settings icon
share icon
ප්‍රශ්නය

ඔබට විශාල ණය ප්‍රමාණයක් තිබේ නම්, ණය ගෙවීමේදී දසයෙන් කොටස තාවකාලිකව නතර කළ හැකිද?

පිළිතුර


ණය ගෙවීමේදී දසයෙන් කොටස දීම නතර කළ හැකිය. ණය ගෙවීම රාජකාරියක්; දසයෙන් කොටස දීම අත්‍යවශ්‍ය නොවේ යන සරල හේතුව නිසා දසයෙන් කොටස දීම විකල්පයක් වන අතර කිතුනුවන් නීතිය යටතේ නැත. කරුණාකර වරදවා වටහා නොගන්න සමිඳාණන්වහන්සේගේ කාර්යයට දීම ඉතා වැදගත්ය. පූජනීය මූල්‍ය දීම යනු සෑම කිතුනුවකුටම දෙවියන්වහන්සේගේ කැඳවීමේ කොටසකි. ණය ගෙවීම සහ එකවර දසයෙන් කොටස ලබා දීම සැබවින්ම කළ නොහැකි නම්, ගෙවිය යුතු ණය ගෙවීම සඳහා තාවකාලිකව දීම අඩුකිරීම හෝ දීම සම්පූර්ණයෙන්ම නතර කිරීම වැරදිය.

අන් අය කෙරෙහි අපගේ වෙනස් කළ නොහැකි යුතුකම නම්, අප ඔවුන්ට ප්‍රේම කිරීම, ඔවුන් අප සමඟ කටයුතු කිරීමට අපට අවශ්‍ය පරිදි ඔවුන් සමඟ කටයුතු කිරීමයි (මතෙව් 7:12). අප සියලු දෙනාටම අවශ්‍යවන්නේ මිනිසුන් අපට ගෙවිය යුතු ණය ගෙවීමයි. එම නිසා, කිතුනුවන් වශයෙන්, "එකිනෙකාට ප්‍රේම කිරීම සඳහා දිගින් දිගටම ගෙවිය යුතු ණය හැර, කිසිම ණයක් ගෙවිය යුතු නැත. මක්නිසාදයත්, තම සහෝදරයාට ප්‍රේම කරන්නා නීතිය සම්පූර්ණ කර ඇති බැවිනි. 'කාමමිථ්‍යාචාරය නොකරන්න,' 'මිනී නොමරන්න,' 'සොරකම් නොකරන්න,' 'තණ්හාවට පත් නොවන්න' 'යන ආඥා සහ එහි ඇති වෙනත් ආඥාවන් මෙම එක් රීතියක සාරාංශ කොට ඇත:' ඔබට මෙන් ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න. ආදරය අසල්වැසියාට හානියක් නොකරයි. එබැවින් ප්‍රේමය යනු නීතියේ ඉටුවීමයි " (රෝම 13: 8-10).

පරණ ගිවිසුමේ දසයෙන් කොටස නීතිය ලෙවී ගෝත්‍රයේ පූජකවරුන්ගේ ද්‍රව්‍යමය අවශ්‍යතා සපුරාලීම සඳහා දෙවියන්වහන්සේගේ විධිවිධාන විය. දේව මාළිගාවේ සේවය කිරීම සහ දුප්පතුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඔවුන්ට සහාය අවශ්‍ය විය (ගණන්කථාව18:26; ද්විතීයකථාව 26:12-15). එමනිසා, ඉශ්‍රායෙල්වරු දේව මාළිගාවට දසයෙන් කොටස දීමට අපොහොසත්වූ විට, දෙවියන්වහන්සේ අනතුරු ඇඟ වූයේ, "මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේගෙන් කොල්ල කනවා ඇද්ද? නුඹලා නම් මාගෙන් කොල්ල කන්නහුය. එහෙත්: අපි කෙසේ ඔබවහන්සේගෙන් කොල්ල කෑවෙමු දැයි නුඹලා අසන්නහුය. ඔතු වලින් සහ එසවීම් පූජා වලිනුත්ය." — (මලාකි 3:8).

දසයෙන් කොටස මිනිසෙකුගේ ආදායමෙන් දහයෙන් එකක් විය. "දැන් නීතියට අනුව ලෙවීගෙන් පැවතෙන්නන් පූජකයන් බවට පත්වන්නේ ජනතාවගෙන් දහයෙන් කොටසක්, එනම් ඔවුන්ගේ සහෝදරයන් — ඔවුන්ගේ සහෝදරයන් ආබ්‍රහම්ගෙන් පැවත එන්නන් වුවද," (හෙබ්‍රෙව් 7: 5). ලෙවී පූජක තන්ත්‍රයයේ සුස්වහන්සේගේ භූමික ජීවිත කාලය පුරාම දේව මාළිගාවේ සේවය කළ අතර දසයෙන් කොටස අවශ්‍ය විය. නමුත් ස්වාමීන් වන යේසුස්වහන්සේගේ මරණය, නැවත නැඟිටීම හා නැගීමෙන් පසු තත්වය වෙනස් විය. "මක්නිසාද පූජක තන්ත්‍රයේ වෙනසක් සිදුවූවිට නීතියේ වෙනසක්ද තිබිය යුතුය" (හෙබ්‍රෙව් 7:12). ක්‍රිස්තුස්වහන්සේ දැන් අපගේ උත්තම පූජකයාය. කිතුනුවන් දැන් දෙවියන්වහන්සේගේ දේව මාළිගාව සහ ඔහුගේ රාජකීය පූජක තන්ත්‍රයයි (හෙබ්‍රෙව් 4:14-15;1 කොරින්ති 6:19-20; 1 පේත්‍රැස් 2:9-10).

අපගේ උත්තම පූජකයාණන් අපට ශුද්ධාත්මයාණන් ලබාදීමෙන් නව ගිවිසුම (අපගේ හදවත් මත ලියා ඇති දෙවියන්වහන්සේගේ නීතිය) අපට සේවය කරයි (හෙබ්‍රෙව් 12:24; 10:16). මෙම නීතිය බලවත් ලෙස ක්‍රියාත්මක වන අතර, ආත්මයෙන් නිපදවන ප්‍රේමයෙන් අන් අයට ප්‍රේම කිරීමට අපව පොළඹවයි (ගලාති 5: 22-23). යොහන්තුමා මෙසේ ලියයි, "යමෙකුට ද්‍රව්‍යමය වස්තුවක් තිබේ නම් සහ තම සහෝදරයා අවශ්‍යතා ඇති නමුත් ඔහු කෙරෙහි අනුකම්පාවක් නොදක්වන්නේ නම්, දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේද?" (1යොහන් 3:17-18). දෙවියන්වහන්සේගේ ප්‍රේමය සැබෑ කිතුනුවකුට දීමට බල කරයි, නමුත් අළුත් ගිවිසුමේ කිසිම ලිපියක් කිතුනුවන්ට දසයෙන් කොටස හෝ වෙනත් ප්‍රතිශතයක් ගෙවන ලෙස අණ නොකරයි. කිතුනුදීම යනු ක්‍රිස්තියානි ප්‍රේමයේ ප්‍රති පලයකි.

කිතුනුවන්ට ඔවුන් තෝරාගන්නේ නම්, ඔවුන්ගේ ආදායමෙන් දහයෙන් එකක් (දහයෙන් එකක්) සභාවට ලබා දිය හැකි අතර, ඔවුන්ගේ අවශ්‍යතා ඇති ලෝකයේ අධ්‍යාත්මික හා ද්‍රව්‍යමය අවශ්‍යතා සපුරාලනු ඇත. සමහරු දහයෙන් අඩු ප්‍රමාණයක් දීමට තෝරා ගනු ඇත; සමහරු වැඩියමක් දීමට තෝරා ගනු ඇත. "සෑම සතියකම පළමු දවසේදී ඔබ සෑම කෙනෙක්ම තම ආදායමට සරිලන ලෙස මුදල් වෙන් කළ යුතුයි" (1 කොරින්ති 16: 2 අ).

කිතුනුවන් රැස් කර තබා නොගතයුතු නමුත් දෙවියන්වහන්සේ නියම කරන තරම් දේ දෙන්න. එය දෙවියන්වහන්සේගේ මුදල්ය. ඔහුගේ විපාක පිරිවැයට වඩා වැඩිය. "මෙය මතක තබා ගන්න: අරපිරිමැස්මෙන් වපුරන තැනැත්තා ද අරපිරිමැස්මෙන් අස්වැන්න නෙළා ගනු ඇත. සෑම මිනිසෙකුම තම සිතේදී ඇතිදේ දීමට අකමැත්තෙන් හෝ බල කිරීමකින් තොරව දිය යුතුය. මන්ද දෙවියන්වහන්සේ සතුටු සිතින් දෙන තැනැත්තාට ප්‍රේම කරයි. සියලු වරප්‍රසාද ඔබට බහුල කිරීමට දෙවියන්වහන්සේට හැකි වන අතර, සෑම අවස්ථාවකදීම, ඔබට අවශ්‍යසියල්ල ඇති, සෑම යහපත් ක්‍රියාවක් තුළම ඔබ බහුල වනු ඇත "(2 කොරින්ති 9: 6-8).

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඔබට විශාල ණය ප්‍රමාණයක් තිබේ නම්, ණය ගෙවීමේදී දසයෙන් කොටස තාවකාලිකව නතර කළ හැකිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries