settings icon
share icon
ප්‍රශ්නය

විශ්වීය සභාව හා ප්‍රාදේශීය සභාව අතර වෙනස කුමක්ද?

පිළිතුර


ප්‍රාදේශීය සභාව හා විශ්වීය සභාව අතර ඇති වෙනස තේරුම් ගැනීමට නම්, එකිනෙක පිළිබඳව විස්තරාත්මක දැනගත යුතුය. ප්‍රාදේශීය සභාව නම් යේසුස් වහන්සේ තුළ වූ ඇදහිලිවන්තයන් කණ්ඩායමක් එක් ස්ථානයක නිතරම මුණගැසීම. විශ්වීය සභාව නම් ලොවවටා (මුළු ලොව පැතිරි) ඇති සියලුම ක්‍රිස්තුස් වහන්සේ තුළ වූ ඇදහිලිවන්තයන්ගෙන් සමන්විතය. සභාව යන වචනය වචන දෙකකින් පැමිණේ එකක් නම් එකට මුණගැසීම හෝ “රැස්වීම” (1 තෙසලෝනික 2:14; 2 තෙසලෝනික 1:1). මේ වචනය දෙවියන් වහන්සේගේ ක්‍රියාවලිය වූ ගැලවීම හා පිරිසිදු කිරීම ඇදහිලිවන්තයන්ව “පිටතට කැඳවූවන්” ලෙසට. ඉංග්‍රිසි බයිබලයේ සභාව යන වචනය සොයාගන්නාවිට, එම වචනය භාවිතා කර ඇත්තේ එයටයි. දෙවන වචනය කථා කරන්නේ අයිතිවාසිකම ගැන කථා කරයි, “දෙවියන් වහන්සේට අයිතිවූ.” මෙම සැබෑවූ වචනයට පරිවර්ථනයයි, “සභාව.” ග්‍රීක වචනය අළුත් ගිවිසුමේ දෙසැරයක් භාවිතා කරන අතර එය සභාව යැයි කෙලින්ම කථා නොකරයි (1 කොරින්ති 11:20; එළිදරව් 1:10).

ප්‍රාදේශීය සභාව නම් ප්‍රාදේශියව රැස්වීමයි සියලුම ඇදහිල්ල හා ක්‍රිස්තුස් වහන්සේ තුළ වූවන්ගේ. බොහෝ අවස්ථාවල ග්‍රීක වචනය, එක්ලීසියා, යන වචනය භාවිතාවූයේ ප්‍රාදේශීය සභාවට (1 තෙසලෝනික 1:1; 1 කොරින්ති 4:17; 2 කොරින්ති 11:8). එක් ප්‍රදේශයකට එක් ප්‍රාදේශීය සභාවක් පමණක් නොව, විශාල නගරවල බෙහෝ ප්‍රාදේශීය සභාවන් ඇත.

විශ්වීය සභාව යන්න ලොව වටා ඇති සියලු සභාවන් ආමන්ත්‍රණය කරනා වචනයයි. මේ හේතුව නිසා සභාව යන්නේ අදහස රැස්වීම පමණක් නොව එය සම්පාදනය කරන්නන් තුළද වේ. සභාව සභාවවේ එහි රැස්වීමක් නොතිබුනත්. ක්‍රියා 8 වන පරිච්ඡේදයේ 3 වන පදයෙහි කෙනෙකුට සභාව සභාව කියා අත්දැකිය හැක ඔවුන් නිවසේදී රැස්වූවත්. ක්‍රියා 9:3, සැබවින් නිරීක්‍ෂණය කරනා විට කෙනෙකුට අවධාරණය කරන්නට පුලුවන් කිං ජේම්ස් හී විග්‍රහ කරනා ලෙස සැබවින්ම සභාවන් යන වචනය ඒකවචන සභාවක් ඉන් විශ්වීය සභාව විස්තර කරයි. ප්‍රාදේශීය සභාව පමණක් නොව සමහරු විශ්වීය සභාව නොපෙනෙනා සභාව ලෙසට විස්තර කරන්නට පුලුවන්. එය නොකිරීමට පරිස්සම් වන්න. ලියවිල්ලේ විශ්වීය සභාව නොපෙනෙනා සභාවක් යැයි පවසාද නැත. එලෙසම නොපෙනෙ තත්වයක් ගැන අදහස්ද නොකරයි. විශ්වීය සභාව ගැන කථා කරනා තවත් පද නම් (1 කොරින්ති 12:28; 15:9; මතෙව් 16:18; එපීස 1:22-23; කොලොස්සි 1:18).

English



නැවතත් සිංහල මුල් පිටුවට

විශ්වීය සභාව හා ප්‍රාදේශීය සභාව අතර වෙනස කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries