settings icon
share icon
ප්‍රශ්නය

ඩොලරෝසා හරහා (අතුරින්) යනු කුමක්ද රෑ?

පිළිතුර


ඩොලරෝසා හරහා (අතුරින්) යනු වචනානුසාරයෙන්ම "ශෝකජනක මාර්ගය" වන අතර අපගේ ස්වාමින්වහන්සේ උන්වහන්සේව කුරුසිපත් කරනු ලැබූ දිනයෙහි පිලාත්ගේ විනිශ්චය අසුනේ සිට උන්වහන්සේව කුරුසිපත් කරනු ලැබූ කල්වාරි කන්ද දක්වා ගමන් කරනු ලැබූ සම්ප්‍රදායික මාර්ගයවේ. මෙය ප්‍රීටෝරියම් ලෙසද හැදින්වේ (මතෙව් 27:2-26). පොන්තියුස් පිලාත්ගේ විනිශ්චයෙන් පසු ස්වාමිවූ යේසුස්වහන්සේට රෝම සොල්දාදුවන් විසින් පහරදී සමච්චල් කර කෙළ ගසනු ලැබූ සේක (මතෙව් 27:26-31). ඉන් අනතුරුව උන්වහන්සේව කුරුසියෙහි ඇණ ගසනු ලැබූ ගොල්ගොතා වෙත යෙරුසලමේ වීදි හරහා තම කුරුසිය උසුලාගෙන යාමට උන්වහන්සේට බල කරන ලදී (මතෙව් 27:32-50). වර්තමානයේ ඩොලරෝසා හරහා "කුරුසියේ ස්ථාන" 14 කින් සලකුණු කොට තිබෙන්නේ ගමන් මාර්ගයේදී සිදුවූයේ යයි පවසන සිදුවීම 14 අනුස්මරණය කරනු පිණිසය. රෝමානු කතෝලික සම්ප්‍රදායන් වෙනුවට මෙම සිදුවීම පහක් හෝ දේව වචනයේ වාර්තාවී නොමැත. ශුද්ධ ලියවිල්ලෙහි සදහන් කර ඇති සිදුවීම්වල එනම් කසයෙන් තලනු ලැබූ (යොහාන් 19:1-3) සහ කිරේනියේ සීමොන් විසින් කුරුසිය උසුලාගෙන යාම (මතෙව් 27:32), ආදියෙහි සැබෑ ස්ථානයන් නොදනී.

දේව වචනයෙහි නිශ්චිත වශයෙන්ම ඩොලරෝසා හරහා පිළිබදව සදහන් නොකරයි. ශුද්ධ ලියවිල්ලෙන් අප දන්නා කාරණය නම් යේසුස්වහන්සේ තම කුරුසිය ප්‍රීටෝරියමි නම් ස්ථානයේ සිට කල්වාරි කන්ද පිහිටි ස්ථානයට ගෙන ගිය බවය. මෙම ස්ථානයන්ගේ පිහිටීම නිශ්චිතවම නොදන්නා නමුත් ඒවා කොතැනක පිහිටා තිබුනත් ඒ අතර මාර්ගය සැබවින්ම ශෝකජනක මාර්ගයක් විය. කසයෙන් තැලීම සහ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් දරා ගනු ලැබූ ශාරිරික වේදනාව වනාහී උන්වහන්සේ විසින් උසුලා දැරූ සැබෑ බර එනම් සියලූ ඇදහිලිවන්තයන්ගේ පාපයේ බර හා සසදන කල ඉතා අල්ප විය. උන් වහන්සේ අපගේ පාපයන් කුරුසිය කරා දරාගෙන ගොස් ඒ සියල්ලම වෙනුවෙන් දඩය ගෙවූ සේක.

කිතුණුවන් ක්‍රිස්තුස්වහන්සේ කුරුසියට යන ගමන පිළිබදව කල්පනා කරන විට අපගේ ගැළවීම කෙතරම් වටිනා ත්‍යාගයක්ද යන්න සහ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් ඒ සදහා ගෙවනු ලැබූ මිලය පිළිබදව අපට මතක් කර දෙනු ලබයි. "නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩි කරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඩුවම උන්වහන්සේ පිටට පැමුණුනේය. උන්වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ" (යෙසායා 53:5). අප විසින්ම කිසිවිටෙකත් තනිවම ගෙවිය නොහැකි මිලක් අප වෙනුවෙන් ගෙවා වේදනාව සහ නින්දාව අප වෙනුවෙන් දරා ගැනීම පිළිබදව අප කල්පනා කරන කල අපට කළ හැකි එකම දේ නම් උන් වහන්සේට ප්‍රශංසා සහ ස්තුති කරමින් උන්වහන්සේට කීකරු වූ ජීවිතයක් වෙනුවෙන් කැපවීම පමණි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඩොලරෝසා හරහා (අතුරින්) යනු කුමක්ද රෑ?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries