settings icon
share icon
ප්‍රශ්නය

යේසුස්වහන්සේ රාත්‍රියෙහි සොරෙකු මෙන් නැවත පැමිණෙනවා යනුවෙන් කුමක් අදහස් කරන්නේද?

පිළිතුර


යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිණීම සමාන වන්නේ සොරෙකු මෙන් රාත්‍රියේදී පැමිණීමට. ඡේද දෙකක් වචන යෙදීම පාවිච්චි කර තිබෙනවා "රාත්‍රියෙහි සොරෙක්": මතෙව් 24:43, "නමුත් සොරා කොයි යාමයේ එන්නේ දැයි ගෙයි ස්වාමියා දැනගෙන සිටියේ නම්, ඔහු අවදිව සිටිමින් තමාගේ ගෙය උමංකණින්ට නොදෙන බව දැන ගන්න", සහ 1 තෙසලෝනික 5:2, "මක්නිසාද රාත්‍රියෙහි සොරෙකු එන්නාක් මෙන් ස්වාමින්වහන්සේගේ දවස පැමිණෙන බව නුඹලාම හොඳ හැටි දනිහුය".

මතෙව් 24 හි, යේසුස්වහන්සේ කතා කරනවා පීඩාකාලයේ අවසානයේදී උන් වහන්සේගේ දෙවන පැමිණීම ගැන. පාවුල් තුමා එය "ස්වාමින්වහන්සේගේ දවස" ලෙස නම් කර තිබෙනවා 1 තෙසලෝනික 5 හි. මෙය තමයි දිව්‍යමය පීඩා කාලයේ ලක්ෂන ඇති වන දවස, තාරකා විද්‍යාවේ විප්ලවයන් හා "මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ" අහසේ පෙනෙන (මතෙව් 24:29-30) යේසුස්වහන්සේ පැවසුවා එය සිදුවන්නේ "ඒ දවස් වල පීඩා පසුවූ කෙනෙහිම" (29 පදය), මෙම සිද්ධිය ඔසවා ගැනීමෙන් වෙන් කර ඇති විස්තරයකි, මෙය සිද්ධ වන්නේ පීඩා කාලයට කලින් වේ.

කෙසේද දෙවන පැමිණීම රාත්‍රියෙහි සොරෙකු මෙන් වෙන්නට යන්නේ? කිසිවෙකුවත් දන්නේ නැහැ උන්වහන්සේ නැවත පැමිණෙන්නේ කවදාද කියා. හරියට සොරෙකු ගෙයක් එක පාරට අල්ලා ගන්නාසේ, යේසුස්වහන්සේ එක පාරටම ලෝකය අල්ලගනු ලබයි, උන්වහන්සේ විනිශ්චයේදී නැවත පැමිණෙන විට. මිනිසුන්" කමින් බොමින්, සරණපාවා ගනිමින්, සරණපාවා දෙමින්" (38 පදය) සිටියි, හරියට ඔවුන් ලෝකය තුල ඉන්නාක් මෙන්. නමුත් පසුව, ඔවුන් දැන ගැනීමට පෙර, විනිශ්චයේ දවස පැමිණෙන්නේය (40-41පදයන්). පාවුල් තුමා එය මෙසේ ලියා ඇත: "සමාදානය අනතුරක් නැත කියා කියන විට ගර්භණියට විලිරුජාව පැමිණෙන්නාක් මෙන් හදිස්සියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ: ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය" (1තෙසලෝනික5:2).

ඇදහිලිවන්තයන් මෙම යුහුසුලු හා ක්ෂණික විනිශ්චයට බය වන්නේ නැත: "රාත්‍රියේ සොරා" අපව විස්මිත ලෙස අල්ලාගන්නේ නැත. කිතුනුවන් සිටින්නේ වෙන් වූ ගණයකයි: "නමුත් සහෝදරයනී ඒ දවස සොරෙකු මෙන් නුඹලා කෙරේ පැමිණෙන්නට නුඹලා අන්ධකාරයෙහි සිටින්නෝ නොවෙති" (1තෙසලෝනික5:4). නොදන්වා අල්ලා ගනු ලබන්නේ අන්ධකාරයේ සිටින්නන් පමණයි, අප "සියල්ලෝ ආලෝකයේද දවාලේද පුත්‍රයෝය. අපි රාත්‍රියටවත් අන්ධකාරයටවත් අයිති නොවමුව" (5 වන පදය). දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා, "දෙවියන්වහන්සේගේ උදහස නොව අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ගැළවීම ලබා ගැනීමට අප නියම කළ සේක" (9 වන පදය).

මුදවා ගනු නොලද්දන් යේසුස්වහන්සේගේ අනතුරු ඇඟවීමට ඇහුන්කම්දිය යුතුයි: "එබැවින් නුඹලා සෑදී සිටින්න. මක්නිසාද නුඹලා නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එන සේක" (මතෙව් 24:44). ඔබ සූදානම් විය හැක්කේ කෙසේද? දෙවියන්වහන්සේ ඔබට මාර්ගයක් සලසා දී තිබෙනවා විනිශ්චයෙන් මිදීමට.එම මාර්ගය වන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේය (යොහාන්14:6). යේසුස්වහන්සේ ඔබගේ ගැළවුම්කාරයා හා ස්වාමියා ලෙස පිළිගැනීම මඟින්, ඔබට පාපවලට සමාව ලබා දෙනු ලබයි, කරුණාව, සහ ගැලවීමත් සමඟ සදාකාල ජීවනය සඳහා පොරොන්දුව (යොහාන්3:16: එපීස2:8-9). "සොරා" එනු ලබයි, නමුත් ඔබට එම දවසේදී දරුවෙක් විය හැක. මෙය "ස්වාමින් වහන්සේගේ පිළිගත යුතු අවුරුද්ද" යි (ලූක්4:19).

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස්වහන්සේ රාත්‍රියෙහි සොරෙකු මෙන් නැවත පැමිණෙනවා යනුවෙන් කුමක් අදහස් කරන්නේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries