settings icon
share icon
ප්‍රශ්නය

පච්ච කොටා ගැනීම සහ ශරීරයේ සායම් ලකුණු කොටා ගැනීම ගැන ශුද්ධ බයිබලය කුමක් පවසන්නේද?

පිළිතුර


පරණ ගිවිසුමේනීතිය අනුව ඊශ්‍රායෙල් (යුදෙවි) වරුන්ට මෙසේ විධානය කර තිබේ, “මළවුන් නිසා නුඹලාගේ ශරීරවල කැපුමක් කර නොගනිල්ලා, නුඹලාගේ ශරීරයෙහි කිසි සායම් ලකුණක්ද කොටා නොගනින්න. මම ස්වාමීන් වහන්සේය” (ලෙවී කථාව 19 : 28). එසේම, අද ජීවත්වන ඇදහිලිවතුන් පරණ ගිවිසුමේ නීතියට යටත් නොවුනත් (රෝම 10 : 4; ගලාති 3 : 23-25; එපීස 2 : 15) පච්ච කෙටීම පිළිබඳව දී තිබෙන අණ අපට ප්‍රශ්නාර්ථයක් එක් කරනවා. අලුත් ගිවිසුමේ ඇදහිලිවන්තයෙකු පච්ච කොටා ගත යුතුද නැද්ද යන්න සඳහන් කර නැත.

පච්ච කොටා ගැනීම සහ ශරීරයේ සායම් ලකුණු කොටා ගෑනීම පිළිබඳව වඩාත් හොඳ පරීක්‍ෂණයක් වන්නේ එම දෙය අවංකව, යහපත් සිතුවිලි වලින් යුක්තව දෙවියන් වහන්සේගෙන් යම්කිසි යහපත් දෙයක් සඳහා යොදා ගන්නා ලෙස ඉල්ලා තීරණයක් ගැනීමය. “එහෙත් නුඹලා කතත් බොතත් වෙන යමක් කරතත් සියල්ල දෙවියන් වහන්සේගේ ගෞරවය පිණිස කරන්න” (1 කොරින්ති 10 : 31). ශුද්ධ බයිබලය පච්ච කොටා ගැනීමට විරුද්ධව කිසිවක් අණකර නොමැතිවාක් මෙන්ම, ඒවා අප ශරීරවල සටහන් කර ගැනීම දෙවියන් වහන්සේ අනුමත කරනවා යයි අපට විශ්වාස කිරීමට කිසිම සාධකයක් ද නොමැත.

අපගේ අවධානය යොමු කරවිය යුතුවු තවත් එක් කරුණක් වනුයේ (විනීතකම) විනීතභාවයයි. ශුද්ධ බයිබලයෙන් අපට විනීතව ඇඳ පැළඳ සිටිය යුතු බවට උපදෙස් දී ඇත (1 තිමෝති 2 : 9). විනීතභාවයෙන් යුක්තව ඇඳීම යන්නෙන් දක්වා ඇත්තේ, ශරීරයේ ඇඳුම් වලින් ආවරණය කර ගත යුතු සෑම කොටසක්ම සුදුසු ලෙස ආවරණය වෙන ලෙස ඇඳීමයි. කෙසේ වෙතත්, විනීතව ඇඳීම යනු තමා අන්‍යයන්ගේ ආකර්ෂණයට ලක් නොවන ලෙස ඇඳීමයි. විනීතව අඳින පළඳින අය, තමන් වෙත අනුන් ආකර්ෂණය නොවන ලෙසට ඇඳීමට පුරුදුව සිටිති. එහෙත් පච්ච කොටා ගැනීම සහ ශරීරයේ සායම් ලකුණු කොටා ගැනීම තුළින් නිසැකයෙන්ම අන්‍යයන්ගේ අවධානයට යොමු වේ. මේ අනුව බලන කල පච්ච කොටා ගැනීම සහ ශරීරයේ සායම් ලකුණු කොටා ගැනීම විනීත නොවේ.

ශුද්ධ බයිබලයේ නිත්‍ය වශයෙන්ම කථා කරන එක් වැදගත් කරුණක් වන්නේ, කුමක් හෝ දෙයක් ගැන දෙවියන් වහන්සේ සතුටු නොවේ යයි අප තුළ සැකයක් පවතී නම් ඒ සඳහා යොමු නොවී ඉන් වැලකී සිටීම වඩාත් යහපත් බවයි. “ඇදහිල්ලෙන් නොවූ සියල්ල පාපයය” (රෝම 14 : 23). අප මතක තබා ගත යුතුයි අපගේ ශරීර මෙන්ම, ආත්මයන්ද නිදහස් කරනු ලැබ දෙවියන් වහන්සේට අයිති බව සඳහන් කර ඇත. 1 කොරින්ති 6 : 19-20 ට අනුව පච්ච කොටා ගැනීම සහ ශරීරයේ සායම් ලකුණු කොටා ගැනීම සෘජුවම අදාල නොවුනත්, එයින් අපට එක් ප්‍රතිපත්තියක් පෙන්වා දෙයි. “නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන් වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන් වහන්සේගේ මාළිගාව බව නොදනිවුද? නුඹලා නුඹලාටම අයිති නැති මක්නිසාද නුඹලා මිලේට ගනු ලැබුවහුය. එබැවින් නුඹලාගේ ශරීරයෙන් දෙවියන් වහන්සේට ගෞරව කරන්න.” මෙම වැදගත් සත්‍යය නිසැකවම අප කරන කියන දේ තුළින්ද, අප යන එන තැන්හීද අප තුළ දරාගෙන සිටිය යුතුය. අපගේ ශරීර දෙවියන් වහන්සේට අයිති නම්, අපගේ ශරීරචල පච්ච කොටා ගැනීම හෝ ශරීරයේ සායම් ලකුණු “කොටා ගැනීමට” පෙර, උන් වහන්සේගේ පැහැදිලි “අවසරය” ඒ වෙනුවෙන් තිබෙනවාද යන්න විමසා බැලිය යුතු වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පච්ච කොටා ගැනීම සහ ශරීරයේ සායම් ලකුණු කොටා ගැනීම ගැන ශුද්ධ බයිබලය කුමක් පවසන්නේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries