settings icon
share icon
ප්‍රශ්නය

මාව බෞතීස්ම කරනු ලැබුයේ බයිබලයට අනුකුල නොවන අන්දමටය. නැවත මම බෞතීස්මය ලැබිය යුතුද?

පිළිතුර


බෞතීස්මය පිළිබඳ බයිබලය ඉතා පැහැදිලිය. අප වටහා ගත යුතු කාරණා දෙකක් තිබේ. 1. බෞතීස්මයක් සිුවිය යුත්තේ පුද්ගලයෙකු, ගැළවීම සඳහා එතුමාණන්වහන්සේව පමණක් විශ්වාස කරමින්, තමාගේ ගැළවුම්කරු ලෙස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගැනීමෙන් පසුවය. 2. බෞතීස්මය ගිල්වීම කරණකොටගෙන සිදුවිය යුතුය. බෞතිස්මය baptize යන වචනය, චවනානුසාරයෙන්ම වටහා දෙන්නේ "ගිල්වීම / දිය යට ගිල්වීම" වේ. ගිල්වීමේ බෞතීස්මය පමණයි බෞතීස්මය යනු කුමක්ද යන්න ප්‍රමාණවත් ලෙස සහ සංකේතාත්මකව පැහැදිලි කර දෙනු ලබන්නේ- ඇදහිලිවන්තයා මරණයට පත්වී, ක්‍රිස්තුස් වහන්සේ සමඟ වළලනු ලැබ සහ නව ජීවිතයක් තුළ නැවත නැඟිටීම වේ (රෝම 6:3-4).

මෙම කරුණු දෙක මතකයේ තබා ගනිමින්, බයිබලයට අනූකුල නොවූ ලෙස බෞතීස්ම නොවූ අයට කුමක් කරම්ද?. පැහැදිලි කිරීම සඳහා කාණ්ඬ දෙකකට අපි වෙන් කර ගනිමු. පළමුව කිතුණුවන් වීමට පෙර බෞතීස්ම වු අය, පොදු උදාහරණයන් ලෙස ගැනෙන්නේ ළදරු බෞතීස්මය සහ ජීවිතයේ පසුකාළිනව බෞතීස්මය ලැබුවත්, බෞතීස්මය ලබන කල්හි සැබැවින් යේසුස් වහන්සේ තමන්ගේ ගැළවුම්කරු ලෙස නොදැන සිටියාවූ අය. මෙවැනි සිදුවීම් වලදි, එසේය එවැනි පුද්ගලයෙකු අනිවාර්යෙන් නැවත බෞතීස්ම විය යුතුය. බයිබලය අපට බෞතීස්මය පිලිබඳ එළිදරව් කරන්නේ එය ගැළවීමට පසුව සිදුවිය යුතු කාරණයක් ලෙසය. පුද්ගලයා සැබෑ ලෙස යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කිරීම කරණකොටගෙන ගැළවීමේ අත්දැකීම තුළට පැමිණ නැතිනම් බෞතීස්මයේ සංකේතනය අහෝසිවී යනවා ඇත.

දෙවනුව, ක්‍රිස්තුස් වහන්සේව අදහා ගැනීමෙන් පසු බෞතීස්මය ලැබුවද, ගිල්වීමේ බෞතීස්මය හැර වෙනත් ආකාරයකින් බෞතීස්මය ලැබූවන්. මෙම කාරණාව යම් ආකාරයකින් බරපතලය. එවැනි පුද්ගලයෙක් පිළිබඳ, එම පුද්ගලයා නියම ආකාරයෙන් / සැබෑ ලෙස බෞතීස්මය නොලැබූ බවට විවාද කල හැකිය. ක්‍රමය වූයේ වතුර ඉසීම හෝ වැක්කිරීම නම් එය බෞතීස්මය යන වචනයෙහි මූලික අර්ථ දැක්වීම වන "ගිල්වීම" හා එකඟ නොවේ. කෙසේ වුවද බයිබලයේ කිසිම තැනක "බෞතීස්මය" ලැබූ නමුත් ගිල්වනු නොලැබූ විශේෂ සිදු වීමක් ලෙස සඳහන් නොවේ. මෙවැනි කරුණක් පුද්ගලිකව විසඳා ගත යුතුය. බයිබලයට අනුකුල නොවූ පුද්ගලයෙකු දෙවියන් වහන්සේගෙන් ඥානය ඉල්ලා ගත යුතුය (යාකොබ් 1:5). ඇදහිලිවන්තයාගේ හෘද සාක්‍ෂියෙහි නිසැකකමක් නොවේනම්, සුදුසුම දෙය වන්නේ බයිබලයට අනුකුලව බෞතීස්ම වී හෘද සාක්‍ෂිය සැහැල්ලු කර ගැනීමය (රෝම 14”:23).



English



නැවතත් සිංහල මුල් පිටුවට

මාව බෞතීස්ම කරනු ලැබුයේ බයිබලයට අනුකුල නොවන අන්දමටය. නැවත මම බෞතීස්මය ලැබිය යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries