settings icon
share icon
ප්‍රශ්නය

බයිබලය අවබෝධ කරගැනීමට අසීරු / අමාරු මන්ද?

පිළිතුර


සෑම කෙනෙක්ම විචල්‍ය වෙමින් පවතින මට්ටම් වලින් බයිබලය අවබෝධ කරගැනීමට මහත් පරිශ්‍රමයක් දරයි. අවුරුදු 2000 කට ආසන්න සභා ඉතිහාසයක් තුළ වූවද, අති දක්‍ෂ බයිබල් විශාරදයන් පවා සමහර බයිබල් පදයන්, පරිච්ජේදයන් හි නිවැරදි අර්ථකථනයන් සඳහා අනුමාන කරම්න් සිටියි. බයිබලය අවබෝධ කරගැනීම එතරම් අපහසු මන්ද? බයිබලය සම්පූර්ණයෙන් හා නිවැරදිව වටහා ගැනිමට එතරම් උත්සාහයක් දැරිය යුත්තේ මන්ද? පිළිතුරකට ප්‍රයත්නයක් දැරීමට ප්‍රථම, දෙවියන් වහන්සේ නොපැහැදිලි ලෙස කතා නොකළ බව පැවසිය යුතුය. දෙවියන් වහන්සේගේ පණිවිඩයෙහි වචනය පරිසමාප්තයෙන්ම පැහැදිලිය. සමහරවිට බයිබලය අවබෝධ කරගැනිමට අසීරු වන්නේ අප වැටුණාවූ ජන කොට්ටාෂයක් බැවින් විය හැක. මන්ද පාපය අපගේ දැනගැන්ම ඇසුරු කර අපගේ කැමැත්තට බයිබලය හරවා ගන්නට යොමු කරවයි.

බයිබලය වටහා ගැනීම අසීරු වන්නට විවිධ වූ කාරණා තිබෙන්ට හැකිය. පළමුව කාලයෙහි හා සංස්කෘතියෙහි ඇති වෙනස්කම් විය හැක. වර්තමාන අපගේ කාලයන්ට පෙර වසර 3,400-1,900 අතර කාලයකදි බයිබලය ලියන ලදි. බයිබලය ලියවුණ වකවානුව අනුව නූතන සංස්කෘතියෙහි පවත්නා තත්වයට වඩා බෙහෙවින් වෙනස් විය. ක්‍රිස්තු පූර්ව 1800 විසු ස්ථීර පදිංචියක් නැති / සංචාරක එඬේරුන්ට 21 ශත වර්ෂයෙහි අමෙරිකාවේ පරිගණක දැන ගැන්ම නොමැත. අප බයිබලය වටහා ගැනීමට වෑයම් කිරීමේදී බයිබලය ලියවුන කාල පරිච්ජේදයන්හි සංස්කෘතිය පිළිබඳ හදුනා ගැනීමට හැකි වේ.

දෙවනුව, බයිබලයේ විවිධ ආකාරයේ සාහිත්‍යයන්, ඉතිහාසය, නීතිය, කාව්‍ය සංග්‍රහ, ගීතිකා, ඥානය දෙන්නාවූ සාහිත්‍යයන්, අනාගතවාක්‍ය, පුද්ගලික ලිපි සහ එළිදරව් කළ සාහිත්‍යයන් අඩංගු වේ. ඵෙතිහාසික සාහිත්‍යයන්, ඥානය ගෙනදෙන සාහිත්‍යයන් වලට වඩා වෙනස් ආකාරයකින් පරිවර්තනය විය යුතුය. කාව්‍යමය සංග්‍රහ එළිදරව් ලියවිලි හා සමානව වටහා ගත නොහැකිය. පුද්ගලික ලිපි වර්තමානයේ අපට අරුතක් ගෙන දුන්නද එදා එම ලිපි ලැබූ මූල් කාලීනයන්ට වඩා වෙනස්කම් තිබිය හැක. බයිබලයෙහි ප්‍රභේදයන් අඩංගු බව වටහා ගැනීම බයිබලය හදුනා ගැනීමේදී වියවුල් හා වැරදි වටහා ගැනීම් මග හරවා ගැනීමට ඉතා වැදගත් වේ.

තුන්වෙනුව, අපි සියල්ලන්නම පව්කරුවන් බැවින් අපි සියළුම දෙනා අතින් වැරදි සහ අතපසුවීම් සිදුවේ (දේශනාකාරයා 7:20, රෝම 3:23, 1 යොහාන් 1:18). අපගේ පූර්වකල්පිත පක්ෂග්‍රාහිත්වයන් බයිබලයට නොගෙන ඒමට උත්සාහ කළ යුතු නමුත් පැහැදිලිවම නිරතුරුව එය අප අතින් සිදුවේ. දුකට කරුණ නම් සමහර අවස්ථා වලදී සෑම කෙනෙක්ම විය නොහැකි දෙයක් උපකල්පනය කිරීමෙන් සාවද්‍ය අර්ථ කථනයන්දීමය. අප බයිබලය අධ්‍යනය කිරීමේදී, අපගේ පක්ෂග්‍රාහිත්වයන් ඉවත් කිරීමට දෙවියන් වහන්සේ ගෙන් ඉල්ලිය යුතු අතර එතුමාණන් වහන්සේගේ වචනය අපගේ ආකල්පනයන් ගෙන් තොරව පරිවර්ථනය කරගැනීමට උපකාර ඉල්ලිය යුතුය. මෙය සැබවින්ම කිරීමට දුෂ්කරකාර්යයක් වුවද අපගේ ආකල්පනයන්ට යටහත් පහත් භාවය අවශ්‍ය බව දැන අපගේ වැරදි පිළිගැනීමද ඉතා වැදගත් වේ.

බයිබලය හරියාකාරව වටහා ගැනීමට මෙම පියවරවල් අවශ්‍ය වේ. මූළු පොත් සියල්ල බයිබලීය අර්ථ විවරණ දේශණා ශාස්ත්‍රයට අනුව, බයිබලීය පරිවර්ථනය විද්‍යාවට අනුව ලියන ලදි. කෙසේ වුවද මෙම බයිබලය වටහා ගැනීමේ ආරම්භයට මෙම පියවරවල් විශිෂ්ඨ වේ. බයිබලයේ කාලයේ සහ අපේ කාලයේ සංස්කෘතික වෙනස්කම් අප වටහා ගත යුතුය. සාහිත්‍යයේ ඇති ප්‍රභේදයන් අගය කිරීමකට ලක් කළ යුතුය. බයිබලයට අපට කතා කරන්නට ඉඩදීම විනා අපගේ ආකල්පනයන්ට පරිවර්ථනය කෙලෙසන්ට ඉඩ නොදිය යුතුය. බයිබලය වටහා ගැනීම සමහරවිට දුෂ්කර අභියෝගයක් විය හැක. නමුත් දෙවියන් වහන්සේගේ උපකාරය සමඟ එය පහසුය. ඔබ යේසුස් වහන්සේ තුළ ඇදහිලිවන්තයෙකු නම් එතුමාණන්ගේ ආත්මය ඔබ තුළ බව මතක තබා ගන්න (රෝම 8:9). ලියවිල්ලට "හුස්ම හෙලූ" එම දෙවියන් වහන්සේම (2 තිමොති 3:16) මත ඔබ රැඳී සිටියහොත් එතුමාගේ වචනයේ සැබෑවට සහ වටහා ගැනීමට ඔබගේ මනස එතුමා විවර කරනවා ඇත. මෙයින් පැවසෙන්නේ දෙවියන් වහන්සේ සැමවිටම පහසු කරන බව නොවේය. එතුමාණන්ගේ වචනය සොයා බලා සම්පූර්ණ විමර්ෂණයක යෙදී එහි නිදන්ගත දේවල් සොයනවාට එතුමා ආශා වේ. බයිබලය වටහා ගැනීම පහසු නොවුනත්, එයින් විශිෂ්ට ප්‍රතිපල ලැබේ.



English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලය අවබෝධ කරගැනීමට අසීරු / අමාරු මන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries