settings icon
share icon
ප්‍රශ්නය

මම එළිදරව් පොත තේරුම් ගන්නේ කෙසේද?

පිළිතුර


බයිබල් පරිවර්ථනයට යතුර නම්, විශේෂයෙන් එළිදරව් පොත, බයිබල් විවරණයක් දිගටම පවත්වා ගැනීමයි. විවරණය නම් පරිවර්ථනයේ මූලධර්ම ඉගෙන ගැනීම වැදගත්. වෙනත් වචන වලින් එය ඔබ ලියවිල්ල පරිවර්ථනය කරනා අයුරු වේ. මූලධර්ම ඉගැන්වීමයි, ලියවිල්ල පිළිබඳව සාමාන්‍ය විවරණයක් හෝ පරිවර්ථනයක් යන්නෙහි තේරුම නම් පදය හෝ ඡේදයෙහි පැහැදිලිව කතෘ කිසියම් භාෂාවක් භාවිතා කළ බවට කථා කරනවා නම්, එය සාමාන්‍ය ලෙසම තේරුම් ගැනීමට පුළුවන. ස්වභාවිකවම ඇති ඡේදය පැහැදිලි කිරීමක් කරනවා නම්, අනෙක් තේරුම් පිළිබඳව අපට අවධානය දීම වැදගත් නැත. එසේම අපට කිසිම විටක ලියවිල්ලට ආත්මිකව කියා ලියවිල්ලට තේරුම් එකතු කිරීම නොකල යුතුය කතෘ පැහැදිලිව ලියා තිබෙන දෙයට වඩා. ශුද්ධාත්මයාණන්ගේ මග පෙන්වීම තුළ එය තිබෙන ලෙසටම තේරුම් ගැනීමට ඉඩ හරි.

එක් උදාහරණයක් එළිදරව් 20. බොහෝ අය අවුරුදු 1000 රජකම් කාලයට බොහෝ අර්ථකථන දීමට තැත් කරයි, තවමත් බයිබලයේ ලියා තිබෙන ලෙස එය අවුරුදු 1000 ක් බවට ඇරෙන්න වෙනත් දෙයක් ගැන කථා නොකරයි.

ඉතා සරළ සටහනක් එළිදරව් පොත පිළිබඳව එළිදරව් 1:19 හී සොයා ගත හැකිය. පළමු පරිච්ඡේදයෙහි උත්ථානවූ එසෙව්වාවූ ක්‍රිස්තුස් වහන්සේ යොහන්ට කථා කරයි. ක්‍රිස්තුස් වහන්සේ යොහන්ට පවසනවා “සැබවින්ම ඔබ දුටු දේද, දැන් තිබෙන දේද, දැන් තිබෙන දේද, මින් පසු සිදුවන්ට තිබෙන දේද ලියාපන්න” යොහන් ඒ වනවිටත් දැක තිබූ දේ පළමු පරිච්ඡේදයෙහි ලියා තිබේ. යොහන්ගේ කාලයේ “සිදුවෙමින් තිබූ දේ” 2-3 පරිච්ඡේඳ වල වාර්ථා කර ඇත (සභාවන් වලට ලිපි). “සිදුවන්ට තිබෙන දේ” (අනාගතයේදී) 4-22 පරිච්ඡේද වල වාර්ථා වේ.

සාමාන්‍ය ව්‍යවහාරය, එළිදරව්වේ 4-18 දක්වා පරිච්ඡේද වල කථා කරන්නේ පොළොවේ සිටින මනුෂ්‍යයන්ව දෙවියන් වහන්සේ විනිශ්චය කිරීම. ඒ විනිශ්චයන් සභාවට නොව (1 තෙසලෝනික 5:2,9). විනිශ්චයන් ආරම්භවීමට ප්‍රථම සභාව පොළොවෙන් ඉවතට ගෙන ඇත ඔසවා ගැන්ම නම් එයයි (1 තෙසලෝනික 4:13-18; 1 කොරින්තියන් 15:51-52). 4-18 පරිච්ඡේද “යාකොබ්ගේ පීඩා”-ඊශ්‍රායෙලයට පීඩා කාලයක් පිළිබඳව විස්තර කරයි (යෙරමියා 30:7; දානියෙල් 9:12, 12:1). ඒ කාලයේදී තමයි දෙවියන් වහන්සේ නොඇදහිලිවන්තයන් තමන් වහන්සේට විරුද්ධවීම පිළිබඳව විනිශ්චය කරන්නේ.

19 වෙනි පරිච්ඡේදයේ ක්‍රිස්තුස් වහන්සේ සභාව ක්‍රිස්තුස් වහන්සේගේ මනාලිය සමග නැවත පැමිණීම විස්තර කරයි. උන් වහන්සේ මෘගයාවත් බොරු අනාගත වක්තෘන්වත් පරාජය කර ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන ගිනි විලට හෙලනු ලබයි. 20 වෙනි පරිච්ඡේදයෙහි ක්‍රිස්තුස් වහන්සේ සාතන්ව බැඳ පාතාලයට හෙලනු බලයි. ඊට පසු ක්‍රිස්තුස් වහන්සේගේ පොළොවේ අවුරුදු 1000 සක රජකම් කිරීමේ කාලය ආරම්භ කරයි. අවුරුදු 1000 අවසානයේදී සාතන් මුදනු ලැබ කිස්තුස් වහන්සේට විරුද්ධව සටනක් ආරම්භ කරයි. ඉන් ඔහුව ඉක්මනින් පරාජය කර ගිනි විලට හෙලනු ලබයි. ඊට පසු අවසාන විනිශ්චය හට ගනී. එය සියලු නොඇදහිලිවන්තයන්හට වේ. පසු ඔවුන්වද ගිනි විලට හෙලනු ලබයි.

21 හා 22 පරිච්ඡේද විස්තර කරන්නේ සදාකාලික තත්වයන් පිළිබඳවය. මේ පරිච්ඡේද වල උන් වහන්සේ අපට උන් වහන්සේ සමග සදාකාලික තත්වය කෙසේද කියා පැහැදිලි කරයි. එළිදරව් පොත තේරුම් ගැනීමට හැකිය. දෙවියන් වහන්සේ එය අප අතට පත්වෙන්ට දෙන්නේ නැහැ එය සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට අපහසු දෙයක් නම්. එළිදරව් පොත තේරුම් ගැනීමට ඇති ප්‍රධාන යතුර නම් එය පුලුවන් තරම් සරළව තිබෙන ලෙසම පරිවර්ථනය කළ යුතුය. එහි අදහස් කරන දේ පවසයි. එසේම පවසන දේද සැබවින්ම පවසයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මම එළිදරව් පොත තේරුම් ගන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries