settings icon
share icon
ප්‍රශ්නය

සාක්ෂිකරුවන් දෙදෙනාගේ එළිදරව්ව යනු කුමක්ද?

පිළිතුර


එළිදරව් 11:3-12:1) මෝසෙස් සහ එලියා, 2) ඒනොක් සහ එලියා සහ 3) නොදන්නා ඇදහිලිවන්තයන් දෙදෙනෙකු අවසාන කාලයේ දෙවියන්වහන්සේ තම සාක්ෂිකරුවන් ලෙස හඳුන්වන සාක්ෂිකරුවන් දෙදෙනාගේ අනන්‍යතාව පිළිබඳ මූලික දෘෂ්ටි කෝණයන් තුනක් ඇත.

මෝසෙස් සහ එලියා සාක්ෂිකරුවන්ට ජලය රුධිරයක් බවට පත්කිරීමේ හැකියාව නිසා (එළිදරව් 11:6), මෝසෙස්ව හඳුන්වනු ලැබේ (නික්මයාම 7 වන පරිච්ඡේදය); ස්වර්ගයේ ගින්නෙන් මිනිසුන්ව විනාශ කිරීමට ඔවුන්ගේ බලය පිලිබඳ (එළිදරව් 11:5), එලියා දන්නා බවත් (2 රාජාවලිය 1 වනපරිච්ඡේදය). මෙම මතයට ශක්තියක් වන්නේ මෝසෙස් සහ එලියා යේසුස්වහන්සේ සමඟ රූප විපර්යාස සිද්ධියේදි පෙනී සිටීමයි (මතෙව් 17:3-4). තවද, යුදෙව් සම්ප්‍රදායෙන් බලාපොරොත්තු වන්නේ මෝසෙස් සහ එලියා අනාගතයේදී නැවත පැමිණෙනු ඇති බවයි. මලාකී 4:5 අනාවැකි පළ කරන්නේ එලියාගේ පැමිණීම ගැනයි. සමහර යුදෙව්වන් විශ්වාස කරන්නේ මෝසෙස් වැනි අනාගතවක්තෘවරයෙකු නැඟිටුවීමට දෙවියන්වහන්සේ දුන් පොරොන්දුව (ද්විතීයකථාව 18:15, 18) මෝසෙස්ගේ නැවත පැමිණීමද අවශ්‍ය බවයි.

ඒනොක් සහ එලියා සාක්ෂිකරුවන් දෙදෙනාගේ අනන්‍යතාවයන් ලෙස සලකනු ලබන්නේ ඔවුන් ඉතිහාසයේ කිසි දිනෙක මරණය අත්විඳ නැති පුද්ගලයන් වන බැවිනි (උත්පත්ති 5:24; 2 රාජාවලිය 2:11). ඒනොක් හෝ එලියා මිය නොගිය බව සාක්ෂිකරුවන් දෙදෙනාගේ මරණය හා නැවත නැඟිටීම සඳහා සුදුසුකම් ඇති බව පෙනේ (එළිදරව් 11:7-12). මෝසෙස් දැනටමත් මිය ගොස් ඇති බැවින් හෙබ්‍රෙව් 9:27 (සියලු මිනිසුන් එක්වරක් මියයයි) සාක්ෂිකරුවන් දෙදෙනාගෙන් කෙනෙකු වීමට මෝසෙස්ව නුසුදුස්සකු බව මෙම මතයට පක්ෂපාතී අය පවසති (ද්විතීය කථාව 34:5). කෙසේ වෙතත්, තවත් කිහිප වතාවක් බයිබලය තුළ දෙවරක් මිය ගිය අය සිටිති — උදා: ලාසරුස්, ඩොර්කස් සහ යායිරස්ගේ දියණිය — එබැවින් මෝසෙස්ව එම පදනම මත තුරන් කිරීමට කිසිම හේතුවක් නැත.

තුන්වන මතය අත්‍යවශ්‍යයෙන්ම තර්ක කරන්නේ එළිදරව් 11 වන පරිච්ඡේදය සාක්ෂිකරුවන් දෙදෙනාට ප්‍රසිද්ධ නමක් අමුණා නැති බවයි. සාක්ෂිකරුවන් මෝසෙස්, එලියා හෝ ඒනොක් සහ එලියා නම් ඔවුන්ගේ අනන්‍යතාවන් ගැන ශුද්ධලියවිල්ල නිහඩව සිටින්නේ ඇයි? "සාමාන්‍ය" ඇදහිලිවන්තයන් දෙදෙනෙකු රැගෙන මෝසෙස් හා එලියාට සමාන ලකුණු හා අරුම පුදුමදේ කිරීමට ඔවුන්ට හැකියාව ඇත. එළිදරව් 11 හි සාක්ෂිකරුවන් දෙදෙනා සඳහා "ප්‍රසිද්ධ" අනන්‍යතාවයක් උපකල්පනය කිරීමට අවශ්‍යකි සිවක් නොමැත.

කුමන මතය නිවැරදිද? අපි නිශ්චිතවම නොදනිමු. පළමු මතයේ ඇති විය හැකි දුර්වලතාවය නම් මෝසෙස් දැනටමත් එක්වරක් මිය ගොස් ඇති අතර එම නිසා සාක්ෂිකරුවන් දෙදෙනාගෙන් කෙනෙකුවීමට නොහැකි වීමයි (ඔහුගේ මරණය හෙබ්‍රෙව් 9:27 ට පට හැනි බැවින්); කෙසේ වෙතත්, මෙම මතය ඉදිරිපත් කරන්නන් තර්ක කරනුයේ ආශ්චර්යමත් ලෙස බයිබලයෙහි නැවත නැඟිටුවනු ලැබූ සියලු මිනිසුන් (උදා: ලාසරුස්) පසුව නැවත මිය ගිය බවයි. හෙබ්‍රෙව් 9:27 "සාමාන්‍ය රීතියක්" ලෙස සැලකිය හැකි අතර එය විශ්වීය මූල ධර්මයක් නොවේ. එලියාගේ හා මෝසෙස් වැනි අනාගතවක්තෘවරයාගේ පැමිණීම පිළිබඳ බයිබලයේ අනාවැකි සම්බන්ධයෙන්, අළුත් ගිවිසුමේ පැහැදිලි වන්නේ එම අනාවැකි පිළිවෙලින් යොහන් බව්තීස්ත සහ යේසුස්වහන්සේ විසින්ම ඉටු කළ බවයි.

ඒනොක් සහ එලියාගේ දෙවන දෘෂ්ටියට පැහැදිලි දුර්වලතා නොමැත, මන්ද එය "එක් වරක් මිය යන්න" යන ගැටලුව විසඳන බැවිනි. දෙවියන්වහන්සේ ඒනොක් සහ එලියා මරණයට පත්නොවී ස්වර්ගයට ගෙන ගොස් ඇති බව පසුව අර්ථවත්වේ. තෙවන දෘෂ්ටියට පැහැදිලි දුර්වලතාද නොමැත.

මෙම අදහස් තුනම පිළිගත හැකි අර්ථ කථන වන නමුත්, සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාවන් බයිබලය හෙළි නොකරන හෙයින් ඒවායින් කිසිවක් ගැන අපට නිශ්චිතවම කිව නොහැක. එබැවින් කිතුනුවන් මෙම කාරණය සම්බන්ධයෙන් ප්‍රබන්ධ නොවිය යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සාක්ෂිකරුවන් දෙදෙනාගේ එළිදරව්ව යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries