settings icon
share icon
ප්‍රශ්නය

බයිබලය වටහා ගැනීම වැදගත් වන්නේ මන්ද?

පිළිතුර


බයිබලය වටහා ගැනීම වැදගත් වන්නේ එය දෙවියන් වහන්සේගේ වචනය නිසාය. අප බයිබලය විවෘත කළවිට එයින් අප කියවනු ලබන්නේ දෙවියන් වහන්සේ විසින් අපට දෙනු ලැබූ පණිවිඩයයි. විශ්වයේ මැවුම්කාර දෙවියන් වහන්සේට කිමට ඇති දෙය වටහා ගැනීම විනා වෙන කුමක් වැදගත් වේද? මනුෂ්‍යයෙක් තමාගේ ආදරවන්තිය ගෙන් ලබන ලිපියක් වටහා ගන්නට උත්සාහ කිරීම හා බයිබලය වටහා ගන්නට යමෙක් උත්සාහ කිරීම සමාන වේ. දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරන අතර සම්බන්ධතාව ප්‍රතිස්ථාපනය කිරීමට ආශා වේ (මතෙව් 23:37). දෙවියන් වහන්සේ තමන්වහන්සේ ගේ ප්‍රේමය අපට සන්නිවේදනය කරනු ලබන්නේ බයිබලය තුලිනි (යොහාන් 3:16, 1 යොහාන් 3:1, 4:10,).

සොල්දාදුවෙක් තම අණ දෙනනිලධාරියාගෙන් පිටත්කර යවන අණ වටහා ගන්නට උත්සාහ කරන්නාක් මෙන්ම ඒ හා සමානව අපිද බයිබලය වටහා ගන්නට උත්සාහ කරන්නෙමුව. දෙවියන් වහන්සේගේ අණට කීකරුවීම එතුමන්ට මහිමය ගෙන දෙන අතර අපගේ දිවි ගමන සඳහාද මඟ පෙන්වනු ලබයි (ගීතාවලිය 119). එම අණ බයිබලයේ අපට හමුවේ (යොහාන් 14:15).

කාර්මික ශිල්පියෙකු අළුත්වැඩියා කිරීමක් සඳහා තම අත් පොත වටහා ගන්නට උත්සාහ කරන්නාක් හා සමානව අපිද බයිබලය වටහා ගන්නට උත්සාහ කරන්නෙමුව. ලොවෙහි වැරදීම් සිදුවනවිට බයිබලය ප්‍රශ්ණය (පාපය) නිර්ණය කරගන්නවා පමණක් නොව විසදුමට මඟද (ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ල) පෙන්වා දෙයි. "මක්නිසාද පාපයේ කුලී නම් මරණනයය. නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාකාල ජීවනයය" (රෝම 6:23).

රියදුරෙකු මාර්ග සංඥා වටහා ගන්නට උත්සාහ කරන්නාක් හා සමානව අපිද බයිබලය වටහා ගන්නට උත්සාහ කරන්නෙමුව. ජීවිතය හරහා ගමන් කළ යුතු මඟ අපට පෙන්වා දෙන අතරම ආරක්‍ෂිත ගමන් මඟ සමඟින් ඥානයද බයිබලය අපට ලබා දෙනවා ඇත (ගීතාවලිය 119: 11,105).

කුණාටුවක් ඇති මාවතක සිටින්නෙකු කාලගුණ වාර්ථාව වටහා ගන්නට උත්සාහ කරන්නාක් හා සමානව අපිද බයිබලය වටහා ගන්නට උත්සාහ කරන්නෙමුව. අවසාන දවස් කෙසේද යන්න බයිබලය පෙන්වා දෙන්නේ ළඟදීම සිදුවන විනිශ්චයක් පිළිබඳ පැහැදිලි අනතුරු හැඟවීමක් හා (මතෙව් 24-25) එයින් බේරෙන්නේ / වැළකෙන්නේ කෙසේද යන්න පිළිබඳවය (රෝම 8:1).

කියවීමට ආශාවූ පාඨකයෙක් තමන්ගේ ජනප්‍රියතම කතෘවරයාගේ පොත් වටහා ගන්නට උත්සාහ කරන්නාක් හා සමානව අපිද බයිබලය වටහා ගන්නට උත්සාහ කරන්නෙමුව. බයිබලය පුද්ගලයා හා දෙවියන් වහන්සේගේ මහිමය එළිදරව් කරන්නේ තම පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකටවීම කරණකොටගෙනය (යොහාන් 1:1-18). අප කොතෙක් දුරට බයිබලය කියවා වටහා ගන්නේද, එතෙක් දුරට අපද කතෘවරයාණන් සමඟ දැන ගැන්මකට හා කුළුපඟවීමකට පිවිසෙනවා ඇත.

පිලිප් ගාසා බලා මින් සිටි අවස්ථාවේදී ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් යෙසායා පොතෙහි කොටසක් කියවමින් සිටි මිනිසෙක් වෙත ගෙන ආවේය. පිලිප් මනුෂ්‍යයාට ළඟා වුණ කල්හි ඔහු කියවමින් සිටියේ කුමක්දැයි දැන ඉතාමත් වැදගත් ප්‍රශ්ණය ඔහුගෙන් ඇසුවේය. "නුඹ කියවන දේ නුඹට තේරෙනවා දැයි ඇසුවේය" (ක්‍රියා 8:30). ඇදහිල්ලේ ආරම්භක කරුණ බයිබලය වටහා ගැනීම බව පිලිප් දැන සිටියේය. බයිබලය වටහා ගැනීමකින් තොරව එය ආදළ කරගැනීමක්, එයට කීකරුවීමක් හෝ අදහා ගැනීමක් අපට කරන්නට නොහැකිය.



English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලය වටහා ගැනීම වැදගත් වන්නේ මන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries