settings icon
share icon
ප්‍රශ්නය

හදවත යනු කුමක්ද?

පිළිතුර


පළමුව අප පැහැදිලිව ප්‍රකාශ කරමු. මෙම ලිපිය වැදගත් ජීව ඉන්ද්‍රීයක් ලෙස හදවත ගැන නොවේ, මෙය ශරීරය පුරා ලේ පොම්ප කරන පේශියකි. මෙම ලිපිය ආදර හැඟීමකට, දර්ශනයක්, හෝ සාහිත්‍ය අර්ථකතනයක සම්බන්ධ වන්නේ නැත.

ඒ වෙනුවට, අප අවධානය යොමු කරමු බයිබලය වෙත, හදවත පිළිබඳ කුමක්ද පවසන්න තිබෙන්නේ කියා. බයිබලය මිනිස් හදවත ගැන 300 වරක් සඳහන් කර තිබෙනවා. එහි සාරාංශය ගත් කල මෙයයි එහි පවසන්නේ, හදවත යනු ආත්මික කොටසක් අපගේ හැඟීම් හා ආශාවන් වාසය කරන.

අප මිනිස් හදවත දෙස බැලීමට ප්‍රථම, අප එය සඳහන් කරමු, දෙවියන් වහන්සේට හැඟීම් හා ආශාවන් ඇති නිසා, උන්වහන්සේටත් "හදවත" ඇති බව කියන්න පුළුවන්. අපටත් හදවතක් තිබෙනවා මන්ද දෙවියන්වහන්සේටත් ඇති නිසා. දාවිත් යනු මනුෂ්‍යයෙක් "දෙවියන්වහන්සේගේ සිතට" (ක්‍රියා13:22). එමෙන්ම දෙවියන් වහන්සේ උන්වහන්සේගේ හදවත නබදන්නා හා අනුගමනය කරන උන්වහන්සේගේ මනුෂ්‍යයන්ට හා නායකයන්ටද ආශිර්වාද කරා (1 සාමුවෙල් 2:35, යෙරමියා 3:15).

මිනිස් හදවත, එය ස්වාභාවික තත්වයෙන්ම, නපුරු, නිහතමානීය. යෙරමියා 17:9 පවසනවා, "සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ. ඒක දුෂ්ඨවම තිබේ. ඒක කාට දැන ගන්නට පුළුවන්ද?" වෙනත් වචනවලින්, පාපයට වැටීම අපට ගැඹුරු ලෙස බලපා ඇත, අපගේ මනස හැඟීම් හා අශාවන් පාපයෙන් අඳුරු වී ඇත. එමෙන්ම ගැටළුව පැතිරීයාම දැන ගැනීමට අප අන්ධය.

අපගේ හදවත් තේරුම් ගැනීමට අවශ්‍ය නැත. නමුත් දෙවියන්වහන්සේ එසේය. "උන්වහන්සේ සිතේ රහස් දන්නා සේක" (ගීතාවලිය 44:21 හා 1කොරෙන්ති 14:25). යේසුස්වහන්සේ "නමුත් යේසුස්වහන්සේ සියල්ල දන්නා බැවින්ද මනුෂ්‍යයා තුල තිබෙන්නේ කුමක්දැයි දන්නා නිසා, මනුෂ්‍යයා ගැන යමෙකුගේ සාක්ෂියෙන් උන්වහන්සේට ඕනෑකමක් නැති බැවින් ද" (යොහාන්2:24-25). ඔහුගේ සිතේ දැනුම මත පදනම්ව, දෙවියන්වහන්සේට ධර්මිෂ්ඨව විනිශ්චය කරන්න පුළුවන්: "ස්වාමින් වහන්සේ වන මට එකිනෙකාට තම තමාගේ මාර්ග ලෙසද ක්‍රියා වල ඵල ලෙසද දෙන පිණිස සිත විභාග කොට, අදහස් සෝදිසි කරමි" (යෙරමියා 17:10).

යේසුස්වහන්සේ මාර්ක්7:21-23 හී පෙන්වා දුන්නා අපගේ හදවත් පාපයට වැටීමේ තත්වය: "ඇතුලතින් එනම් මනුෂ්‍යයන්ගේ සිතින් නපුරු සිතිවිලි, වේශ්‍යාකම්, සොරකම්, මිනීමැරීම්, කාමමිත්‍යාවාරකම්, තන්හා, දුෂ්ඨකම්, වංචාව, සල්ලාලකම, ඊර්ෂ්‍යාව, අපහස කිරීම, උඬගු කම සහ මෝඩකම නික්මෙයි. මේ සියලු නපුරු දේ ඇතුලතින් නික්මී මනුෂ්‍යයා අපවිත්‍ර කෙරේ යැයි කීසේක". අපගේ විශාලතම ප්‍රශ්නය වන්නේ බාහිරින් නොව අභ්‍යන්තරයින්ය, අප සියළු දෙනාටම සිත්වල ගැටළු ඇත.

පුද්ගලයකු ගැලවීම සඳහා, එසේ නම් හදවත වෙනස් විය යුතුයි. මෙය සිදුවන්නේ දෙවියන්වහන්සේගේ බලයෙන් ඇදහිල්ලට ප්‍රතිචාරයක් වශයෙන්. "මනුෂ්‍යයා ධර්මිෂ්ඨ කම පිණිස සිතින් අදහා ගන්නේය" (රෝම10:10). උන්වහන්සේගේ කරුණාවෙන්, දෙවියන්වහන්සේට අප තුල අළුත් සිතක් නිර්මාණය කල හැකියි (ගීතාවලිය 51:10, එසකියෙල් 36:26). උන්වහන්සේ පොරොන්දු වුණා "පොඩිවී සිටින්නන්ගේ සිත ප්‍රාණවත් කරන්නට" (යෙසායා 57:15).

අප තුළ හදවතක් මැවීමේ දෙවියන්වහන්සේගේ ක්‍රියාව අපගේ හදවත් පරීක්ෂාකිරීමට සම්බන්ධ වෙයි (ගීතාවලිය 17:3, ද්වීතීය කථාව 8:2). අපගේ හදවත් නව අදහස් වලින් පිරවීම, නව ප්‍රග්ඥාවක් සහ නව ආශාවක් (නෙහෙමියා 7:5, 1 ලේකම් 10:24, 2 කොරෙන්ති 8:16).

හදවත අපගේ පැවැත්මේ මාධ්‍යයයි. එමෙන්ම බයිබලය ඉහල වැදගත්කමක් ලබාදී තිබෙනවා අපගේ හදවත් පිරිසිඳුව තබා ගැනීම මත: "සියල්ලට වඩා නුඹේ සිත ආරක්ෂා කරන්න, මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය" (හිතෝපදේශ 4:23).

English



නැවතත් සිංහල මුල් පිටුවට

හදවත යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries