settings icon
share icon
ප්‍රශ්නය

අසම ලෙස සම්බන්ධ වීම යනු කුමක්ද?

පිළිතුර


“අසම ලෙස සම්බන්ධ වීම” යන වාක්‍යය ඛණ්ඩය පැමිණෙනු ලබන්නේ 2 කොරින්ති 6:14 තුළින්ය: “නොඇදහිලිකාරයන්” සමග අසම ලෙස සම්බන්ධ නොවෙන්න. ධර්මිෂ්ඨකමෙත් අධර්මිෂ්ඨකමෙත් ඇති සහභාගිකම මොකද? නොහොත් අන්ධකාරය සමග ආලෝකයේ ඇති පංගුකාරකම මොකද? වෙනත් අනුවාදයක ප්‍රකාශ කරනු ලබන්නේ “නොඇදහිලිවන්තයන් හා සමග එකට බැදී නොපවතින්න.”

විය ගහක් යනු හරකුන් දෙදෙනෙකු එකට බැද තබන්නාවූ ලීයෙන් තැනූ දණ්ඩයක් මෙන්ම ඔවුන් විසින් උසුලන බරවේ. “අසම ලෙස සම්බන්ධ වූ” කණ්ඩායමක එක් ශක්තිමත් සහ එක් දුර්වල හරකෙකු හෝ එක් උස හෝ එක් මිටි එකෙකු සිටිතිග දුර්වල හෝ මිට හරකා උස ශක්තිමත් එකාට වඩා මන්දගාමී ලෙස ගමන් කරමින් බර පොදිය කවාකාරව ගමන් කරවිමට හේතුකාරකයක් වේ. හරකුන් අසම ලෙස සම්බන්ධ වූ කල ඔවුන් ඉදිරියේ තබා ඇති කාර්‍යය නිසි අයුරින් ඉෂ්ට කිරීමට නොහැකිවේ. එක්ව කටයුතු කරනු වෙනුවට ඔවුන් එකිනෙකා හා සමග විරසක වෙති.

2 කොරින්ති 6:14 හී පාවුළුගේ අනුශාසනාව නම් කොරින්ති සභාවට කිතුණු ජීවිතය පිළිබදව දෙනු ලැබූ විශාල දේශනයක කොටසකි. ඔහු විසින් ඔවුන් නොඇදහිලිවන්තයන් හා සමග අසම සම හවුල්කරුවන් බවට පත්වීම අධෛර්‍යයමත් කරනු ලැබුවේ ආලෝකය සහ අන්ධකාරය ප්‍රතිවාදී වන ආකාරයට ඇදහිලිවතුන් හා නොඇදහිලිවන්තයන්ද ප්‍රතිවාදීන් වන හෙයිනි. ඔවුන් එකිනෙකාට කිසිවක් පොදු නොවන්නේ ක්‍රිස්තුස්වහන්සේට එනම් “බෙලියෙල්” – “නොවටිනාකම” යන අර්ථය ගනු ලබන හෙබ්‍රව් වචනය, හා සමග කිසිවක් පොදු නොවන ආකාරයෙනි. (15 වන පදය) මෙහිදී පාවුළු මෙය භාවිතා කරනු ලබන්නේ සාතන් පිළිබද යොමු කිරීමක් ලෙසය. එහි කල්පනය වනාහී මිථ්‍යාදෘෂ්ඨික, දුෂ්ට, නොඇදහිලිවන්ත ලෝකය සාතන්ගේ මූලධර්ම තුළින් පාලනය කරනු ලබන බවත් කිතුණුවන් මෙම දුෂ්ට ලෝකයෙන් වෙන්ව සිටිය යුත්තේ ක්‍රිස්තුස්වහන්සේ සාතන්ගේ විධික්‍රම, අභිමතාර්ථ සහ සැළසුම් වලින් වෙන්ව සිටින්නාක් මෙනි. ඔහුට ඒවා හා සමග සහභාගී වීමි නොතිබිණි, ඔවුන් හා සමග එක්සත් වීමක් නොතිබුනු අතර සම්බන්ධතාවයේ අනුගාමිකයන් තුළද අනෙකුත් අනුගාමිකයන් හා සමග එසේ විය යුතුවේ. අපගේ සමීපතම මිතුරෙකු සහ පාක්ෂිකයකු වෙනුවෙන් කිතුණු නොවන්නෙකු හා සමග කිතුණු ජීවිතයක් ගත කිරීමට ප්‍රයත්න දැරීම හේතුකාරක වන්නේ අපගේ ගමන කවාකාරව යාමය.

“අසම ලෙස සම්බන්ධ වීම” බොහෝ විට අදාල වනු ලබන්නේ ව්‍යාපාරික සබදතාවන් තුළය. කිතුණුවකු නොඇදහිලිවන්තයෙකු හා සමග හවුල්කාරත්වයට ඇතුළු වීම ව්‍යසනයකට ආලය කිරීමක් වැනිය. ඔවුන් තුළ ප්‍රතිවාදී විශ්ව දර්ශනයන් සහ සදාචාරයන් තිබෙන අතර දෛනිකව ගනු ලබන ව්‍යාපාර තීරණ කරණකොටගෙන එකක් හෝ අනෙකක් පිළිඹ්බු කරනු ලබයි. එම සබදතාවය ක්‍රියාත්මක වීමට නම් එක්කෙනෙකු හෝ අනෙකෙකු තමාගේ සදාචාර කේන්ද්‍රය අත්හැර දමා අනෙකා වෙතට ගමන් කල යුතුවේ. බොහෝ අවස්ථාවන්හිදී ලාභාංශ සහ ව්‍යාපාරයේ වර්ධනය උදෙසා කිතුණු ප්‍රතිපත්ති ඉවත ලනු පිණිස පීඩනයට ලක් වනු ලබන්නේ ඇදහිලිවන්තයාය.

සැබවින්ම යම් පුද්ගලයෙකුට තවත් කෙනෙකු හා සමග තබා ගත හැකි සමීපතම සන්ධානය හමු වන්නේ විවාහය තුළින් වන අතර එම පාඨයෙහි අර්ථය පහදා දෙනු ලබන්නේ මේ ආකාරයටය. දෙවියන්වහන්සේගේ සැළැස්ම වන පුරුෂයකු හා ස්ත්‍රියක් “එක් මාංශයක්” බවට පත්වීමේ (උත්පත්ති 2:24) සබදතාවය ඉතාමත් හිතවත් වන අතර ඒ කරණකොටගෙන වචනානුසාරව සහ සාලංකාරව එක්කෙනෙකු අනෙකාගේ කොටසක් බවට පත්වේ. ඇදහිලිවන්තයෙකු නොඇදහිලිවන්තයෙකු හා සමග එක්සත් කිරීම වනාහී ඉඳුරාම ප්‍රතිවාදීන් එක්සත් කිරීමක් වන අතර එතුළින් සබදතාවයක් බෙහෙවින් අපහසු තත්වයකට පත් කරනු ලබයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අසම ලෙස සම්බන්ධ වීම යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries