settings icon
share icon
ප්‍රශ්නය

බාබෙල් කොතේ සිදුවූයේ කුමක්ද?

පිළිතුර


උත්පත්ති 11:1–9 දක්වා බාබෙල් කොත ගැන විස්තර කර ඇත. ජල ගැල්මෙන් පසුව "මනුෂ්‍ය වර්ගයාට වැඩි වර්ධනය වී පොළෝතලය පුරා පැතිර යන ලෙසට" දෙවියන්වහන්සේ අණ කළ සේක. (උත්පත්ති 9:1) මනුෂ්‍යයා සිදුකළේ ඊට හාත්පසින්ම විරුද්ධ ක්‍රියාවකි. ඔවුන් එවිට පැවසුවේ, "එන්න, අපි අහස උසට නඟින කොතක් ඇති නගරයක් අපටම ගොඩනඟා කීර්තිමත් වමු. නැත්නම් මිහිපිට අපට සී සී කඩ විසිර යන්ට සිදුවනු ඇත" යනුවෙනි. (උත්පත්ති 11:4) මනුෂ්‍යයා තීරණය කළේ මහත් නුවරක් ගොඩනගා, සිය!ඵදෙනාම එහි එකරාශී වීමටය. ඔවුන්ගේ බලයේ සංකේතයක් වශයෙන් මහත් කොතක් ගොඩනගා එමඟින් ඔවුන් කීර්තිමත් වීමට මනුෂ්‍යයා තීරණය කළහ. මෙම කොත බාබෙල් කොත නමින් අපගේ මතකයේ සටහන් වී ඇත.

මනුෂ්‍යයාගේ මෙම ක්‍රියාවට ප්‍රතිචාරයක් වශයෙන් ඔවුන් එකිනෙකාට නොවැටහෙන ලෙසට දෙවියන්වහන්සේ ඔවුන්ගේ භාෂාවන් අවුල් වියවුල් කළ සේක.(උත්පත්ති 11:17) එහි ප්‍රතිඵලය වූයේ, ඔවුන් තමන්ගේම භාෂාව කථා කරන අන්අය සමග එකතුව ලෝකයේ වෙනත් ප්‍රදේශවල වාසය කිරිමට යෑමය. (උත්පත්ති 11:8–9) මනුෂ්‍යය වර්ගයා ලොව පුරා ව්‍යාප්ත වීම සඳහා උන්වහන්සේ දුන් අණ සාර්ථකව සිදු කිරිම සඳහා දෙවියන්වහන්සේ මෙසේ බාබෙල් කොතේ සිටි අයගේ භාෂාවන් අවුල් වියවුල් කළ සේක.

විවිධ ජාතීන්ට අයත් මනුෂ්‍යය වර්ගයා දෙවියන්වහන්සේ නිර්මාණය කළේ බාබෙල් කොත තුළින් බව සමහර දේව වචනය සම්බන්ධව උපදේශකයන් විශ්වාස කරති. මෙය යථාර්තයක් විය හැකි වුවද, දේව වචනයේ එසේ උගන්වන්නේ නැත. බාබෙල් කොත සෑදීමට පෙර සිටම විවිධ ජාතීන් පැවති බව පෙනී යන අතර, දෙවියන්වහන්සේ භාෂාවන් අවුල් වියවුල් කළේ, විවිධ ජාතීන් පදනම් කරගෙන බව හැගී යනු ඇත. බාබෙල් කොත තුළින් මනුෂ්‍යය වර්ගයා තමන්ගේ භාෂාවන් (සහ ජාතීන්) අනුව බෙදී, ලොව විවිධ විවිධ ප්‍රදේශ වල වාසය කරන්නට පටන් ගත්හ.

නෝවාගෙන් පැවත ආ අයද, ඔවුන්ගේ වංශ සහ භාෂාවන් අනුව ඔවුන්ගේ දේශ සීමා සහ රාජ්‍යයන් හි ලොවපුරා විසිර ගිය අන්දම උත්පත්ති 10:5, 20 සහ 31 මගින් විස්තර කර දී ඇත. දෙවියන්වහන්සේ බාබෙල් කොත තුළ භාෂාවන් අවුල් වියවුල් කරන තුරු එවැනි දෙයක් නොකළ බැවින් ඉහත සඳහන් ලෙස නෝවාගේ පෙළපත ලොව පුරා පැතිර ගියේ කෙසේද? උත්පත්ති 10 මගින් නෝවාගේ පුත්‍රයන් තිදෙනා වන ශෙම්, හාම්, ජපෙත් යන අයගෙන් පැවත එන්නන් පිළිබඳ ලේඛණයක් දක්වා ඇත. එහි පරම්පරා බොහෝ ගණනක ලේඛණයක් අඩංගුය. (උත්පත්ති 11:10–25) එවකට තිබු දීර්ඝායු සීමාවන් අනුව, උත්පත්ති 10 සඳහන් එම පරම්පරාවන්, වසර සිය ගණනක් ආවරණය කර ඇති බව නොරාහසකි. උත්පත්ති 11:1–9 දක්වා බාබෙල් කොත සම්බන්ධව සපයා ඇති කරුණු, භාෂාවන් අවුල් වියවුල් වී ගිය කාල සීමාව ගැන වැඩිපුර විස්තර සපයා ඇත. උත්පත්ති 10 විවිධ භාෂාවන් ගැන සඳහන් කර ඇත. උත්පත්ති 11 මගින් එම විවිධ භාෂාවන් බිහිවූයේ කෙසේද කියා සඳහන් වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

බාබෙල් කොතේ සිදුවූයේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries