settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් දැකීම යනු කුමක්ද? ක්‍රිස්තුස්වහන්සේ දැකීම යනු කුමක්ද?

පිළිතුර


දෙවියන් දැකීම යනු බයිබලයේ දෙවියන්වහන්සේ විද්‍යාමාන වීමයි. එය මනුෂ්‍යයන්ට ස්පර්ශ කළ හැකියි. එය පරණ ගිවිසුමේ කාලපරිච්ඡේදයේ ද්‍රෂ්‍යමාන පෙනී සිටීමක් වේ. දෙවියන්වහන්සේ බොහෝවිට, නමුත් නිතරම නොවේ, මනුෂ්‍යආකාරයෙන් සමහර දෙවියන් දැකීම් සොයාගෙන තිබෙනවා මෙම ඡේද වලින්.

1. උත්පත්ති 12:7-9 - ස්වාමින්වහන්සේ ආබ්‍රහම්ට පෙනී සිටියා උන්වහන්සේ පොරොන්දු වූ දේශයට ඔහු පැමිණෙන බවත් ඔහුගේ වංශයට දෙන බවත් පවසමින්.

2. උත්පත්ති 18:1-33 - එක් දිනක් ආබ්‍රහම්ට අමුත්තන් කිහිප දෙනෙක් සිටියේය. ඒ දේවදූතයන් දෙදෙනෙක් හා දෙවියන්වහන්සේ ය. ඔහු ඔවුන්ට ආරාධනා කළා ඔහුගේ නිවසට පැමිණෙන්න, එමෙන්ම ආබ්‍රහම් සහ සාරා ඔවුන්ට සංග්‍රහා කළා. බොහො විචාරකයන් විශ්වාස කරනවා මෙහිද ක්‍රිස්තුස්වහන්සේ දැකීමක් සිදුවෙන්නට ඇතැයි කියා, ක්‍රිස්තුස්වහන්සේගේ පෙරමාංශගත වීමක්.

3. උත්පත්ති 32:20-30 - යාකොබ් මිනිසෙක් මෙන් පෙනී සිටි කෙනෙක් සමඟ පොරබැඳීමක් කළා, නමුත් ඇත්ත වශයෙන්ම ඔහු දෙවියන්වහන්සේය (28-30 පදය). මෙයද ක්‍රිස්තුස් වහන්සේ දැකීම විය හැකිය.

4. නික්මයාම 3:2-4:17 - දෙවියන්වහන්සේ මෝසෙස්ට ගිනි පඳුරක් ආකාරයෙන් පෙනී සිටියා උන්වහන්සේට ඔහු ලවා කරගැනීමට අවශ්‍ය දේ හරියටම පවසමින්.

5. නික්මයාම 24:9-11 - දෙවියන්වහන්සේ මෝසෙස්ට, ආරොන්ට සහ ආරොන්ගේ පුත්‍රයන්ට සහ වැඩිමහල්ලන් 70 දෙනෙක්ට පෙනී සිටියා.

6. ද්වීතියකතාව 31:14-15 - දෙවියන්වහන්සේ පෙනී සිටියා මෝසෙස්ට හා යොෂුවාට. යොෂුවා හටනායකත්වය භාර දීමේදී.

7. යෝබ් 38-42 - දෙවියන්වහන්සේ කුණාටුවේ සිට උත්තර දෙමින් යෝබ්ගේ ප්‍රශ්න වලට මහත් උත්තරයක් දුන්නා.

නිතරම නියමයක් වන "ස්වාමින්වහන්සේගේ මහිමය" පරාවර්ථනය වුණා දෙවියන් දැකීමේදී, නික්මයාම 24:16-18 හැටියට "වළා ටැඹ", නික්මයාම 33:9 හි මීට සමාන සිදු වීමක් තිබේ. දෙවියන් දැක්ම සඳහා නිතරම හඳුන්වා දීමක් දක්නට ලැබෙනවා "ස්වාමින්වහන්සේ බැසීම", උත්පත්ති 11:5, නික්මයාම 34:5, ගණන්කතාව 11:25, සහ 12:5.

සමහර බයිබලය විචාරකයන් විශ්වාස කරනවා කොයි වෙලාවේ වුවත් යම් කෙනෙක්ව "ස්වාමින්වහන්සේගේ දූතයෙක්" පැමිණීමක් සිදු වූ විට, ඇත්ත වශයෙන්ම කිව්වොත් මෙය පෙරමාංශගත වීමක් ක්‍රිස්තුස්වහන්සේගේ. මෙම පෙනී සිටීමි දැකිය හැකියි උත්පත්ති 16:7-14, උත්පත්ති 22:11-18, යුදස් 5:23, 2 රාජාවලිය 19:35 සහ අනෙකුත් ඡේදවල. අනෙකුත් විචාරකයන් විශ්වාස කරනවා, ඇත්ත වශයෙන්ම දේදූතයන් දැකීමේදී හෝ දේවදූතයන්ගේ පෙනී සිටීමේදී පරණ ගිවිසුමේ නිසැක ක්‍රිස්තුස්වහන්සේ දැකීමක් නැති තෙක්, දෙවියන්වහන්සේ මනුෂ්‍යාකාරය ගන්නා සෑම අවස්ථාවක්ම පෙර ඇඟවීමක් වෙනවා මාංශගත වීමේ. දෙවියන්වහන්සේ මනුෂ්‍යාකාරයගත් විට අප අතර වැඩ වැසීමට අය එම්මානුවෙල් "දෙවියන්වහන්සේ අප සමඟ වේ" (මතෙව්1:23).

English


නැවතත් සිංහල මුල් පිටුවට
දෙවියන් දැකීම යනු කුමක්ද? ක්‍රිස්තුස්වහන්සේ දැකීම යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries