settings icon
share icon
ප්‍රශ්නය

ටොරොන්ටෝ ආශිර්වාදය යනු කුමක්ද?

පිළිතුර


ටොරොන්ටෝ ආශීර්වාදය යනු කලින් ටොරොන්ටෝ ගුවන් තොටුපල මිදි වතු සභාවේ ටොරොන්ටෝ ගුවන් තොටුපල ක්‍රිස්තියානි සාමාජිකත්ව සභාවේ ජනතාව කෙරෙහි ශුද්ධාත්මයාණන්ගේ ගලා යාමකි. 1994 ජනවාරි 20 වන දින පෙන්තකොස්ත දේව ගැතිවරයෙක් වන රැන්ඩික්ලාක් සභාවේදී කතා කළ අතර, ඔහු ආත්මය තුළ "මත්වි" පාලනය කර ගත නොහැකි ලෙස සිනාසෙන්නේ කෙසේද යන්න පිළිබඳව ඔහුගේ සාක්ෂිය ලබා දුන්නේය. මෙම සාක්ෂියට ප්‍රතිචාර වශයෙන් සභාව සිනාසෙමින්, කෑගසමින්, නටමින්, සෙලවීම, සුනඛයන් මෙන් බුරන අතර අංශභාගය වැනි තත්ත්වයන් වල පවා හිරවී සිටියේය. මෙම අත්දැකීම් වලට හේතුවී ඇත්තේ ශුද්ධාත්මයාණන් මිනිසුන්ගේ ශරීර තුළට ඇතුළුවීම යයැයි ඔහුගේ ඉගැන්වීමයි. සභාවේ දේව ගැති ජෝන් ආර් නොට් එය හැඳින්වූයේ විශාල ශුද්ධාත්ම සාදයක් ලෙසය. "ටොරොන්ටෝආශීර්වාදය" නම් ඒකකය ලබා දුන් අතර සභාව ඉතා ඉක්මනින් ජාත්‍යන්තර අවධානයට ලක්විය.

කෙසේ වෙතත්, මෙම "ආශීර්වාදය" ශුද්ධලියවිල්ලේ ආලෝකය මත තබා ඇති විට, එය එවැන්නක් ලෙස හැඳින්විය නොහැකිය. ටොරොන්ටෝ ගුවන්තොටුපල සභාවේ සිදුවෙමින් තිබූ දෙයට පූර්වාදර්ශයක් ශුද්ධ ලියවිල්ලේ කොතැනකවත් සොයා ගත නොහැක. ටොරොන්ටෝ ආශිර්වාදය මගින් ඇති කරන ලද අංශභාගය සහ විකාර හැසිරීම විස්තර කිරීමට ශුද්ධලියවිල්ලට ආසන්නතම දෙය නම් භූතයන් සන්තකයේ ඇති ලේඛන ගත බලපෑම් ය (මාර්ක් 9:18 බලන්න).

ටොරොන්ටෝ ගුවන්තොටුපල පල්ලිය ප්‍රසිද්ධියට පත්වූයේ එහි සාමාජිකයින්ගේ චිත්ත වේගීය පිපිරීම් සහ අමුතු මානසික සංදර්ශන සඳහාය. පාස්ටර් ආර්නොට "ශුද්ධාත්ම සාදය" කෙරෙහි පමණක්ම අවධානය යොමු කිරීමට පටන් ගත්තේය. අත්දැකීම් ශුද්ධලියවිල්ලට වඩා ඉහළ ගෞරවයකින් යුතුව පැවතුනි. 1995 දී ටොරොන්ටෝ ගුවන්තොටුපල සභාව හා සමඟ සබඳතා බිඳ දැමූ අතිශය ප්‍රතාපවත් මිදි වතු ව්‍යාපාරයට මෙය ඊටත් වඩා වැඩිය. ටොරොන්ටෝ ගුවන්තොටුපල ක්‍රිස්තියානි සාමාජිකත්වයට නම වෙනස් කිරීමට එය හේතුවිය.

ඇදහිලිවන්තයෙකුගේ අවධානය යොමුවිය යුත්තේ "අපගේ ඇදහිල්ලේ කර්තෘ සහ පරිපුරකයණන්වන" යේසුස්ක්‍රිස්තුස්වහන්සේ (හෙබ්‍රෙව් 12: 2) කෙරෙහිමි සත මා ගැන මවත්, කෙනෙකුගේ අත්දැකීම්වත් නොවේ. ටොරොන්ටෝ ආශිර්වාදය බයිබලානුකුල ඇදහිල්ලට හානි කිරීම කෙරෙහි අවධානය යොමුකරයි. ඇදහිලිවන්තයන්ට විනෝදවීමට, නැටීමට, ගායනා කිරීමට හා ස්වාමින්වහන්සේට කෑගැසීමට පවා හැකිය. කෙසේ වෙතත්, නමස්කාර මෙහෙයක් ශුද්ධාත්මයාණන් විසින් ආරෝපණය කරන ලදැයි කියමින් අසිමිත ක්‍රියා කලාපයකින් හැසිරෙනවාද, එවැනි මෙහෙයන්හි පිලිගත නොහැකි යම් වරදක් එහි තිබේ. සභාවේ සංලක්ෂිත විය යුත්තේ දේවවචනය පිළිපැදීම (2 තිමෝති 3:16), ප්‍රීතිවීම (පිලිප්පි 4: 4) සහ "සාධාරණත්වය (පිලිප්පි 4: 5, ඊඑස්වී).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ටොරොන්ටෝ ආශිර්වාදය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries