settings icon
share icon
ප්‍රශ්නය

අන් වෙසක්වීමේ අරුත හා එහි ඇති වැදගත්කම කුමක්ද?

පිළිතුර


තමා දුක් විඳින්ටත්, මරණු ලබන්ටත් ඉන් අනතුරුව ජීවනයට නැවත පැමිණෙන්ටත් ඕනෑය (ලූක් 9:22) බව යේසුස් වහන්සේ ගෝලයන්ට පවසා සතියකින් පමණ පසුව යාච්ඤාව සඳහා පේත්‍රැස්, යාකොබ් සහ යොහාන් සමඟ කන්දකට නැඟුන සේක. එතුමා යාච්ඤා කරමින් සිටි කල්හි එතුමාගේ සාමාන්‍ය ස්වාභාවය වෙනස්ව මහිමාන්විත රූපයකට මාරු විය. එතුමන්ගේ වස්ත්‍ර දිලිසෙන සුදු විය. මොසෙස් සහ එලියා පෙනී සිටිමින් ඉක්මනින් සිදු වෙන්ට යුතුව තිබෙන එතුමාගේ මරණය ගැන සාකච්ජා කළෝය. ඔවුන් කියන්නේ කුමක්දැයි නොදැන බියපත්ව සිටි පේත්‍රැස්, එතන කුඩාරම් තුනක් සාදන්ට ඉදිරිපත් වුණේය. ඊශ්‍රායෙල් සෙනඟ කුඩාරම් වල දින 7ක් කුඩාරම් මංගල්‍යය පැවැත් වුවෝය (ලෙවි කථාව 23: 34-42). ඒ කාලය තුළට යොමු කිරීමක් සඳහා මෙය යොදාගත් බවට සැකයකින් තොරව ඔප්පු වේ. ඒ ස්ථානයේ වාසය කිරීමට පේත්‍රැස් ප්‍රාර්ථනා කරමින් සිටි වේලාවේදී වළාකුලක් පැමිණ ඔවුන්ව වසාගත් අතර හඬක් මෙසේ පැවසීය. "මේ මාගේ පුත්‍රයාය මොහු කෙරෙහි මම බොහෝ ප්‍රසන්නව සිටිමි, මොහුට ඇහුම්කන් දෙන්න" ඒ සමඟින් වළාකුල ඔවුන්ව ඔසවා ගන්නා ලදී. මෝසෙස් සහ එලියා අතුරුදහන්ව තිබූ අතර තවමත් ඉතා බියට පත් සිටි ගෝලයන් සමඟ යේසුස් වහන්සේ විය. එතුමාගේ මළවුන් ගෙන් උත්ථානවීම සිදුවන තෙක් මෙම සිදුවීම කිසිවෙකුට නොකියන ලෙස යේසුස් වහන්සේ තරවටු කළ සේක. මෙම සිදුවීම අවස්ථා තුනක මතෙව් 17:1-8, මාර්ක් 9:2-8 සහ ලූක් 9:28-30 හි මුණ ගැසේ.

බොහෝවිට අන් වෙසක්වීමේ පරමාර්ථය වූයේ එතුමාගේ ගෝලයන් අතරින් ඇතුල් කවයේ සිටි අයට හෝ එතුමාගේ ස්වර්ගයෙහි මහිමයේ කොටසක් දකින්ට සැලැස්වීම විය හැකිය. මන්ද එවිට ඔවුන්ට හෝ යේසුස් වහන්සේ කව්ද යන්නට මනා අරුතක් / තේරුම් ගැන්මක් සිදුවිය හැකි නිසා විය හැක. ක්‍රිස්තුස් වහන්සේ තමාගේ ස්වරූපයේ චමත්කාර ජනක වෙනසකට බදුන් වූ අතර ගෝලයන් එතුමාගේ මහිමය අත් දුටුවෝය. මනූෂ්‍ය ආකාරයෙන් පමණක් යේසුස් වහන්සේ දැන සිටි එතුමාගේ ගෝලයෝ ඉන් අනතුරුව ක්‍රිස්තුස් වහන්සේගේ දේවත්වය පිළිබඳ විශාල දැනුම් සම්භාරයක් ලබා ගත්තත් එය සම්පූර්ණයෙන්ම අවබෝධ කරගැනීමට නොහැකි විය. නුමුත් එතුමාණන්ගේ මරණය පිළිබඳ ඇසීමෙන් කම්පනයට පත් වූ ගෝලයන්ට නැවත සහතිකයක් අවශ්‍ය වු අතර එය මින් සම්පූර්ණ විය.

සංකේතාත්මකව මොසෙස් සහ එලියා ගේ දර්ශණය වීම ව්‍යවස්ථාව සහ අනාගතවක්තෘවරුන් නියෝජනය කළේය. නුමුත් ස්වර්ගයෙන් නික්ම ආ දෙවියන් වහන්සේගේ හඬ වූයේ "මොහුට ඇහුම්කන් දෙන්න" මෙයින් පැහැදිළි වන්නේ ව්‍යවස්ථාව සහ අනාගතවක්තෘ යේසුස් වහන්සේ බවය. පරණ දෙය ප්‍රතිස්ථාපනය කරමින් නව හා ජීවමානව වෙසෙන තැනැන්වහන්සේ වන එතුමා ව්‍යවස්ථාව සම්පූර්ණ කරන්නා හා පරණ ගිවිසුමෙහි ගණන් කරන්ට බැරි තරම් පොරොන්දු දෙනු ලැබුවේ මෙතුමා ගැනය. එලෙසම එතුමාගේ මහිමාන්විත ස්වරුපයේදී ගෝලයන්ට, එතුමාගේ මහිමාන්විත නැවත පැමිණීමේ හා රජවරුන්ගේ රජ හා ස්වාමිවරුන්ගේ ස්වාමි ලෙස සිංහාසනා රූඩ වීමේ පූර්ව දර්ශණයක් ලැබිණි.

ගෝලයන්ට කන්ද උඩ සිදුවුන මෙම සිදුවීම කිසිදා අමතක නොවුන අතර, සැබවින්ම එය අපේක්‍ෂා කළ යුතු දෙයක් විය යුතුය. යොහාන්තුමා තමාගේ සුබසුනෙහි "ඒක ජාතක පුත්‍රයන්ගේ මහිමය අපි දුටුවෙමු" ලෙසින් (යොහාන් 1:14) සඳහන් කරඇත. පේත්‍රැස්තුමාද, "මක්නිසාද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලයත් ඊමත් අප නුඹලාට දැන්වූ කල, උන්වහන්සේගේ මහිමය ඇසින් දැකලා මිස ප්‍රයෝගයෙන් යොදන ලද ප්‍රබන්ධ අනුව එසේ නොකෙළෙමුව. මක්නිසාද මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය මොහු කෙරෙහි මම ප්‍රසන්නව සිටිමියි යන හඬක් උත්කෘෂ්ඨ තේජසෙන් උන්වහන්සේ කරා පහළවූ කල්හි, පියවූ දෙවියන් වහන්සේ ගෙන් ගෞරවයත් තේජසත් උනවහන්සේ ලැබූ සේක. උන්වහන්සේ සමඟ ශුද්ධවූ කන්දේ සිටියදී මේ හඬ ස්වර්ගයෙන් එනවා අපිම ඇසීමුව. ඊට වඩා ස්ථිර කරන ලද්දාවූ අනාගතවාක්‍ය අපට තිබේ යයි (2 පේත්‍රුස් 1:16-18 දක්වා) සදහන් කර තිබේ.

අන් වෙසක්වීමඇසින් දුටු ගෝලයන් අන් ගෝලයන්ට සාක්‍ෂි දැරූ අතර මෙම ශතවර්ෂ ගණන හරහා මිලියන ගණනකට මෙසේ සාක්‍ෂි ලැබුවන් සාක්‍ෂි දරණලදී.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අන් වෙසක්වීමේ අරුත හා එහි ඇති වැදගත්කම කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries