settings icon
share icon
ප්‍රශ්නය

කමා කල නොහැකි / සමාව දිය නොහැකි පාපය නම් කුමක්ද?

පිළිතුර


“කමා කල නොහැකි / සමාව දිය නොහැකි පාපය” නොහොත් ශුද්ධාත්මයාණන් වහන්සේට කරන්නාවූ දේව අපහසය පිළිබඳව මාර්ක් 3:22-30 සහ මතෙව් 12:22-32 හි සඳහන් කෙරේ. දේව අපහසය යන වචනය සාමාන්‍යයෙන් අර්ථ දක්වනු ලබන්නේ “නොසැලකිල්ල දක්වන අගෞරව අනාදරය” යනුවෙනි. අප එබඳු පාපයන්ට අදාළ කරන්නාවූ වචනය නම් දෙවියන් වහන්සේට ශාප කිරීම හෙවත් එතුමන් හා සම්බන්ධ දෑ සිතුමැතිව තත්වයෙන් පහලට හෙලා දෑමක් ලෙසය. එසේම එය දෙවියන් වහන්සේට නපුරුකම් ගුණ දැක්වීමක් නොහොත් අප විසින් එතුමන්ට ගුණ දැක්විය යුතු යහපත්කම් ප්‍රතිෂේධනය කිරීමයි. කෙසේ නමුත් මෙම දේව අපහසාත්මක තත්වය විශේෂිතවූ එකක් වන අතර එය මතෙව් 12:31 හි නම් කෙරෙන්නේ “ශුද්ධාත්මයාණන්ට වහන්සේට කරන්නාවූ දේව අපහසය” ලෙසය. මෙ පාඨයෙහි පරිසවරු යේසුස් වහන්සේ හාස්කම් කරනු ලබුවේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය කරණකොටගෙනය යන, නිශ්ප්‍රභා කළ නොහැකි සාධක ඔවුන් සාක්ෂි ලෙස දුටු නමුත්, ඒ වෙනුවට ඔවුන් කියා සිටියේ උන් වහන්සේ බෙල්සෙබූම් නම් යක්ෂයාගෙන් ආවේශව සිටි බවය (මතෙව් 12:24). මාර්ක් 3:30 හි සඳහන් කරන ආකාරයට ශුද්ධාත්මයාණන් වහන්සේට විරුද්ධව දේව අපහස කිරීමට තත්වාකාරයෙන්ම ඔවුන් කුමක් කළාද යන්න යේසුස් වහන්සේ විශේෂ කොටම සඳහන් කළ සේක.

එවකට කළාවූ දේව අපහසය නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ (මේ පොළොවෙහි මනුෂ්‍යය ආකාරයෙන් සිටි කළ) යක්ෂාවේශව සිටි බවට කළාවූ දෝෂාරෝපණයයි. ශුද්ධාත්මයාණන් වහන්සේට දේව අපහසය කිරීමට සෙසු ක්‍රම වේදයන් එනම් (ක්‍රියා 5:110 හි සඳහන් අනනියස් සහ සප්පිරාගේ සිද්ධියෙහි වූ පරිදි එතුමාණන්ට බොරු කිරීම) එනමුත් යේසුස් වහන්සේට විරුඳ්ධව දෝෂාරෝපණය කිරීම කමා කළ නොහැකි දේව අපහාසයකි. ශුද්ධාත්මයානන් වහන්සේට විරුද්ධව කරන්නාවූ මෙම නිර්දිෂ්ට, කමා කළ නොහැක් පාපය වර්තමානයේදී අනුපිටපත් කළ නොහැක.

වර්තමානයේදි ඇති එකම කමා කළ නොහැකි පාපය නම් අඛණ්ඩ විශ්වාසය නොමැති කමයි. විශ්වාසය නොමැති කමෙන් මිය යන්නාවූ පුද්ගලයෙකුට කමා කිරීමක් නොමැත. යොහන් 3:16 ප්‍රකාශ කරන ආකාරයට “මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන් වහන්සේ අදහා ගන්නා සැම දෙනම විනාශ නොවී සදා කාල ජීවනය ලබන පිණිසය.” යමෙකුට සමාව නොලැබෙන එකම කොන්දේසිය නම් ඔහු හෝ ඇය “උන් වහන්සේ කෙරෙහි අදහා ගන්නා අය අතරෙහි නොසිටීමයි.” මාර්ගයද සැබෑවද ජීවනයද මමය, මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත යයි යෙසුස් වහන්සේ වදාළ සේක (යොහන් 14:6). ගැළවීම ලබා ගැනීමට ඇති එකම මාර්ගය ප්‍රතික්ෂේප වූ කලී තමාවම නිරයේ සදාකාලිකත්වයට දණ්ඩනය කර ගැනීමක් වන්නේ එකම සමාව ප්‍රතික්ෂේප කිරීම, නිසැක වශයෙන්ම කමා කළ නොහැක්කක් වන හෙයිනි.

බොහෝ මනුෂ්‍යයන් භීතියකින් පසු වන්නේ දෙවියන් වහන්සේට සමාව දිය නොහැකි නොහොත් සමාව දෙනු නොලබන පාපයන් ඔවුන් විසින් සිදු කර ඇති බවත්, ඔවුන් කුමණ දෙයක් කළත් ඔවුන්ට කිසිඳු බලාපොරෙත්තුවක් නොමැති බවත් හැඟෙන නිසාවෙනි. සාතන්ට ඹහුගේ දුර්මතයට අපව භාජනය කොට එමගින් අපව වෙහෙසෙට පත්කරන්නට ලැබීම වැන්නට සමාන කිසිවිටකට ඔහු කැමැත්ත පළ නොකරයි. යථාර්ථය නම්, යම් පුද්ගල‍ෙයකුට එවන් භීතයක් ඇත්නම් ඔහු හෝ ඇය විසින් කළ යුතු එකම දෙය දෙවියන් වහන්සේගේ අභියසට පැමිණ පාපොච්චාරණය කොට ඒ පිළිබඳව පසු තැවිලිවී උන් වහන්සේ කමාවේ පොරොන්දු ඒත්තු ගැනීම වේ. “අපේ පාපවල් කියා දෙමු නම්, අපේ පව් අපට කමා කරන්ටත් සියලු අධර්මිෂ්ඨ කමින් අපව පවිත්‍ර කන්ටත් උන් වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටින සේක (1 යොහන් 1:9). මෙම පදයන් අපට සහතික කරන්නේ අප පශ්චාත්තාප‍ෙයන් උන් වහන්සේ වෙතට එන කළ අපගේ පාපය කෙතරම් දරුණූ වූවත් දෙවියන් වහන්සේ ඒවාට සමාවදීමට සූදානම්ව සිටින වගය. ඔබ මේ වනවිට සාවද්‍යතා සම්භාරකින් පීඩා විඳිනු ලබන්නෙහු නම්, දෙවියන් වහන්සේ උන් වහන්සේගේ දෑත් විවෘත කොට ගෙන, ප්‍රේමයෙන් සහ අනුකම්පාවෙන් ඔබ එනතුරු බලා සිටින සේක. එතුමාණෝ එසේ කරන්නන්ගේ බලාපොරොත්තු කඩ නොකරනවා සේම ඔවුන්ට කමා කිරීමටද නොපසුබට වන සේක.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කමා කල නොහැකි / සමාව දිය නොහැකි පාපය නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries