යේසුස් වහන්සේගේ මරණයේදී,දේවමාළිගාවේ තිරය හරි මැදින් දෙකඩවීම, කුමක් සංකේතවත් කරයි ද?



ප්‍රශ්නය: යේසුස් වහන්සේගේ මරණයේදී,දේවමාළිගාවේ තිරය හරි මැදින් දෙකඩවීම, කුමක් සංකේතවත් කරයි ද?

පිළිතුර:
යේසුස් වහන්සේගේ ඡීවිත කාලයේදී, යුදෙව්වන්ගේ අධ්‍යාත්මික ඡීවිතය වූයේ, යෙරුසලමෙහි පිහිටි ශුද්ධවූ දේවමාළිගාවයි. දේවමාළිගාව යනු සියළු සත්ව බිලි පූඡා හා මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අනුව විශ්වාසවන්තව නමස්කාරය ගෙන ගිය ස්ථානයකි. හෙබ්‍රෙව් 9:1-9 පවසන්නේ, දේවමාළිගාවේ පිහිටි අති ශුද්ධස්ථානය-දෙවියන් වහන්සේගේ අභිමුඛය පිහිටි ලෝකයේ ස්ථානය-වෙන් කරනු ලැබුවේ මෙම තිරයෙන් බවයි. එය මිනිසාගෙන් ග්‍රහණ නොවූ ස්ථානයකි. විශේෂ කරුණ නම්, මිනිසා හා දෙවියන් වහන්සේ වෙන් කරනු ලැබුවේ පාපයයි (යෙසායා 59:1-2) වසරකට වරක් උත්තම පූඡකයාට පමණක් මෙම තිරය මඟින් අති ශුද්ධ වූ ස්ථානයට ඇතුළු විය හැක (නික්මයාම 30:10, හෙබ්‍රෙව් 9:7) එමඟින් සියළු ඉශ්‍රායෙල් ඡනයාගේ පාපය රැගෙන, දෙවියන් වහන්සේගේ අභිමුඛයට පා තබයි (ලෙවීකථාව 16 ).

සාලමොන් රඡුගේ දේවමාළිගාවෙහි උස රියන් තිහකි (1 රාඡාවලිය 6:2), නුමුත් හෙරෝද් රඡු එය රියන් 40 දක්වා වැඩි කරන ලදී. මෙය සිදුවී ඇත්තේ, යුදෙව් රාඡවංශයේ මුල්ම සියවසේ පමණදීය. සැබවින්ම දේවමාළිගයේ තිබෙන මෙම තිරය කුමන උසකින් හෙවත් කිසියම් රියන් ගණනකින් නිර්මාණය වූවක්දැයි අපට නීර්ණය කළ නොහැක. නුමුත් අපට අනුමාන කළ හැක්කේ මෙය අඩි 60 කට ආසන්න ප්‍රමාණයක් විය හැකි යනුයි. ඡොසෆස් යන උගත් මිනිසා අපට පවසන්නේ මෙම තිරය, අඟල් හතරක් පළලටද තිබූ බව හා එහි කොපු දෙපැත්තට තදකර ඇති බැවින් එය එහා මෙහා කරන්නට කිසිවෙකුට නුපුළුවන් විය. නික්මයාම පොතේ සඳහන් වන්නේ මෙම තිරය නිල් හා දම් පැහැති වර්ණ වලින් යුත් රෙදි වලින් නිම වූවක් හා එය මනා ලෙස රෙදි දෙකකින් නිම වූවක් බව සඳහන් වේ. මෙම තිරයේ සුවිශේෂත්වය වන්නේ මෙහි ඝණකම හා ප්‍රමාණය දෙවියන් වහන්සේගේ මරණය වෙලේදී සිදුවූ සුවිශේෂ වූ දෙයය. මතෙව් 27:50-51 අ කොටසෙහි පවසන්නේ යේසුස් වහන්සේ නැවතත් මහත් ශබ්දයකින් හඬ නඟා ආත්මය හෙළු සේක, බලව දේව මාළිගාවේ තිරය ඉහළ පටන් පහළට දෙකඩව ඉරුණේය.

එසේ නම්‍ මෙම සිද්ධියෙන් අපට ගත හැක්කේ කුමක්ද? දේව මාළිගාවේ මෙම තිරයෙහි දෙකඩ වීම අපට වර්තමානයේ බලපාන්නේ කෙසේද? ඒ සෑම දෙයකටම වැඩියෙන් අප තේරුම්ගත යුත්තේ, යේසුස් වහන්සේගේ මරණය වෙලේදී, තිරය දෙකඩ වීම අපට පෙන්වා දෙන්නේ යේසුස් වහන්සේ අප කෙරෙහි පූඡා වීමෙහි බලයත්, යේසුස් වහන්සේ අප උදෙසා ලේ වැඟිරීමත්, අපගේ පාපවලින් අපව නිදොස් කොට නිදහස් කිරීමට සෑහෙන බවය. එයින් සංකේතවත් කරන්නේ අති ශුද්ධවූ ස්ථානයට ඕනෑම ඡාතියක පුද්ගලයෙකුට ඕනෑම වේලාවක යෑමට හැකියාව හිමි වුණි.

යේසුස් වහන්සේ මැරුණු වෙලේදී, තිරය දෙකඩ වූවා සේම දෙවියන් වහන්සේ පැවසුවේ උන් වහන්සේ මිනිසාගේ අත් වලින් සාදන දේව මාළිගාවන්හී වාසය නොකරන බවය (ක්‍රියා17:24). දෙවියන් වහන්සේ දේවමාළිඟාව හා එම ආගමික සම්ප්‍රදාය සමඟ සිටිය අතර, ක්‍රි.පූ.70 වෙහිදී පමණ යෙරුසලම හා දේවමාළිඟාව ඡනශුන්‍ය ප්‍රදේශයක් බවට පත් කිරීමට රෝමවරු සමත් වූවෝය. යේසුස් වහන්සේ ලූක් 13:35 හි පැවසූ ආකාරයට යේසුස් වහන්සේ අත්හරිනු ලැබූ සේක. දේව මාළිඟාව තිබෙන තාක් කල් එය පැරණි ගිවිසුම පෙන්නුම් කරයි. හෙබ්‍රෙව් 9:8-9 හි පවසන්නේ ඒ පළමුවන මණ්ඬපය තිබෙන තුරු ශුද්ධස්ථානයට පැමිණෙන මාර්ගය ප්‍රකාශ වී නැති බවය. (හෙබ්‍රෙව් 8:13).

විටෙක එය එනම් තිරය, යේසුස් වහන්සේ විසින්ම සංකේතවත් කරන්නේ පියාණන් වහන්සේ වෙතට යෑමට ඇති මඟ යේසුස්වහන්සේ මඟින්ය (යොහාන්14:6). මෙය පෙන්නුම් කරන්නේ උත්තම පූඡකයාට පමණක්, අති ශුද්ධ වූ ස්ථානයට යෑමට ඇති හැකියාවයි. දැන් අපගේ අති උත්තම වූ උත්තම පූඡකයා වන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේය. ඇදහිලිවතුන් ලෙස උන්වහන්සේ නිම කළ කාර්යයට අපට පංගුකාරයන් වීම අප ලැබූ සුවිශේෂී උරුමයකි. දැන් අපට අති ශුද්ධස්ථානයට යේසුස් වහන්සේ තුළින් ලඟා විය හැකිය. හෙබ්‍රෙව් 10:19-20 පවසන්නේ යේසුස් වහන්සේ ස්වකීය මාංසය නැමැති තිරය මැදින් අප උදෙසා කැප කළාවූ මාර්ගය වන අළුත්වූ ඡීවමාන මාර්ගයකින්, උන් වහන්සේගේ ලේ කරණකොටගෙන ශුද්ධස්ථානයට ඇතුළු වීමට අපට නිදහස් කමක් තිබේ. මෙහිදී අපට පැහැදිලි වන්නේ යේසුස් වහන්සේ තිරය දෙකඩ කළාක් උන් වහන්සේගේ ශරීරය අප උදෙසා දෙකඩ කරන ලදී.

දේවමාළිගයේ තිබූ තිරය සැබවින්ම, මනුශෂ්‍යත්වයේ පාපයට දෙවියන් වහන්සේගේ සම්බන්ධවීමක් ලෙස පැවසිය හැක. අපට ගත හැකි කරුණ නම් දිනපතා සතුන්ගේ ශරීරවලින් බිලි පූඡා හා වාර්ශිකව බිලි පූඡා කිරීමෙන් අපගේ පාපයන්ට සමාව නොලැබෙන බවත්ය. යේසුස් වහන්සේ, උන් වහන්සේගේ මරණයෙන්,දෙවියන් වහන්සේ හා මිනිසා අතර තිබුණ බාධා සියල්ල නැතිකර දැමුණු අතර දැන් අපට උන් වහන්සේගේ තුළට නොබියව හා ආත්ම ශක්තියකින් ලඟා විය හැක (හෙබ්‍රෙව් 4:14-16).



නැවතත් සිංහල මුල් පිටුවට



යේසුස් වහන්සේගේ මරණයේදී,දේවමාළිගාවේ තිරය හරි මැදින් දෙකඩවීම, කුමක් සංකේතවත් කරයි ද?