settings icon
share icon
ප්‍රශ්නය

කිතුනුවකුට ස්වභාවයන් දෙකක් තිබේද?

පිළිතුර


මෙම ප්‍රශ්ණය සමඟ එන පළමු ගැටළුව අර්ථ විචාරය සම්බන්ධ එකකි. නිදසුනක් වශයෙන් බොහෝ දෙනෙක් "පාප ස්වභාවයට" කැමති අතර තවත් සමහරු "පව්කාර ස්වභාවයට" කැමති අතර තවත් සමහරු අපැහැදිලි "මාංශයට" කැමැත්තක් දක්වති. සටන් කරන පාර්ශ්වයන් සඳහා භාවිතා කරන නිශ්චිත නම් කුමක් වුවත්, අදාළ වන්නේ කිතුනුවන් තුළ අඛණඩ සටනක් ඇවිලීමයි.

දෙවන ගැටළුව වන්නේ "ස්වභාවය" යන්නෙහි නියම අර්ථය දැක්වීමයි. මෙම වැදගත් වචනය නිර්වචනය කරන්නේ කෙසේද යන්න තීරණය වන්නේ "පරණ මනුෂ්‍යයා" සහ "අළුත් මනුෂ්‍යයා" සහ කිතුනුවන්ගේ ජීවිතයේ අදාළ ක්‍රියාකාරකම් අතර වෙනස යමෙකු දකින ආකාරයයි. "ස්වභාවය" බැලීමට එක් ක්‍රමයක් නම් එය ඇදහිලිවන්තයෙකු තුළ "ධාරිතාව" ලෙස වටහා ගැනීමයි. මේ අනුව, පරණ මනුෂ්‍යයා අර්ථකථනය කරනු ලබන්නේ කලින් ජීවත්වූ ආකාරය, නොඇදහිලිවන්තයෙකු ලෙස. මේ ආකාරයෙන් ගත් කල, කිතුනුවාට ඔහු තුළ තරඟකාරී හැකියාවන් දෙකක් ඇත. එනම්, පාපයට ඇති පරණ හැකියාව සහ පව් කිරීමට එරෙහිවීමේ නව හැකියාවයි. නොඇදහිලිවන්තයා තුළ එවැනි තරඟයක් නැත. ඔහුට දේව භක්තිය සඳහා හැකියාවක් නැත්තේ, ඔහුට ඇත්තේ පාප ස්වභාවය පමණි. ඔහුට "යහපත් ක්‍රියා" කළ නොහැකි බව මින් අදහස් නොකෙරේ, නමුත් එම ක්‍රියාවන් සඳහා පෙළඹවීම සැමවිටම ඔහුගේ කිළිටි ස්වභාවයට කැළලක් වේ. ඊට අමතරව, ඔහුට පව් නොකිරීමට හැකියාවක් නැති නිසා, ඔහුට පව් කිරීමට විරුද්ධ විය නොහැක.

ඇදහිලිවන්තයාට දේව භක්තිය සඳහා හැකියාවක් ඇත්තේ දෙවියන් වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඔහු හෝ ඇය තුළ ජීවත්වන බැවිනි. ඔහුට තවමත් පාපයට හැකියාවක් ඇත, නමුත් ඔහුට දැන් පාපයට එරෙහි වීමේ හැකියාව සහ වඩාත් වැදගත් ලෙස විරුද්ධවීමට හා දේව භක්තිකව ජීවත්වීමේ ආශාව ඇත. ක්‍රිස්තුස්වහන්සේ කුරුසියේ ඇණගසනු ලැබූ විට, පරණ මනුෂ්‍යයා උන්වහන්සේ සමඟ කුරුසියේ ඇණගසනු ලැබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කිතුනුවා තවදුරටත් පාපයේ වහලෙකු නොවීය (රෝම 6:6). අප "පාපයෙන් නිදහස්වී ධර්මිෂ්ඨකමට වහලුන් වී ඇත (රෝම 6:18).

හැරෙන මොහොතේදී, කිතුනුවාට නව ස්වභාවයක් ලැබේ. එය ක්ෂණිකව සිදුවේ. අනෙක් අතට විශුද්ධීකරණය යනු දෙවියන්වහන්සේ අපගේ නව ස්වභාවය වර්ධනය කරන ක්‍රියාවලිය වන අතර, එමඟින් කාලයත් සමඟ අපට වඩාත් ශුද්ධකමට වර්ධනය වීමට හැකිවේ. නව ස්වභාවය, පරණ මනුෂ්‍යයා පරණ ස්වභාවය සහ මාංශය වාසය කරන "කුඩාරම" සමඟ සටන බොහෝ ජයග්‍රහණ සහ පරාජයන්ගේ අඛණ්ඩ ක්‍රියාවලියකි.

රෝම 7 හී පාවුල්තුමා පැහැදිලි කරන්නේ ආත්මිකව පරිනත වූ මිනිසුන් තුළ පවා දිගින් දිගටම ඇතිවන සටන පිළිබඳවයි. තමාට අකමැතිදේ තමා කරන බවත්, ඇත්ත වශයෙන්ම, ඔහු පිළිකුල් කරන නපුර කරන බවත් ඔහු විලාප තබයි. "පාපය මා තුළ ජීවත් වීමේ" ප්‍රතිඵලය මෙය බව ඔහු පවසයි (රෝම 7:20). ඔහු තම "අභ්‍යන්තර පැවැත්ම" අනුව දෙවියන්වහන්සේගේ නීතිය ගැන සතුටු වන නමුත්, "මාගේ සිතේ ව්‍යවස්ථාවට විරුද්ධව යුද්ධ කරන්නාවූ, මාගේ අවයව තුළ තිබෙන පාපයාගේ ව්‍යවස්ථාව යටතෙහි මා වහල්කමට පමුණුවන්නාවූ අන්‍ය ව්‍යවස්ථාවක් "මාගේ අවයවයන්" තුළ තිබෙන බව මට පෙනේ (23 පදය). කුමන කොන්දේසියක් රැගෙන ගියත්, භාවයන් දෙකේ සම්භාව්‍ය උදාහරණය මෙය වේ. කාරණය නම් සටන සත්‍ය වන අතර, සෑමකි තුනුවකු තම ජිවිත කාලය පුරාවටම සටන් කරනු ඇත.

ශරීරයේ ක්‍රියාවන් මරණයට පත් කිරීමටත්, කිතුනුවන් පාපයට පොළොඹවන දෙය මරණයට පත් කරන්ටත් (කොලොස්සි 3:5) මෙන්ම, කෝපය, උදහස, ක්‍රෝධය, අපහාසය, නින්දා කිරීම, අත් හරින ලෙස ඇදහිලිවතුන් දිරිමත් කරන්නේ මේ නිසාය (කොලොස්සි 3:8). මේ සියල්ලෙන් කියවෙන්නේ කිතුනුවාට පරණ සහ අළුත් ස්වභාවයන් දෙකක් ඇති නමුත්, නව ස්වභාවයට අඛණ්ඩව අළුත් කිරීම අවශ්‍ය බවය (කොලොස්සි 3:10). ඇත්ත වශයෙන්ම මෙම අළුත් කිරීම කිතුනුවන්ගේ ජීවිත කාලය පුරාම සිදුවන ක්‍රියාවලියකි. පාපයට එරෙහි සටන නියත වුවත්, අප තව දුරටත් පාපයේ පාලනයේ නැත (රෝම 6:6). ඇදහිලිවන්තයා සැබවින්ම ක්‍රිස්තුස් වහන්සේ තුළ "නව නිර්මාණයක්" (2 කොරින්ති 5:17) වන අතර, අවසාන වශයෙන් මේ මරණීය ශරීරයෙන් (අපව) "මුදවනු ලබන්නේ මේ ක්‍රිස්තුස්වහන්සේය. ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේට ස්තුති කරමි" (රෝම 7:24-25).

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනුවකුට ස්වභාවයන් දෙකක් තිබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries