settings icon
share icon
ප්‍රශ්නය

මතෙව් 16:18 හි සඳහන් පර්වතය කුමක්ද?

පිළිතුර


ක්‍රිස්තුස් වහන්සේ සභාව ගොඩ නගන "පර්වතය" පේත්‍රස්ද යන්න හෝ එසේ නැති නම් "ක්‍රිස්තුස් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා" යන ප්‍රකාශයද යන්න පිළිබඳව විවාදය මහත් වේගයෙන් පැතිරේ (මතෙව් 16:16). සැබවින්ම අංකවම පවසනවා නම් කුමක් නිවැරදිද යන්න නිවරද්‍ය ලෙස පැවසීමට අපටද මඟක් නැත. ව්‍යාකරණානුකුල සංස්කරනය අනුව දෙපැත්තම එක ලෙස දැකිය හැකිය.

පළවෙනි කරුණ නම් යේසුස් වහන්සේ ගොඩ නගන සභාව පේත්‍රස් නැමති "පර්වතය" මත ගොඩ නගන බවය. යේසුස් වහන්සේ වචනය මත කතා කරන බවක් පෙනේ. "ඔබ පේත්‍රස් (පෙට්ට්‍රොස්) මෙම පර්වතය මත මම මගේ සභාව ගොඩ නගන්නෙමි". පේත්‍රස්ගේ නාමයෙහි අරුත "පර්වතය" යයි, යේසුස් වහන්සේ පර්වතයක් මත සභාව ගොඬ නගන බව-මෙහිදි යේසුස් වහන්සේ මේ කරුනු දෙක එකට සම්බන්ධ කරන ආකාරයක්ද දැකිය හැකිය. සභාව ස්ථාපනය කිරීමේදී දෙවියන් වහන්සේ ඉමහත් ලෙස පේත්‍රස්ව පාවිච්චි කරන ලදි. පෙන්තකොස්ත දවසේදී ප්‍රථමයෙන් ශුභාරංචිය දේශනා කරනු ලැබුවේ පේත්‍රස්ය (ක්‍රියා 2:14-47). සමාරිතයන් ප්‍රථම වතාවට ශුද්ධාත්මයාණන් වහන්සේ ලබන කල්හි පේත්‍රස් එම ස්ථානයේ වූ අතර (ක්‍රියා 8:14-17), අන්‍යජාතීන්ට පළමුවෙන්ම ශුභාරංචිය රැගෙන ගියේද පේත්‍රස්ය (ක්‍රියා 10:1-48). යම් ආකාරයකින් පවසනවා නම් පේත්‍රස් සභාවේ පර්වත "අත්තිවාරම" විය. අනෙක් ජනප්‍රිය පරිවර්තනය නම් පර්වතය සම්බන්ධව, යේසුස් වහන්සේ පේත්‍රස්ව පර්වතය ලෙස යොමු නොකළ අතර නමුත් ඔහුගේ ඇදහිල්ලේ ප්‍රකාශණය පදය 16 "ඔබ ක්‍රිස්තුස් වහන්සේය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාය". යේසුස් වහන්සේ පේත්‍රස්ට හෝ අනෙකුත් දොළොස් දෙනාට හෝ තමන් වහන්සේගේ සම්පූර්ණ අන්‍යයතාවය පිළිබඳ නිශ්චිත ඉගැන්වීමක් කර තිබුණේ නැති අතර, දෙවියන් වහන්සේ විසින් ස්වෛරීව පේත්‍රස්ගේ ඇස් විවර කර සැබවින්ම යේසුස් වහන්සේ කව්ද යන්න එළිදරව් කර ඇති බව එතුමාණන් වහන්සේ වටහා ගත් සේක. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බවට කළ ස්ථීර ප්‍රකාශනය ඔහු තුළින් ගලා ආ බවත්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන පේත්‍රස් තුළ තිබුණාවූ පූද්ගලික විශ්වාසය ගැන හදවතින් ගලා ආවාවූ බලවත් ප්‍රකාශනයක් ලෙසත් පෙනේ. සැබෑ කිතුණුවකුගේ ප්‍රමුදාව වන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇති මෙම පුද්ගලික විශ්වාසයයි. පේත්‍රස් කළාක් මෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ විශ්වාසය තබා ඇති සියල්ලන් සභාව වේ. පේත්‍රස් මෙම සත්‍යතාවය පිළිබඳ 1 පේත්‍රස් 2:5 හි සඳහන් කරයි. "මනුෂ්‍යයන් විසින් එපා කළ නමුත් දෙවින් වහන්සේ විසින් තෝරා ගත්තාවූ අනර්ඝ ජීවමාන ගලක් වැනි උන්වහන්සේ වෙතට පැමිණ, නුඹලාත් යේසුස් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේට ප්‍රසන්නවූ ආත්මික පූජා ඔප්පු කරන පිණිස ශද්ධ පූජක සමූහයක්වීමට ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල් මෙන් ගොඩ නගනු ලබන්නහුය".

පේත්‍රස්ගේ පාපෝච්චාරණයෙන් පසුව, දෙවියන් වහන්සේ සැබෑව ප්‍රේතස්ට එළිදරව් කල බවට යේසුස් වහන්සේ ප්‍රකාශයක් දෙන ලදී. "පේත්‍රස්" යන වචනයට අරුත, පෙට්ට්‍රොස්, එහි අරුත "කුඩා ගල" (යොහාන් 1:42). ඉන් පසුව යේසුස් වහන්සේ ඊට සම්බන්ධ තවත් වචනයක් ගෙන, පෙට්රා එහි අරුත වන්නේ "අත්තිවාරම් ගල් පව්ව" ය. මෙම පදයම මතෙව් 7:24, 25 නුවණ ඇති මනුෂ්‍යයා තමාගේ ගෙය ගොඩ නැඟු පර්තවය ලෙස විග්‍රහවේ. පේත්‍රස්ද තමාගේ පළමු ලිපියේදී, මෙම සංකල්ප රූපය ගෙන සභාව ගොඩ නැගෙන්නේ මෙවැනි බොහෝ කුඩා පෙට්ට්‍රොස්, "ජීවමාන ගල්" (1 පේත්‍රස් 2:5) බව, එනම් යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බවත් ජීවමාන දෙවියන් වහන්සේ ගේ පුත්‍රයා බවත්ය යන පේත්‍රස් ගේ ස්ථීර ප්‍රකාශනයට කොටස්කරුවන් වන හැම, එසේ ජීවමාන ගල් වේ. මෙම ඇදහිල්ලේ ප්‍රකාශනය සභාවේ පතුල් ගල් තලය වේ.

තව දුරටත්, අළුත් ගිවිසුමෙහි මෙය බහුල ලෙස පැහැදිලි කරමින් ක්‍රිස්තුස් වහන්සේ සභාවෙහි අත්තිවාරම බවය යන්න ප්‍රකාශ වේ. (ක්‍රියා 4:11,12, 1 කොරින්ති 3:11). මෙම වරප්‍රසාදය පේත්‍රස්ට දුන් බව කල්පනා කිරීම අත්වැරද්දකි.සියලුම අපෝස්තළුවරුන් සභාව ගොඩ නැඟීමේදී සංස්ථාපන වගකීම දැරූ බවට අවබෝධයක් වේ (එපීස 2:20). නමුත් එහි ශ්‍රේෂ්ඨත්වය ක්‍රිස්තුස් වහන්සේට පමණක් වෙන් කර ඇත. ක්‍රිස්තුස් වහන්සේ ප්‍රධාන කොනේ ගල ලෙස සඳහන් වේ (1 පේත්‍රස් 2:6,7, එපිස 2:20, ලූක් 20:17, ක්‍රියා 4:11). ක්‍රිස්තුස් වහන්සේ ප්‍රධාන කොනේ ගල නම්, සභාව ගොඩ නගන පර්වතය පේත්‍රස් විය හැක්කේ කෙසේද?

එබැවින් මතෙව් 16:18 යේසුස් වහන්සේගේ වචන වලට හොඳම පරිවර්තනය වන්නේ ශක්තිමත් කරන පිණිස දෙන ලද වචන වේ. මෙහි අර්ඵෝද්ධාරය වන්නේ "පේත්‍රස් නුඹ "කුඩා ගල ලෙස" හදුන්වන නමුදු නුඹේ මූඛයෙන් ගල් පව්වක් වැනි සභාවේ අත්තිවාරම වන සැබෑව පැමිණ තිබේ".

රෝමානු කතෝලික සභාව යේසුස් වහන්සේ එදා සඳහන් කළ පර්වතය බවට තර්ක ගෙන, එම සාක්‍ෂිය සැබෑ එකම සභාව එය පැවසීමට අර්ථකතනය ගෙන හැර දක්වයි. නමුත් අප දැක තිබෙන ආකාරයට පේත්‍රස් පර්වතයවීම එකම වලංගු අර්ථ නිරූපණය නොවේ. මතෙව් 16:18 අන්දමට පේත්‍රස් පර්වතය වුවද එය රෝමානු කතෝලික ආගමට කිසි අධිකාරිත්වයක් නොදේ. ලියවිල්ලෙහි කිසිම ස්ථානයක පේත්‍රස් රෝමයේ සිටි බවට සඳහන් වී නැත. ලියවිල්ලෙහි කිසිම ස්ථානයක පේත්‍රස්ට අනෙක් අපෝස්තළුවරුන් කෙරෙහි ආධිපත්‍යයක් තිබූ බවට හෝ මුල් සභාවේ ප්‍රධාන නායකයා පේත්‍රස් බවට සදහන් වී නොමැත. පලවෙනිද පාප්වරයාද පේත්‍රස් නොවේ. කතෝලික සභාවේ ආරම්භය පේත්‍රස් හෝ කිසිම අපෝසතළුවරයෙකුගේ ඉගැන්වීම් මත පිහිටා නැත.



English



නැවතත් සිංහල මුල් පිටුවට

මතෙව් 16:18 හි සඳහන් පර්වතය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries