යාච්ඤාවේදී නිරර්ථක වචන කියාගෙන කියාගෙන යාම යනුවෙන් අදහස් වනුයේ කුමක්ද?


ප්‍රශ්නය: යාච්ඤාවේදී නිරර්ථක වචන කියාගෙන කියාගෙන යාම යනුවෙන් අදහස් වනුයේ කුමක්ද?

පිළිතුර:
කන්ද උඩ දේශනාවේදී යේසුස්වහන්සේ විසින් පැවසූයේ "තවද යාච්ඤා කිරීමේදී අන්‍ය ජාතීන් මෙන් නිරර්ථකවූ වචන කියාගෙන කියාගෙන නොයන්න. ඔව්හු තමුන්ගේ වචන රාශිය නිසා අසනු ලබන්නෝයයි සිතති" (මතෙව් 6:7). නිරර්ථක යන වචනයෙහි අර්ථය නම් "හිස්" නොහොත් "නිෂ්ඵල" යන්නවේ; එසේ හෙයින් යේසුස්වහන්සේ විසින් අනතුරු අගවනු ලබන්නේ අපගේ යාච්ඤාවන් හීදී නොවටිනා වාක්‍ය ඛණඩ පුනරුච්චාරණය කිරීම තුළින් දෙවියන්වහන්සේට සවන් දීමට උපකාර නොකරන බවය. අපගේ ස්වර්ගීක පියාණන්වහන්සේ අපගේ වචන සංඛ්‍යාවල කාව්‍යමය උච්චාරණයන් හෝ මන්ත්‍රයන් පිළිබදව කිසිඳු සැලකිල්ලක් නොදක්වන සේක; උන් වහන්සේගේ අභිරුචිය වනුයේ "අධ්‍යාත්මයේ සත්‍යයතාවය" වේ (ගීතාවලිය 51:6).

යේසුස්වහන්සේ විසින් පෙන්වා දෙනු ලබන්නේ පුනරාවර්තන වචන හෝ සූත්‍රමය වාක්‍ය ඛණ්ඩ භාවිතා කිරිම "විජාතික" හෝ "මිථ්‍යාදෘෂ්ඨික" ක්‍රියාවක් වන අතර එය ක්‍රිස්තියානි යාච්ඤාවේ කොටසක් නොවිය යුතු බවය. අපගේ යාච්ඤාවන් කර්මෙල් කන්ද මත එලියාගේ යාච්ඤාව මෙන් කෙටි සරල විය යුතු අතර බාල්ගේ අනාගතවක්තෘන්ගේ මෙන් දීර්ඝ වූත් පුනරාවර්තන යාච්ඤාවන් මෙන් නොවිය යුතුවේ (1 රාජාවලිය 18:25-39 බලන්න).

අප යාච්ඤා කරන කල අප දෙවියන්වහන්සේ හා සමග කථා කරනු ලබන මෙන්ම උන්වහන්සේට නමස්කාරද කරන්නෙමු. එය වනාහී හදවතින් නැගී එන්නාවූ සංවාදයක් මෙනි. ක්‍රිස්තියානි ධර්මයේ සමහර ශාඛා ඇතුළුව බොහෝ ආගම්වල නැවත නැවතත් පුනරුච්චාරණය කිරීමට උපදෙස් දෙනු ලබන චර්යානුගත යාච්ඤාවන් ඇත. ඇතැම් සභාවන් තම සාමාජිකයන් පාපයෙන් නිදොස් වීම පිණිස කිසියම් යාච්ඤාවක් නිශ්චිත වාර ගණනක් කටපාඩමෙන් යුතුව කියාගෙන යාමට තරම් පවා ඈතකට යති. මෙය වනාහී මිථ්‍යාදෘෂ්ඨය සහ මිථ්‍යා විශ්වාසයවේ; මෙවන් සූත්‍රමය යාච්ඤාවන් "නිරර්ථකවූ වචන කියාගෙන කියාගෙන යාම" වන අතර ඒවාට සභාවෙහි කිසිඳු ස්ථානයක් නොමැත. යේසුස්වහන්සේ විසින් දැනටමත් අපගේ පාපයන්ට කමාව සදාකාලයටම ලබා දී ඇති අතර (හෙබ්‍රෙව් 10:10), අපට කරුණාවේ සිංහාසනයට ළගාවිය හැක්කේ ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිත පූජාවේ ඇති වටිනාකම කරණකොටගෙන (හෙබ්‍රෙව් 4:15-16), විනා අපගේ "බොහෝ වචන" (මතෙවි 6:7) නිසා නොවේ.

අපගේ යාච්ඤාවන්හීදි අපගේ වචන ගැන සිතීම හෝ ඒවා අපගේ හදවතින්ම පැමිණීමට ඉඩ දෙනු වෙනුවට එකම වචන පුනරුච්චාරණය කරමින් නිරර්ථක වචන කියාගෙන කියාගෙන යාමට හසුවීම පහසුය. අප යාච්ඤාවෙන් දෙවියන් වහන්සේ කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර අපගේ හදවත් තුළ උන්වහන්සේට ගෞරවය කළ යුතු වෙමු. යෙසායා 29:13 හී දෙවියන්වහන්සේ පවසනු ලබන්නේ "මේ සෙනග තමුන්ගේ මුඛයෙන් ළංවී තමුන්ගේ තොල්වලින් මට ගෞරව කරන නමුත් ඔවුන්ගේ සිත මාගෙන් දුරු කරගත් බැවින්ද..."

නිරර්ථක වචන කියාගෙන කියාගෙන යාමට එරෙහිව යේසුස්වහන්සේගේ අනතුරු ඇගවීම යනුවෙන් අදහස් වනුයේ නිරර්ථක හෝ අර්ථ විරහිත වචන මෙන්ම අපගේ යාච්ඤාවන් පුනරුච්චාරණය කිරීම අප මග හරවාගත යුතුය යන්නය. දේවල් පුනරුච්චාරණය කිරීම තුළින් කාලය සම්පූර්ණ වන නමුත් එතුළින් අපගේ ශ්‍රද්ධාව හෝ දෙවියන්වහන්සේ අපට ඇහුමිකන් දීමේ අවස්ථාවන් වැඩි කරන බවට සනාථ නොකරයි. කුඩා කල සිටම අපගේ දරුවන්ට ඔවුන් ආමන්ත්‍රණය කරනු ලබන තැණන්වහන්සේට මහත් ගෞරවයක් දක්වමින් ස්වභාවිකව සහ සංවාදශීලි ආකාරයකින් යාච්ඤා කිරීමට ඉගැන්විය යුතු වෙමු.

අප්‍රතිහතව කරගෙනු යනු ලබන්නාවූ යාච්ඤා නිරර්ථක වචන කියාගෙන කියාගෙන යාමට සමාන නොවේ. එකම දේ පිළිබදව වරකට වඩා යාච්ඤා කිරීමේ වරදක් නොමැත (2 කොරින්ති 12:8 බලන්න). එසේ නමුත් යේසුස් වහන්සේ විසින් අපට උගන්වනු ලැබූයේ "නොමැළිව නිතර යාච්ඤා කරන්ට ඕනෑ බව"ය (ලුක් 18:1). අපගේ යාච්ඤාවන් අපගේ හදවතින්ම නිරායාසයෙන් සහ දෙවියන්වහන්සේට ගෞරව ගෙන දෙන්නක් විය යුතු අතර වෙන කෙනෙකු රචිත පුනරුච්චාරණය කරනු ලබන වචන නොවන බවට ගම්‍යමානවේ.

දේව වචනය අපට උගන්වනු ලබන්නේ ඇදහිල්ලෙන් (යාකොබ් 1:6), දෙවියන් වහන්සේව සෘජුව ආමන්ත්‍රණය කරමින් (මතෙව් 6:9) සහ යේසුස්වහන්සේගේ නාමයෙන් (යොහාන් 14:13) යාච්ඤා කළ යුතු බවය. අප අපගේ යාච්ඤාවන් ඔප්පු කළ යුත්තේ මහත් ගෞරවයකින් සහ නිහතමානීභාවයකින්ද (ලුක් 18:13), ප්‍රබල උත්සාහයකින් (ලුක් 18:1) සහ දෙවියන්වහන්සේගේ කැමැත්තට අවනත වෙමිනි (මතෙව් 6:10). දේව වචනය මගින් අපට උගන්වනු ලබන්නේ කුහක, මනුෂ්‍යයන්ට පමණක් ඇසීමට අභිප්‍රාය කොටගත් (මතෙව් 6:5) හෝ නිරර්ථක වචන කියාගෙන කියාගෙන යාම මත රදා පැවතෙන (මතෙව් 6:7). යාච්ඤාවන් මගහරිනු ලබන ලෙසය.

English


නැවතත් සිංහල මුල් පිටුවට
යාච්ඤාවේදී නිරර්ථක වචන කියාගෙන කියාගෙන යාම යනුවෙන් අදහස් වනුයේ කුමක්ද?

කොහොමද දැනගන්න ...

දෙවියන් වහන්සේ සමග සදාකාලිකත්වය



දෙවියන්ගෙන් සමාව ලබාගන්න