settings icon
share icon
ප්‍රශ්නය

භුමික ආත්ම යනු කුමක්ද?

පිළිතුර


“භුමික ආත්ම” යනු සමහරක් කිතුනුවන් විශේෂ වූ භුගෝලීය ස්ථානයක, බිහිසුණු වෘත්තිය හඳුනා ගැනීමට යොදා ගන්නා පදයකි ව්‍යජ ලෙස මෙම පාඨය මිත්‍යාදෘෂ්ඨිකයන් විසින් යම්කිසි භුගෝලීය ස්ථානයක තිබෙනා අනිකුත් ලෞකික අභිමුවන් වාසය කිරීම පෙන්නුම් කරයි.

දානියෙල් 10, යොහාන් 12:31, 14:30, 16:11, මාර්ක් 5:10 සහ එපීස 6:12 යන පදයන් භුමික ආත්මයන්හි ක්‍රිස්ත්යානි සංකල්පය පෙන්නුම් කරයි. මෙම සියලුම පදයන්වල වැටුනු දූතයන්ට යම්කිසි ස්ථානයක් කෙරෙහි වගකීමක් පවරා ඇති බවට පෙන්නුම් කරයි. එබැවින් ඔවුන් භුමික වේ. කෙසේ හෝ, මෙම ඉගැන්වීම පෝෂණයක් බවට පත් කර ගත නොයුතුයි. ලෞකික යක්ෂයාගේ ආධිපත්‍යයේ ධූරානු ක්‍රමය පිළිබඳව බයිබලයේ කිසිම ස්ථානයක පැහැදිලි කර නොමැත. නමුත් බයිබලය පැහැදිලිව පෙන්නුම් කරන්නේ යක්ෂයා සැම විටම ලෞකිකව වෙහෙස දැරීම පිළිබඳව සහ ඇදහිලිවතුන්ට ලෝකයත් සමඟ තිබෙන සටන පිළිබඳවය.

උදාහරණයක් ලෙස දානියෙල්10 වන පරිච්ඡේදයේ සඳහන් පරිදි, දානියෙල් නිරාහාරව සිට යාච්ඤා කළ විට දේව දූතයෙක් යක්ෂයාත් සමඟ පොරබැදු බවට සඳහන් වේ. දානියෙල් යාච්ඤාවෙහි ආත්මිකව අවදානය යොමු කිරීමෙන් පසු, දේවදූතයාට දානියෙල් වෙත ළඟා වීමට හැකි විය. ඇදහිලිවතුන්ට තමාගේ ආත්මික එදිරිකාරයාට විරුද්දව සිටගැනීමට, අවදානයෙන් සිටීමට හා සටනට සූදානම් වී සිටින ලෙසට එපීස 6 වන පරිච්ඡේදය අනුශාසනා කරයි. අපගේ ලෞකික සටන ආත්මික අවකාශයේ ප්‍රතිබිම්බයක් වී තිබෙන බවට සැකයක් නොමැත.

සමහරක් කිතුනුවන්, තම ආත්මික පුද කිරීම්වල භුමික යක්ෂයන් යොදා ගැනීම සුදුසු යැයි විශ්වාස කළ නමුත් මෙය “භුමික ආත්ම” යන පදයෙහි අන්තර්ගත ප්‍රශ්නයකි. දේව වචනය මඟින් මෙය නිවැරදි කළ නොහැක. යම්කිසි පුද්ගලයෙක් විසින් යක්ෂයා සමඟ නිරත වීමට ක්‍රියාශීලීව බලාපොරොත්තු ඇති අවස්ථාවක් පිළිබඳව බයිබලයේ කිසි ස්ථානයක සඳහන්වී නැත. යක්ෂාවේශ මනුෂ්‍යයන් හමුවූ ස්ථාන තිබේ. ඔවුන්ව යේසුස්වහන්සේ වෙතට හෝ උන්වහන්සේගේ ගෝලයන් වෙතට සෙනග ගෙන්වුවෝය. නමුත් ගෝලයන් කිසි කලක යක්ෂාවේශවූවන් සොයා ගොස් සුව කළ ස්ථාන ගැන බයිබලයේ සඳහන් වී නැත.

භුමික ආත්ම, පැහැදිලිවම බයිබලීය අදහසක් නොවුනාට, අපට පෙර හමුවු පදයෙහි සඳහන් වූ ලෙස තිබෙන බවට සහතික වේ. යම්කිසි ආත්මයක් “භුමික” විය යුතු ද, නැති ද යනුවෙන් අත්‍යවශ්‍ය නැත. අත්‍යවශ්‍ය වන්නේ අපගේ ප්‍රතිචාරයයි. යක්ෂයාට විරුද්දව ආත්මික පුදකිරීමක නිරතවන ඇදහිලිවතුන්ට බයිබලීය ආධාරයක් නොමැත. එසේ නොවී, අපට තිබෙන ආත්මික සටන පිළිබඳව සිහි ඇතිව අවදානයෙන් සිට මෙහි බරපලතාවය දැන සිටිය යුතුයි (1පේත්‍රෘස් 5:8). අපගේ ජීවිත යාච්ඤාවෙහි සහ ඇදහිල්ල මත ගොඩනැගීමේ ආකල්පයේ පැවතිය යුතුයි. යක්ෂයා සමඟ සටන් කිරීමට සිදුවු අවස්ථාවක, ක්‍රිස්තුස්වහන්සේගේ ආධිපත්‍යයය තුළින් අපට එය මෙල්ල කර ගත හැකි වේ. නමුත් අප කිසි කලක කිසිදු භුමික හෝ වෙනත් ආත්ම සොයා යෑමෙන් වැළැක්විය යුතු වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

භුමික ආත්ම යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries