settings icon
share icon
ප්‍රශ්නය

සැබෑ සුභාරංවිය යනු කුමක් ද?

පිළිතුර


සැබෑ සුභාරංවිය යනු දෙවියන්වහන්සේ විසින් පව්කාරයන් ගැළවීම පිණිස ගෙන ආ පුවතයි. මිනිසා උත්පත්තියේ සිටම යේසුස්වහන්සේගෙන් ඈත්ව හා පව්කාර ස්වභාවයෙන් ඡීවත් වෙයි. නුමුත් දෙවියන්වහන්සේ මරණයෙන් වැලළීමෙන් හා නැවත උත්ථානය තුළින් එනම් යේසුස්වහන්සේ තුළින් සියල්ලට විසඳුම ලබා දුන් සේක.

සැබෑ සුභාරංවිය යනුවෙන් සැබවින්ම නිර්වචනය වන්නේ සුභ පණිවිඩය. නුමුත් මෙහි සුභ බව දැක ගැනීමට අප සැබවින්ම අප අසුභ පණිවිඩය දැනගත යුතුය. උත්පත්ති 3:6 පදය අනුව පළමුව මිනිසා පාපයට වැටීම තුළින් මිනිසාගේ මනස, හැඟීම් හා මාංසික යන සියල්ල පාපය තුළින් දූශනය විය. මිනිසා තුළ තිබු පාපය නිසා දෙවියන් වහන්සේ තුළට යාමටවත් උන්වහන්සේගේ මුහුණ සෙවීමටත් මිනිසාට නුපුළුවන. මිනිසාට දෙවියන්වහන්සේ තුළට යාමට නොහැක්කේ මිනිසාගේ මනස දෙවියන් වහන්සේගෙන් ඈත්ව තිබේ (රෝම 8:7) .දෙවියන්වහන්සේ අපට පෙන්වා දී තිබෙන්නේ මිනිසාගේ මෙම පාපකාරී දේ දෙවියන් වහන්සේගෙන් ඔහුව ඈත් කරන බවය. අපායේදී යේසුස් වහන්සේට විරුද්ධව සිඳු කළ මෙම පාපයන්ට විරුද්ධව අප විසින් විඳිය යුතු බව පැහැදිලිය. මෙයට විසඳුමක් නොමැති නම් මෙය අසුභ ආරංචිය වේ.

නුමුත් සුභාරංචියේ දී යේසුස්වහන්සේ අපට සහනයක් ලබා දී අපගේ පාපයන් උදෙසා කුරුසියේදී වන්දියක් වූසේක. මෙය නම් සැබෑ සුභාරංවියෙහි යතාර්ථය එනම් පාවුල් තුමා විසින් කොරින්ති වරුන්ට දේශනා කළ දේය. 1 කොරින්ති 15:2-4, පාවුල් තුමා ප්‍රධාන කාර්යයන් තුනක් අපට පෙන්වා දෙයි. මරණය, වැළලීම හා උන්වහන්සේගේ උත්ථානය සිදු වේ. අපගේ පරණ ඡීවිතය ස්වාමින්වහන්සේ සමඟ කුරුසියෙහි මරනු ලැබීය. ඉන්පසු උන්වහන්සේගේ නැවත උත්ථානය සමඟ නැවත ඡීවිතය අපට ලබා දුන්සේක. (රෝම 6:4-8), පාවුල් තුමා අපට පවසන්නේ මෙම සැබෑ සුභාරංවිය තුළ ඉතා ශක්තිමත්ව සිටින්න යැයි කියාය. වෙන කිසි සැබෑ සුභාරංවිය කියා දෙයක් නොමැති අතර රෝම 1:16-17 පවසන ආකාරයට සැබෑ සුභාරංවිය සියළු දෙනාට දෙවියන් වහන්සේගේ බලය හා උන්වහන්සේ තුළ විශ්වාස කරන්නන්ට ගැළවීම ඇත්තේය. එනම් මිනිසාගේ මාංසමික ක්‍රියාවලින් නොව ඇදහිල්ලෙහි ත්‍යාගයක් ලෙස යේසුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ කරුණාවන් අපට ලැබෙන ත්‍යාගයක් බවය (එපීස 2:8-9).

සැබෑ සුභාරංවිය දැන ගැනීම හා යේසුස්වහන්සේව දැනගැනීම හා දෙවියන් වහන්සේගේ විශ්වාස කිරීම සැබවින්ම අපව අපායෙන් ඈත් කරනවා පමණක් නොව අපට නැවුම් අළුත් නව ඡීවනයක් ලබා දෙයි. ඒ තුළින් අපට නව හදවතක් අළුත් හැඟීම් හා නව බලාපොරොත්තු ඇතිටව්. මෙය ශුද්ධාත්මයාණන් වහන්සේගේ අප ලබන පළමු ඵලයයි. ඵල යනු ගැළවීම කරණකොටගෙන අප ලබන දායාදයන් හා ශුද්ධාත්මයාණන් ලබන කව්රුත් නුමුත් සැබෑ ඡීවිත වෙනසකට ලක් වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සැබෑ සුභාරංවිය යනු කුමක් ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries