙන්නේය” (දේශනාකාරයා 4 : 11-12)

ඇතැම් අය යේසුස් වහන්සේ තුළ සහෝදරයන් හෝ සහෝදරියන් ඇති කර ගෙන සිටින බව මා දන්නවා (ඔබ ස්ත්‍රියක් නම්) ඔවුන් දුරකථනය මගින් සම්බන්ධවී හෝ පුද්ගලිකව මුණ ගැසී ඔවුන්ගේ ක්‍රිස්තියානි ජීවිත ගමන පිළිබඳව අත්දැකීම් බෙදා ගන්නවා. ඔවුන්ට පසු කරන්නට සිදුවුනු බාධක, පොරබැදීම් යනාදිය පිළිබඳව ඔවුන් එකිනෙකාව දෙවියන් වහන්සේගේ වචනය තුළින් ඔසවමින් ඔවුන්ගේ සම්බන්ධතාවය තුළින් එකිනෙකා ගැන යාච්ඤා කිරීමට පොරොන්දු වෙනවා.

ඇතැම් අවස්ථාවල වෙනස්වීම ඉක්මනින්ම වෙනවා. එහෙත් ඇතැම්විට සමහර අංශ වලදී වෙනස්වීම සිදුවන්නේ ඉතා හෙමින්ය. එහෙත් දෙවියන් වහන්සේ පොරොන්දුවී තිබෙනවා අපි උන් වහන්සේගේ සම්පත් වලින් ප්‍රයෝජන ගන්නා විට, උන් වහන්සේ අපේ ජීවිත වල පෙරලියක් ඇති කරන බවට. උන් වහන්සේගේ විශ්වාසවන්ත කම සහ පොරොන්දු ගැන දැන ගැන්මෙන් යුක්තව ඒවා අත් නොහැර අල්ලා ගෙන සිටින්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මාගේ ක්‍රිස්තියනි ජීවිතයේදී මා පාපයෙන් ජය ගන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries