settings icon
share icon
ප්‍රශ්නය

අවසාන කාලයේ අශුද්ධ ත්‍රිත්වය යනු කුමක්ද?

පිළිතුර


සාතන්ගේ පොදු උපක්‍රමයක් නම් දෙවියන්වහන්සේ මෙන් පෙනී සිටීම සඳහා දෙවියන්වහන්සේගේ දේවල් අනුකරණය කිරීම හෝ ව්‍යාජ කිරීමය. එළිදරව් 12 සහ 13 හි විස්තර කර ඇති "අශුද්ධ ත්‍රිත්වය" ලෙස පොදුවේ හැඳින්වෙනදේ ඊට ප්‍රධාන උදාහරණයකි. ශුද්ධ ත්‍රිත්වය සමන්විත වන්නේ පියාණන් වන දෙවියන්වහන්සේ, පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේ ගෙනි. අශුද්ධ ත්‍රිත්වය සමන්විත වන්නේ සාතන්, අන්ත ක්‍රිස්තුස් සහ බොරු අනාගතවක්තෘවරයා ගෙනි. ශුද්ධ ත්‍රිත්වය අසීමිත සත්‍යය, ප්‍රේමය සහ යහපත්කම මගින් සංලක්ෂිත වන අතර, අශුද්ධ ත්‍රිත්වය රැවටීම, වෛරය සහ අශෝභන නපුර යන ප්‍රතිවිරුද්ධ ගති ලක්ෂණ නිරූපණය කරයි.

එළිදරව් 12 සහ 13 හි අවුරුදු හතක පීඩාවේ දෙවන භාගයේදී සිදුවිමට නියමිත ප්‍රධාන දුවීම් හා සංඛ්‍යා විස්තර කරන අනාවැකිමය ඡේද අඩංගුවේ. සාතන්ව එළිදරව් 12:3 හි විස්තරකර ඇත්තේ "හිස් හතක්, අං දහයක් හා ඔටුනු හතක් ඇති අති විශාල රතු මකරෙකු"ලෙසයි. රතු පැහැයෙන් දැක්වෙන්නේ ඔහුගේ කුරිරු හා මිනීමරු පෞරුෂයයි. හිස්හත සංකේතවත් කරන්නේ දෙවියන්වහන්සේගේ සැලැස්ම ඉදිරියට යාම වැළැක්වීම සඳහා සාතන් ඉතිහාසය පුරා භාවිතා කළ නපුරු රාජධානි හතකි. ඊජිප්තුව, අසරියාව, බබිලෝනිය, මේද-පර්සියාව සහ ග්‍රීසියවේ . යොහන් මෙම අනාවැකිය ලියන විට ඒවනවිට රාජ්‍යයන් පහක් පැමිණ තිබුණි. එක් රාජධානියක් බලයේ සිටියේ යොහන්ගේ දවස්වලදීය- රෝමය. අවසාන රාජ්‍යය අන්ත ක්‍රිස්තුස්ගේ රාජ්‍යය වනු ඇත. ඔටුනු හත විශ්වීය පාලනය නියෝජනය කරන අතර අං දහයක් අන්ත ක්‍රිස්තුස්ගේ රාජධානියේ දස ගුණයකින් බෙදීයයි. නෙබුකද් නෙශර්ගේ සිහිනයේ රූපයේ ඇඟිලි දහය (දානියෙල් 2:41-43) සහ අං දහය "භයානක" දානියෙල් 7:7, 24 හි මෘගයා වේ.

එළිදරව් 12 හි සාතන්ගේ මකරාගේ ස්වභාවය හැරුණුවිට බොහෝ වැදගත් කරුණු දක්වයි. පළමුව, "තාරකාවලින් තුනෙන් එකක්" අහසින් ගසාගෙන යන බවට සංකේතාත්මක විස්තරයෙන් ඇඟවෙන්නේ සාතන්ගේ කැරැල්ලේදී දේවදූතයන් ගෙන් තුනෙන් එකක් ස්වර්ගයෙන් නෙරපනු ලැබූ බවය (එළිදරව් 12:4; යෙසායා 14:12-14 සහ එසකියෙල් 28:12-18). පීඩා කාලය තුළ, අග්‍ර දේවදූතයා වන මිකායෙල් සහ ශුද්ධ දූතයන් සමූහයක් සාතන් හා ඔහුගේ භූතයන් සමඟ ස්වර්ගීය රාජ්‍යයන්හි සටන් කරන අතර සාතන්ට සදහටම ස්වර්ගය තහනම් වේ (එළිදරව් 12:7-9). දෙවියන්වහන්සේ සිය භූමික රාජ්‍යය ඉටුවීම වැළැක්වීමේ උත්සාහයේදී සාතන් යළිත් වරක් යුදෙව්වන්ව සමූල ඝාතනය කිරීමට උත්සාහ කරනු ඇත, නමුත් දෙවියන් වහන්සේ ඉශ්‍රායෙලයෙන් පිටත කොතැනක හෝ ඉතිරිව සිටින අයව අධි ස්වාභාවික ලෙස පිඩාකාලය එනම් එම මාස42 (අවුරුදු තුනහ මාරක) තුල ආරක්ෂා කරනු ඇත. (එළිදරව් 12: 6, 13-17; මතෙව් 24:15-21).

අශුද්ධ ත්‍රිත්වයේ දෙවන සාමාජිකයා එළිදරව්13 සහ දානියෙල් 7 හි විස්තර කර ඇත්තේ මෘගයා හෝ අන්ත ක්‍රිස්තුස්ය. යොහන්ගේ දර්ශනය අනුව මෘගයා මුහුදෙන් පිටතට පැමිණේ. අන්‍ය ජාතික ජාතීන් ගැන බයිබලය සාමාන්‍යයෙන් භාවිතා කරයි. ඔහු විස්තර කර ඇත්තේ හිස් හතක් හා අං දහයක් ඇති බවය. මකරා මෙන් ඔහු සාතන් සමඟ ඇති සම්බන්ධය පෙන්නුම් කරයි. අං දහය නියෝජනය කරන්නේ අන්ත ක්‍රිස්තුස්ට බලය ලබා දෙන ලෝක ආණ්ඩුවේ ආසන දහයයි (දානියෙල් 7:7, 24). මෙම එක්-ලෝක ආණ්ඩුව, එළඹෙන ක්‍රිස්තුස්වහන්සේගේ රාජ්‍යයට අපහාස කරන, ලේ පිපාසිත, බලයෙන් කුසගින්නෙන් පෙළෙන අයෙකි.

එළිදරව් 13:3, 12 සහ 14 හි සඳහන් වන්නේ අන්ත ක්‍රිස්තුස් පීඩාවෙන් අඩක් පමණ මාරාන්තික ලෙස තුවාල ලබන වන නමුත් සාතන් ආශ්චර්යමත් ලෙස ඔහුගේ තුවාලය සුව කරන බවයි. මෙම රැවටිලිකාර ප්‍රාතිහාර්යයෙන් පසු, ලෝකය අන්ත ක්‍රිස්තුස්ගේ සිත් ඇදගන්නා අතර ඔහුටත් සාතන්ටත් නමස්කාර කරනු ඇත (එළිදරව් 13:4-5). අන්ත ක්‍රිස්තුස් ධෛර්යමත් වන අතර සාමකාමී පාලකයෙකු යැයි මවාපාමින් ඔහු යුදෙව්වන් සමඟ ඇති කරගත් ගිවිසුම කඩ කර දෙවියන්වහන්සේට විවෘතව අපහාස කිරීම, සාන්තුවරයන්ට පහරදීම සහ නැවත ගොඩනඟන ලද යුදෙව් දේවමාළිගාව අප කීර්තියට පත්කිරීම සිදුවේ (දානියෙල් 9:27; එළිදරව් 13:4-7; මතෙව් 24:15).

අශුද්ධ ත්‍රිත්වයේ අවසාන පුද්ගලයා වන්නේ එළිදරව් 13:11-18 දක්වා විස්තර කර ඇති බොරු අනාගතවක්තෘවරයාය. මෙම දෙවන මෘගයා මුහුදෙන් නොව පොළොවෙන් නික්මෙයි, සමහරවිට ඔහු ඊශ්‍රායෙලයේ ඇදහිල්ල අත්හළ යුදෙව්වෙකු වනු ඇති බවට අඟවයි. යොහන් ඔහුව දකින්නේ අං ඇති බැටළුපැටවෙකු හා මකරෙකුගේ හඩ ලෙස (ලෙසයි (11 පදය). ඔහු නිහතමානී, මෘදු හා කරුණාවන්ත පුද්ගලයෙකු ලෙස පෙනී සිටියද, අං මගින් ඔහුගේ බලය පෙන්නුම් කරයි. ඔහුගේ කතාව යක්ෂයාගේය. බොරු අනාගතවක්තෘවරයා මිනිසුන්ව දෙවියන් වහන්සේගෙන් අහක්කර අන්ත ක්‍රිස්තුස්ගේ හා සාතන්ගේ නමස්කාරය ප්‍රවර්ධනය කිරීමට ඒත්තු ගැන්වෙන හා රැවටිලිකාර ලෙස කථා කරනු ඇත (එළිදරව් 13:11-12). බොරු අනාගතවක්තෘවරයාට ස්වර්ගයෙන් ගින්න නිවීම ඇතුළු මහා සංඥා හා අරුම පුදුමදේ කිරීමට හැකියාව ඇත (එළිදරව් 13:13). ඔහු අන්ත ක්‍රිස්තුස්ගේ රූපයක් ඉදිකර, රූපයට ජීවයක් ලබා දෙන අතර, සියලු මිනිසුන්ගෙන් රූපයට නමස්කාර කරන ලෙස ඉල්ලා සිටියි (එළිදරව් 13:14-15). බොරු දිවැසිවරයා විසින් බලගැන්වූ මෘගයාගේ "රූපයට නමස්කාර කිරීම ප්‍රතික්ෂේප කළ සියල්ලන් මරා දමනු ඇත" (15 පදය).

අන්ත ක්‍රිස්තුස් කෙරෙහි ඇති භක්තිය පෙන්වීමට බොරු දිවැසිවරයා එක් එක් පුද්ගලයාට යම් ආකාරයක සලකුණක් ලබා ගැනීමට බල කරයි. ලකුණ ලැබෙන අය අන්ත ක්‍රිස්තුස්ව දෙවියන් ලෙස පිළිගෙන අන්ත ක්‍රිස්තුස්ගේ න්‍යාය පත්‍රයට යටත් වනු ඇත. ලකුණ ගැනීම ලෝක ආර්ථිකයේ වාණිජ කටයුතු වල නියැලීමට අවශ්‍යතාවයක් වනු ඇත. මෘගයාගේ සලකුණ ලැබීමෙන් කෙනෙකු සදාකාලික මරණයට පත් වන බව ශුද්ධ ලියවිල්ල පවසයි (එළිදරව් 14:9-10). පීඩා ලබන සාන්තුවරයන් එම සලකුණ ප්‍රතික්ෂේප කරන අතර එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන් පීඩා විදිනු ඇත.

සාතන් දෙවියන්වහන්සේට විරුද්ධය, මෘගයා ක්‍රිස්තු-විරෝධියාය, බොරු අනාගත වක්තෘවරයා ආත්ම-විරෝධීය. මෙම අශුද්ධ ත්‍රිත්වය ඇදහිලිවන්තයන්ට පීඩා කරන අතර තවත් බොහෝ අය රැවටෙනු ඇත. නමුත් දෙවියන්වහන්සේගේ රාජ්‍යය ජය ගනු ඇත. දානියෙල් 7:21-22 පවසනවා, "මා දුටු පරිදි, මෙම අං (අන්ත ක්‍රිස්තුස්) සාන්තුවරයන්ට විරුද්ධව යුද්ධ කරමින් ඔවුන්ව පරාජය කරමින් සිටියේය. ඔවුන්ට රාජ්‍යය හිමි කාලය පැමිණියේය."

English



නැවතත් සිංහල මුල් පිටුවට

අවසාන කාලයේ අශුද්ධ ත්‍රිත්වය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries