settings icon
share icon
ප්‍රශ්නය

පෘතුවියේ පමණක් ජීවින් සිටී නම්, මෙතරම් අතිවිශාල විශ්වයක් සහ අනෙකුත් ග්‍රහලෝක මැවීමට හේතුව කුමක්ද?

පිළිතුර


දෙවියන්වහන්සේ වෙනත් ග්‍රහලෝකයන් හි ජීවින් මැව්වේද යන ප්‍රශ්නය සැබවින්ම මනස්කාන්තය. ගීතාවලිය 19:1 පදයේ සඳහන් "අහස්තලය දෙවිමහිමය ප්‍රකාශ කරන්නේය. ගුවන්තලය එතුමන්ගේ අත්කම් විදහා පාන්නේය." ලෙසය. ඔබ හෝ මාවද, වන සතුන් හෝ දේවදුතයන් හෝ තාරකා සහ ග්‍රහලෝකයන් කුමක් වුවද, දෙවියන්වහන්සේ මවා ඇත්තේ උන්වහන්සේගේ මහිමය සඳහාය. සෞරග්‍රහ මණ්ඩලයේ මනස්කාන්ත දර්ශනයක් දකින විටදි හෝ දුරදක්නයක් මගින් සෙනසුරු ග්‍රහයා නිරීක්‍ෂණය කරන හැමවිටදීම දෙවියන්වහන්සේගේ විශ්මිත ක්‍රියා ගැන අප මවිතයට පත් වනු ඇත. දාවිත් තුමා ගීතාවලියේ 8:3 පදය මගින් ලියා ඇත්තේ "සියතින් ඔබ නිම කළ අහස්තලයද, ඔබ පිහිටෙවු සඳ මඩලද, තරු වැල්ද මා නරඹන කල්හි" යනුවෙනි. අති විශාල තාරකා ප්‍රමාණයක් අප දකින කල්හිද, දස ලක්ෂ ගණන් තාරකා අඩංගු ග්‍රහලෝකයන් දහස් ගණනක් විද්‍යාඥයන් විසින් සොයා ගෙන ඇති බව අප දන්නා බැවින්ද, එම සියඵ දේ තමන්වහන්සේගේ දෑතින් නිර්මාණය කළ බව ප්‍රකාශ කරන මහ බලැති දෙවිඳුන් ඉදිරියේ අප ගරු බිය ඇතිව සිටිය යුතු වේ. ඊට අමතරව ගීතාවලිය 147:4 මගින් දැක්වෙනුයේ "එතුමාණෝ තාරකාවන් එක එක ගණන් කරන සේක. ඒ සියල්ලටම නම් තබන සේක" යනුවෙනි. තාරකාවන්හි ප්‍රමාණය කොපමණදැයි මනුෂ්‍යයාට දැන ගැනීමට අපහසුය. එනමුත් දෙවියන්වහන්සේ තාරකා ප්‍රමාණය දන්නවා පමණක් නොව ඒ එක් එක් තාරකා "නමින්"ම උන්වහන්සේ දන්නා සේක. "පොළොවේ අත්තිවාරම් මාගේ අතින්ම මා දැමුවෙමි. මාගේ දකුණතින් අහස විහිදුවා පිහිටුවෙමි. මා ඒවාට අඩගැසු විට ඒවා මා ඉදිරියට පැමිණේ." (යෙසායා 48:13)

විශ්වය සහ ග්‍රහලෝක මවා ඇත්තේ දෙවියන්වහන්සේගේ මහිමය සඳහාය. අපගේ සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් තාරකා සහ ග්‍රහලෝක පිහිටා ඇති බව අප දන්නා අතර, ඒවාද මවන ලද්දේ උන්වහන්සේගේ මහිමය සඳහාය. නිරන්තරයෙන් ව්‍යාප්ත වන විශ්වය සම්බන්ධව ඇති මතිමතාන්තර තවම ඔප්පු කර නැත. සූර්‍යයාට වඩා ඊළඟට දුරින් පිහිටා ඇති තාරකාව, ආලෝක වර්ශ 4 ක් ඈතින් පිහිටා ඇති අතර, එහි ප්‍රමාණය, ව්‍යාප්ත වන හෝ නොවන විශ්වයේ ප්‍රමාණය සමග මැනිය නොහැකි තරම් අල්පය.

වෙනත් ග්‍රහලෝකයන් හි ජීවීන් සිටිද යන්න අපි නොදනිමු. මේ තාක් කල් සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක වල ජීවින් සොයාගෙන නැත. අවසාන කාලය ඉතා සමීප බැවින්, ස්වාමීන්වහන්සේගේ දෙවන ඊමට එම ග්‍රහලෝක වෙත ගමන් කිරිමට මිනිසාට හැකිවෙතැයි සිතීම අපහසුය. එම ග්‍රහලෝකයන්හි ජීවින් සිටියත්, එහි මැවුම්කරුවාණන් වන්නේ දෙවියන්වහන්සේම වන අතර, ඒ සෑම මැවිල්ලක්ම සිදුවුයේ උන්වහන්සේගේ මහිමය උදෙසාය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පෘතුවියේ පමණක් ජීවින් සිටී නම්, මෙතරම් අතිවිශාල විශ්වයක් සහ අනෙකුත් ග්‍රහලෝක මැවීමට හේතුව කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries