settings icon
share icon
ප්‍රශ්නය

සැබෑ (අවංක) කිතුනුවෙක් යනු කුමක්ද?

පිළිතුර


ක්‍රියා 11:26 ට අනුව, යේසුස්වහන්සේගේ අනුගාමිකයින්ව මුලින්ම හැඳින්වූයේ අන්තියෝකියේ කිතුනුවන් ලෙස ය. ඔවුන්ව කිතුනුවන් ලෙස හැඳින්වූයේ ඇයි? මන්ද ඔවුන් “ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන්” වූ බැවිනි. ඔවුන් තම ජීවිතය කැප කළේ “යේසුස්වහන්සේ මෙන් ගමන් කිරීමට” (1 යොහන් 2:6).

පුද්ගලයෙකු යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලට පැමිණ මෙම සම්බන්ධතාවය ආරම්භ කරන්නේ කෙසේදැයි වෙනත් ධර්ම ග්‍රන්ථ වල විස්තර කෙරේ. නිදසුනක් වශයෙන්, එපීස 2:8-9 හෙළි කරන්නේ පුද්ගලයෙකු කිතුනුවෙකු වන්නේ ඇදහිල්ල තුළින් මිස නීති හෝ යහපත් ක්‍රියා ලැයිස්තුවක් අනුගමනය කිරීමෙන් නොවන බවයි: “කරුණාවෙන් ඔබ ගැලවුනේ ඇදහිල්ල තුළින් ය. තවද මෙය ඔබේම ක්‍රියාවක් නොවේ; එය දෙවියන්වහන්සේගේ දීමනාවක් මිස කිසිවෙකු පුරසාරම් දෙඩීම පිණිස ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් නොවේ.” සැබෑ කිතුනුවකු තුළ ගැලවුම්කරුවා වශයෙන් යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසයක් ඇත.

රෝම 10:9-10 පවසන්නේ, “යේසුස්වහන්සේ ස්වාමින්වහන්සේ බව ඔබ ඔබේ මුඛයෙන් පාපොච්චාරණය කර දෙවියන්වහන්සේ උන්වහන්සේව මළවුන්ගෙන් උත්ථාන කළ බව ඔබේ හදවතේ විශ්වාස කළහොත් ඔබ ගැලවීම ලබයි. මක්නිසාද යමෙක් විශ්වාසයෙන් හා යුක්තිසහගතව සිටින අතර, කටින් පාපොච්චාරණය කර ගැලවීම ලබයි.” සැබෑ කිතුනුවෙක් යේසුස්වහන්සේ ස්වාමින්වහන්සේ යැයි කීමට ලැජ්ජා නොවන අතර යේසුස්වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ බව විශ්වාස කරයි.

පළමු කොරින්ති 15:3 පවසන්නේ නැවත නැඟිටුවනු ලැබූ යේසුස් වහන්සේගේ පණිවිඩය “පළමු වැදගත්කම” බවයි. යේසුස්වහන්සේගේ උත්ථානය නොමැතිව අපගේ ඇදහිල්ල “නිෂ්ඵල” වන අතර, අපි තවමත් “අපගේ පව් තුළ” සිටිමු (7 පදය). සැබෑ කිතුනුවකු නැවත ජීවත් වූ යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වේ (1 කොරින්ති 15:13-14).

පාවුල් මෙසේ ලියයි, “යමෙකුට ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මය නැත්නම් ඔහු ක්‍රිස්තුස්වහන්සේට අයිති නැත ... අපි දෙවියන්වහන්සේගේ දරුවන් බව ආත්මයාණන්වහන්සේම අපේ ආත්මයෙන් සාක්ෂි දරයි” (රෝම 8:9, 16). සැබෑ කිතුනුවකු තුළ දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මය වාසය කරයි.

සැබෑ කිතුනුවකුගේ සාක්ෂි ඇදහිල්ලෙන් සහ ක්‍රියාවෙන් විදහා දක්වයි. “යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටී නම් ඔහු නව මැවිල්ලකි. පරණ දේ පහව ගියේය, මෙන්න, සියල්ලම අලුත් වී තිබේ!” (2 කොරින්ති 5:17). යාකොබ් පවසන්නේ, “මාගේ ක්‍රියාවන් තුළින් මාගේ විශ්වාසය ඔබට පෙන්වන්නෙමි” (යාකොබ් 2:18). යේසුස්වහන්සේ එය මෙසේ වදාළ සේක: “මම ලෝකයේ ආලෝකය වෙමි. මාව අනුගමනය කරන තැනැත්තා කිසි විටෙකත් අන්ධකාරයේ නොයනු ඇත, නමුත් ජීවිතයේ ආලෝකය ලැබෙනු ඇත” (යොහන් 8:12). සැබෑ කිතුනුවකු තම ඇදහිල්ල පෙන්නුම් කරන්නේ ඔහු ජීවත් වන ආකාරය අනුව ය.

වර්තමානයේ සාමාන්‍ය “ක්‍රිස්තියානි” ලේබලය යටතේ ඇති විවිධාකාර විශ්වාසයන් මධ්‍යයේ වුවද, සත්‍ය කිතුනුවෙකු ලෙස යේසුස් ක්‍රිස්තුස්වහන්සේව පෞද්ගලිකව පිළිගත් තැනැත්තා ලෙස බයිබලය අර්ථ දක්වන්නේ, පාප සමාව සඳහා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මරණය හා නැවත නැඟිටීම ගැන පමණක් විශ්වාසය තබමිනි. ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ වාසය කරන සහ යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලට අනුකූලව ඔහුගේ ජීවිතයේ සාක්ෂි වෙනස් වන අය ය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සැබෑ (අවංක) කිතුනුවෙක් යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries