settings icon
share icon
ප්‍රශ්නය

පාපොච්චාරණය නොකළ පාපයේ අන්තරාය / ප්‍රතිඵලය කුමක්ද?

පිළිතුර


පළමුවන යොහාන් 1:9 පවසනවා , "අප අපගේ පාපය පාපොච්චාරණය කරන්නේ නම් , ඔහු විශ්වාසවන්තව හා යුක්ති සහගතව අපගේ පාපයට සමාව දීමටත් සියළු අධර්මිෂ්ඨකමින් අපව පවිත්‍ර කිරීමටත් සූදානම් බව" මෙම පදය කිතුනුවන්ට ලියා ඇති අතර නැතහොත් යන වචනයට සම්බන්ධවේ. අපි ඔහුට පාපොච්චාරණය කළහොත් ඔහුගේ දරුවන් කරන සෑම පාපයකටම දෙවියන් වහන්සේ සමාව ලබා දෙයි. පාපොච්චාරණය යන වචනයෙන් අදහස් කරන්නේ අපගේ පාපය කෙතරම් නරකද යන්න පිළිබඳව දෙවියන්වහන්සේ සමඟ එකඟ වීමයි. පසුතැවීම හෝ එයින් ඉවත් වීම මෙම පාපොච්චාරණයේ කොටසකි. තම පාපය ගැන පසුතැවිලීවීම ප්‍රතික්ෂේප කරන සහ ඒ සඳහා යේසුස්ගේ රුධිරයෙන් සමාව නොලබන අයට, සෑම පාපයකටම සමාව නොලැබේ. තම පාපය ගැන පසුතැවිලිවී ඒ සඳහා යේසුස්ගේ පූජාව පිළිගන්නා අයට සදාකාළික ජීවනය ලැබේ. (2 තෙසලෝනික 1:8-9 එනම් නුඹලාට දුක් දෙන්නන්ට දුකද දුක් විඳින නුඹලාට අප සමඟ සහනයද දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවූ කාරණයක්ය, යොහාන් 3:15-18). නමුත් පාපොච්චාරණය නොකළ කිතුනුවකු ගැනකුමක් කිව හැකිද?

ශුද්ධ ලියවිල්ලට අනුව, අප වෙනුවෙන් යේසුස්ගේ පූජාව පිළිගත් විට අපගේ සියළු පාපවලට වන්දි ගෙවන ලදි. 2 කොරින්ති 5:21 පවසනවා, "දෙවියන් වහන්සේ, පාපය නොදත් ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා මනුෂ්‍ය පාපී බව හා සම වීමට සැළසූ සේක. එසේ කළේ ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට අප පංගුකාර වනු පීණීසය." අපි කුරුසියේදී එම දිව්‍යමය හුවමාරුව සිදුකරන විට, දෙවියන්වහන්සේ අපව ධර්මිෂ්ඨයන් ලෙස දැකීමට තෝරා ගනියි. එය අපගේ ධර්මිෂ්ඨකම නොව, දෙවියන්වහන්සේ දකින ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමයි (තීතස් 3:5 එනම් අප විසින්ම කළාවූ ධර්මිෂ්ඨකමේ ක්‍රියා වලින් නොව තමන් වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නමැති සේදීමෙන්ද ශුද්ධාත්මයාණන්වහන්සේගේ අලුත් කිරීමෙන්ද උන්වහන්සේ අප ගැළවූ සේක). ඔහු අප සමඟ ගිණුම් මාරු කරයි. උන් වහන්සේගේ පරිපූර්ණ වාර්තාව සඳහා අපගේ පළුදුවූ වාර්තාව. එතැන් සිට අපට දෙවියන්වහන්සේගේ පූර්ණ අනුමැතිය හා පිළිගැනීම ඇත.

නමුත් එම පරිපූර්ණ වාර්තාව ලැබීමෙන් පසු අප පව් කළ විට කුමක් සිදුවේද? සීතල ශීත දිනයක දකුණු කවුළුව අසල සිටගෙන සිටීම ගැන සිතා බලන්න. වාතය සිසිල් නමුත් සූර්යයා ජනේලය හරහා බබළයි. එය ඔබව උණුසුම් කිරීමට පටන් ගන්නා අතර, ඔබ එහි දීප්තියෙන් මිදෙයි. එවිට ඔබ තිරය ඇද එය වසා දමයි. ක්ෂණිකව, උණුසුම නතරවේ. සූර්යයා බැබළීම නැවැත්වූ නිසාද? නැත, එයට හේතුව ඔබ සහ සූර්යයා අතරට යමක් පැමිණ ඇති බැවිනි. ඔබ තිරය විවෘත කළ මොහොතේම හිරුට ඔබව නැවත උණුසුම් කළ හැකිය. නමුත් එය ඔබට භාරයි. බාධකය ඇත්තේ නිවස තුළ මිස පිටත නොවේ.

පාපොච්චාරණය නොකළ පාපය එම කෙටුම් පත මෙන් ක්‍රියා කරයි. දෙවියන් වහන්සේ තම දරුවන් කෙරෙහි ප්‍රිය කරයි (ගීතාවලිය 37:23 එනම් මනුෂ්‍යයෙකුගේ ගමන් ස්වාමින් කරණකොටගෙන ස්ථිර වෙයි: උන්වහන්සේ ඔහුගේ මාර්ගය ගැන ප්‍රීති වන සේක, රෝම 8:38-39 එනම් මක්නිසාද මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම්වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්). ඔහු අපට ආශිර්වාද කිරීමටත්, අප සමඟ ඇසුරු කිරීමටත්, ඔහුගේ අනුමැතිය අප වෙත ලබා දීමටත් කැමතිවේ. ගීතාවලිය 84:11 එනම් මක්නිසාද දෙවිවූ ස්වාමින්වහන්සේ සූර්යයෙක් ය, පලිහක්ය. ස්වාමින්වහන්සේ අනුග්‍රහයත් මහිමයත් දෙන සේක. අවංක ලෙස හැසිරෙන්නන්ගෙන් කිසි යහපතක් නොවලකන සේක, 115:13 ස්වාමින් වහන්සේ කෙරෙහි භය ඇති ලොකු කුඩා සියල්ලන්ට උන්වහන්සේ ආශිර්වාද කරන සේක 1සාමුවෙල් 2:30. උන්වහන්සේගේ සිනහවෙන් අප උණුසුම් වීමට ඔහුට අවශ්‍යය. නමුත් අප පාපය තෝරා ගන්නා විට, අප හා අපගේ ශුද්ධ වූ පියාණන් අතර බාධකයක් ගොඩ නඟමු. අපි උන්වහන්සේ සමඟ ඇසුරු කිරීම සඳහා ඇදගෙන යන අතර අධ්‍යාත්මික තනිකමේ සීතල දැනෙන්නට පටන් ගනිමු. දෙවියන්වහන්සේ අප හැරගිය බවට අපි බොහෝ විට කෝපයෙන් චෝදනා කරමු. අපි මුරණ්ඩු ලෙස පසුතැවිලිවීම ප්‍රතික්ෂේප කරනවිට, අපගේ ප්‍රේමණීය පියාණන් විසින් අපව හික්මවනු ඇත (හෙබ්‍රෙව් 12:7-11). සමිඳාණන් වහන්සේගේ හික්මවීම දැඩිවිය හැකි අතර, හදවත නැවත නොපැමිණෙන තරමට දැඩි වූ විට මරණයට පවා මඟ පාදයි (1කොරින්ති11:30 එමනිසා නුඹලා අතරේ බොහෝ දෙනෙක් දුර්වලව ලෙඩව සිටිති. බොහෝ දෙනෙක්ද නින්දට පත්වෙති 1යොහාන් 5:16 එනම් යමෙකු තම සහෝදරයා මරණීය නොවන පාපයක් කරන බව දුටුවොත්, ඔහු යාච්ඤා කෙරේවා! එවිට, එය මරණයට නොපමුණු වන පාපයක් නම්, දෙවියන්වහන්සේ ඔහුට ජීවනය දෙන සේක. මරණයට පමුණුවන පාපයක් ඇත්තේය. ඒ ගැන ඔබ යාච්ඤා කළ යුතු යැයි මම නොකියමි). දෙවියන්වහන්සේ අපට වඩා බොහෝ දේ නැවත ඇති කරගැනීමට ආශා කරයි. යෙසායා 65:2 එනම් කැරලිකාරයන් වන, හිතු මනාපේ අයහපත් මාර්ගයක ගමන් කරන සෙනඟක් දෙසට දවස මුළුල්ලේම මාගේ අත් විදහාගෙන සිටියෙමි, 66:13 එනම් මවක ඇගේ දරුවා සනසන්නාක් මෙන් මම නූඹලා සනසන්නෙමි. නුඹලා ජෙරුසලම තුළ සනසනු ලබන්නෙහුය, මතෙව් 23:37 එනම් අහෝ ජෙරුසලම! දිවැසිවරයන් නසන, නුඹ වෙත එවූ දූතයන්ට ගල් ගසන ජෙරුසලම! කිකිළියක් ඇගේ පැටවුන් සිය පියාපත් යටට එක් රැස් කරගන්නාක් මෙන් නුඹේ දරු කැල එක් රැස් කරගන්න මම කී වරක් කැමති වූයෙම් ද? එහෙත් නුඹ කැමති නොවූවා ය යෝවෙල් 2:12-13.

ඔහු අපව ලුහුබඳිනවා, අපව හික්මවනවා, අපගේ පාපයේදී පවා අපට ප්‍රේම කරයි (රෝම 5:8 එනම් අපඋදෙසා ඇති දෙවියන්වහන්සේගේ ප්‍රේමය ප්‍රත්‍යක්ෂ වන්නේ අප පව් කාරයන්ව සිටියදීම ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා දිවි පිදූ බැවිනි). නමුත් උන්වහන්සේ අපගේ නිදහස් කැමැත්ත නොවෙනස්ව තබයි. පාපොච්චාරණය කිරීමෙන් හා පසුතැවිලි වීමෙන් අපි තිරය පසුපසට ඇද දැමිය යුතුයි. දෙවියන්වහන්සේගේ දරුවන් වශයෙන්, අප අපගේ පාපයේ රුඳී සිටීමට තෝරා ගන්නේ නම්, එම තේරීම සමඟ ඇතිවන ප්‍රතිවිපාක අපි තෝරා ගනිමු. බිඳුණු ඇසුර සහ වර්ධන ලක්ෂණතාවය. කෙසේ වෙතත්, පාපයෙහි නියැලී සිටින අය දෙවියන්වහන්සේ සමඟ ඔවුන්ගේ සැබෑ සම්බන්ධතාවය නැවත පරික්ෂා කර බැලිය යුතුය (2කොරින්ති13:5 එනම් ඔබඇදහිල්ලේ පවතින්නහු ද කියා ඔබම සෝදිසි කර බලන්න: විමසා බලන්න. ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුළ වැඩ වසන බව ඔබ නොදන්නහු නම් ඔබ පරාජිතයෝ වන්නහු ය). දෙවියන් වහන්සේව දන්නා අය පසුතැවිලි නොවූ පාපයේ ජීවන රටාවක් නොපවතින බව ශුද්ධ ලියවිල්ලෙහි පැහැදිලිය (1යොහාන් 2:3-6 එනම් අපි උන්වහන්සේගේ ආඥා පිළිපදිමු නම්, එයින් අප උන්වහන්සේ දන්නා බව සහතිකවේ: මම උන් වහන්සේ දනිමි: යි කියමින් උන්වහන්සේගේ ආඥා නොපිළිපදින තැනැත්තා බොරුකාරයෙකි: සත්‍යය ඔහු තුළනැත. එහෙත් යමෙක් උන්වහන්සේගේ දහම පිළිපඳින්නේද ඒකාන්තයෙන්ම ඔහු තුළ දෙවියන්වහන්සේගේ ප්‍රේමය සම්පූර්ණ වී ඇත. 3:7-10 මාගේ ප්‍රිය දරුවෙනි, ඔබ මුළා කරන්නට කුසිවෙකුට ඉඩ නොදෙන්න. උන්වහන්සේ ධර්මිෂ්ඨව සිටින්නාක් මෙන්, දමිටුකම් කරන්නා දමිටුව සිටියි. පව් කරන තැනැත්තා යක්ෂයාට අයිතිය. මන්ද පටන් ගැන්මේ සිටම යක්ෂයා පව් කර ඇත. දෙවියන්වහන්සේගේ පුත්‍රයා ප්‍රකාශ වූයේ යක්ෂයාගේ ක්‍රියා විනාශ කිරීම පිණිසය. දෙවියන්වහන්සේගෙන් උපත ලැබූ කිසිවෙක් පව් නොකරති. මන්ද, උන්වහන්සේගේ ජීවය ඔහු තුළ පවතියි. ඔහු දෙවියන්වහන්සේගෙන් උපත ලැබ සිටින බැවින් ඔහුට පව් කළ නොහැකිය. ශුද්ධකමට ඇති ආශාව දෙවියන්වහන්සේ දන්නා අයගේ ලක්ෂණයකි. දෙවියන් වහන්සේව දැන ගැනීම යනු ඔහුට ප්‍රේම කිරීමයි. (මතෙව් 22:37-38 එනම් උන් වහන්සේ ඔහුට කථා කොට: නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවි වූ ස්වාමින්වහන්සේට ප්‍රේම කරව). උන් වහන්සේට ප්‍රේම කිරීම යනු උන්වහන්සේව සතුටු කිරීමට ආශා කිරීමයි (යොහාන් 14:15 එනම් නුඹලා මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා රක්ෂා කරන්නහුය). පාපොච්චාරණය නොකළ පාපය ඔහුව සතුටු කිරීමට හේතු නොවේ. එබැවින් සැබෑ දෙවියන්වහන්සේගේ දරුවෙකුට එය පාපොච්චාරණය කිරීමට, වෙනස් කිරීමට සහ දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධතාවය නැවත ඇති කර ගැනීමට අවශ්‍යයවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පාපොච්චාරණය නොකළ පාපයේ අන්තරාය / ප්‍රතිඵලය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries