settings icon
share icon
ප්‍රශ්නය

යාච්ඤාවට පිලිතුරු නොලැබීම පිලිබදව කිතුබැතියෙකු ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද?

පිළිතුර


තමන් යම් අයෙකු වෙනුවෙන් කරන ලද යාච්ඤාවලට පිලිතුරු නොලැබූ බව කිතුනුවන් කොපමණ දෙනෙකු අත්දැක ඇද්ද? එසේම ඇදහිල්ලේ දුර්වලතාවයක් නිසා පසුබැසීමෙන් හෝ තමන් යාච්ඤා කරන කාරණය දෙවියන්වහන්සේගේ කැමැත්ත නොවන බව නිගමනය කිරීමේ හේතුවෙන්, කොපමණ දෙනෙක් යාච්ඤා කිරීම අතහැර දමා ඇද්ද? කෙසේ වුවද, පිලිතුරු නොලද යාච්ඤා සම්බන්ධව අප සලකා බලන ආකාරය අපගේ සුභසිද්ධියට පමණක් නොව, අන් අයගේ සුභසිද්ධියට ද ඉවහල් වේ. අප යාච්ඤා කරන විට, අපගේ සෑම ක්‍රියාවක් සදහාම ගණන් දිය යුතු තැණන් වහන්සේ සමග සම්බන්ධතාවයක් ඇති කර ගැනීම නැමැති ඉතාමත් අනගි දිව්‍යමය ක්‍රියාවක නිරත වීම සිදු වේ. දෙවියන්වහන්සේ අපව සැබවින්ම මිලදී ගෙන ඇත්තේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අමිල වූ ලෙයින් බැවින්, අපි දෙවියන්වහන්සේට අයත් වෙමු. ද්විතීය නීති සංග්‍රහය 4:7 අනුව ඊශ්‍රායෙල් ට දුන් යාච්ඤා කිරීමේ වරප්‍රසාදය දැන් අපටද දෙවියන් වහන්සේ ලබා දී ඇත. එනමුත් සගයේ වැඩවසන තැණන්වහන්සේට අප යාච්ඤා කරන විට හෝ කථා කරන විට, සමහර අවස්ථාවලදී උන්වහන්සේ පිලිතුරු නොදෙන බව හැගේ. මෙයට බොහෝ හේතු තිබිය හැක. ඉතාමත් මෘදු සහ කරුණාවන්ත, පියවූ දෙවියන්වහන්සේ සමග අපගේ සම්බන්ධතාවය ප්‍රිය කරන, අපගේ මැදහත් කරුවාණන්වහන්සේ, අපගේ යාච්ඤාවලට දක්වන ප්‍රත්චාරය ගැන ශුද්ධ ලියවිලි වලින් පහදා දී ඇත (හෙබ්‍රෙව් 4:15).

අපගේ යාච්ඤාවලට පිලිතුරු නොලැබීමට මූලික හේතුව වන්නේ පාපයයි. දෙවියන්වහන්සේව සමච්චලයට ලක් කිරීම හෝ රැවටීමට නොහැකි අතර, ඉහල සිංහාසනයේ වැඩ වසන තැණන්වහන්සේ අපව ගැඹුරෙන් හදුනන අතර, අපගේ සෑම සිතුවිල්ලක්ම දන්නා සේක. (ගීතාවලිය 139:1–4) අපි හරි මග නොයන්නේ නම් හෝ අපගේ සහෝදරයන් සමග හදවතේ ක්‍රෝධය සහිතව සිටී නම් හෝ අපගේ ඉල්ලීම් තුල වැරදි අධිෂ්ඨානය එනම් (ආත්මාර්ථකාමී ආශාවන්) ඇත්නම්, දෙවියන්වහන්සේ අපගේ යාච්ඤාවලට සවන් නොදෙන බැවින්, අපට උන්වහන්සේගෙන් පිලිතුරු නොලැබෙන බව දැනගත යුතුය. (2 වීරාවලිය 7:4, ද්වීතීය නීති සංග්‍රහය 28:23, ගීතාවලිය 66:18, යාකොබ් 4:3) දෙවියන්වහන්සේගේ මහත් වූ කරුණාව නැමැති බදුනෙන් ගලා එන ආශිර්වාද අප වෙත ලබා ගැනීමට ඇති බාධකය නම් පාපය වේ. සමහර අවස්ථාවලදී අපගේ යාච්ඤා දෙවියන්වහන්සේගේ පිලිකුලට ලක් වේ. එවැනි අවස්ථා නම් අපට ඇදහිල්ල නොමැති කමින් (හිතෝපදේශ 15:18) හෝ අප වංචාකාරයෙන් ලෙස හැසීරීමෙන්, දෙවියන්වහ්නසේට අයත් නොවූ අය වීමය. (මාර්ක් 12:40).

අපගේ යාච්ඤාවලට පිලිතුරු නොලැබීමට තවත් හේතුවක් වනුයේ ස්වාමීන් වහන්සේ අපගේ ඇදහිල්ල තුලින් උන්වහන්සේ කෙරෙහි වඩාත් ගැඹුරු වූ යැපීමක් සහ විශ්වාසයක් ඇති කිරීමටත්, එමගින් අප තුල දැඩි ස්තූතිවන්ත භාවයක්, ආදරයක් සහ ස්නෙහයක් ඇති වීම තුලින් අපගේ ආත්මික වර්ධනයක් සිදු වී, උන්වහන්සේ යටත්පහත් අයට ලබාදෙන ආශිර්වාද ලබාගත හැකි වීමත්ය. (යාකොබ් 4:6, හිතෝපදේශ 3:34). යේසුස්වහන්සේ තීර් සහ සිදොන් ප්‍රදේශවල සැරසරන විට උන්වහ්නසේගේ කරුණාව සදහා නොපවත්වා බැගෑපත් වූ දිලිදු කානානිය ස්ත්‍රිය ගැන, අහෝ යමෙකුට දැනෙන්නේ කුමක් ද? (මතෙව් 15:21–28) ඇය වනාහි යුදෙව් ජාතික රබ්බිවරයෙකුගේ අවධානයට කෙලෙසවත් ලක් නොවන ස්ත්‍රියකි. යුදෙව්වන් ඇය ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු දෙක නම්, ඇය යුදෙව් ජාතිකයෙකු නොවීමත්, ඇය කාන්තාවක් වීමත්ය. යේසුස්වහ්නසේ ඇයගේ ඉල්ලීම්වලට පිලිතුරු දෙන බවක් නොපෙනෙතත්, ඇය පිළිබද සියඵ කරුණු උන්වහන්සේ දැන සිටි සේක. ඇය සදහන් කල ඉල්ලීම් උන්වහන්සේ ක්‍ෂණීකවම ඉටුකර නොදුන් නමුත්, එතුමා ඇයට ඇහුම් කන් දී ඇයගේ ඉල්ලීම් ඉටුකර දුන් සේක.

දෙවියන්වහන්සේ බොහෝ විට අපහට සවන් නොදී සිටින්නාක් මෙන් දැනෙතත් උන්වහන්සේ කිසිවිටෙක අපව හිස් අතින් නොඅරින සේක. අපගේ යාච්ඤාවට පිලිතුරු නොලැබුනත්, එතුමාගේ වේලාව අනුව එයට පිලිතුරු ලැබෙන බවට අප දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය යුතුය. යාච්ඤා කිරීම අපට ආශිර්වාදයකි. මන්ද, අප යාච්ඤා කිරීමේ යෙදී සිටීමට උනන්දු වන්නේ අපගේ ඇදහිල්ල නිසාමය. දෙවියන්වහන්සේව සතුටු කරන්නේ අපගේ ඇදහිල්ලය (හෙබ්‍රෙව් 11:6).

යාච්ඤා ජීවිතය අවශ්‍යතාවයක් නම්, එය අපගේ ආත්මික ස්ථාවරභාවය පිළිඹ්බු නොකරන්නේ ද? දෙවියන්වහන්සේගේ කරුණාව සදහා අපගේ නොවටිනා ඉල්ලීම්වලට උන්වහන්සේ ඇහුම්කන් දෙන අතර, උන්වහන්සේගේ නිහතාවය, නිරතුරුවම යාච්ඤාවේ යෙදීමට අපව පණගන්වන්නේය. අපව ඒත්තු ගැන්වීමට උන්වහන්සේගෙන් ඉල්ලනවාට එතුමා ඇලූම් කරන සේක. දෙවියන්වහ්නසේගේ කැමැත්තට යටත් වූ දේ ගැන සාගින්නක් ඇති කර ගනිමුව. එසේම අපගේ කැමැත්ත අනුව නොව උන්වහන්සේ කැමැත්ත අනුව ගමන් කරමු. නොකඩවා යාච්ඤා කිරීමට තරම් අප විශ්වාසවන්ත නම්, අප දෙවියන්වහ්නසේගේ කැමැත්ත අනුව ජීවත්වන අතර, එමගින් කිසි දිනක අයහපතක් සිදු නොවේ (1 තෙසලෝනික 5:17–18).

English



නැවතත් සිංහල මුල් පිටුවට

යාච්ඤාවට පිලිතුරු නොලැබීම පිලිබදව කිතුබැතියෙකු ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries