settings icon
share icon
ප්‍රශ්නය

යොවුන් වියේ පසුවන දියණියක් ගැබ්ගත් විට ක්‍රිස්තියානි දෙමව්පියන් එම දරුවා හසුරුවන්නේ කෙසේද?

පිළිතුර


කිතුනුවන් හට මතක තබා ගැනීමට ඉතාමත් අසීරු කරුණක් වන්නේ ගැබ් ගැනීම පාපයක් නොවන බව පෙනේ. විවාහයට පිටස්තරව ගැබ්ගැනීම පාපයක් නොවේ. එමෙන්ම විවාහ නොවු දෙමව්පියන්ට දාව ඉපදීමද පාපයක් නොවේ. විවාහය සම්බන්ධතාවයට පිටස්තරව ලිංගික සම්බන්ධතාවයේ යෙදීම පාපයකි. එය පුරුෂයාට මෙන්ම ස්ත්‍රීයටද අදාළ පාපයකි. නමුත් දේව වචනයට පටහැනිව පවත්වන සමීපතම සම්බන්ධතාවයන් ගැබ් ගැනීමකට වඩා විවේචනාත්මක ඇස් වලින් සැගවිය හැකි වන අතර, කණගාටුවට කරුණක් වනුයේ එය ක්‍රිස්තියානි ප්‍රජාවක් තුළ පවුලක කීර්තිනාමයට ඇතිවන කැළලද අල්ප කරන බැවිනි.

යොවුන් දියණියක් ගැබ්ගෙන ඇති බව දැන ගැනීම ඉතා කණස්සඵදායක සහ ඉසිලිය නොහැකි වේදනාවක් වනවාක් මෙන්ම එය තමා ජීවත් වන ප්‍රදේශයේ තමාගේ වැදගත්කම රැක ගැනීම සම්බන්ධවද ඉතා තීරණාත්මක වේ. පාපය සිදුවී හමාරය. එම යොවුන්වියේ පසුවන තැනැත්තියට එම පාපය සිදුකිරීමට අනුබල දුන් කුමන හේතුවක් වුවද දැන් මඟ හැරිය නොහැක. දැන් අඵත් තත්වය වනාහි, විවාහයෙන් පිටස්තරව ලිංගික සම්බන්ධතාවයේ ඇති සදාචාරත්වය හෝ පවුලේ කීර්තිනාමය ගැන හෝ නොවේ. එය විය යුත්තේ දරුවෙකු නඟා සිටුවීමය. සෑම දරුවකුම දෙවියන්වහන්සේගේ ආශීර්වාදයක් වන අතර එක් එක් දරුවකු වෙනුවෙන් උන්වහන්සේ තුළ සැලැස්මක් ඇත. (ගීතාවලිය 139:13–18). දරුවකු උපත ලබන පිළිවෙල සාමාන්‍ය සිරිතට වඩා වෙනස් ආකාරයකට සිදු වුවද, එම දරුවා අන් දරුවන් මෙන්ම සුවිශේෂී, දෙවියන්වහන්සේ ආදරය කරන දරුවකු වේ.

ගැබ්ගත් දියණියටද දෙවියන්වහන්සේ ආදරය කරන සේක. දෙමව්පියන්ගේ වගකීම වනුයේ තමන්ගේ දරුවන් හට ඔවුන් මුහුණ දෙන ඕනෑම තත්වයක් යටතේ දේව භක්තිය ඇතිව ජීවත් වීමට ඉගැන්වීම හා මග පෙන්වීමය. මෙම තත්වය සඳහා කදිම අවස්ථාවකි. එම දියණිය භයවී, ලැජ්ජාවට පත්වී චිත්තවේගයට පත්වී සිටිය හැකි අතර, ඇයගේ දෙමව්පියන්ගේ වගකීම වනුයේ ඇයගේ එම චිත්තවේගවත් කමින් බැහැර කර ඇයගේ ස්වර්ගීය පියාණන් වෙත හැරීමට උදව් වීමය.

තම දියණියට ඇයට අවශ්‍ය ආදරය සහ සහයෝගය ලබා දීමෙන් ඇය ගැබ් ගැනීමකට තුඩුදුන් තත්වයට තවත් රුකුල් දීමක් සිදුවේයයි සමහර දෙමව්පියන් බියවෙති. නමුත් නැවත දක්වනුයේ, දරුවකු බිහිකිරීම පාපයක් නොවන අතර, ගැබ්ගත් යොවුන් දියණියක් හට ක්‍රියාකාරීව හා සමාජගතව උපකාර කිරීමෙන් වෙනත් බොහෝ ප්‍රතිලාභ ලැබෙනු ඇත. එමගින් එම දරුවාගේ පියා හට නොබියව තම වගකීම භාර ගැනීමට හැකිවනු ඇත. එමෙන්ම ගබ්සා කර ගැනීමේ විකල්පය අඩු කරනු ඇත.

ගැබ්ගත් යොවුන් දියණිය තම පවුලේ අය විසින් කොන් කරනු ලැබුවහොත්, ඇය උද්වේගවත් වී හානිදායක තීරණ වලට එලඹීමට බොහෝ විට හැකියාව ඇත. දරුවාගේ පියා සමග විවාහ වීම තමාට ඇති එකම විකල්පය ලෙස ඇය සිතිය හැක. ඇයට තමාගේ මෙන්ම දරුවාගේ සෞඛ්‍යාරක්‍ෂාව ගැන සැලකිය හැක්කේ කෙසේදැයි නොදැන සිටිය හැක. වෙනත් ගැබ්ගත් යොවුන් දියණියන් තාවකාලිකව සම්බන්ධතාවයන් දැක තමන්ගේ තත්වයන් රහසිගතව තබා ගනිති.

ඉහත තත්වයට ප්‍රතිවිරුද්ධව, එම දියණිය තමන්ගේ දෙමව්පියන්ගේ රැකවරණයේ සහ මඟ පෙන්වීමේ රැඳී සිටින්නේ නම් තමා සහ තම දරුවා ගැන වඩාත් ඥානවන්ත තීරණ වලට එලඹීමට ඇයට හැකිවනු ඇත. මෙම ගමන යෑමට ඇයට චිත්තවේගීව අසීරු වුවහොත් ඇයට පැහැදිළිව කල්පනා කිරීමට නොහැකි වනු ඇත. ඥානවන්ත දෙමව්පියන් ඔවුන්ගේ දියණිය හට එම දරුවා තමා ලග තබා ගැනීමට හෝ වෙනත් කෙනෙකුගේ භාරයේ තැබීම සඳහා තීරණය කිරීමට උදව් වනු ඇත. දරුවාගේ පියා සහ ඔහුගේ පවුලේ අය මේ සඳහා සහභාගී කර ගැනීම වඩාත් උචිත වේ. පියා, මව මෙන්ම දරුවාගේ අයිතිය භාරගත යුතුය. සැලකිලිමත්ව යාච්ඤාවේ යෙදීමෙන් පසුව දෙමව්පියන් තමන් එම දරුවා හදා වඩා ගැනීම සඳහා ලබා දිය යුතු සහයෝගය ගැන පැහැදිළි අවබෝධයක් ලබා ගත යුතුය. මේ සඳහා අර්බුද සහිත ගර්භනී තත්වයන් වෙනුවෙන් ක්‍රියා කරන ක්‍රිස්තියානි මධ්‍යස්ථාන වල සේවය ලබාගත හැක.

අපගේ දෙවියන්වහන්සේ වනාහි අපගේ පාප තුළින් පවා අපට ආශිර්වාද සහ ප්‍රීතිය ලබා දෙන්නාවු බලවත් දෙවි කෙනෙකි. ගැබ්ගත් යොවුන් දියණියට සහ ඇයගේ පවුලේ අයට ඇදහිය නොහැකි තරම් අසීරු තත්වයන් වලට මුහුණ දීමට සිදුවන නමුත්, අපගේ දෙවියන්වහන්සේ සියල්ලෙන් මුදවන දෙවියන්වහන්සේය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යොවුන් වියේ පසුවන දියණියක් ගැබ්ගත් විට ක්‍රිස්තියානි දෙමව්පියන් එම දරුවා හසුරුවන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries