settings icon
share icon
ප්‍රශ්නය

ආත්ම මාරුවීම පිළිබදව බයිබලයේ සඳහන්වන්නේ කුමක්ද?

පිළිතුර


යම්කිසි පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු ස්පර්ෂ කිරිමෙන් හෝ ලඟ සිටීමෙන් යක්ෂ ආත්මය මාරු විය හැක. මෙය ආත්ම මාරුවීමේ යම් කිසි අදහසකි. මෙවැනි ආත්ම මාරු කරන පුද්ගලයන් සමඟ සම්බන්දකම් පවත්වා නොගන්නා ලෙසට, මෙම සංකල්පය පිළිගන්නා ගුරුවරු පවසයි. මෙම සංකල්පය ගැන බයිබලීය අදහසක් නැතහොත් පදනමක් නොමැත. අපගේ රිනාත්මක ආකල්ප නැතහොත් පාපිෂ්ඨ ක්‍රියා නිමිත්තෙන් සැබැවින්ම අපට මෙම ආත්ම විසින් බලපෑම් ඇති විය හැක. නමුත් මෙම ආත්ම මාරුවීම සංකල්පය බයිබලයේ කිසිදු ස්ථානයක සඳහන් වී නැත.

දේව වචනය අනුව “ආත්ම” වර්ග දෙකකට අයත්ය. නොවැටුණු ශුද්ධ දේව දුතයන් සහ යක්ෂයා අනුගමනය කරන දේවදුතයන්. පව් නොකළ දේවදුතයන් සේවයේ යෙදි සිටින ආත්ම වේ. (හෙබ්‍රෙව් 1:14) ක්‍රිස්තුස් වහන්සේ අපගේ ගැළවුම් කරු ලෙස පිළිගෙන ගැළවීම උරුම කරගැනීම සඳහා මග පෙන්වීමට දෙවියන් වහන්සේ විසින් දේවදුතයන් එවන ලදි. “තමුන්ගේම අධිපතිකමෙහි නොපැවත ස්වකිය වාසස්ථාන අතහැරියාවු දේවදුතයන් ද උන්වහන්සේ මහත් දවසේ විනිශ්චය පිණිස අන්ධකාරයට සදාකල් බැඳුම්වලින් බැඳ තැබු සේක” (යූද් 1:6).

බයිබලයේ එකම ස්ථානයක පමණයි යක්ෂයා ස්ථාන මාරුවීමක් ගැන සඳහන් වන්නේ. එනම් මෙය යේසුස් වහන්සේ විසින් ලෙගියොන් නම් යක්ෂ සේනාව මනුෂ්‍යයන්ගෙන් ඌරූ රැළ තුලට යැවීම වේ (මතෙව් 8:28-34). යේසුස් වහන්සේ ඊට පසු කිසිම ස්ථානයක යක්ෂයන්ට ස්ථාන මාරුවීමක් නොකළ සේක. එසේම උන්වහන්සේ, ගෝලයන්ට හා අපට එසේ කිරිමට ආඥා නොකළ සේක. නැවත උත්පාදනයවු ඇදහිළිවතුන්, කිසිසේත් යක්ෂයාට හෝ වැටුණු දූතයන්ට භය නොවීය යුතුය. යක්ෂයාට අප විරුද්ධ වනවිට, ඔහු අපගෙන් දුරුව යයි (යාකොබ් 4:7). සැබෑ ඇදහිළිවතුන් ලෙස, අපගේ ශරිරයන් ශුද්ධාත්මයාණන් වහන්සේගේ මාළිගාව වේ. උන්වහන්සේගේ මාළිගාව, යක්ෂයාට පාලනය කිරිමට ශුද්ධාත්මයාණන් වහන්සේ ඉඩ නොදෙන බවට අපට විශ්වාසයක් තිබේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ආත්ම මාරුවීම පිළිබදව බයිබලයේ සඳහන්වන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries